Source: Sarasaviya Date: 28/01/2010
ශ්‍රී ලංකාව වැනි රටක පරිවර්තනය කුමක්ද, අනුවර්තනය කුමක්ද ගැටලුව බොහෝ සෙයින් ඉස්මතු වේ. ග්‍රීසිය, එංගලන්තය, ජර්මනිය වැනි රටවල්වල මෙවැනි ප්‍රශ්නයක් මතුවන්නට තිබෙන අවකාශය අඩුය. එසේ නම් මෙහි මතුවන ප්‍රශ්නය කුමක්ද? බොහෝ විට ශ්‍රී ලංකාව වැනි රටවල රාජ්‍යය නාට්‍ය උළෙල වැනි උළෙලවල 1950 දශකයේ සිට මතුවන ගැටලුගණනාවකි. ඒ අතුරින් එකක් වන්නේ මේ පරිවර්තන, අනුවර්තන ගැටළුවයි. සමහර අවස්ථාවලදී ඡායානුවාදය යනුවෙන් ද සඳහන් වී ඇත. එසේ නම් අපට මතුවන ගැටලුව වන්නේ පරිවර්තන යනු කුමක්ද යන්නයි.යම් කිසි ආකාරයෙන් අපේ රටේ භාවිතා වන භාෂාවම වෙනත් රටක භාවිත වූයේ නම් ගැටල වක් නැත. නමුත් සිංහල භාෂාව භාවිතයට ගන්නා එකම රට ශ්‍රී ලංකාවයි. එසේ නම් ඉන්දියාවේ සිට ඉන් එහාට කුමන රටක වුව රචනා වූ නාට්‍යයක් සිංහල භාෂාවට පෙරළන්නේ නම් එය පරිවර්තනයකි. එසේ නම් සිංහල භාෂාවට පෙරලූ වෙනත් සිංහල නාටක පරිවර්තන වන්නේද, එසේම යම් භාෂාවකින් ලියවුණු නාට්‍යය කෘතියක් පරිවර්තනය කළ හැකිද? මේ ගැටලුවට පිළිතුරු පහතින් සාකච්ඡා කරමු.
01. ශුද්ධ පරිවර්තනයක් සඳහා අන්‍ය භාෂාවකින් (පර භාෂාවකින්) තවත් භාෂාවකට පෙරළන විට ඒ භාෂාවේ, උප භාෂාවේ, සංස්කෘතියේ, උප සංස්කෘතියේ, ජාතියේ අනන්‍යතාව නොබිඳෙන අයුරින් පරිවර්තනය කළ යුතුය.
එසේ නම් පරිවර්තකයා, පරිවර්තන කරන භාෂාවට අයත් ඉහත ලක්ෂණ සියල්ල පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුය. එපමණක් ද නැත. යම් කිසි වචනයකට දෙන බහු විද අරුත් දැන සිටිය යුතුය. මෙය සිංහල භාෂාවෙන්ම උදාහරණ දැක්විය හැක්කකි.
‘ගැහුවා’ යන වචනය මුලින් යොදන වාක්‍යයේ අර්ථය අනුව වෙනස් වේ. ‘පෝස්ටරයක් ගැහුවා, අච්චු ගැහුවා, මාමා පුතාට ගැහුවා, අපේ ගේ ළඟ ටෙලි නාට්‍යයක් ගැහුවා, ඔන්න මම ඇණේ ගැහුවා’ යනාදී වශයෙන් ගැහුවා යන යෙදුම වාක්‍යයේ අරුත අනුව වෙනස් වේ. පරිවර්තකයා මේ ගැන දැන සිටිය යුතුද? නැතිද? පිළිතුර යුතුයි යන්නයි.
උප සංස්කෘතියට අනුව සමාජයක භාවිත වන වැදගත්කම් ගැන විලියම් ශේක්ෂ්පියර්ගේ ‘ඔතලෝ’ නාටකයෙන් ගත හැක. එහි මෙසේ සඳහන්වේ.
‘මෝඩ ගොන්ඩෝලාකාරයෙක් වගේ හැසිරෙන්න එපා’ මෙය ලාංකේය පරිසරයේ පොදු ජනතාව තේරුම් ගනීවිද? ගොන්ඩෝලා යනු කුමක්ද?
නුවර පාරේ කිරිබත්ගොඩට මෙහයින් ගොන්ඩෝලා නමින් කඩයක් ඇත. ඒ ප්‍රදේශයේ සිටිනා කෙනෙකු ඔතෙලෝ පරිවර්තනය කියවුවහොත් සිතන්නේ පේස්ට්‍රි කඩයක සිටින කෙනෙකු යනුවෙනි.
නමුත් ශේක්ස්පියර්ගේ යුගයේ පමණක් නොව ගොන්ඩෝලා යනුවෙන් හඳුන්වන්නේ වාරි ප්‍රවාහනයට යොදා ගන්නා යාත්‍රා විශේෂයකි. එකල විදුලිය සොයා ගෙන නොතිබූ නිසා ගොන්ඩෝලාව පදවන්නේ හබලකිනි. ඒ සඳහා යොදා ගන්නේ වහලුන්ය. වහලුන් කිසිම දෙයක් සිතන්නට බැරි පිරිසක් ලෙස ගොඩ නඟා ඇත. ඔවුන් ගොන්ඩෝලාව පැදීම සඳහා යොදා ගනී. මේ ගොන්ඩෝලා පදවන උදවිය නුවණැත්තන් හැටියට පිළිගන්නේ නැත.
ඔතෙලෝ නාට්‍යය සිංහල භාෂාවට පරිවර්තනය කරන කෙනකු ඉංග්‍රීසි භාෂාව පමණක් දැන සිටීමෙන් බලවත් අසීරුතාවකට පත් වනු ඇත. එනම් පරිවර්තකයෙකු යනු එසේ මෙසේ කෙනෙකු නොවේ.
ශ්‍රී ලංකාවේ නම් ශුද්ධ පරිවර්තන ඇත්තේ එකක් දෙකක් පමණි. ඩබ්ලිව්. එස්. විජේසිංහ මහතා ඉතාලි නාට්‍යයක් පරිවර්ථනය කරන්නේ නම් එය කරන්නේ සෘජුව ඉතාලි භාෂාවෙන්ය. ප්‍රංශ නම් ප්‍රංශ භාෂාවෙන්ය. ජර්මන් නම් ජර්මන් භාෂාවෙන්ය. මෙය ද ඔහු සතු වැදගත් ගුණාංගයකි.
පරිවර්තකයෙකු එක් භාෂාවක් පමණක් දන්නේ නම් හේ පරිවර්තකයකු නොව අඳුරේ අතපත ගාන අයකුය.
මෙය කියවන සමහරුන්ට පරිවර්තනය පිළිබඳ තවත් ගැටලුවක් මතු වේ. ඔතෙලෝ නාටකයේ ගොන්ඩෝලා කාරයෙක් යැයි පැවසූ විට ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් කී දෙනෙකුට එය වැටහේද? ඊට වඩා කරත්තකාරයා යැයි කීමෙන් ලාංකේය ප්‍රේක්ෂකයාට සමීප විය හැකිය. නමුත් මෙය සක්‍රීය නොවූ පේ‍්‍රක්ෂකයන් සිටින රටක අක්‍රීය ප්‍රකාශනයකි. ඔබ කියවන ග්‍රන්ථය ලිවුවේ කවුද? සිත් ගත් කොටස් තිබුණේ කීවෙනි පිටවේද? කීවන මුද්‍රණයද? යන්න මෙන්ම පරිවර්තනයක් ද ස්වතන්ත්‍රයක් ද? පොතේ පිටු කීයක් තිබුණේද? යන්න සොයා නොබලන්නේ නම් ඔබ පොත් පත් පරිහරණය කරන්නෙකු නොවේ.
පොතේ මදය පමණක් කියවන අන්ධයෝ වෙති. පෙර වදනද පසු වදනද යනාදී වශයෙන් කියවන්නට තරම් සිහියක් ඇත්තේ නම් ඔහු හෝ ඇය හොඳින් පොත් කියවන්නෙකි. සාහිත්‍ය පරිශීලනය යනු ඒකල විෂය අධ්‍යයනකින් සීමා වන්නත් නොවේ. එසේ නම් පරිවර්තකයෙකු ද සමස්ථ සාහිත්‍ය වර්ගීකරණ හොඳින් අවබෝධ කර ගත් පුද්ගලයෙකු විය යුතුය.
ඉහත කී කරුණු අනුව අපට පෙනී යන්නේ පරිවර්තනය කිරීම ලෙහෙසි කාර්යයක් නොවන බවයි. එමෙන්ම ශුද්ධ පරිවර්තනයක් රස විඳීම ද ලෙහෙසියෙන් කළ නොහැක්කක් බවයි පරිවර්තන පසෙක තිබිය දී දේශීය සාහිත්‍යයවත් හරි හැටි අවබෝධ කර ගත නොහැකි අවධියක අනුවර්තන ගැන කුමන කථාද?
අනුවර්තනයක් යනු කුමක්ද විමසුවහොත් සාමාන්‍යයෙන් පැවසෙන්නේ පර භාෂාවකට අන්‍ය සංස්කෘතියකට අයත් කලා කටයුත්තක නැතහොත් කලා කෘතියක මූලික හැඩය පිටපත් කර වෙනත් දේශයක සංස්්කෘතියකට අනුව සකස් කිරීමයි අනුවර්ථනයයි. මෙහිදී ශ්‍රී ලංකාවේ අනුවර්තනය වූ නාට්‍යය කීපයක් ජේ. ඒ. ඩී පෙරේරා මහතාගේ අ. පො. ස (සා. පෙ) සඳහා නියමිත ග්‍රන්ථයේ සඳහන් වේ.
මුල් රචකයා - ගාෂියා ලෝකා, සොෆොක්කිල්ස්
මුල් කෘතියේ නම – යෙර්මා, ඉක්නෙවු ටාඉ
අනුවර්තනය – ගුණසේන ගලප්පත්ති, මුහුදු පුත්තු, බන්දුල ජයවර්ධන, බෙර හඬ
මුල් රචකයා - ටෙනිසි විලියම්
මුල් කෘතිය – ද ස්ට්‍රිට් කාර් නේවඩ් ඩිසයර්
අනුවර්තනය – ධම්ම ජාගොඩ - වෙස් මුහුණු
මුල් රචකයා - ෂෝන් පෝල් සාත්‍රෙ
මුල් කෘතිය – ද රෙක්ස්පෙක්ටබල් ප්‍රොස්ටිටියුට්
අනුවර්තනය – ඩග්ලස් සිරිවර්ධන - සුබ සැන්දෑවක්
මේ ආකාරයෙන් අනුවර්ථනය කළ නාට්‍යය කීපයක් හැඳින්විය හැක. මෙහි ඇති විශේෂත්වය වන්නේ එම නාට්‍යය ලාංකේය ප්‍රේක්ෂකයාට ද ඉතාමත් සමීප බවයි.
එම නාට්‍ය නිෂ්පාදනය කළ නිෂ්පාදකයන් අනුවර්ථකයෝ ලාංකේය පරිසරයට, ලාංකේය අත්දැකීම්වලට සමීප වන පරිද්දෙන් අනුවර්තනය කොට ඇත. එහෙයින් අපට අවබෝධ වන්නේ පරිවර්තනයකට වඩා අනුවර්ථනය තවත් රටක තවත් සමාජයකට වඩා ලේසියෙන් ළං වන බවයි.
ඡායානුවාදය යනුවෙන් සඳහන් කරන්නේද මුල් කෘතියේ ඡායාමාත්‍රික අදහස අන්තර්ගත තවත් නාටකයෙකි. මේවාට ඡායනුවාදය යැයි කියති.
ස්වතන්ත්‍ර නැතහොත් පරිවර්තන හෝ අනුවර්තන නොව රචකයාගෙන් මුල් කෘතිය යනු කුමක්දැයි විමසන විට වර්තමානයේ තව තවත් ප්‍රශ්න මතු වේ. සොෆොක්ලීස්ගේ ඊඩිපස් නාටකය මුල් කෘතියක් යැයි කිව නොහැක්කේ ඊට පෙර ඊඩ්පස් වැනි කෘතීන් දකින්නට නෙැලැබීම නිසායි. වර්තමානයේ නම් සමහර නාට්‍ය දෙස බලන විට ඒවා මීට කලින් කවදා හෝ දැක ඇතැයි අපට සිහි වෙයි. උදාහරණ ලෙස රූපවාහිනියේ යන ටෙලි නාට්‍යයක පිටසක්වලින් පැමිණි ජීවියෙකු පිළිබඳ කතාවක් අපි දකින්නෙමු. එය නරඹන අපට ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ඡ්. ඊ. චිත්‍රපටය සිහිවේ. එවිට එය ස්වතන්ත්‍රද? නැතහොත් ඡ්. ඊ. කෘතියේම කතා ශරීරය සොරකම් කළේ ද යන්න සිිහි වේ. තවත් කදිම උදාහරණයකි චාලි චැප්ලින් වර්තමානයේ අප දකින ‘මිස්ටර් බීන්’ චාලි චැප්ලින්ගේ චිත්‍රපට නොදුටු සමාජයට විශාල දෙයකි.
නමුත් චැප්ලින්ව දුටු සමාජයට මිස්ටර් බීන් වීරයෙකු නොවේ. කොපි කරන්නෙකු පමණි. වර්තමානයේ කොපි කරන්මෝ ;බාහෝ දෙනෙක් ස්වතන්ත්‍ර රචකයෝ වී සිටිති. එය නාට්‍ය කලාවේ අනාගතයට ඉතාම භයානකය.
No comments:
Post a Comment