Friday, 15 April 2011
All the things we are - Jehan’s toy show:
Date:23/03/2011
Source: Daily News
The sight was simply awe-inspiring. The swift-footed dancers clad in colourful costumes performed their act with such skill that you are left gasping in wonder and vying to see more. They twirl, leap and flutter across the stage. You never know where the time had gone for you are transported to a fantasy world of toys coming to life.
A celebration of the human body in its diverse forms, Jehan Aloysius’ Nutcracker is based on Pyotr Ilyich Tchaikovsky’s original tale, The Nutcracker. However he had to manipulate the story to suit the modern context and bring out his own individuality.
Cast * Christopher / Nutcracker - Thusitha Wimalasooriya (Soldier) Production team * Devised and Choreographed by Jehan Aloysius |
Marking 10 years for CentreStage Productions Jehan and co have staged numerous productions embraced by local theatregoers in the past. One such groundbreaking production is their An Inspired Swan Lake, staged in 2009 and 2010, which featured soldiers injured in battle. Taking a step further in that direction Jehan has engaged soldiers from Ranaviru Sevana and hearing-impaired participants from Sunera Foundation workshops in Nutcracker. It aims to spread the message of hope and courage among those who are living with special needs.
“We call this techniques ‘Body Narratives’. It is a novel and refined form of body language where you explore the beauty of the human body and present it in its creative form. Each posture, gesture and lift created by the dancer expands the vocabulary of the physical language. Moreover, like all languages, the expression of it should be clear and coherent to be understood, though, like all languages, it could also be used poetically and lyrically to create an abstract mood or image that transcends mere communication.
We use theatre to teach the disabled people how to overcome physical and mental challenges while using additions such as crutches and wheelchairs as extensions of the physique,” Jehan explained adding that what is special about this production is that the dancers will be performing lifts which they have not tried out in An Inspired Swan Lake.
Wyomi Abeywickrema who portrays the elegant blond Blondie said that most people look at disabled people with pity rather than consider what they have to offer. “Jehan wants them to be themselves and come out of their shell. He is such a perfectionist.
He has the scenes visualized in his head. It is only at the end that he puts the scenes in random order so even we do not know what to expect till the end,” she mused.
Her counterpart in the tale, Ben doll, is played by Chatura Dayananda of the Sunera Foundation. Madushanka Seneviratne who gives life to a toy robot revealed that he had also worked under Anoja Weerasinghe. Both are part of Jehan’s past productions.
Nutcracker traces an adventure which occurs in a little girl’s birthday night. Clara receives a wooden nutcracker doll as a birthday present from Christopher, the houseboy. During play the nutcracker’s leg was broken off by Clara’s brother. Christopher repairs it but the children discover that he has a prosthetic leg. Then he proceeds to set the rat traps. Suddenly there is a sound and the noise of scurrying feet. Christopher discovers that one of the traps had caught a rat but the rat, being the evil Rat King, casts a spell to shrink Christopher down to the size of a rat.
Meanwhile Clara searches for her friend. The golden fairy shrinks Clara so that she too is the size of a doll. Christopher reappears and the two take a journey, dodging attacks from the Rat King, meeting the glamorous Blondie and Ben and bonding with the other toys before regaining their original size.
Speaking to Daily News ‘Artscope’, Thusitha Wimalasooriya who plays the lead role as Christopher said that he met Jehan after taking part in one of his workshops. The Anuradhapura-born soldier had also played a key role in An Inspired Swan Lake.
Chaya Manawamma who delivers an exceptional performance as the charming Clara had learnt Kandyan dancing from Veesha de Silva. She holds a diploma in scientific learning disabilities and is a past pupil of Musaeus College.
Nutcracker will go on board the Lionel Wendt theatre on April 1, 3 and 4. All the participants are volunteers. The funds will go to One Trust Sri Lanka, the humanitarian arm of Cargills PLC.
අපේ නාට්‍යකරුවන් බ්‍රෙෂ්ට් ඝාතනය කළ බවයි මගේ හැඟීම - ධර්මජිත් පුනර්ජීව
Date:17/04/2011
Source: Silumina
ධර්මජිත් පුනර්ජීව නාට්‍ය රචකයකු, නිෂ්පාදකවරයකු මෙන්ම නාට්‍ය ලේඛකයකු ලෙස ද ප්‍රකටය. ’බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් නාට්‍ය සංකල්ප - සමාජ විද්‍යාත්මක ජගත් දෘෂ්ටි’ ඔහුගේ අලුත්ම නාට්‍ය පර්යේෂණ ග්‍රන්ථය වෙයි.
නාට්‍යකරුවකු වශයෙන් බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් අදටත් වැදගත්ය කියලා ඔබ විශ්වාස කරනවද?
බ්‍රෙෂ්ට් නිපදවපු නාට්‍ය විධික්‍රමය ඉදිරියට ගෙන ගිය තවත් නාට්‍යකරුවන් ලෝකයේ ඉන්නවා. ඉතාලි ජාතික දාරියෝ ෆෝ එවන් නාට්‍යකරුවෙක්. ඔහු පාප් වහන්සේ ඉන්න රටේ ඉඳන් පාප් වහන්සේ විවේචනය කරන මට්ටමේ නාට්‍යකරුවෙක්. ඔහු භාවිතා කරන්නේ බ්‍රෙෂ්ට් නිපද වූ නාට්‍ය ක්‍රමවේද. ඒ අනුව අපිට පේනවා, බ්‍රෙෂ්ට් අදටත්, මේ මොහොතේත් වැදගත් නාට්‍යකරුවෙක්ය කියලා.
මොකද්ද බ්‍රෙෂ්ට්ගේ මේ නාට්‍ය ක්‍රමවේදය?
ඉතාම කෙටියෙන් කිවහොත් ’අපෝහක නාට්‍ය’ යැයි කියන්න පුළුවන්. නව විද්‍යාත්මක ලෝකයට වඩාත්ම ගැළපෙන නාට්‍ය ක්‍රමය මෙය බව බ්‍රෙෂ්ට් පෙන්වා දී තිබෙනවා. බ්‍රෙෂ්ට් 1938 දි තමයි මේක අත්හදා බලන්නේ. 1954 දි ඔහු මිය යන්ට පෙර ඔහු තීන්දු කරනවා, තමාගේ නාට්‍ය ක්‍රමවේදය මේකයි කියලා.
මීට කලින් තදාත්ම්‍ය විඝටනය, දුරස්ථිකරණය, පරාරෝපණය වැනි වචන මේ සඳහා භාවිතා වුණා.
ඔව්. ඒ වචනවලින් බ්‍රෙෂ්ට් අදහස් කරපු දේ කියැවෙනවා කියලා මම හිතන්නේ නැහැ.
බ්‍රෙෂ්ට් ගේ මේ නාට්‍යක්‍රමවේදය මුළුමනින්ම දේශපාලනික එකක්?
ඔව්. මේක කෙළින්ම මාක්ස්වාදයත් එක්ක සම්බන්ධයි. අපේ රටේ මාක්ස්වාදය වටහා ගැනීමේත් ලොකු අවුලක් තියෙනවනේ.
සිංහල වේදිකාවට බ්‍රෙෂ්ට් හඳුන්වා දෙනු ලැබුවේ හෙන්රි ජයසේන විසින්. තමා බ්‍රෙෂ්ට් ගේ රංග සිද්ධාන්ත කුරුසියක් කරගත්තෙ නැති බව හෙන්රි පැහැදිලිවම කියලා තියෙනවා.
අපේ නාට්‍යකරුවන් බ්‍රෙෂ්ට් ඝාතනය කළ බවයි මගේ හැඟීම. බ්‍රෙෂ්ට්ට දේශපාලනික වශයෙන් කිසියම් දැක්මක්, දර්ශනයක් තිබ්බා. ඒක තමයි බ්‍රෙෂ්ට් ;ග් වැදගත්ම දේ. ඒත් අපේ නාට්‍යකරුවන් ඒක පැත්තකින් තියලා තමයි ඔහුගේ නාට්‍ය පරිවර්තනය කර රඟ දක්වන්නේ. දේශපාලනයට අත තියන්න, හෙන්රි දක්වපු අකැමැත්ත, බය ඔහුගේ ‘හුණුවටයේ කතාව‘ නාට්‍ය නිෂ්පාදනයෙන් අපිට පෙනෙනවා. බ්‍රෙෂ්ට්ගේ දේශපාලනය තමන්ගේ නිෂ්පාදනයට ඇතුළු කරලා නැති ප්‍රශ්න හදා ගන්න ඔහු සූදානම් වුණේ නැහැ.
හෙන්රි වේදිකාවේ මවපු අසඩක්ගේ චරිතය ගැනත් ඔබේ විවේචන තියෙනවා.
’හුණුවටයේ කතාව‘ නාට්‍යයේ අසඩක් කියන්නේ බ්‍රෙෂ්ට්ම අදහස් කළ පරිදි පාදඩයකු බවට පත්වු කලකිරුණු විප්ලවවාදියෙක්. එහෙත් හෙන්රි මවපු අසඩක් තුළ එහෙම විප්ලවවාදියෙක් නැහැ. මුල් පිටපතේ අසඩක්ගේ මුවට නැංවූ සමහර දෙබස් හෙන්රි තම පරිවර්තනයේදී දීර්ඝ වශයෙන් ඉවත් කරලා තියෙනවා. එයින් ම පෙනෙනවා, ඔහු ඒ චරිතය අවබෝධයකින් තොරව ඉදිරිපත් කළ බව.
ආචාර්ය මයිකල් ප්‍රනාන්දු වගෙ අය බ්‍රෙෂ්ට් විශේෂඥයන්. ඇයි ඔවුන් මේ ගැන කතා නොකර තියෙන්නේ?
න්‍යාය හා භාවිතාව යන දෙකෙන් ම පිරිපුන් බුද්ධිමතුන් අපේ රටේ අඩුයි. ආචාර්ය මයිකල් ප්‍රනාන්දුට හොඳ න්‍යායාත්මක දැනුමක් තිබෙනවා. ඒක මම පිළිගන්නවා.
ඔබ වුණත් මේ වගෙ පොත් ලිව්වට තවමත් බ්‍රෙෂ්ට්ගෙ නාට්‍යයක් නිෂ්පාදනය කරලා මේ ‘අපෝහක’ නාට්‍ය ක්‍රමවේදය මොකක්ද කියලා අපිට හරියට පෙන්වලා දීලා නැහැ.
මම 1984 දි හෙලේනා ලෙහ්තිමකි නිෂ්පාදනය කළ ‘පුන්තිලා’ නාට්‍යයට සම්බන්ධ වුණා. මම දැන් අදහස් කරනවා, බ්‍රෙෂ්ට් ගේ ‘ලූකුලස් ගේ නඩු විභාගය’ කියන නාට්‍යය නිෂ්පාදනය කරන්න. එහි සිංහල පරිවර්තනය ආචාර්ය මයිකල් ප්‍රනාන්දු විසින් කරනු ලැබ තිබෙනවා.
බ්‍රෙෂ්ට් ගේ පෞද්ගලික ජීවිතය අනාවරණය කෙරෙන පොත් කීපයක් පළවී තිබෙනවා. ඒවා නිවැරදි නම් බ්‍රෙෂ්ට් තුළ විශාල පරස්පරතා දකින්න පුළුවන්.
අපි කාගෙත් රහසිගත ජීවිත තියෙනවා. ඒත් කලාකරුවා සමාජය තුළ කැපී පෙනෙන නිසා ඒවා වඩාත් ඉස්මතුව පේනවා. ඔවුන්ගේ පෞද්ගලික ජීවිත හොයන එකෙන් සමහරු වෙනම රසයක් ලබන බව මම දන්නවා. හැබැයි මේක ලංකාවේ විතරයි වෙන්නේ. මොකද ලෝකයේ වෙන රටවල් සංස්කෘතික වශයෙන් දියුණු නිසා. බ්‍රෙෂ්ට් සම්බන්ධයෙන් අපිට වැදගත් වන්නේ ඔහු නාට්‍ය කලාව තුළ මොනවද කරපු දේවල්? ඔහු ඒ ඔස්සේ කොච්චර දුර ගියාද කියන එකයි.
නොබලපු අයට බර්නාඩාගේ සිපිරිගෙය ගැන චාන්දනී හා ප්‍රියන්තගෙන්...
Source: Divaina
චාන්දනී සෙනෙවිරත්න කාලයකට පසු කතාබහට එක්‌වුණේ එහෙමයි. බොහෝ දේවල් කතා කරන්න තිබුණත් චාන්දනී "වේදිකා නාට්‍යයක්" ගැන කියපු නිසා අපිට ඒ ගැන දිගින් දිගටම තොරතුරු හොයන්න වුවමනා වුණා.
අප සිටියේ ලුම්බිණි රඟහලේ වේදිකා පරිශ්‍රය ආසන්නයේ. නාට්‍යයේ අධ්‍යක්‍ෂවරයා "ප්‍රියන්ත සිරිකුමාර" බව අපට හඳුනාගන්න එතරම්ම කාලයක් ගතවුණේ නැහැ.
චාන්දනී නැවතත් කටහඬ අවදි කළා.
"අපි බර්නාඩාගේ සිපිරි ගෙය නාට්‍යයේ රියර්සල් එකක් කරන්න ආවේ. නාට්‍ය මීට පෙර 92 වර්ෂයේ දී වේදිකාගත කළා.
මුල්ම නාට්‍යයට සම්බන්ධ වෙච්ච අය අදත් ඉන්නවද?
ඒ අයගෙන් මමත්, කෞෂල්‍යාත් (කෞෂල්‍ය ප්‍රනාන්දු), චමිලත් (චමිලා පීරිස්) ඉන්නවා. ඒ කාලයේ නාට්‍ය කළේ රංජනී ඔබේසේකර. නාට්‍යයේ පිටපතේ තිබෙන සාරවත් බව නිසාමයි ආපහු කරන්න හිතුවේ. ප්‍රියන්ත සිරිකුමාර තමයි ඒකට මුල්වෙලා කටයුතු කළේ.
අපි ඉතාම ආශාවෙන් නාට්‍යයට සම්බන්ධ වුණා. නාට්‍ය පිටපත සංකීර්ණ වුණත් එය ප්‍රේක්‌ෂකයන්ට දැනෙන නාට්‍යයක් වේවි කියන විශ්වාසය අප තුළ තිබෙනවා.
92 වේදිකාගත කළ නාට්‍යයක්, නැවත වේදිකාගත කිරීමට මුල් වුණේ එය හේතු කරගෙන විතරද?
මම කිව්වා වගේ එහි විශේෂත්වය තිබෙන්නේම පිටපත තුළමයි. ගැහැණු චරිත 10-12 ක් පමණ ඉන්නවා. පිරිමි චරිතයක් එළියට නාවාට පිරිමි චරිතයක් කේන්ද්‍රීයව තමයි නාට්‍ය දිව යන්නේ. ඇත්තටම ඒක පිරිමි නමක් නැත්නම් සංකල්පයක් වටා දිවෙන පිටපතක්. ඒ වගේම ඒ වටා තිබෙන ගැහැණු චරිත පවා සංකීර්ණයි. අනිත් එක මුල්වරට වේදිකාගත කර වසර 18 ක් පමණ ගතවුණු පසුත් නාට්‍යයේ තේමාව තුළ නැවුම් ගතියක් තිබෙන නිසයි. ඒ කාලය තුළ අපේ පරිණත බවත් සමග මේ පිටපත අපි තව තවත් හොයන්න පටන් ගත්තා. මේ කාර්යය තුළම අපි තව තවත් මේ පිටපත අධ්‍යයනය කිරීම තුළ අපිට බොහෝ දේ දැනුණා. ඇත්තටම මම ඒකට පෙළඹුණේ "ප්‍රියන්ත" නිසාමයි. අපි හිතුවට වඩා අපි බලාපොරොත්තු වුණ ප්‍රමාණයටත් වඩා ප්‍රියන්ත පිටපත අධ්‍යයනය කර තිබුණා. "ගාර්ෂියා ලෝතා" එක වචනයක් ගානේ චරිතයේ ඉතිහාසයට සම්බන්ධයි.
අනෙකුත් චරිත ගැනත් සඳහන් කරමුද?
දුලීකා මාරපන, මල්කාන්ති ජයසිංහ, නිල්මිණි බුවනෙක, සුදර්ශි, සමාධි, යමුණා මේ ආදී වශයෙන් වෙනස් චරිත රැසක් වේදිකාවට එනවා. මූලිකම දේ අපි සේරම යාළුවෝ, ඒකත් බොහෝම සුන්දර අත්දැකීමක්.
ලංකාවේ වේදිකා නාට්‍යයක් කරනවාය කියන එක ගැන යම් යම් මතවාද තියෙන මොහොතක "බර්නාඩා" නැවත වේදිකාවට ගෙන ඒමේ අවදානමක් දැක්‌කේ නැද්ද?
ඇත්තටම ප්‍රියන්තට නාට්‍යයක් කිරීමේ අවශ්‍යතාව තදින් තිබුණා. එයා එක එක පිටපත් අධ්‍යයනය කරමින් කාලය ගත කරනකොට තමයි මේක කරන්න හිතලා තියෙන්නේ. එතකොට මොන අවදානමක් තිබුණත් නාට්‍යය කරන්න හිතෙනවා. හැබැයි අද වේදිකා නාට්‍යයේ පවතින ක්‍රමයත් එක්‌ක මේක හරියටම කරගෙන යන්න, පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එක තිබුණත් අපිට ඒක කරන්න සිද්ධ වෙනවා. මොකද අපි වේදිකාවට ඇලුම් කරන නිසා.
පුහුණුවීම් අතරතුර එහෙ මෙහෙ දුව යන අතරවාරයේ ප්‍රියන්තත් කතාබහට එක්‌කර ගන්න අපිට පුළුවන් වුණා.
92 වේදිකාගත කළ නාට්‍යයක් නැවත වේදිකාගත කරන්න හිතුවේ ඇයි කියන ප්‍රශ්නයට ප්‍රියන්තගේ උත්තරය වුණේ මේ වගේ එකක්.
කලින් නිෂ්පාදනය මම දැක්‌කා... ඒ නිෂ්පාදනයත් ඉතාම හොඳ මට්‌ටමක තිබ්බ නාට්‍යයක්. ඒක මට හැඟීමක් ඇති කළා. "ගාර්ෂියා ලෝතා" ගේ නාට්‍ය පිළිබඳව, පිටපත් ගැනත් මට ලොකු හැඟීමක් තියෙනවා. ඒක තමයි මාව නාට්‍ය කරන්න පොළඹවන මූලික හේතුව. අනෙක ඔහුගේ හැම වචනයකටම අර්ථයක් තියෙනවා. නාට්‍යයේ පිටපත් තුළ ඔහු අපූර්වත්වයක් මතු කරන්නේ ඔහු කවියෙක් නිසාදෝ කියලත් මට හිතෙනවා."
කෙසේ හෝ වේදිකා නාට්‍ය වේදිකාගත වුණේ පසුගිය 26-27 වැනිදාය. මේ සටහන තැබෙන මොහොත වන විට නාට්‍ය ප්‍රේක්‌ෂකයාට ඊළඟ දර්ශනයක දී නාට්‍යයේ අපූර්වත්වය විඳීමට හැකියාව ලැබෙනු ඇත.
උදේශ සංජීව ගමගේ
ඡායාරූප - නිමල් දයාරත්