2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Sunday 11 September 2011

හදවත් යා කරන නාට්‍ය දැක්‌ම

Author: Malaka Nandana
Date:11/09/2011
Source: Divaina

රංගන ශිල්පියෙක්‌, කලා අධ්‍යක්‍ෂවරයෙක්‌ ලෙස ඔබ අප හඳුනන මංගල ප්‍රනාන්දු අලුත් වැඩකට අත ගහලා· අලුත් වැඩක්‌ කිව්වට මේක එක්‌තරා විදිහක යුතුකමක්‌ ඉටු කිරීමක්‌ ලෙස හැඳින්වූවාට වරදක්‌ නැහැ. වසර 30 ක යුද්ධයේ කටුක අත්දැකීම් විඳි ඈත එපිට ගම්මානවල ද්‍රවිඩ දරු දැරියන් එකතු කරලා ඔවුන්ගේ දස්‌කම් දක්‌වන්න, ඔවුන්ගේ සැඟවුණු කුසලතා "එළිදක්‌වන්න අවස්‌ථාවක්‌ උදාකරලා" දෙන්න වැඩපිළිවෙළක්‌ ආරම්භ කරලා. "යාත්‍රා පදනම" හරහා තමයි ඔහු මේ කර්තව්‍යයට උර දීලා තියෙන්නේ. ඒ වගේම වර්ල්ඩ් විෂන් ආයතනයත් ඔවුන් සමඟ එකතු වෙනවා. අපි මේ ඉඩ වෙන් කරන්නේ ඔවුන්ගේ මේ ව්‍යායාමයට අපේ සහයෝගය දක්‌වන්නයි.

අපි මුලින්ම ඔබේ ආරම්භයට ගියොත්·

මම පාසල් යන කාලෙ ඉඳන් ම කලාවට හුඟක්‌ ලැදියි. ඒ කාලේ ඉඳන්ම මම පල්ලියේ වේදිකා නාට්‍යවලට සම්බන්ධවෙල වැඩ කළා. දවසක්‌ පල්ලියේ නාට්‍යයක්‌ බලන්න ආපු රංජිත් දළුවත්ත මහත්තයා හරහා තමයි මට අවස්‌ථාව ලැබුණේ. "පෙරළිය" වේදිකා නාට්‍යයේ. ඊට පස්‌සේ විකෘති, ගමරාළ, නාමලි, තු=රඟා, යාළුයි අපි යාළුයි වගේ වේදිකා නාට්‍ය විශාල ප්‍රමාණයක රඟපෑවා. ඔය විදිහට ක්‍ෂේත්‍රයේ ඉන්නකොට තමයි මට නිහාල් ප්‍රනාන්දු මහත්තයත් එක්‌ක වැඩ කරන්න අවස්‌ථාව ලැබුණෙ. "තවත් එක්‌ ගැහැනියක්‌" ටෙලිනාට්‍යයෙන් මම කලා අධ්‍යක්‍ෂවරයෙක්‌ විදියට මගේ ගමන ආරම්භ කළා. ඊට පස්‌සෙ "සුසිල" ආයතනයට සම්බන්ධ වෙලා වසර 12 එහි කලා අධ්‍යක්‍ෂවරයෙක්‌ විදිහට වැඩ කළා. මේ වෙනකොට මම කලා අධ්‍යක්‍ෂවරයෙක්‌ විදිහට වෙළෙඳ දැන්වීම් 1000 විතර වැඩ කරලා තියෙනවා. ඒ වගේම රංගන ශිල්පියෙක්‌ විදිහටත් මම නොයෙක්‌ අවස්‌ථාවල මගේ හැකියාව පෙන්නල තියෙනවා.

කොහොමද මේ වැඩපිළිවෙළට අඩිතාලම වැටුණේ?

ඇත්තටම මම ටෙලිනාට්‍ය=, වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධවෙලා වැඩ කළාට මගේ ආරම්භය වේදිකාව. මට අවස්‌ථාවක්‌ ලැබුණා දමයන්ති ෆොන්සේකා සහ අනෝජා වීරසිංහ මහත්මීන් එක්‌ක එකතුවෙලා රට වටේම යන වේදිකා නාට්‍යයක වැඩ කරන්න. ඒ නාට්‍ය පෙන්නුවේ ඈත එපිට දුෂ්කර ගම්මානවල. ඉතිං සමර ගම්මානවල ඉන්නෙ දරුවො වේදිකා. නාට්‍යයක්‌ තියා රූපවාහිනියක්‌වත් දැකලා නැහැ. මම සෝමලතා සුබසිංහ මහත්මියත් එක්‌ක වැඩ කරන කාලේ ඉඳන්ම තිබුණා ළමා නාට්‍ය කිරීමේ ආශාව. මුදල් වියදම් කරල නාට්‍යයක්‌ බලන්න බැරි පාසල් දරුවන්ට පෙන්නන්න නාට්‍යයක්‌ නිර්මාණය කිරීමේ ප්‍රබල ආශාවක්‌ මට තිබුණා. මම කාලයක්‌ සුබෝධියේ නාට්‍ය අංශය භාරව ඉන්න කාලෙ "මපට්‌" ගැන අධ්‍යයනයක්‌ කරල තිබුණා. "රූඩි කොරස්‌ට්‌" තමයි ලංකාවට මපට්‌ ගෙනාවෙ. ඉතිං ඒ අත්දැකීමුත් එක්‌ක මම මපට්‌ සහ රංගන ශිල්පීන් යොදාගෙන නාට්‍යයක්‌ නිර්මාණය කළ "රංකුකුලා" කියලා. ඒක පෙන්නලා අවුරුදු ගානකට පස්‌සෙ මට අදහසක්‌ ආවා නැවත ඒ නාට්‍ය පෙන්නන්න. මේ නාට්‍ය හරහා මපට්‌ කලාව දියුණු කරන්න සහ යුද්ධයෙන් පීඩිත වෙච්ච දරුවන්ට එකමුතුකමේ අගය පෙන්නන්න. ඉතිං මම මේ නාට්‍ය නැවත නිර්මාණය කරන්න නිෂ්පාදක මහතෙක්‌ හොයන අතරතුරේදී තමයි මට "වර්ල්ඩ් විෂන්" ආයතනය හමු වුණේ. එහිදී මට ලලේන්ද්‍ර රණසිංහ මහතා මුණගැසුණා. ඔහු මගෙන් ඉල්ලීමක්‌ කළා. මේ නාට්‍යයට "සාමය" සම්බන්ධ ගීතයක්‌ නිර්මාණය කරන්න කියලා· ඊට පස්‌සෙ මම සෞන්දර්යය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ එකතු කරල නැවත මේ නාට්‍යය නිර්මාණය කළා. මුලින්ම අපි නාට්‍යය පෙන්නුවෙ යුද්ධය උග්‍රව යන කාලෙ හොරොව්පතානෙ. අපි එතැනදී නාට්‍ය පෙන්නලා විතරක්‌ නතර වුණේ නැහැ. ඒ දරු දැරියන් එක්‌ක බොහොම සුහදශීලීව කටයුතු කළා.ඔවුන්ට සාමයේ අගය ගැන කියලා දුන්නා. මපට්‌ හදන හැටි කියලා දුන්නා. ඒක ගොඩක්‌ සාර්ථක වුණා.

මේ නාට්‍ය දෙමළ බසින් නිර්මාණය වුණා නේද?

මෙතැනදී පොඩි ගැටලුවක්‌ මතු වුණා.· මට දෙමළ භාෂාව බැහැ. නමුත් මම පසුබට වුණේ නැහැ. මම තේරුම් ගත්තා අපි මොන භාෂාව කතා කරත් අපේ හැඟීම් එක සමාන බව. ඉතින් ඒ විදිහට මම කොහොම හරි දෙමළ භාෂාවෙන් මේ නාට්‍ය නිර්මාණය කළා. විශේෂයෙන් කියන්න ඕන මේ නාට්‍යයට සම්බන්ධ වෙච්ච දෙමළ ජාතික දරුවන් කලාවට සම්බන්ධ අය නෙවෙයි. නමුත් මම කොහොම හරි ඔවුන්ගේ ඇඟ ඇතුළෙ තිබුණු හැකියාවන් එළියට ගත්තා. ඒ නාට්‍ය පෙන්නන්න ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් කර්නල් තෙන්නකෝන් මහතා මට විශාල ලෙස උදව් කළා. යුද්ධය ඉවර වෙච්ච ගමන්ම මඩකලපුවට නාට්‍යයක්‌ අරගෙන මුලින්ම ගියේ මම. ඒ වගේම මුලතිව් මාන්කුලම් මුලින්ම නාට්‍යයක්‌ අරගෙන ගියේ මම· ඉතින් ඔය විදියට ගමින් ගමට ගිහිල්ලා ළමුන්ට නාට්‍ය පෙන්නන ගමන්. ඒ දරුවන් අතරින් හැකියාවල් තියෙන දරුවන් 150 තෝරාගෙන අපි ඔවුන් වෙනුවෙන් වැඩමුළු පැවැත්වූවා. එහෙම පවත්වපු වැඩමුළු ඇත්තටම අතිසාර්ථකයි. ඒ වැඩමුළුවලට ආපු ළමයි අතරින් අවසානයේ ළමුන් 50 තෝරාගෙන, ඔවුන් නිර්මාණය කරපු වීදි නාට්‍ය දැක්‌මක්‌ තමයි සැප්තැම්බර් මාසෙ 3-8 දක්‌වා පැවැත්වෙන්නෙ. මේකෙ නම "සාම මාවතේ අපි" වීදි නාට්‍ය දැක්‌ම· අපිට ඕන කලාව හරහා හදවත් එකතු කරමින්· ඒ ගොල්ලන්ට මේක හරිම සුවිශේෂි අත්දැකීමක්‌· දෙමළ බැරි කෙනෙක්‌, සිංහල කෙනෙක්‌ ඇවිත් අපිට නාට්‍ය උගන්නවා කියන එක· ඒ වගේම ඒගොල්ලන්ගෙ දේවල් සහ අපේ දේවල් මිශ්‍ර කරලා තමයි අපි මේ වැඩමුළු පැවැත්තුවේ· ඉතිං අපි ලොකු සාර්ථකත්වයක්‌ ලබාගත්තා. ඒ වැඩමුළු තුළින්· ඒ ළමයි විසින්ම නිර්මාණය කරපු නාට්‍ය තමයි අපි පෙන්නන්නෙ· මඩකලපුවේ පාසලදී තමයි අපි මේ නාට්‍ය දැක්‌ම පවත්වන්නෙ·


අපි මංගල ප්‍රනාන්දුට මොහොතකට සමුදීලා "වර්ල්ඩ් විෂන්" ආයතනයේ ලලීන්ද්‍ර එක්‌ක පොඩ්ඩක්‌ කතා කළා·

කොහොමද ඔබට මේ නාට්‍ය දැක්‌ම දැනෙන්නේ?



අපිට සාමය ගොඩනගන්න ක්‍රමවේද රාශියක්‌ තියෙනවා. ඒක එක එක ප්‍රදේශවලින් ප්‍රදේශවලට වෙනස්‌. මෙතැනදී අපි ජාතීන් දෙකටම පොදු ක්‍රමවේදයකට තමයි ඔවුන් අතර සාමය ගොඩනගන්න ඕන· ජාතීන් දෙකම කැමැති දේවල් හරහා තමයි අපිට මේක කරන්න වෙන්නෙ· ඒ නිසා අපි ක්‍රමවේද දෙකක්‌ අනුගමනය කරනවා. එකක්‌ තමයි සංගීතය, ගීතය, ඊළඟ එක තමයි වේදිකා නාට්‍ය කලාව· මේ මාධ්‍ය දෙක හරහා අපි සාමය ගැන කතා කරනවා. ජාති ආගම් බේදයකින් තොරව හැමෝම මේ මාධ්‍ය දෙකටම කැමැතියි. අපි නිකම්ම නිකං නාට්‍යයක්‌ කරපු පලියටම සාමය ගොඩනැගෙන්නේ නෑ. · ඒ නිසා අපි මේ ජාතීන් දෙක අතර අෙන්‍යාන්‍ය සහයෝගය ඇතිවෙන පරිදි නිර්මාණවලට සම්බන්ධ කළා· අපි මේකට ඇතුල් වෙනකොට නැගෙනහිර පැත්තෙ ළමයි වේදිකා නාට්‍ය දැකලාවත් නෑ· රඟපාන්න දන්නේ නැහැ. අවුරුදු ගානක්‌ තිස්‌සෙ හදවත්වල කැකෑරෙන දේවල් නිදහස්‌ කරගන්න තමයි අපි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නෙ· සුන්දර විදිහට හිතන පිරිසක්‌ බිහි කිරීම තමයි අපේ පරමාර්ථය. පෞද්ගලික තරහ මරහා පසුපස නොයන පිරිසක්‌ අපි බිහිකරන්න තමයි අපි මේ මහන්සි වෙන්නේ. මංගල ප්‍රනාන්දුගෙ රංකුකුලා නාට්‍ය හරහා තමයි අපි මේ ක්‍රියාදාමයට මූලික අඩිතාලම දැම්මේ· ඒ නාට්‍යය එක පාසලක පෙන්නලා අනිත් පාසලට අපි යනකොට කලින් පාසලේ ළමයි අනිත් පාසලටත් එනවා· ඒ තරම් ඔවුන් ඒ ක්‍රියාවලියත් එක්‌ක හිටියා.