2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Tuesday 30 March 2010

පාදඩ සංස්කෘතිය නිසාත් අප අවතැන් වුණා

Author: Priyan R Wijebandara
Source: Silumina
Date: 21/03/2010

ධර්මසිරි බණ්ඩාරනායක

ප්‍රවීණ රංගන ශිල්පියකු, නාට්‍යකරුවකු, සිනමාකරුවකු වන ධර්මසිරි බණ්ඩාරනායකගේ “ඒකා අධිපති” නාට්‍යය මේ දිනවල වේදිකා ගතවෙමින් පවතී. “ඒකා අධිපති” කේන්ද්‍ර කර ගනිමින් කෙරුණු මේ සංලාපය පොදුවේ ලාංකීය කලා ක්ෂේත්‍රය මෙන් ම අද්‍යතන ගැටලු හඳුනා ගැනීමට දරන උත්සාහයක් දක්වා දිග හැරෙයි.

70 දශකයේ “ඒකා අධිපති” බිහිවීම සහ 2010 ට එහි සාකල්‍යය ම ගැළැපීම තේරුම් ගන්නේ කොහොම ද?

මේකේ අත්පිටපත මගේ අතින් ලියැවෙන්නේ 1975 දී. 76 අපේ‍්‍රල් මාසයේදී පුහුණුවීම් පටන්ගත්තා. නොවැම්බර් මාසය වෙනකොට ප්‍රදර්ශනය කරනවා. මේ නාට්‍ය නැවත අවුරුදු 33 කට පස්සේ ආපහු ගේන්න හේතුව මොකක්දැයි බොහෝ දෙනෙක් මගෙන් අහද්දී සමහර විට ඒකට මං දුන්නු උත්තර මට ම පැහැදිලි නෑ. සමහර වෙලාවට මගෙන් එහෙම අහන එකමත් නාට්‍යය වර්තමානයට දක්වන සම්බන්ධයට උත්තරයක් කියලයි මට හිතෙන්නේ.

නාට්‍ය පිටපත ලියැවෙන්න බලපාන පසුබිම මොකද්ද?

71 කැරැල්ලත් එක හේතුවක්. මං එතකොට උසස් පෙළ හදාරන ශිෂ්‍යයෙක්. කැරැල්ල මෙහෙයවපු ජනතා විමුක්ති පෙරමුණට මගේ කිසිම සම්බන්ධයක් තිබුණේ නෑ. ඒත් ඒ කැරැල්ලට මගේ යහළු යෙහෙළියන් බොහෝ දෙනෙක් සම්බන්ධ වුණා. ඔවුන් ගේ ඒ අත්දැකීම් මගෙත් එක්ක බෙදාහදා ගත්තා. ඒ ගොඩක් දෙනෙකුට අත්විඳින්නට සිද්ධ වුණු කටුක අත්දැකීම් මාව කම්පනයට ලක් කළා. මුළු සමාජය ම දැඩි අස්ථාවරභාවයකට තල්ලු වුණා. උසස් පෙළින් පස්සේ විශ්ව විද්‍යාලයට යනවා කියන බලාපොරොත්තු පවා විභාගේ ලියන කාලෙදි ම සුන් කර ගන්න සිදුවුණා.

මොකද ඒ වෙද්දී විශ්ව විද්‍යාල කියන්නෙ 71 කැරැල්ලට සම්බන්ධ තරුණ තරුණියන් ගාල් කරල තියපු සිර කඳවුරු. මේ තත්ත්වය නිසා මං හොරණ විද්‍යාරත්නයෙන් උසස් පෙළට ලියලා ඉස්කෝලේ යන කාලේ ඉඳන් ම මට නාට්‍යය කලාවට තිබුණු ළෙන්ගතු කමත් එක්ක ම කොළඹ එන්න සිදුවුණා. මට රස්සාවක් හම්බ වුණා. ඒ කාලේ විදිහට සැලැකිය යුතු පඩියකුත් හම්බ වුණු හින්දා වියදම් ටික පියවාගෙන නාට්‍ය බලන්න, රස්තියාදු ගහන්න වෙලාවකුත් හම්බ වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට හෙන්රි ජයසේනයන් “මකරා” නමින් වේදිකාවට ගෙන ආ යෙව්ගිනි ස්වෝට්ස් ගේ නාට්‍යයේ රඟපාන්න මට අවස්ථාව ලැබුණා. “මකරා”ට සම්බන්ධ වීමට අවස්ථාව ලැබීම ම මට “ඒකා අධිපති” කරන්නට අවශ්‍ය වුණු සම්පත් බොහොමයක් ලබා ගන්න හැකි වුණු අවස්ථාවක් වුණා.

අද “ඒකා අධිපති” පේ‍්‍රක්ෂාගාරය ගැන යමක් කිව හැකි ද?

නරඹන සෑම කෙනෙක් ම වගේ සියුම් ප්‍රශ්නයක් නොපෙනෙන්න අහනවා. ඒ එදා නාට්‍යයට අදට ගැළැපෙන ලෙස වෙනස් කළා ද කියලා. 75 දී මං ලීව මුල් පිටපතේ එක ඉස්පිල්ලක්, පාපිල්ලක් මං වෙනස් කරලා නෑ. සමස්ත සමාජයක් ෆැසිස්ට්වාදී ග්‍රහණයට හසුවුණාට පස්සේ, ඒ සමාජය ම එකී පාලන තන්ත්‍රයට අශිර්වාද කරමින් ම එහි ගොදුරක් බවට පත් වූවාට පසු “ගැළවීම” කියන්නෙ ම ඊට එහා යන මහා ක්‍රියාදාමයක්. අද දවසේ මගෙන් කවුරු හරි මේක අද ලියවුණු එකක්ද, නැත්නම් අලුත් කෑලි මේකට එකතු කළා ද කියල අහද්දී ඒක එහෙම වෙන්නේ නාට්‍ය, සමාජය තුළ වග විභාග කරමින් වෙමින් තියෙන නිසයි. ඒක සුබ දෙයක්. ඒත් පේ‍්‍රක්ෂකයා වර්තමාන දේශපාලන වටපිටාවේ ඒ විදිහට ප්‍රශ්න කිරීම කලාකාරයෝ විදිහට අපට අනතුරු දායකයි.

ඔබ කියන අනතුරුදායක බව ඔබගේ වෙනත් නිර්මාණවලටත් යම් යම් අවස්ථාවල බලපැවැත්වුණා නොවේ ද?

ඔව්. 1976 දී “ඒකා අධිපති” කියන නම අර්බුදයක් නොවුණට 2010 දී පෝස්ටරය ඇලවෙන තැන ඉඳල ම අර්බුදය පටන් ගන්නවා. එක් එක් දේශපාලන න්‍යාය පත්‍රයන් ඇතුළේ නාට්‍ය ප්‍රශ්න කිරීමට ලක්වෙනවා. කලා කෘතියක් ඒ විදිහට ප්‍රශ්න කිරීමට ලක්වීම කලාව ඇතුළේ “ප්‍රබල සන්නිවේදනයක්”. මේ අත්දැකීම ම මට ධවල භීෂණ “යක්ෂාගමනය” “ට්‍රෝජන් කාන්තාවෝ” නාට්‍යය වලදීත් මුහුණ දෙන්න වෙනවා. “ට්‍රෝජන් කාන්තාවෝ” නාට්‍යයේ රඟපෑව අයගේ ගෙවල් දොරවල් ගිනි තිබ්බා. සංගීත ශිල්පියාට තර්ජනය කරලා නිහඬ කෙරෙව්වා.

වර්තමානයේ නාට්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔබේ අදහස කෙබඳු ද?

නාට්‍ය කලාව කියන්නේ වර්තමානයේ අන්තයට ම පිරිහුණු කලාවක්. රාජ්‍ය මට්ටමින් එක එක උදාර වචන, උදාර වැඩපිළිවෙළවල් තිබුණට සැබෑ අර්ථයෙන් ගත්ත ම නාට්‍ය කලාව තියෙන්නේ ඉතා පහළ අඩියකයි.

ඔබගේ “ඒකා අධිපති” නාට්‍යයේ දෘෂ්ටිය පිළිබඳ සැලැකිල්ල යොමු කිරීමේදී පෙනී යනවා එහි කැරලි නායකයා සමස්ත සමාජය ම වෙනස් කරන්නට කැරලි ගසා තම බිරියගේ පතිවෘතය රැකගැනීම කියන කාරණය සමාජ අරගලයට වඩා වටින බවට පෙන්වා දෙන බව.

මරණය කැඳවා ගන්නක්. 70 දශකයේ දී කොහොම වුණත් අවසානයේ 2010 දීත් ඒක යථාර්ථයක් ද? ඇත්තට ම ඒක එහෙම ම තමයි. බොහෝ කැරලි කෝලාහලයන් දිහා බැලුව ම හරි ම පුද්ගලවාදී ප්‍රවේශයන් තමයි දකින්නට තියෙන්නේ. බොහො ම සුළු පුද්ගලික අභිමතාර්ථයන් නිසා තමයි බොහෝ ඒවා පරාජය වුණේ. ‘ඒකා අධිපති’ ඇතුළේ වුණත් වීරයෙක් නෑ. වීරයා මැරිලා. ඒත් මං මේ නාට්‍ය ගෙනාවේ විප්ලවීය අදහස් සමාජගත කරන්නවත්, මේකෙන් ලාංකීය විප්ලවය කරන්න උගන්නන්නවත් නෙවෙයි. වීරයා මැරිලා වුණත් ඒ ගෙනියන අරගලකාරී ස්වභාවය අතරමං වෙනවා. ඒ අතරමං වන ප්‍රවේශය තුළ ම පේ‍්‍රක්ෂකයාට තීරණයක් ගන්න දීලා අපි නාට්‍යය නතර කරනවා.

නාට්‍යයත් සමඟ හිනාවෙන පේ‍්‍රක්ෂාගාරය එළියට බහින්නේ ඒ හිනාව එතන ම තියල කියලයි පෙනෙන්නේ. ලාංකීය පේ‍්‍රක්ෂාගාරය “වේදිකාවේ හාස්‍යය” දේශපාලනික ව බාර ගන්නේ යැයි ඔබ හිතනව ද?

දැන් දැන් පේ‍්‍රක්ෂකයන් ඒ දිහා සවිඥානක ව බලනවා කියලයි මට හිතෙන්නේ. අපේ රටවල ෆැසිස්ට්වාදී පාලනයක යම් යම් ඉරියව් හෝ ගතිකයන් දකින්නට තිබුණත් එවැනි පාලනයක් මුළුමනින් ම ගොඩනඟා ගැනීමට අපහසුයි. ඒක එක්තරා විදිහක ලාංකීය ජන විඥානයේ තියෙන ප්‍රබලත්වයේ ලක්ෂණයක්. යම් සමාජයක් දුර්වල වෙන්න වෙන්න තමයි ඒකාධිපතිත්වයක් බිහි වෙන්නේ. බ්‍රෙෂ්ට් ගේ අදහස් ඇසුරෙන් කිවහොත් අපේ ම දුර්වලකම් නිසා තමයි අපට වඩා දුර්වලයෙක් අපි ව මර්දනය කරගෙන නැඟිටින්නේ.

ලෝකයේ දුබලයෙක් මිස ප්‍රබලයෙක් කිසිදවසක මිනිසුන් මර්දනය කරගෙන නැඟිටින්න උත්සාහ කරන්නේ නෑ. මේ යුගයේ අපට බර්ටෝල් බ්‍රෙෂ්ට් ව අධ්‍යයනය කරනවා නම් ඔහුගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. 1976 දී මං අතින් “ඒකා අධිපති” බිහිවී 94 වෙද්දී “බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයක්” “යක්ෂාගමනය” හැටියට මගෙන් වේදිකාවට එනවා.

ඔබගේ “හංස විල” චිත්‍රපටය තිරගත වූ කාලයේදී වැඩි අවධානයකට ලක්නොවුණත් ඒ සම්බන්ධයෙන් පසු කාලේ යම් කතිකාවක් නිර්මාණය වුණා.

ඕනෑ ම කලා කෘතියක් පිළිබඳ නිවැරැදි හෝ අර්ථාන්විත කතිකාවක් නිර්මාණය වෙන්නේ එකී කලා කෘතිය සමාජගත කරන කාල පරිච්ඡේදයට වඩා දශක ගණනාවකට පස්සේ. ඉතිහාසය කියන්නේ නොමියෙන මිනිසුන්ගේ නවාතැන්පොළටයි. නැවත නැවත පසු විපරම් කරමින් ඒක සමාජගත කරන්නේ සමාජයමයි. ඕනෑ ම කලා කෘතියක් බලහත්කාරයෙන් සමාජගත කරන්නට බෑ. මගේ විශ්වාසයක් තියෙනවා මගේ “බව දුක” චිත්‍රපටය ගැන පවා පසු කලෙක විචාරකයන් වෙනස් විදිහට බලයි කියලා.

ඔබගේ නිර්මාණ ප්‍රවේශයන්ගෙන් වඩාත් කැමැති කුමන ප්‍රවේශයට ද?

නාට්‍යකරුවකුගේ භූමිකාවට මං වඩාත් කැමැතියි. ඉතාමත් සජීවී මිනිස් සම්බන්ධයක් මත ගොඩනැඟුණු එකක්. ලියැවුණු පිටපතක් එක්ක වේදිකාවට ගියාට සැබෑ මනුස්සයන් තමයි මේක ජීවමාන කරන්නේ. මං ජීවත්වන සමාජ වටපිටාව කෙබඳුද කියන එක මට එතැනදී අහුවෙනවා. ඒක මට පිටපතෙන් අහුවෙන්නේ නෑ. වර්තමානයේ මහා විකෘතියක් වූ දේශපාලන ධාරවත් එක්ක මං එකඟ නොවෙන්නේ මේ නාට්‍ය කලාවෙන් මට ලැබුණු දැනුම නිසයි. ඒ දැනුම මට අම්මවත් තාත්තාවත් දුන්නේ නෑ. මගේ ගුරුවරුන්වත් දුන්නේ නෑ.

මට දැනුම දුන් ගුරුවරුන් පවා මේකෙ ගොදුරක් වෙලා පෙරහැරේ යද්දී මං විතරක් උපේක්ෂාවෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ කලා කෘති මට ලබා දුන් දැනුමට ලංකාවේ කිසිදු බුද්ධිමතකුට ළංවෙන්න බෑ. “බවදුක” චිත්‍රපටයෙන් මං මේ ඉරණම එදා කතා කරා. ඒත් “බවදුක” මිනිසුන් නොබලපු කලා කෘතියක් බවට පත්වුණා. මං ඒකයි මුලිනුත් කීවේ කාලයක් ගිහින් හරි ”හංසවිල” ට ලැබුණු සාධාරණත්වය “බවදුක” ටත් ලැබෙයි කියලා. ඒක තමයි කලාවේ විශිෂ්ටත්වය කියන්නේ.

ලාංකීය සමාජය තුළ මේ තරම් සමාජ ඛේදවාචකයක් අත්දකිමින් තිබියදීත්, ජාතික ප්‍රශ්නය හා යුදමය වාතාවරණය, දකුණේ ඇතිවුණු කැරලි කොලාහලයන් පවා කෙතරම් තීරණාත්මක වුවත් ඒකී අත්දැකීම් ගැඹුරින් ස්පර්ශ කරන කලාවක් අපේ කලාකරුවන් අතින් බිහිවුණේ නෑ.

ඒක ඇත්ත. ඔය ප්‍රශ්නෙ ම අපට වෙන විදිහකට අහන්න පුළුවන්. ලංකාවේ ස්වතන්ත්‍ර නිර්මාණ බිහිනොවී පරිවර්තන බිහිවෙන්නේ ඇයි කියලා. ලාංකීය සමාජය වග විභාග කිරීම ඉතා වැදගත්. යුද්ධය සැලැකිල්ලට ගත්තත් යුද්ධයේ අනෙක් පාර්ශවකරුවා වග විභාග කෙරෙන්නේ නෑ. ඉරි ගහලා වෙන් කරගෙන බෙදුම් රේඛාවක් මැද්දේ ඉඳගෙන අපේ අය ඒක පාර්ශවීය නිර්මාණ කරනවා. මේ බෙදුම් රේඛාව අබිබවා යන්නට බැරිකම නිසා කොයිතරම් ඛේදවාචකයක් අපි ව ගිලගත්තත් අපට හොඳ නිර්මාණයක් කර ගන්න බැරිවී තියෙනවා. ඒත් ඉන්දීය ලේඛකයන්, දෙමළ ලේඛකයන් මේ සීමා බිඳගෙන ගිහින් තියෙනවා. දෙමළ ලේඛකයකුගේ කවියක් සිංහලට පරිවර්තනය වුණත් ඒ හෘද ස්පන්දනය අපට දැනෙනවා.

හැදෑරීමක් කැපකිරීමක් නොමැතිවීමත් මේ තත්වයට හේතුවක්

මම ඊට තවත් කාරණා දෙකක් එකතු කරනවා. අපට චින්තකයෝ නැතිවීමත්, අපි දූපත් වැසියෝ වීමත් මේ ඛේදවාචකයට හේතු වෙනවා. අපේ සමාජය ගැඹුරින් වග විභාග කරපු අපේ චින්තකයෙක් කියපු, ලියපු දෙයක් උපුටා දක්වන්නට අපට හැකියාවක් නෑ.” මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම”යි කියල බණ්ඩාරනායක කීවා කියයි. ඒ පාඨය උපුටල ඡන්ද ටිකක් කඩා ගන්න පුළුවන් වුණාට ලාංකීය සමාජය විනිවිද දකින්න පුළුවන්ද? අනෙක් අතට අපි දූපතක හිරවෙලා නිසාම අපි බොහෝ දේ ගත්තේ පිටින්. ණයට. එහෙමත් නැත්නම් කුලියට.

ඒත් ඒ බව පිළිගන්න අකැමැති නිසා අපේ අය බොහෝ දෙනෙක් විදේශයන්ට විරුද්ධයි. හැබැයි ඒ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න හොයාගන්න සටන්පාඨ ටික ගන්නෙත් ඒ රටවලින් ම ණයටමයි. ඒ හින්දා ඒ විරෝධයන් පවා “විහිලුවක්” බවට පත්වෙනවා. ඒ විහිලුව අපි තව තවත් සංවර්ධනය කරනවා. අපි අද දවසේ විරුද්ධ වෙන හැම බලවේගයක් ම අපට යමක් උගන්නලා තියෙනවා. මේක තේරෙන පිරිසකුත් රටේ ඉන්නවා. ඒත් ඒ අය මේ මොහොතේ නිශ්ශබ්දයි.

බොහෝ ප්‍රවීණයන් සඳහන් කරන්නේ 60 – 70 දශකය කලාවේ ස්වර්ණමය යුගය කියලයි. ඔබත් ඒ අදහසේ ම කොටස්කාරයෙක්ද?

ඇත්තට ම. මගේ “ඒකාධිපති” නාට්‍යයෙන් ම ඒකට උදාහරණ ගන්න පුළුවන්. එදා කිසිදු ආරාධනාවකින් තොර ව පක්ෂ විපක්ෂ හැම දේශපාලනඥයෙක් ම මගේ නාට්‍යය බලන්න ආවා. සමහර අය මට කතා කරා. සමහර අය කතා කළේ නෑ. සමහර අය එක්ක මගේ කිසි ම කතා බහක්වත් ජීවිත කාලේ පුරාවට සිද්දවෙලා තිබුණේ නෑ. ඒත් මේ හැමෝට ම යම් කලා කෘතියක් බලන්න, රස විඳින්න බුද්ධිය තිබුණා. කලා කෘතියක් වෙනුවෙන් ඒ හැමෝට ම වාඩිවෙලා ඉන්නට හැකි කාල පරිච්ඡේදයක් තිබුණා. ඒත් ඒ කාලය, අවකාශය නැතිවුණේ කලාකරුවෝ නිසා නෙවෙයි. ඔවුන්ගේ ම සටකපට, කූට උපක්‍රමශීලි බඩගෝස්තරවාදය නිසයි.

අද නාට්‍යයක් කළා ම බලන්න එන්නේ ප්‍රේක්ෂකයා නෙවෙයි. යාළුවෝ ටිකයි, නෑදෑයෝ ටිකයි, අනුග්‍රාහකයෝ ටිකයි විතරයි. මේකට හේතුව ලෙස එක එක්කෙනා එක එක මතවාද ප්‍රකාශ කරනවා. ඒත් සැබෑ හේතුව මේ එකක්වත් නෙවෙයි. රටේ කලාව පිරිහුණේ ලාංකිකයාගේ සංස්කෘතික ජීවිතය දේශපාලනඥයන් විසින් විනාශ කළ නිසයි. රටේ මිනිසුන් අවතැන් වුණේ යුද්ධයෙන් විතරක් නෙවෙයි. පාදඩ සංස්කෘතියෙනුත් අවතැන්වුණා. ඒ අවතැන් වුණු ප්‍රේක්ෂාගාරය අමතන්නට සිදුවී ඇත්තේත් අපටමයි. ඒක දැවැන්ත ඛේදවාචකයක්.

ඇතැම් රටවල සමාජ විකාශනයේ දැඩි මර්දිත අවස්ථාවන්ට මුහුණදීමට සිදුවූ අවස්ථාවන් වල පවා කලාකරුවන් සිය ආත්ම ප්‍රකාශනයක් කරන්නට විවිධ අත්හදා බැලීම් කළා. යථාර්ථවාදී ව යමක් ප්‍රකාශ කරන්නට අවස්ථාව නොලැබුණා ම “අධි යථාර්ථවාදය” මායා යථාර්ථවාදය” උපයෝගී කරගෙන තමන්ගේ ප්‍රකාශනය කළා. ලංකාවේ එහෙම අත්හදා බැලීමක් වත් දකින්නට නොලැබෙන්නේ මේ ඛේදවාචකය කලාකරුවන් අත්නොදකින නිසාද?

2010 වසරේ මේ මොහොත වන විට සැබෑ බෙදුම් රේඛාවක් ඇඳිලා තියෙනවා. නිදසුනක් හැටියට එච්.ඒ. පෙරේරා මිය ගියා ම එතැනට බැනර් එක එල්ලෙන්නේ “නොවිකිනුණු කලාකරුවා” කියලයි. ඒක එච්.ඒ. සූදානම් කරලා මැරුණේ නෑ. සමාජය විසින් ම කොයි මොහොතේ හෝ ඒ නිවැරදි අර්ථ දැක්වීම කරනවා. හිට්ලර්ගේ නාසි ජර්මනිය තුළ ඉඳගෙන නිර්මාණ කරන්න බැරි ව රට දාල ගිය නිර්මාණකරුවන් ඕන තරම් ඉන්නවා. ඒ අය ඔබ කීවා වගේම වෙනත් දේශ දේශාන්තර වල ඉඳලා හරි වෙනත් වෙනත් අත්හදා බැලීම් ඔස්සේ තමන්ගේ කාර්යය කරගෙන ගියා.

මේ ව්‍යසනය දකින සුළු පිරිසක් නිහඬවී සිටිනවා. අනිත් අය පෙරහරේ යනවා. ඉතින් කොහොමද කලාව ජය ගන්නේ. අද හිට්ලර්ගේ නාසි ජර්මනියට වඩා ඉතා සියුම් විදිහට අප ව වඩ වඩා දරුණු මර්දනයකට ලක්කරමින් ඉන්නවා. නාසි ජර්මනියේ තත්ත්වය ලෝකය ම දැක්කා. මේ තත්ත්වය ලෝකයට වහන් කරන්නට තරම් අද බලවේග සූක්ෂමයි. තත්ත්වය කොයිතරම් දරුණුද කියනවා නම් අද ඔබ මාව හමුවන බවට මට දන්වන දුරකථන ඇමැතුම කිසිදු වැදගත්කමක් නැති තුන්වෙනි පාර්ශවයක් විසින් අහගෙන ඉන්නවා. අද දවසේ අපට හිටගන්න වෙලා තියෙන්නේ “අවතැන්වීම” කියන බැනර් එක යටින්.

අපේ පරම්පරාවේ දක්ෂ නාට්‍යකරුවන් බොහොමයක් ඉන්නවා


Author: Nuwan Nayanajith Kumara
Source: Silumina

Date: 21/03/2010

යොවුන් නාට්‍යවේදී පූජිත ද මැල්


නාට්‍ය විෂයය අද ලෝකයේ අධ්‍යාපනයට, ප්‍රජා සංවර්ධනයට නැඹුරු වී තිබෙනවා. ශෛලී නමින් අප විසින් ඇරඹූ මේ නාට්‍ය හා රංග කලා පාඨමාලාව කුඩා දරුවන්ට හා තරුණ තරුණියන්ට වශයෙන් වෙන් ව කොටස් දෙකකට සකස් කළා. නාට්‍ය හා රංග කලාව හැරුණුවිට සංගීතය, නැටුම්, චිත්‍ර කලාව වැනි විෂයයන් ද මෙහිදී ඉගැන්වෙනවා. අපේ ජනකවි, ජනකතා වැනි දේ පිළිබඳ රසවින්දනයක් අද කුඩා ළමයින්ට නොලැබෙන තරම්. තරඟකාරී විභාග රාමුවකට කොටු වී සිටින අද ළමා පරපුරට නිර්මාණකරණයේ නියැළීමට, ඒවා රස විඳීමට හෝ සම වයසේ කණ්ඩායම් හා සෙල්ලම් කිරීමට හෝ විවේකයක් නැහැ. මේ නිසා නූතන ළමා පරපුරේ මනස් ආත්මාර්ථයෙන් පිරිලා. විරුද්ධ මතවාදයක් ඉවසීමට ඔවුනට ශක්තියක් නැහැ.

මෙබඳු පාඨමාලාවක් ඔස්සේ ළමා පරපුරේ පෞරුෂ වර්ධනයට සෞන්දර්යයෙන් ඉටුකළ හැකි කාර්ය භාරය වෙත අප නැඹුරු වුණා. මේ කණ්ඩායම අප නඩ වශයෙන් බෙදා වෙන් කළා. පුංචි නඩයට වයස අවුරුදු පහේ සිට නවය දක්වා කණ්ඩායම ඇතුළත් වෙනවා. වයස 10 - 16 දක්වා නඩයකුත් වයස 18 න් ඉහළ පිරිස යොවුන් නඩයටත් අයත් වෙනවා. මේ තරුණ නඩය සඳහා වසරක පාඨමාලාවක් පැවැත්වෙනවා. මෙහිදී ඔවුන් මූලිකව හදාරන්නේ රංගනයයි. ඒ හැරුණු විට නාට්‍ය පිටපත් රචනය, අධ්‍යක්ෂණය, වේශ නිරූපණය ඇතුළු නාට්‍යකරණය හා බද්ධ වූ සියලු දේ ඉගෙනීමට මේ පාඨමාලාවෙන් අවස්ථාව ලැබෙනවා.

පාඨමාලාව අවසානයේ ඔවුන් ස්වාධීන නාට්‍යයක් නිර්මාණය කළ යුතුයි. අප ආයතනය මඟින් ඊට අවශ්‍ය පහසුකම් හා මඟ පෙන්වීම ලබා දෙනවා. ඇත්තෙන් ම මෙය විශ්වවිද්‍යාලයක නාට්‍ය හා රංග කලා පාඨමාලාවක ප්‍රමිතියෙන්මයි සකස් වී තිබෙන්නේ. 20% ක න්‍යායාත්ම දැනුමකුත් 80% ක ප්‍රායෝගික දැනුමකුත් මෙයින් ලැබෙනවා. සියලු කලාවන් රසවින්දනය, සංවිධානය, නායකත්වය, පෞරුෂය වැනි අංග ද නාට්‍යවේදියකුට වැදගත් නිසා ඒ පිළිබඳ පුහුණුවක් ද අප ලබා දෙනවා.

ශෛලි පාඨමාලාවට දායක වන ආචාර්ය මණ්ඩලය ගැන පැවසුවොත්.

මා හැරුණු විට රෝහිත කරුණාරත්න, සංජය හෙට්ටිආරච්චි, විශ්වජිත් ගුණසේකර, ධර්මප්‍රිය ඩයස්, ප්‍රියංකර රත්නායක, මල්කාන්ති රත්නායක, තිළිණි රොඩ්රිගෝ, මංජරී, නදීක වැලිගොඩපොළ, වික්‍රම සෙනෙවිරත්න, ලාල් සිල්වා ආදී ප්‍රකට ආචාර්ය මඩුල්ලක් මෙහි දෙසුම් පවත්වනවා. මේ පාඨමාලාවට සහභාගි වන ශිෂ්‍ය පිරිසෙන් බහුතරය පිරිමි ළමයි. ගැහැනු ළමයි ඉතා අඩු නිසා නාට්‍යයක් රඟදැක්වීමේදී මතුවන ගැටලුව තමයි ගැහැනු චරිත රඟපෑම සඳහා ගැහැනු ළමයි හිඟවීම. නුර්ති යුගයේ සමහර නාට්‍යවල මෙන් පිරිමි ළමයින්ටම ගැහැනු චරිත රඟපෑමට ඇතැම්විට සිදුවෙනවා.

ඔබ නිර්මාණය කළ ‘අසිනමාලි’ වේදිකා නාට්‍යයට (2000) වසර 10 ක් පිරීම නිමිතිකොට ගෙන පසුගියදා විශේෂ ඇගැයීම් උලෙළක් පැවැත්වුණා.

ඔව්. ඒ නාට්‍යයේ රඟපෑවේ නළුවන් පමණයි. වසර 10 ක් ඇතුළත එහි රඟපෑ නළුවන් එදා මෙයට මුල පිරූ අවධියට වඩා කිසියම් ස්වීය අනන්‍යතාවක්, රංගන ප්‍රතිභාවක් ප්‍රකට කිරීමට සමත්වී තිබෙනවා. අපේ ‘අසිනමාලි’ කණ්ඩායමේ සිටි ධර්මප්‍රිය ඩයස් සරසවිය සම්මානයට ද, විශ්වජිත් ගුණසේකර සුමති හා රයිගම් සම්මානවලට ද පාත්‍ර වුණා. ධර්මප්‍රිය ඩයස් ‘මචං’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරා ගැනුණෙත් ‘අසිනමාලි’ නාට්‍යයේ ඔහු කළ රඟපෑම දැකීමෙන්.

මේ නිසා අපේ නාට්‍ය කණ්ඩායමට අවශ්‍ය වුණා, ඔවුන් දෙදෙනා ලැබූ ජයග්‍රහණයට අපේ සතුට, ඇගැයීම පළ කරන්න. ඒ අනුව ඔවුන් වෙනුවෙන් චාම් ඇගැයීමේ උලෙළක් අපි පැවැත්වූවා. මේ දිනවලත් ‘අසිනමාලි’ වේදිකාගත වෙනවා. ළඟදීම එය ඩී.වී.ඩී මාධ්‍යයෙන් නාට්‍යයේ පිටපත (මාත් නදී කම්මැල්ලවීරත් ලියූ) සමඟ එළිදැක්වීමට නියමිතයි. මෑතක හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ශිෂ්‍යාවන් මේ පිටපත රඟ දැක්වූවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් ද ‘අසිනමාලි’ නාට්‍යය අධ්‍යයනය කළා. විශ්වවිද්‍යාලයීය මට්ටමෙන් සිදුකෙරෙන මෙබඳු අධ්‍යයන නිසා ‘අසිනමාලි’ ඩී.වී.ඩී. මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීම සුදුසු යැයි මා සිතුවා.

මේ දිනවල නියැළෙන ඔබේ නවතම නාට්‍ය නිර්මාණය ගැන පැවසුවොත්.

මගේ නවතම නාට්‍ය නිර්මාණයේ පිටපත මේ දිනවල සමන් ලියනගේත් මාත් සකස් කරමින් සිටිනවා. මෙය ලෝ ප්‍රකට නාට්‍යවේදී හැරල්ඩ් පින්ටර්ගේ New World order’ හා Once for the Road’ යන නාට්‍ය දෙකම ඇසුරු කොට නිර්මාණය වන අනුවර්තනයක්. දැනට මේ නාට්‍යය ‘කෝලම්’ ලෙස මා නම්කොට තිබෙනවා. ඉතා ඉක්මනින් මෙය වේදිකාගත කිරීමට නියමිතයි.

‘අසිනමාලී’ නාට්‍යයෙන් පසුව ඔබ ශිෂ්‍යත්වයක් ලැබ බ්‍රිතාන්‍යයේ නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. එහිදී ලැබූ අත්දැකීම් සිහිපත් කළොත්.

බ්‍රිතාන්‍යයේ ‘සසෙක්ස්’ හි පිහිටි ලන්ඩන් විවෘත විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලා පාඨමාලාව හදාරද්දී මා දුටු දෙයක් තමයි ඔවුන්ගේ විධිමත්භාවය. සෞන්දර්යාත්මක ප්‍රායෝගික අධ්‍යාපනයක් මට ඉන් ලබාගත හැකි වුණා. ඒ කාලය ඇතුළතදී මම නාට්‍ය නිර්මාණ ත්‍රිත්වයකට දායක වුණා. මෙහිදී සිදුවන්නේ එක්තරා විදියක අන්‍යෝන්‍ය පෝෂණයක්. නාට්‍යයෙන් පසුව අපේ නිර්මාණ ගැන පළවන විවෘත විචාරවලට අපි පිළිතුරු සපයන්න ඕන. ‘20 වැනි සියවසේ නිර්මාණකරුවෝ’ යන නිර්දිෂ්ට ග්‍රන්ථය මා මේ පාඨමාලාවේදී හැදෑරුවා. ඒ ග්‍රන්ථයට නොයෙක් රටවල කලාකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ ගැන විග්‍රහයක් ඇතුළත්ව තිබුණා.

නමුත් දකුණු ආසියාවේ කිසිදු කලාකරුවකු ගැන මෙහි සඳහන්ව තිබුණේ නැහැ. දකුණු ආසියාවේ කෙතරම් විශිෂ්ට නිර්මාණකරුවන් සිටියත් මේ ග්‍රන්ථයට ඔවුන් ඇතුළත් නොවූයේ මන්දැයි මා මගේ ආචාර්යවරයාගෙන් ඇසුවා. ඔහු එය නිහතමානීව පිළි අරගෙන මට මෙසේ පැවැසුවා. ‘ඔබ දකුණු ආසියාතිකයෙක්. ඊට අයත් විශිෂ්ට කලාකරුවන් ගැන අප දැනුවත් කරන්න. පසුව ආචාර්යවරයා ලෙස ඔහු සොයා ගත් දේ සහ ශිෂ්‍යයා හැටියට මා දුන් දේ ආශි‍්‍රතව දකුණු ආසියාවේ විශිෂ්ට නිර්මාණ පිළිබඳ අපි ස්වාධීනව විවෘතව සාකච්ඡා කළා. ඉගෙනීමේදී ගුරු ශිෂ්‍ය දෙපාර්ශවයම සිටියේ එකම තලයක. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ දක්නට ලැබෙන ගිරව් මෙන් කටපාඩම් කරන ක්‍රමය ඔවුන් ළඟ නැහැ.

ඔබ කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙක්. බ්‍රිතාන්‍යයේදී ඔබ ලැබු දැනුම, අත්දැකීම් මෙහිදී භාවිත කරන්නේ කෙබඳු ආකාරයට ද?

කැලණිය විශ්වවිද්‍යාලයේදී පි‍්‍රයංකර රත්නායක, මා ඇතුළු කිහිප දෙනෙක් ප්‍රයත්න දරන්නේ බ්‍රිතාන්‍යයේදී උගත් දේ ක්‍රියාවට නඟන්න. ප්‍රථම වසරේ විශේෂ උපාධිය සඳහා දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘බක්මහ අකුණු’ නාට්‍යය නිර්මාණය කිරීමට අපි සූදානම් වෙනවා. ඊඩිපස්, ඇගමෙනොන්, බර්නාඩා ඇල්බාගේ සිපිරිගෙය සිහින නගරය, සිරිත් විරිත් වැනි නාට්‍ය මින් පෙර අප නිර්මාණය කළා.

නමුත් අපට ඒ සඳහා අවශ්‍ය පහසුකම්, ප්‍රතිපාදන නිසි ලෙස ලැබෙන්නේ නැහැ. ඒ සඳහා විවිධ බාධා ගැටලු මධ්‍යයේ තමයි අපි මේ කාර්යයේ නිරත වෙන්නේ. සමහර වෙලාවට අපට නාට්‍ය පුහුණු වෙන්න වේදිකාවක්වත් නැහැ.

ප්‍රවීණ නාට්‍යවේදිනි සෝමලතා සුබසිංහයන්ගෙන් ලැබුණු ආභාසය ඔබගේ නාට්‍ය ජීවිතයේ සාර්ථකත්වය සඳහා බෙහෙවින් ඉවහල් වුණා.

නාට්‍යවේදියෙක් ලෙස මා අද යම් ආස්ථානයක සිටිනවා නම් ඒ ගෞරවයේ වැඩි කොටස හිමිවන්නේ සෝමලතා සුබසිංහ ඇදුරුතුමියටයි. නාට්‍ය කලාවේ අ යනු ආ යනු කියා දුන්නේ ඇයයි. ඇය කිසිදාක අපට විධාන දුන්නේ නැහැ. නිදහසේ සිතීමට, අධ්‍යයනය කිරීමට අවැසි මඟපෙන්වීම කළා. අපට වැරදුණු තැන්වලදී ඇය අප දිරිගැන්වූවා.

අපේ ශෛලී පාඨමාලාවට සම්බන්ධ මංජරී, පි‍්‍රයංකර රත්නායක, විශ්වජිත් ගුණසේකර, සමන් ලියනගේ, රෝහිත කරුණාරත්න ඇතුළු බොහෝ දෙනෙක් ඇගේ ළමා හා යොවුන් රංග පීඨයෙන් ගුරු හරුකම් ලැබු සිසු පිරිසයි.

නූතන පරපුරේ නාට්‍යකරුවාට තිබෙන අභියෝග ඔබ දකින්නේ කොහොම ද?

අපේ පරම්පරාවේ දක්ෂ නාට්‍යකරුවන් සිටිනවා. ගැටලුව තිබෙන්නේ එය නොවෙයි. එදා යුගයේ නාට්‍ය පෙන්වීමට තිබුණු වටපිටාව අද නැහැ. එදා පේ‍්‍රක්ෂකයා නාට්‍යයක් නැරැඹීම සැලැකුවේ සමාජ වටිනාකමක්, වගකීමක් ලෙසයි. එදා ජනතාවගේ තිබු සංස්කෘතික ජීවිතය අද ක්‍රමිකව බිඳ වැටිලා. අපේ මවුපියන් අපිව නාට්‍ය ක්ෂේත්‍රයට යොමු කළාට අද මවුපියන් එබදු දෙයකට තම දරුවන් යොමු කරාවි ද? අද බොහෝ මවුපියන්ට ඕනෑ තම දරුවන් ‘රියැලිටි ෂෝ’ වල ප්‍රදර්ශන භාණ්ඩ කරන්නයි.

Elizabeth Moir presents Antigone!

Source: Daily Mirror
Date: 08/02/2010



In keeping with its tradition of producing serious drama Elizabeth Moir School presents its latest theatrical venture, Jean Anouilh’s adaptation of Sophocles’ tragedy Antigone. The play promises to be both intense and entertaining, as the enthusiastic and dynamic young cast display an impressive understanding of the complex themes and characters and deliver polished and convincing performances.

Anouilh wrote his version of the play in 1942, during the Second World War, and its theme of resistance and rebellion against the dictatorial power of the state mirrors the social and political upheaval of the time. Perhaps more importantly, the play makes us aware that the absolute power assumed by the state and its effect on ordinary citizens is a vital issue in the modern world as well, making it as urgent and relevant today as when it was first written.

This inspired the decision to set the play in the present day, in an unnamed state. The play begins with the ruler Creon issuing an edict which results in the lone rebellion of Antigone, his idealistic teenage niece. In the battle of wills that ensues, it becomes clear that power dynamics are not always what they seem, and that hierarchies must be challenged for a fairer world to emerge.

Through the characters of Antigone, Creon, Creon’s son Haemon and his wife Eurydice, the play clearly shows that rebellion comes with dire consequences. Creon is eventually left alone with his guilt to face the thought of continuing his rule, forced to hold on to the power which corrupted him, the power he did not choose to possess. Although the play is a tragedy, however, characters such as the nurse and a bawdy group of guards provide some welcome comic relief and ensure that the play will appeal to audiences of all ages.

Serala Ranatunga, a veteran of numerous previous productions, delivers an inspired performance as Antigone. She is ably supported by the charismatic Avijja Fonseka as Creon, while the role of Ismene will be played by Emily Hayward on the first night and Lois Tull Dare on the second, who both bring a level of sophistication to the role that surpasses their young age.

Antigone goes on the boards at the Lionel Wendt Theatre on the 19th and 20th of February 2010. Tickets are available at Elizabeth Moir Senior School at 4/20 Thalakotuwa Gardens, Colombo 5.

Monday 29 March 2010

Sri Lanka’s Janakaraliya (People’ s Theatre) festival in January 2010

Author:

The Janakaraliya (People’s Theatre) drama festival will come to the Lionel Wendt theatre from January 12 – 15, 2010, with a new generation of young bilingual actors and a string of stage drama’s crafted to overcome communal and language differences in Sri Lanka.

On December 18, Janakaraliya staged මැටි කරත්තය/ Meti Karaththaya (clay cart), at the Lionel Wendt theatre to a star studded audience, ahead of the drama festival.

Photo shows the 2 main characters, Vasantha Sena ( වසන්ත ‍ෙස්නා ) , a beautiful courtesan in the city of Udeni ( උ‍ෙද්නි ) and Charudatta ( චාරැදත්ත ), a poor-nobleman, from the Janakaraliya stage drama Meti-Karaththaya (මැටි කරත්තය) . Photo provided by Janakaraliya/Mr Parakrama Niriella. All photographs and text are copyright protected.

True to its promise of bringing ‘quality theatre’ to Sri Lanka’s war-weary populations, Janakaraliya’s Meti Karaththaya displayed excellent theatre craft, including well trained young actors (even up to the single child actor), entertaining play acting, creative stage props, and beautiful costumes.

Typical of Janakaraliya plays the Meti Karaththaya cast is made up of both Sinhala and Tamil young people.

This means suddenly hearing a decided Tamil accent in some parts of the the Sinhala play, and vise versa. Although a little distracting at first, this technique actually adds to the richness of the overall production.

Photo shows Vasantha Sena ( වසන්ත ‍ෙස්නා ) , the beautiful courtesan of Udeni ( උ‍ෙද්නි ) and Charudatta (චාරැදත්ත ), the poor-nobleman, from Meti-Karaththaya (මැටි කරත්තය). Photo provided by Janakaraliya/Mr Parakrama Niriella. All photographs and text are copyright protected.

Overall, the theatre craft and acting makes it possible to overlook the two and half hour duration of the play and its dubious morals that come coupled with a hint of Hindi-film melodrama .

Picture shows the beautiful courtesan Vasantha Sena (වසන්ත ‍ෙස්නා ) , with Shakara (ශකාර), the villain of the play, Meti-Karaththaya (මැටි කරත්තය). Photo provided by Janakaraliya/Mr Parakrama Niriella. All photographs and text are copyright protected.

In fact, the ending of the play takes an unexpected turn and makes one wonder about serial killers in our past.

( Reminiscent of a popular theory on Jack the Ripper, with its links to the British royal family).

Picture shows Vasantha Sena ( වසන්ත ‍ෙස්නා ) and Shakara (ශකාර) the rejected lover, from Meti-Karaththaya (මැටි කරත්තය). Photo provided by Janakaraliya/Mr Parakrama Niriella. All photographs and text are copyright protected.

One wonders whether the ancient author of this play wanted to transmit a warning message into the future through his play - about rare cases of serial murderers, because traditional Sri Lankan/Indian society does not officially acknowledge the existence of this tendency.

Meti Karaththaya itself, is an ancient play (AD 400), supposed to have been written in Sanskrit, under a different name, by a King called Shudraka (ශුද්‍රක). But it may have been written even earlier (AD 300) by a scholar called Bhasa ( භාස ) .

It was translated into Sinhala by Mr Piyadasa Nishshanka and crafted into the current play, Meti Karaththaya, by veteran dramatist and founder of Janakaraliya, Parakrama Niriella.

New life

Sri Lanka’s arts, including theatre craft, paid dearly for the country’s 3 decades of war.

As many artistes have pointed out, with so many years of war and its unending hardships, Sri Lankans lost the ability to appreciate art and beauty (or just could not afford it).

Quality productions were rare and a good script, even if it could find financing, found it hard to attract talent and particularly young talent.

So Sri Lanka’s Sinhala theatre, once so vibrant, was at deaths door at the start of the 21 century.

Janakaraliy’s greatest achievement is here.

The theatre group kept Sri Lankan theatre alive in the face of an uncertain future.

It resuscitated theatre by taking its ‘mobile theatres’ to remote places of Sri Lanka that do not have theatres or even halls to perform in, and it taught people to appreciate good theatre craft.

It also built up a base of young, trained, talent for Sri Lanka’s Sinhala and Tamil theatre.

Sri Lankan Sunday Celebrity: stage actress Madani has given her heart for theatre

Author: Anjana Jayashan
Source: Asiantribune.com
Date: 02/02/2010
10210_maden_pic_002.jpg

Peradeniya University’s Open Air Theatre mostly known as “Wala” is the place where her life got changed. Her father, who was an employee of the university, used to bring his all three children every year to witness the university’s annual drama festival which attracted students as well as hundreds of outsiders.

She was not just sitting and watching the drama, but it was like almost sitting for the entrance examination at the university and getting through to graduation. She was fully absorbed in all programmes, naturally her mind and soul flowed into the art. No doubt, the theatre bug had bitten her. And Madani Malwattage choose to be a stage actress.

Madani Malwattage won the Best Actress award in the “State Drama Festival 2009, for her excellent performance in K.B.Herath’s “Jagan Ma”. The praising words at the award distribution function about her acting talents were echoing in Madani’s ears even after almost two months of the event.

In “Jagan Ma”, she has a dual role as a girl as well as a boy. The play portrays how difficult it is for someone to go against the nature. The theme as well as the roles she was cast in brought the best in her and she won the award of the Best Actress. This is not the first time she is receiving the state drama festival award. She has bagged a number of awards. In 2007, Madani had also received the same award, for the role she played in Susil Gunarathne’s “Denuwara Dennek”

Madani tells most of the leisure time of their family members is spent listening to music. All are music lovers. As her father was a real lover drama and songs, all the family members had a tendency towards the stage and singing. Madani’s father noted the upcoming talent in her and had sent her daughter to a private dancing and singing academy in Kandy.

Madani received her primary education at the Sarasavi Uyana Maha Vidyalaya at Peradeniya and did her advanced Level at the Highest Girls’ College in Kandy. It was a news paper advertisement which brought her to Colombo to follow a Drama and Acting Course organized by the National Youth Services Council in Maharagama.

She told the Asian Tribune that that was the place she got in to know the giants in the field and opportunity to study the subject deeply. “Dougles Siriwardene, H.A.Perera, K.B.Herath, Jayalath Manorathne, Mangala Senanayake, Nissanka Diddeniya and several others were my teachers”, Madani says. Madani who migrated to Colombo in 99’s, set foot to the open stage in the year 2000, receiving an opportunity by Jayalath Manorathne in his play “Kaneru Mal”.

Her childhood favorite plays were the Ediriwera Sarachchandra’s “Maname” and “Sinhabahu”. In 2001 she was fortunate to receive chances to play both the main characters of two plays as directed by Lalitha Sarachchandra. From those turning point onwards, she was getting stage dramas one by one.

Saiman Nawagaththegama’s “Subha Saha Yasa”, Dougles Siriwadene’s “Sihala Wanshala”, R.R.Samarakoon’s “Kelani Palama”, Punyasena Gunasingha’s “Dikthala and Kala Gola” Dhananjaya Karunarathne’s “Sihina Rangahala”, K.B.Herath’s “Jagan Ma” and Rohana Beddage’s “Alakalanchiya” are a few stage dramas which Madani contributed.

In 2001, she played a role in Janapriya Jayasinghe’s “Weradi Welawe Hamuwu Hari Miniha” and she was nominated for the Best Assistant Actress at the State Drama Festival. Again, she was nominated for the same category at the State Drama Festival for her role in Sunil Chandrasiri’s “Don Juwan”. In 2003, she was nominated for the award of Best Actress at the State Drama Festival for her contribution for Hemantha Prasad’s “Malsara Bisaw”.

Madani says Senesh Bandara Dissanayake’s “Fantasy Avenue” is the first tele-drama. Later, she had acted in over 30 tele dramas including one mega production and several single episode productions. Christy Shelton Fernando’s “Gal Pilimaya saha Bol Pilimaya” and “Sihinayaki Oba”, Nalan Mendis’s “Hiru Kumari”, Wimalarathna Adhikari’s “Thuru Kandawura’ and “Athi Ithi” are a few of them.

Madani had also joined in country’s most favorite single episode tele series like Ranga Bandaranayake’s ‘Sitha Nivana Katha’, Ananda Abeykoon’s “Sansare Piya Satahan”, Chamara Pieris’s “Vidarshana”, Thusitha de Silva’s “Paramitha” and Santhusa Liyanage’s “Jeewanandara”.

Playing the “Tharushi’s role” in “Sakwiththo”; one of the most favorite tele dramas she comes to your house these days. ”Rangira” is a new production and will be telecast soon, Madani says.

Madani who has also contributed for number commercials says her latest contribution is for another stage drama and it is “Manoramya Gee” by Jayalath Manorathne. She also added that she is also joining in a newest introductory art work by Udaya siri Wickremerathne. She said that the Wickremerathne’s production is a newest experience for the Sri Lankan audience and she was happy to receiving a chance to play a role there.

Madani believes that acting is a art and science and it should be studied thoroughly. “Continuous practice and direct engagement in the field will not make you fed up. One should take a plunge into it”, she says. “I am happy in the field as I select the characters because this is my profession now. I have got several invitations for films too. But, most of scripts are not for me as I am a mother too”, she concluded.