2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Tuesday 2 February 2010

‘Black Box Theater’ අනුව යමින් කළ හිස් අවකාශයේ පුටුව අරන්

Author: ශ්‍යාමා සමරසිංහ Source: Dinamina Date: 27/02/2009

ර්මන් ජාතික Horst Hawemann විසින් කළ නූතන ජර්මානු යොවුන් වේදිකා නිෂ්පාදනයක් වන ’Empty Space – Chair Taken’ හි පරිවර්තනයක් ලෙසින් ‘හිස් අවකාශයේ පුටුව අරන්’ නැමැති වේදිකා නාට්‍යය මේ මස 28 වෙනිදා හා මාර්තු මස 13, 14 යන දිනයන් හි සවස කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ ගොතේ ශාලාවේදී වේදිකා ගත කෙරේ.

එම්. සෆීර්

නාට්‍ය ශිල්පී එම්. සෆීර් විසින් අධ්‍යක්‍ෂණය කරන මේ නාට්‍ය සඳහා පෙ‍්‍ර්ක්‍ෂකාගාරය වෙත රදවා ගනු ලබන පෙ‍්‍ර්ක්‍ෂකයන් සංඛ්‍යාව උපරිමයෙන් 75 දෙනෙක් පමණි.

යුරෝපයේ Black Box Theater නම් වේදිකා නාට්‍ය ක‍්‍රමවේදය අනුව යමින් මේ නාට්‍යය වේදිකා ගත කෙරේ. නොමිලේ පෙන්වනු ලබන මේ නාට්‍යය ලංකාවේ මෙතෙක් පැවැති රාමු වේදිකාව අතිභ‍්‍රමණය කිරීමක් ලෙසින් හැඳින්විය හැකිය.

ලංකාවේ මින් පෙර භාවිතයට නොගත් මෙම වේදිකා භාවිත ක‍්‍රමය පෙ‍්‍ර්ක්‍ෂකයන්ට අලුත් අද්දැකීමක් වනු ඇත.

එමෙන්ම මීට ප‍්‍රථම එම්. සෆීර් විසින් අධ්‍යක්‍ෂණය කළ ‘බිනීට ඇත්තෙන් ම ඕනේ’ නැමැති වේදිකා නාට්‍ය ද Black Box Theater අනුව යමින් වේදිකා ගත කෙරුණු ප‍්‍රථම නාට්‍යය යි.

මෙහිදී සාම්ප‍්‍රදායික නළුවා හා පෙ‍්‍ර්ක්‍ෂකාගාරය අතර අවකාශයක් නැත. රංගනය සිදු වන්නේ ඉතා ආසන්නයේ ය. නිර්මාණය ප‍්‍රබල ය.

පෙ‍්‍ර්ක්‍ෂකයා ඉතා අවධානයෙන් සිට නාට්‍යය හා සජීවීව බැදී සිටීමට හැකි වීම මෙහි සුවිශේෂත්වය යි.

මේ ක‍්‍රමවේදය ලංකාවේ භාවිතාවට ගැනුණු ප‍්‍රථම නාට්‍ය කණ්ඩායම එම්. සෆීර් නාට්‍ය කණ්ඩායම යි.

‘බිනීට ඇත්තෙන්ම ඕනේ’ නාට්‍ය නැරැඹූ පෙ‍්‍ර්ක්‍ෂකය්ගේත් හොඳ ප‍්‍රතිචාර ලැබී ඇත. මේ පසුබිම ඔස්සේ බැලූ කළ ලාංකීය වේදිකා නාට්‍ය කලාවේ කඩ ඉමක් ලෙස මෙය හැඳින්විය හැකි ය.

සම්මත වේදිකාවක් නැති සාම්ප‍්‍රදායික රංගයක් නැති මේ Black Box Theater වේදිකා ක‍්‍රමයේ ආකෘතිමය වශයෙන් විශාල වෙනස්කම් ප‍්‍රමාණයක් ඇත. නැවුම්, ප‍්‍රබල මෙන්ම අභියෝගාත්මක නාට්‍යය ක‍්‍රමයකි.

තවමත් පර්යේෂණාත්මක බවකින් යුක්ත මේ නාට්‍යය ක‍්‍රමවේදය කෙරෙහි නූතන පරම්පරාවේ ආකර්ෂණයක් ද පවතී.

‘හිස් අවකාශයේ පුටුව අරන්’ හි රංගන දායකත්වය වෙනුවෙන් නාලක ජිනේන්ද්‍ර සහ නදීකා තරංගනී සහභාගි වෙති.

පසුතල නිර්මාණය සහ ඇඳුම් නිර්මාණය ද එම්. සෆීර් ගෙනි. එස්. දයාලන් වේදිකා කළමණාකරණයෙන් ද වසන්ත කුමාර රංගාලෝක නිර්මාණයෙන් ද හේමන්ත ප‍්‍රසාද් සම්බන්ධීකරණයෙන් ද උදේනි අල්විස් ප‍්‍රචාරක ඡායාරූපකරණයෙන් ද සහභාගි වෙති.

Empty Space – Chair Taken පරිවර්තනය ජයලත් එම්. ගෝමස් ගෙනි. ඉදිරිපත් කිරීම ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ ගොතේ ආයතනය වෙතිනි.

No comments:

Post a Comment