Author: තුෂාරි වික්‍රමසිංහ Source: Silumina Date: 06/12/2009
ඇය ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ උන්නතිය සඳහා ක්‍රියා කළ විප්ලවීය නාට්‍යවේදිනියකි. ඒ මතු නොව ලාංකේය ළමා නාට්‍ය කලාවේ පුරෝගාමි නාට්‍යවේදිනිය ද ඇයයි. සෝමලතා සුබසිංහ නම් වූ ඇයත් මෙරට වේදිකා නාට්‍ය කලාවත් අතර ඇත්තේ අත්‍යන්ත බැඳීමකි.
ළමා හා යොවුන් නාට්‍ය සංස්කෘතියක් ගොඩනැංවීම උදෙසා ඇය ඉටු කරන පුරෝගාමී මෙහෙවර විශිෂ්ටය. මෙකී මෙහෙවර වඩාත් සාර්ථක කරනු වස් ඇය විසින් 1981 වසරේ දී ‘ලංකා ළමා හා යොවුන් රඟහල පදනම’ ස්ථාපිත කරනු ලැබීය.
මේ වන විට මේ පදනම අරඹා 28 වසරක් ඉක්ම ගොසිනි. මේ පදනම මඟින් 2005 වසරේදී ‘යෞවන පේ‍්‍රක්ෂකාගාරය සඳහා නාට්‍ය උළෙල’ නමින් වේදිකා නාට්‍ය උළෙලක් සංවිධානය කරනු ලැබුවේ, එහි කලා කටයුතු තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අටියෙනි.
මෙවර ද යෞවන නාට්‍ය නිෂ්පාදනය කරන තරුණ නාට්‍ය අධ්‍යක්ෂවරුන් ඇතුළුව යොවුන් ප්‍රශ්න ගැන කතා කරන ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂවරුනට ද ආරාධනා කරමින් නාට්‍ය උළෙලක් පැවැත්වීමට සෝමලතා සුබසිංහ ඇතුළු ළමා හා යොවුන් රඟහල් පදනමේ සාමාජිකයෝ කටයුතු කරමින් සිටිති.
මේ මස 05, 06 යන දෙදින පුරා මේ නාට්‍ය උළෙල කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී පැවැත්වෙයි.
ඊයේ (05) සෝමලතා සුබසිංහ ගේ ‘විකෘති’ නාට්‍යය වේදිකා ගත වීමට නියමිතව තිබු අතර අද (06) වැනි දා චාමික හත්ලාවත්තගේ ‘හරි අපූරු දවසක්’ නාට්‍යය වේදිකා ගත වේ. ඒ පිළිබඳව සෝමලතා සුබසිංහ සමඟ කෙරුණු සංවාද සටහනකි මේ.
මෙවැනි නාට්‍ය උළෙලක් සංවිධානය කිරීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක් ද?
මෙහි බලාපොරොත්තුව ලංකාවේ නිෂ්පාදනය වන හොඳ නාට්‍ය සඳහා පේ‍්‍රක්ෂකාගාරයක් ඇති කිරීමයි. මෙය අපේ ශක්ති ප්‍රමාණයෙන් සිදු කරනවා. හොඳ නාට්‍ය තෝරා ගෙන ඒ නාට්‍ය නිෂ්පාදකවරුන්ට ආරාධනා කරනවා මේ නාට්‍ය උළෙලට එක් වෙන්න කියලා.
අපිට මේ කාර්යය සාර්ථක කර ගන්නට ඩ්ව්ඕ ඇෂුවරන්ස් සමාගම මූල්‍යමය අනුග්‍රහය දක්වනවා. මේ නිසා ඉතා සාධාරණ අඩු මුදලකට පේ‍්‍රක්ෂකයාට මේ නාට්‍ය නැරැඹීමට ඉඩ ප්‍රස්ථා සලසා දෙන්නට අපට හැකි වුණා.
නාට්‍ය උළෙල සඳහා ඔබ තෝරාගෙන තිබෙන නාට්‍යවල ඇති විශේෂත්වය කුමක් ද?
මෙවර නාට්‍ය උළෙලට තෝරාගෙන තිබෙන්නේ තරුණ නාට්‍ය අධ්‍යක්ෂවරයකු වන චාමික හත්ලාවත්තගේ ‘හරි අපූරු දවසක්’ නාට්‍යය සහ මගේ ‘විකෘති’ නාට්‍යයයි. චාමික ගේ ‘හරි අපූරු දවසක්’ නාට්‍යය මා මෑතක දී නරඹපු ඉතාම හොඳ වේදිකා නාට්‍යයක්.
එය ගිය වසරේ හොඳම නාට්‍යය බවට පත්වුණා. මගේ ‘විකෘති’ නාට්‍යයේ වගේම තත්කාලීන සමාජයේ වෙසෙන යෞවන යෞවනියන්ට මුහුණ පාන්නට සිදුවන ගැටලු චාමික ගේ මේ නාට්‍යයේත් අන්තර් ගතයි.
දැනට මාසයකට ප්‍රථම ඊජිප්තුවේ කයිරෝ නුවර පැවැති ජාත්‍යන්තර වේදිකා නාට්‍ය උළෙලක් නියෝජනය කරන්නට ‘හරි අපූරු දවසක්’ වේදිකා නාට්‍යයට හැකිවුණා.
ඒ වගේම ‘විකෘති’ නාට්‍යයත් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල ඉංගි‍්‍රසි නාට්‍යයක් ලෙස වේදිකා ගත කරන්න මට පුළුවන් වුණා. මේ කරුණු නිසා තමයි මෙවර නාට්‍ය උළෙල වෙනුවෙන් මේ නාට්‍ය දෙක තෝරා ගත්තේ.
නූතන වේදිකා නාට්‍ය කලාව පිළිබඳ ඔබට ඇත්තේ මොන වගේ හැඟීමක් ද?
අද අපේ රටේ පවතින වාතාවරණයත් එක්ක, නාට්‍යකරුවන් මුහුණපාන ප්‍රශ්නත් එක්ක ඔවුන් නාට්‍ය නිර්මාණය කරන්නට පෙලැඹීමත් මා දකින්නේ ප්‍රශංසනීය කාරණයක් හැටියටයි.
අපි ඉස්සර නාට්‍ය කරන කොට වගේ නෙමේ අද තත්ත්වය. අපිට මූල්‍යමය අනුග්‍රාහක භවතුන් හිටියෙ නැහැ.
අපිට තිබුණේ නාට්‍යය හොඳින් රඟ දැක්වීමේ බලාපොරොත්තුව පමණයි. වෙන කිසිම ප්‍රතලාභයක් අපි බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් අද ඒ තත්ත්වය නැහැ.
අද සිටින තරුණ වේදිකා නාට්‍යකරුවන්ගේ නිර්මාණ සහ පැරණි නාට්‍යකරුවන්ගේ නිර්මාණ අතර වෙනසක් ඔබ දකිනවා ද?
ඇත්තටම ඔව්. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, ගුණසේන ගලප්පත්ති වගේ ඒ කාලෙ හිටපු විශිෂ්ට ගණයේ නාට්‍යකරුවන්ට නාට්‍යකරණය, භාෂාව, සාහිත්‍යය ගැන තිබූ හැකියාව, පරිචය උපරීමයි.
ඔවුන් අධ්‍යාපනය අතින් බොහෝ දුර ගිය අය. ඔවුන් හුඟාක් සිංහල, ඉංගී‍්‍රසි සාහිත්‍ය කෘතින් පරිශීලනය කළ අය.
ඒ අයගේ නාට්‍ය නිෂ්පාදනවල තිබුණා, ඉතාම සාර්ථක බවක්. ඔවුන් වේදිකා නාට්‍ය කලාව, භාෂා විෂයන් ගැන දැනුමෙන් පරතෙරට ගිහින් තිබුණා.
පසුකාලීන යුගවලදී හොඳ නාට්‍ය තිබුණා. ඒ අතර 80, 90 දශකවල නාට්‍ය ඉදිරියට එනවා. ඇත්තටම මෑතක දී තරුණ කොටස් අතින් නිපදවුණු නාට්‍යවල නිෂ්පාදනය උසස් මට්ටමක තිබෙනවා.
විනය ආරක්ෂා වී තිබෙනවා. ආකෘතිය, ශෛලිය ඉතාම හොඳයි. නමුත් නාට්‍යයේ අන්තර්ගතය සම්බන්ධයෙන් එසේ කියන්න බැහැ.
මේ තත්ත්වය ඔවුන් දුරුකර ගත යුතුයි. මේ සඳහා ඔවුන් උසස් කෘති ඇසුරු කළ යුතුයි. පතපොත කියවිය යුතුයි. අපේ නවක පරපුර හුඟාක් දක්ෂයි. නමුත් අපි ළඟ එදා තිබුණු ශිල්ප ක්‍රම මෙවලම් ඒ අය තුළ අද නැහැ.
No comments:
Post a Comment