Author: නුවන් නයනජිත් කුමාර Source: Silumina Date: 10/01/2010
හැටේ දශකයේ නාට්‍යකරණයට ප්‍රවිෂ්ට වූ රණසිංහ රාජපක්ෂ සමරකෝන් හෙවත් ආර්. ආර්. සමරකෝන් ස්වීය අනන්‍යතාවකින් හෙබි කුසලතාපූර්ණ නාට්‍යවේදියෙකි, නවකතාකරුවෙකි. කිසිදු විශ්වවිද්‍යාලයකට හෝ ගුරු කුලයකට අයත් නොවී ස්වාධ්‍යායෙන් නාට්‍ය කලාව ප්‍රගුණ කළ ඔහු ‘ලෙඩක් නැති ලෙඩෙක්’ (1965), ‘චරිත දෙකක්’ (1967), ‘අහසින් වැටුණු මිනිස්සු’ (1971), ඉඩම (1975), කැලණි පාලම (1978), ‘ජේලර් උන්නැහේ’ (1986), ‘දූවිලි’ (1990), ‘රජ කතාව‘ (1991), ‘කපුටු බෝ’ (2006) වැනි නිර්මාණ ඔස්සේ දේශීය ස්වතන්ත්‍ර නාට්‍ය කලාවේ නිම් වළලු පුළුල් කළේ ය.
‘ගේ කුරුල්ලෝ’, ‘එක් සභ්‍ය කතාවක්’, ‘එකකුසේ උපන් එවුන්’, ‘තලමල’, ‘අසම්මත ආදරයක්’ වැනි සමරකෝන් විසින් විරචිත නවකතා මඟින් හරවත් ජීවිතාවබෝධය මතු නොව යොවුන් පේ‍්‍රමයේ සුන්දරත්වය මෙන් ම විනෝදාස්වාදය ද පාඨකයාට ලැබිණි.
ඔහු මෙතෙක් නිමැයූ, විශිෂ්ටතම නාට්‍ය නිර්මාණය ලෙස සම්භාවිත ‘කැලණි පාලම’ පසුගියදා ටොරානා වීඩියෝ මූවිස් වෙතින් ඩිජිටල් සංගත තැටියක් (DVD) ලෙස එළිදැක්විණි.
‘කැලණි පාලම’ මුල් නිෂ්පාදනය ඩී.වී.ඩී මාධ්‍යයට නැඟීමෙන් මතු පරපුර සඳහා මේ නාට්‍යය සංරක්ෂණය වන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඔබගේ ප්‍රශස්ත නාට්‍ය නිර්මාණය පුනරාවලෝකනය කිරීමේදී සිතෙන්නේ කුමක් ද?
මගේ කැලණි පාලම නාට්‍යය මෙලෙස ඩී.වී.ඩී මාධ්‍යයට නැඟීම නිසා වැදගත් අරමුණු දෙකක් ඉටු වෙනවා. එකක් නව පරපුරට මුල් නිෂ්පාදනය ආස්වාදය කිරීමට මේ ඔස්සේ හැකියාව ලැබෙනවා. අනෙක අනාගත පරපුර සඳහා නාට්‍ය සංරක්ෂණය වීමත් මෙ මඟින් සිදුවන බව කිව යුතුයි. ටොරානා වීඩියෝ මූවිස් හි අධිපති කුමාර කොතලාවල මහතාට ඩී.වී.ඩී මාධ්‍යයෙන් මෙය එළිදැක්වීමේ අවසරය මා ලබා දුන්නා.
ජාතික රූපවාහිනිය ආරම්භ කෙරුණු සමයේ මෙරට උසස් ගණයේ වේදිකා නාට්‍ය රූගත කොට රූපවාහිනියෙන් විකාශය කිරීමේ වැදගත් වැඩපිළිවෙළක් තිබුණා. ඒ අනුව මගේ ‘කැලණි පාලම’ 80 දශකයේ මැද භාගයේ රූගත කළේ ධම්ම ජාගොඩ මහතාගේ මෙහෙයවීමෙන්. මරදානේ ටවර් රඟහලේ වේදිකාගත වෙද්දි මේ රූගත කිරීම සිදු කෙරුණා.
‘කැලණි පාලම’ මුල් නිෂ්පාදනයේ රඟපෑ නීල් අලස්, මැණිකේ අත්තනායක, රම්‍යා වනිගසේකර, සිරිල් ධර්මවර්ධන, ජේ. එච්. ජයවර්ධන, එල්සන් දිවිතුරගම, පද්මිණි දිවිතුරගම, ගීතා කාන්ති ජයකොඩි යනාදි සියලු නළු නිළියන් මෙහි රඟපානවා. එල්සන් දිවිතුරගම අද ජීවතුන් අතර නැහැ.
ජේ. එච්. ජයවර්ධන රෝගාතුර වී සැඳෑ සමය ගත කරනවා. මුල් ශිල්පීන් රඟපෑ නාට්‍ය ඩීවීඩී මාධ්‍යයට නඟා මතු පරපුරට දායාද කිරීමට හැකිවීම ගැන මට සතුටුයි. මේ සඳහා ඉදිරිපත් වීම ගැන කුමාර කොතලාවලයන්ට මගේ කෘතඥතාවය පළ කළ යුතුයි.
‘කැලණි පාලම’ හි දක්නට ලැබුණේ යථාර්ථවාදී නාට්‍ය ආකෘතියක්. මෙය සිංහල නාට්‍ය ඉතිහාසයේ සන්ධිස්ථානයක් බව එදා ගුණදාස අමරසේකරයන් පැවැසූ බව මතකයි.
ඇත්ත වශයෙන් ම මා එදා ‘කැලණි පාලම’ නාට්‍යය ඔස්සේ කතා කළ වස්තු විෂයය අදටත් වෙනස් වී නැහැ. ගඟ දෙපැත්තේ තිබෙන කීර කොටුවල ජීවත් වූ මිනිස්සු ගඟ උතුරා ගිය පසු පාලම උඩට පැමිණ තාවකාලික පැල්පත් සාදා ගන්නවා.
නමුත් මෙහි ඇතුළාන්තයෙහි වෙන ම කතාවක් තිබෙනවා. මේ ජනතාව නිලධාරීන්ගේ සූරා කෑමට හසුවෙන අයුරු නාට්‍යයේ යටි පෙළෙහි විවරණය වෙනවා.
නාට්‍යකරණයට ප්‍රවිෂ්ට වීමට ප්‍රථම මුලින් ම සහෘදයා ඔබ හඳුනා ගන්නේ නවකතාකරුවකු වශයෙන්. ‘වෙස් මුහුණු’ නමැති ඔබේ කුලුඳුල් නවකතාවේ දක්නට ලැබුණේ අපරදිග රහස් පරීක්ෂක නවකතාවල ආභාසය.
මම කලා ක්ෂේත්‍රයට පිවිසියේ නවකතාකරුවකු හැටියටයි. 60 දශකයේ මුල මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සමයේ මා වැඩියෙන් කියැවූයේ රහස් පරීක්ෂක නවකතා. ඒවායින් ලැබූ ආස්වාදය රහස් පරීක්ෂක නවකතාවක් ලියන්න මා පෙලැඹවූවා. ඒ කාලයේ බහුතරයක් රහස් පරීක්ෂක නවකතා ලියවිලා තිබුණේ ඉංගී‍්‍රසි භාෂාවෙන්.
මේ ආභාසයෙන් මා ‘වෙස් මුහුණු’ නමැති මගේ ප්‍රථම නවකතාව ලීවා. මේ නවකතාව මගේ සිංහල ගුරුවරයා වූ උපුල් කුමාර ග්‍රේරු මහතාට යොමු කළා. එතුමා එය කියවා වියරණ දොස් සකසා ‘සමරකෝන් මෙය මුද්‍රණය කළ හැකි මට්ටමේ තිබෙනවා’ යැයි කීවා. ශිෂ්‍යයෙක් හැටියට ඒ කාලයේ මට මූල්‍යමය ශක්තියක් තිබුණේ නැහැ.
සිංහල ගුරුතුමා මේ යෝජනාව විදුහල්පතිතුමාටත් යොමු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලයේ සහාය ලබාගෙන පිටපත් 500 ක් මුද්‍රණය කිරීමට මුදල් සොයා දුන්නා. මේ අනුව මගේ පළවෙනි නවකතාව බිහිවුණා. ඒ වකවානුවේ ම කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ වේදිකාගත කළ බොහෝ නාට්‍ය මා නැරඹුවා.
කොළඹට පැමිණ සතොස ආයතනයේ සේවය කළ සමයේ සති අන්තවල මිතුරන් සමඟ කොළඹ ලුම්බිණි රඟහලේ නාට්‍ය නැරැඹුවා. මේ සමයේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, චන්ද්‍රසේන දසනායක, රංජිත් ධර්මකීර්ති, ධම්ම ජාගොඩ වැනි එවකට සිටි ප්‍රවීණයන් ඇසුරු කිරීමේ අවස්ථාව ලැබුණා.
ඔවුන් සමඟ මා බොහෝ විට කතා කළේ නාට්‍ය විෂයය ගැනයි. නාට්‍යයක් ලියා නිපදවීමේ ඇල්ම මට ඇතිවුණේ මේ ඔස්සේයි. ඒ අනුව මගේ මුල් ම නාට්‍ය ‘ලෙඩක් නැති ලෙඩෙක්’ (1965) ලියා නිෂ්පාදනය කළා.
70 දශකයේ මෙරට නාට්‍ය ක්ෂේත්‍රයේ දක්නට ලැබුණේ සමාජ, දේශපාලන නැඹුරුවකින් යුත් නාට්‍ය ප්‍රවණතාවක්. ඔබගේ නාට්‍යවලත් මාක්ස්වාදී දෘෂ්ටියක් දක්නට ලැබුණා. නමුත් ඔබේ නාට්‍ය ඔස්සේ බහුල ව ඉස්මතු වූයේ සමාජ කේන්ද්‍රීය යථාර්ථයට වඩා පුද්ගල කේන්ද්‍රීය යථාර්ථයකැයි මා සිතනවා.
මා මුල් වතාවට නාට්‍ය උත්සවයට ඉදිරිපත් කළේ ‘අහසින් වැටුණු මිනිස්සු’ (1971). මේ සඳහා මට හොඳ ම නිෂ්පාදනය, රචනය ප්‍රමුඛ සම්මාන 4 ක් ලැබුණා. නිර්ධන පන්තිය ගැන හිතාමතා ම කතා කළ යුතු යැයි මා නොසිතුවත් ඉබේට ම වාගේ සමාජවාදී නැඹුරුවකින් මගේ නාට්‍ය නිර්මාණය වන්නට ඇති.
‘චරිත දෙකක්’ (1967), ‘ඉඩම’ (1975) වැනි නාට්‍යවලදී ඔබ කී පරිදි සමාජවාදී නැඹුරුව පසුබිමෙන් තිබියදී පුද්ගල චරිත ඔස්සේ යථාර්ථය ඉස්මතු වූ බව පිළිගත හැකියි. නිර්ධන පන්තියේ ජීවන අරගලය, සූරාකෑම, නිලධාරිවාදය, ස්ත්‍රී පුරුෂ සබඳතා ආදිය මේ නාට්‍යවලට පාදක වුණා. නාවලපිටිය අපේ ගම වටේ ම තිබුණේ තේ වතු. ‘ඉඩම’ ලියැවුණේ ඒ අත්දැකීම් අනුවයි.
ඔබේ නවකතා දෙස බැලීමේදී ප්‍රධාන ධාරාද්වයක් එහි හඳුනාගන්න පුළුවන්. ‘ගේ කුරුල්ලෝ’ වැනි නවකතාවකින් මාර්ටින් වික්‍රමසිංහයන්ගෙන් ප්‍රාරබිධ වූ යථාර්ථවාදී නවකතා ධාරාවේ ඇසුර ද ‘දෙහදක් අතර’ වැනි නවකතාවකින් කරුණාසේන ජයලත්ගේ යොවුන් ප්‍රේමය මුල් කොටගත් ජනප්‍රිය ධාරාවේ ඇසුර ද දිස් වෙනවා.
කොළඹ නගරයට පැමිණි පසු ව මා ලියූ ප්‍රථම නවකතාව ‘දෙහදක් අතර’ යි. ඔබ කී ධාරාවන් දෙකෙන් ම නවකතාකරණයේදී මා ආභාසය ලැබූවා. ඒ යුගයේ කරුණාසේන ජයලත්, කුමාර කරුණාරත්න, එඩ්වඩ් මල්ලවාරච්චි ආදීන්ගේ නවකතා ජනප්‍රිය වී තිබුණා. මාත් ඒ ප්‍රවණතාවට පෙලඹුණා යැයි කිව හැකියි. ‘ගේ කුරුල්ලෝ’ වැනි නවකතාවලදී මා ඒ යොවුන් ප්‍රේමය මුල් කොට ගත් සරල නවකතා ධාරාවෙන් ඔබ්බට ගොස් යථාර්ථවාදයට නැඹුරු වුණා.
ඇත්ත වශයෙන් ම මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර, කේ. ජයතිලක යනාදීන්ගේ නවකතා කියවා මා ලැබූ ආභාසය මෙබඳු යථාර්ථවාදී නවකතා සඳහා බලපෑවා. ‘ගේ කුරුල්ලෝ’ සඳහා පාදක වූ වස්තු බීජය සෑහෙන කලක් මා සිතේ තැන්පත් ව තිබුණා. මෑතකදී මා ‘සුන්දරා’ නමින් ළමා නවකතාවක් ලියා පළ කළා. විස්මිත දේ කළ ආබාධිත ළමයෙක් ගැන කතාවක් මීට පාදක වුණා. මෙහි දෙවන කොටස ‘සුන්දරා සහ සොබනි’ නමින් ළඟදී ම එළි දකිනවා.
ඔබ මෙතෙක් නිර්මාණය කළ සියලු නාට්‍ය ස්වතන්ත්‍රයි. කිසිදු පරිවර්තනයකට හෝ අනුවර්තනයකට අත නොගැසීමට විශේෂ හේතුවක් තිබුණා ද?
බොහෝ තරුණ නාට්‍යකරුවන් අද පෙලැඹිලා සිටින්නේ පරිවර්තන හෝ අනුවර්තන නාට්‍ය නිර්මාණය කිරීමටයි. එය එතරම් අපහසු දෙයක් ලෙස මා සිතන්නේ නැහැ. මන්ද නිෂ්පාදන සටහන පවා බොහෝ විදෙස් නාට්‍යවලින් සොයා ගත හැකියි. ඉතින් නාට්‍යකරුවාට අලුතින් සිතන්නට දෙයක් තිබෙනවාද? හෙන්රි ජයසේනයන් ගේ ‘හුණුවටයේ කතාව‘ මෙරට ජනප්‍රිය වුණා.
නමුත් බ්‍රෙෂ්ටි ලියූ කෘතියක් ඇසුරින් ඔහු කළ ‘දිරිය මව‘ නාට්‍යය ප්‍රකට වූයේ නැහැ. එය අපේ සමාජ පසුබිමට ගැළැපුණේ නැහැ. සාකච්ඡා කරන්නට අවශ්‍ය ඕනෑ තරම් විෂයයන් අපට තියෙනවා. අප විදෙස් කෘතිවලින් අපේ සමාජ ප්‍රශ්න කිව යුතු ද? අනෙක ස්වතන්ත්‍ර නිර්මාණවලින් නාට්‍යකරුවාගේ අනන්‍යතාවය සුරැකෙනවා.
නව පරපුරේ නාට්‍ය කරුවන් අතර රාජිත දිසානායකගේ නාට්‍යවලට මම කැමැතියි.
ඔබේ නාට්‍යවල සංවාද බාහුල්‍යයයි. සංගීතය ඇත්තේ ම නැහැ.
මගේ නාට්‍යවල දෙබස් වැඩි මා සංගීතය භාවිත නොකරන නිසයි. ‘චරිත දෙකක්’ නාට්‍යයේදී පමණක් ඔස්ටින් මුණසිංහ ලවා පසුබිම් සංගීතය යොදා ගත්තා. මගේ අනෙක් කිසිදු නාට්‍යයක සංගීතය නැහැ.
ප්‍රබල දෙබස් යොදාගැනීම නිසා සංගීතය නැති අඩුව ප්‍රේක්ෂකයාට දැනුණේ නැහැ. සංගීතය ගැන මගේ දැනුම අල්පයි. අනෙක එය නාට්‍යයේ බාහිර සැරසිල්ලක් විය යුතු නැහැ. කෘතිය ඉල්ලා සිටිනවා නම් පමණක් සංගීතය යොදාගත්තාට කමක් නැහැ.
The BBC World Service also wrote about this lovely production recently in their Outlook radio program. Reporter Will Richards interviewed Sunethra Bandaranaike, Jehan Aloysius and lead actor Thusitha Wimalasuriya.
Acting as Nicholas, Thusitha Wimalasuriya will once again show his face in the musical despite being in crutches, and showing her versatile artistic movements will be the beautiful Evangeline De Silva.
‘බෝඩිංකාරයෝ’ මෙරට ස්වභාවික සංවාද නාට්‍ය කලාවේ නව සම්ප‍්‍රදායයක් බිහිකළ පුරෝගාමී නාට්‍යයක් ලෙස විචාරකයන් සඳහන් කර ඇත. හැටේ දශකය පමණ වන විට මහාචාර්ය සරච්චන්ද්‍ර විසින් උත්කර්ෂයට නංවන ලද ශෛලිගත නාට්‍ය සම්ප‍්‍රදායය තවදුරටත් වර්ධනය නො වී එක තැන පල්වෙමින් තිබුණේ ය. 


ප්‍රශ්නය - නාට්‍ය පිටපතක් පරිවර්තනය කිරීම සෙසු සාහිත්‍ය පරිවර්තනයන්ට වඩා සංකීර්ණ කාර්යයක්. මේ වෙනස ඔබ විග්‍රහ කරන්නේ කෙසේද?
මෙහි අන්තිමට කුවේණිය, “මා දරුවන් බිහි කරන විට, ඔබට රාජ්‍ය පවරාදෙන විට, සංග‍්‍රහ සත්කාර කරන විට මා යක්ෂණියක් බව දැන සිටියේ නැත්ද?” යනුවෙන් වැදගත් ප‍්‍රශ්නයක් නඟනවා. මෙය සම කරන්න පුළුවන් යශෝධරාවතේ කවිවලට. එතරම්ම ප‍්‍රබලයි. අපේ සමාජයේ ස්ති‍්‍රයට සිදුවන අසාධාරණය මගේ සිතට තදින් කාවැදී තිබුණා. මුලින් රූපයට වසඟ වෙලා විවාහ කර ගෙන දරුවනුත් ලැබුණාට පසුව අතහැරලා දාන ස්තී‍්‍රන් ඕනෑ තරම් අපේ සමාජයේ ඉන්නවා. 
”අපේ මිනිස්සු කවුරුත් නාඩගම් රාග තාල දන්නවා. අහවල් දවසේ නාඩගම නටන්ඩ යමවු බොල කියලා කිව්වම ඔක්කොම එක්සත් වෙනවා. රෑට රෑට නැටුම් පාට් පුරුදු වෙන්ඩ කවුරු කවුරුත් ලාම්පු ලන්තෑරුම් අරගෙන එනවා. 

