2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Monday 18 January 2010

පරිවර්තන නිසා ස්‌වතන්ත්‍ර නාට්‍ය කලාව පෝෂණය වුණා - පරිවර්තක ඩබ්ලිව්. එස්‌. විඡේසිංහ

සාකච්ඡා කළේ -විචිත්‍ර වනිගනෙත්ති
source: Divaina
Date: 24/12/2009

ප්‍රශ්නය - නාට්‍ය පිටපතක්‌ පරිවර්තනය කිරීම සෙසු සාහිත්‍ය පරිවර්තනයන්ට වඩා සංකීර්ණ කාර්යයක්‌. මේ වෙනස ඔබ විග්‍රහ කරන්නේ කෙසේද?

පිළිතුර - නාට්‍යානුරූපීව කතාවක්‌ ලිවීම
Dramatic story telling) භාරදූර වැඩක්‌. එහිදී පරිවර්තකයා ගෙනෙන්නේ අවසාන නිර්මාණ කෘතියක්‌ නොවෙයි. ශිල්පීන් විශාල පිරිසක්‌ හරහා පරිසමාප්තියට පත්වන නිර්මාණයක සාමාජිකයෙක්‌ නාට්‍ය පිටපත් පරිවර්තකයාත් සාමාජිකයෙක්‌. එහිදී නාට්‍ය පිටපත් පරිවර්තකයා නාට්‍යයට සම්බන්ධ වන ශිල්පීන් ගණනාවකගේ දෘෂ්ඨියෙන් ඒ දෙස බැලිය යුතුයි. විශේෂයෙන්ම නාට්‍යය නිෂ්පාදකගේ දෘෂ්ඨියෙන් ඒ දෙස බැලිය යුතුයි. අනෙක්‌ පසින් රංගන ශිල්පීන්ගේ, වේදිකා පරිපාලකගේ, ආලෝකකරණ ශිල්පීන්ගේ සහ වේශ නිරූපණ ශිල්පීන්ගේ දෘෂ්ඨියෙන් ඒ දෙස බැලිය යුතුයි. තමා පරිවර්තනය කරන නාට්‍ය පිටපත වේදිකාවට ගෙන ඒමේ ශක්‍යතාව දකිමින් පරිවර්තකයා එකවර නිෂ්පාදකයෙක්‌, නළුවෙක්‌, නිළියක්‌, ආලෝක ශිල්පියෙක්‌, වේදිකා පරිපාලකයෙක්‌, වේශනිරූපණ ශිල්පියෙක්‌ විය යුතුයි.

මෙයින් මා අදහස්‌ කරන්නේ නාට්‍ය පිටපතක්‌ පරිවර්තනය කිරීමේදී පරිවර්තකයා නාට්‍යයක පිටපත අවස්‌ථාවේ සිට එය වේදිකාව මත දිග හැරෙන මොහොත දක්‌වා එයට සහභාගි වන සියලුම ශිල්පීන්ගේ භූමිකාවන්ට ආදේශ වෙමින් පරිවර්තන කාර්යය සිදුකළ යුතුයි යන්නයි. මෙම පරිවර්තන ක්‍රියාවලිය සෙසු සාහිත්‍ය කෘති පරිවර්තනය කිරීමට වඩා සංකීර්ණ ක්‍රියාවලියක්‌.

Drama කියන වචනයේ අර්ථයම "කර පෙන්වීම" යන්නයි. Drama make a something do යන්නයි නාට්‍යය යන්නට මුල් ග්‍රීක අර්ථකථනය.

මේ නිසා නාට්‍යය පිටපත් පරිවර්තකයා "කර පෙන්වීම" කියන නාට්‍යයේ මූලික අර්ථකථනය පරිවර්තන කාර්යය පුරාම සිහියේ තබාගත යුතුයි. එයින් පරිබාහිරව එක වචනයක්‌, අකුරක්‌, ඇලපිල්ලක්‌, පාපිල්ලක්‌ නොලිවිය යුතුයි. මා විශ්වාස කරන ආකාරයට නාට්‍ය පිටපත් පරිවර්තනය යන නිර්මාණ කාර්යයේ පදනම මෙයයි. වේදිකාව මත සියලුම ශිල්පීය සාධක කෙරෙහි පිටපත පරිවර්තනයේදී සැලකිලිමත් විය යුතු අතරම ප්‍රේක්‍ෂකාගාරය කෙරෙහිත් පරිවර්තකයා වගකිව යුතුයි.

එයින් මා අදහස්‌ කරන්නේ වෙනත් භූගෝලීය කලාපයකට, සංකෘතියකට අයත් රචකයකු විසින් රචනා කළ නාට්‍ය පිටපතක්‌ එයින් පරිබාහිර වෙනත් භූගෝලීය කලාපයකට, සංස්‌කෘතියකට ගෙන ඒමේදී මුල් රචකයාගේ අර්ථයට හානි නොවන පරිදි එය සිදු කළ යුතුයි යන්නයි. එසේ මුල් රචකයාගේ සමස්‌ථාර්ථය විකෘති වුවහොත් එය නාට්‍ය ප්‍රේක්‍ෂකයාට කරන අසාධාරණයක්‌. එපමණක්‌ නොවෙයි එහි මුල් රචකයාට කරන බලවත් අසාධාරණයක්‌, හානියක්‌ වෙනවා. ලාංකික නාට්‍ය ප්‍රේක්‍ෂකයන් අතුරින් කිහිපදෙනෙක්‌ හැරෙන්න බහුතරය මේ මුල් කෘතිය නිෂ්පාදනයක්‌ ලෙස හෝ පිටපතක්‌ ලෙස නැරඹූ හෝ කියවූ අය නොවෙයි. ඒ නිසා නාට්‍ය පිටපත් පරිවර්තකයා ප්‍රේක්‍ෂකයාට වගකියන්නෙක්‌ විය යුතුයි. මුල් කර්තෘට වගකියන්නෙක්‌ විය යුතුයි.

මේ සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී ඔබට අවබෝධ වනවා ඇති පරිවර්තනය යනු සංකීර්ණ බැරෑරුම් නිර්මාණාත්මක ක්‍රියාවලියක්‌ බව. ඒ අතරිනුත් නාට්‍ය පිටපත් පරිවර්තනය අති සංකීර්ණ කාර්යයක්‌.

ප්‍රශ්නය - නාට්‍ය පිටපතක්‌ පරිවර්තනයට තෝරාගැනීමේදී ඔබ සැලකිලිමත් වන විශේෂ කරුණු මොනවාද?

පිළිතුර - මා මූලිකවම නාට්‍ය පිටපත් කියවන්නෙක්‌. ඒ කියෑවීමේදී මට විශේෂිත නාට්‍ය රචකයන්ගේ කෘති සියල්ලම පාහේ අපහසුවෙන් හෝ සොයාගෙන කියවීම මගේ පුරුද්දක්‌. එහිදී මට හමුවෙනවා වෙනත් රටකට, සංකෘතියකට අයත් රචකයන්. ඒ සංකෘතික, දේශපාලන ප්‍රතිගාමිත්වයන් විනිවිදමින් රචිත ප්‍රබල නාට්‍ය පිටපත්. ඒ අත්දැකීම් අප අත්විඳින සමහර අත්දැකීම්වලට බොහෝ සේ සමානයි. එවැනි තත්ත්වයක්‌ තුළ ප්‍රබල ලෙස කම්පනයට පත් කළ නාට්‍ය පිටපත් ලාංකික ප්‍රේක්‍ෂකාගාරය හා බෙදාගැනීමේ කැමැත්තක්‌ මා තුළ පවතිනවා. නාට්‍ය පිටපත් පරිවර්තනය කිරීම ඇරඹෙන්නෙ ඒ ආකාරයට.

පරිවර්තනය කරන පිටපතක්‌ සාර්ථකව වේදිකාවට ගෙන ඒමට වැඩි සමත්කමක්‌ දක්‌වන නිෂ්පාදකවරයකු මුණගැසුණු විට ඒ පිළිබඳ ඔහු හා සාකච්ඡා කිරීම සිදුවෙනවා. එහිදී පිටපත වේදිකාවට ගෙන ඒමට වැඩි සමත්කමක්‌ ඇති නාට්‍ය නිෂ්පාදකයකු මුණනොගැසුණු අවස්‌ථාවකදී මා විසින්ම නිෂ්පාදන කාර්යය සිදුකළ අවස්‌ථාත් තිබෙනවා. එහෙත් එය තරමක්‌ දුෂ්කර කටයුත්තක්‌.

මීට අමතරව වරක්‌ දෙකක්‌ නාට්‍ය නිෂ්පාදකවරුන්ගේ ඉල්ලීම මත නාට්‍ය පරිවර්තනය කළ අවස්‌ථාත් තිබෙනවා. උදාහරණයක්‌ ලෙස අයිරිෂ් ජාතික සිංජිගෙ නාට්‍ය පිටපතක්‌ මා "කලියුගයට මිනිසෙක්‌" නමින් පරිවර්තනය කළා. මා සිංජිගෙ නාට්‍යය පිටපත් කියවා තිබුණෙ නැහැ. ඔහු ගැන දැනුවත්ව සිටියෙත් නහැ. ඒත් "කලියුගයට මිනිසෙක්‌" නිෂ්පාදක සිංජි පිළිබඳව අන්තර්ජාලය හරහා තොරතුරු ලබාගෙන නාට්‍ය පිටපතක්‌ සොයාගෙන එය පරිවර්තනය කිරීමට මා යොමු කළා.

එහි ඉංග්‍රීසිත් ඉතා දුෂ්කරයි. එංගලන්ත උතුරුකරයේ ඉංග්‍රීසි බසිනුයි සිංජි මේ කෘතිය රචනා කර තිබුණෙ. ඒ පිටපත අධ්‍යයනය කරනවට වඩා එහි බස අධ්‍යයනය කිරීමට මට සිදුවුණා. මට ඒ සඳහා විශේෂ මහන්සියක්‌ දරා පිටපත පරිවර්තනය කිරීමට සිදුවුණා. ඒ මහන්සිය අපතේ ගියෙ නෑ. 2002 දි ඒ පිටපතට රාජ්‍ය සම්මාන ලැබුණා.

මේ කුමන ආකාරයට පිටපතක පරිවර්තනය කරන්න පෙළඹුණත් නාට්‍ය නිෂ්පාදක කෙරෙහි තක්‌සේරුවක්‌ ඇතිවයි මා පිටපත භාරදෙන්නෙ. එසේ නොවුණොත් එය මුල් කර්තෘටත්, ප්‍රේක්‍ෂකයාටත් කරන අසාධාරණයක්‌ වෙනවා.

ප්‍රශ්නය - නාට්‍ය පිටපතක බොහෝ විට රංග විධානයන් තිබෙනවා. පරිවර්තන නාට්‍යයක්‌ නිෂ්පාදනයේදී නාට්‍ය නිෂ්පාදකයා එම රංග විධානයන් මත පිsහිටාම කටයුතු කළ යුතුද? රංග වින්‍යාසයේ යම් යම් සංශෝධනයන් සිදුකිරීමට නිෂ්පාදකට අවකාශ තිබේද?

පිළිතුර - නාට්‍ය පිටපතක බොහෝ විට රංග විධානයන් ඇතුළත් වෙනවා. එය මුද්‍රිත නාට්‍ය පිටපතක තිබිය යුතුමයි. පිටපත පරිවර්තනයේදී මා මුල් රචකයා සඳහන් කර තිබෙන රංග විධානයන් කෙරෙහි විශේෂ අවධානයක්‌ යොමු කරනවා. ඒ වගේම නාට්‍ය නිෂ්පාදනයේදී නිෂ්පාදකට මුල් රචකයා සඳහන් කර තිබෙන රංග විධානයන්ට යම් යම් සංශෝධන සිදුකළ හැකියි. එහෙත් එහි කෘතියේ සමස්‌ථාර්ථයට හානි නොවන ලෙස අවබෝධයෙන් කළ යුතුයි.

රංගන ශිල්පීන්ට ද තමන්ට ලැබෙන පරිවර්තනයේ දෙබස්‌ තුළට උචිත චරිතාංග ඇතුළත් කළ හැකිsයි. එයත් පෙර සඳහන් කළ ආකාරයට කෘතියේ සමස්‌ථාර්ථයට හානි නොවන ආකාරයට සිදුකළ යුතුයි.

නාට්‍ය නිෂ්පාදකටත්, රංග ශිල්පීන්ට හා සෙසු තාක්‍ෂණ ශිල්පීන්ටත් තමන්ගේ කාර්යය වඩා සාර්ථක කර ගැනීමට මුල් කෘතියේ විධානයන්ට යම් යම් සංශෝධනයන් කිරීමේ නිදහස තිබෙනවා. නමුත් ඒ නිදහස පවතින්නේ මුල් කෘතියේ සමස්‌ථාර්ථයට බලපෑමක්‌ නොවනතාක්‌ දුරට පමණයි.

ප්‍රශ්නය - ඒ ආකාරයටම පරිවර්ථකයාටත් නිදහසක්‌ තිබෙනවද, වෙනත් සංකෘතියකට අයත් නාට්‍ය පිටපතක්‌ අපේ බසට පරිවර්තනය කිරීමේදී යම් සංශෝධනයක්‌ කිරීමට?

පිළිතුර - මෙය පරිවර්තනවේදයේදී සලකා බැලෙන වැදගත් න්‍යායාත්මක කාරණයක්‌. වෙනස්‌ සංස්‌කෘතික, දේශපාලනික, දේශගුණික, භාෂාමය සංදර්භයක රචනා වූ කෘතියක්‌ ඊට පරිබාහිර සංදර්භයකට ගෙන ඒමේදී මුල් කෘතියේ කර්තෘගේ අපේක්‍ෂිතාර්තය නොනැසී වෙනස්‌ බසකට පරිවර්තනය විය යුතුයි. පරිවර්තනය වචන පරිවර්තනයක්‌ නොවිය යුතුයි. ඕනෑම වචනයක තිබෙනවා ශබ්ද කෝෂාර්ථයක්‌ සහ අර්ථයක්‌ (
Conotation) පදචිත්‍ර අර්ථයක්‌ උදාහරණයක්‌ ලෙස නරියා කියන වචනයට ශබ්ද කෝෂයේ තිබෙනවා පාද සතරක්‌ ඇති ක්‍ෂීරපායි ගනයට අයත් ආදී ලෙස හැඳින්වීමක්‌. එහෙත් මිනිසුන් පිරිසක්‌ අතරෙදි "නරියා" කියා කියූ විට එයින් ගම්‍ය වෙන්නෙ වෙනම අදහසක්‌. එය සාමාජීය අර්ථයක්‌, එය එම සමාජයෙන් පරිබාහිරව වෙනම අර්ථයක්‌.

මුල් රචකයා යම් යෙදුම් මගින් අපේක්‍ෂා කළ හැඟීම්, ආවේගයන්, ආකල්ප ප්‍රේක්‍ෂකයා තුළ ඇති කිරීමට වඩාත්ම උචිත යෙදුම් පරිවර්තනයේදී පරිවර්තකයා විසින් සොයාගත යුතුයි. එහිදී වචන පරිවර්තනයෙන් ඔබ්බට පරිවර්තකයා යා යුතුයි. ඒ සඳහා පරිවර්තකයාට යම් නිදහසක්‌ තිබෙනවා. ඒ මුල් රචකයාගේ අදහස ඊට සමානව කියා පෑමට පමණයි.

ප්‍රශ්නය - නාට්‍යය රචකයකුගේ දෘෂ්ඨිය හඳුනාගැනීමට ඔහුගේ එක්‌ පිටපතක්‌ අධ්‍යයනය කිරීම ප්‍රමාණවත්ද?

පිළිතුර - යම් රචකයකුගේ දෘෂ්ඨිය හඳුනාගැනීමට සහ ඔහුගේ ශෛලිය හඳුනාගැනීමට එක්‌ පිටපතක්‌ අධ්‍යයනය කිරීම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ සඳහා අඩුම තරමින් පිටපත් කිහිපයක්‌වත් හැදෑරීම සිදුකළ යුතුයි. එකම රචකයකු තුළ වුවත් කාලානුරූපීව වෙනස්‌කම් සිදුවිය හැකියි. ඒ නිසා රචකයාගේ දෘෂ්ඨියේ වෙනස්‌වීම් පිළිබඳව ද සැලකිලිමත් විය යුතුයි.

තවත් කාරණයක්‌ වන්නේ පිටපත රචනා වූ කාලය, සංස්‌කෘතික සංදර්භය තේරුම් ගැනීම අතිශය වැදගත්.

ප්‍රශ්නය - දකුණු අප්‍රිකානු නාට්‍ය රචක අතොල් ෆුගාඩ් කෙරෙහි ඔබ විශේෂ ඇල්මක්‌ දක්‌වන බව පෙනෙනවා. ඒ සඳහා බලපෑ විශේෂ සාධක කවරේද?

පිළිතුර - මා පෞද්ගලකව අතොල් ෆුගාඩ් කෙරෙහි විශේෂ ඇල්මක්‌ දක්‌වනවා. ඒ සඳහා බලපෑ ප්‍රධාන සාධක දෙකක්‌ තිබෙනවා. එකක්‌ ඔහුගේ දේශපාලන දෘෂ්ඨිය. අනෙක ශිල්පීය පාර්ශ්වයෙන් ඔහුගේ විශේෂත්වය.

වර්තමාන මිනිස්‌ සමාජය අත්විඳිමින් සිටින ෙ€දජනක තත්ත්වය එහි පෙරළිකාරී ස්‌වභාවය ඉතා සියුම් අයුරින් වේදිකාවට ගෙන ඒමට අතොල් ෆුගාඩ් අපූරු සමත්කමක්‌ දක්‌වනවා.

ඒ වගේම අතොල් ෆුගාඩ් නාට්‍ය ශිල්පීය පාර්ශ්වයෙන් ද විප්ලවීය අත්හදාබැලීම් සිදුකරන්නෙක්‌. මේ ශිල්පීය පාර්ශ්වයේ නම්‍යතා අපේ වේදිකාවට හඳුන්වා දීමට මේ පිටපත් හරහා මා උත්සාහ දරනවා. එකතැන නැවතී තිබෙන නාට්‍ය කලාව වර්ධනීය තත්ත්වයට ගෙන ඒමට ඒ ඔස්‌සේ යම් මැදිහත්වීමක්‌ සිදුකළ හැකි යෑයි මා විශ්වාස කරනවා.

අතොල් ෆුගාඩ්ගේ ෂික්‌බා නාට්‍යය ඇසුරින් එක්‌ උදාහරණයක්‌ පෙන්විය හැකියි. පෙරදිග නාට්‍යයයේ පොතේ ගුරාගේ චරිතය හරහා වේදිකාවෙන් පිටත දේ ප්‍රේක්‍ෂකයාගේ මනසේ ඇඳීම සිදුකරනවා. එනම් සිදු වූ දේ, සිදුවන දේ, සිදුවීමට නියමිත දේ පොතේ ගුරා හරහා ප්‍රකාශ කිරීම සම්ප්‍රදායික නාට්‍යයේ ශිල්පීය උපක්‍රමයක්‌. නමුත් අතොල් ෆුගාඩ් නාට්‍යයේ චරිත හරහාම මේ කාර්ය අපූරුවට සිදුකරනවා. මිනිත්තු කිහිපයක දෙබසක්‌ තුළින් ඔහු වෙනම දර්ශනාංකයකින් කිවයුතු දේ කියනවා.

ඒ තුළින් දකුණු අප්‍රිකානු සමාජයේ ආත්මය හෙළිදරව් වෙනවා. අනිත් කාරණය ඔහු බුද්ධියට අමතන්නෙක්‌.

ප්‍රශ්නය - නාට්‍ය නිෂ්පාදකයන් පරිවර්තන පිටපත මතම යෑපීම නිසා ස්‌වතන්ත්‍ර නාට්‍ය රචනය පෝෂණය නොවන බව නාට්‍ය ක්‍ෂේත්‍රයේ පවතින පොදු මතයක්‌?

පිළිතුර - මේක මිත්‍යාදෘෂ්ඨික අදහසක්‌. මා දකින්නේ මෙහි අනෙක්‌ පැත්ත. එනම් පරිවර්තන නාට්‍ය පිටපත් හේතු වුණා ස්‌වතන්ත්‍ර නාට්‍ය කලාව පෝෂණය වෙන්න. ශිල්පීය පාර්ශ්වයෙන් වගේම අනුභූතික පාර්ශ්වයෙන් ද අපේ නිම්වළලු පුළුල් වීමට පරිවර්තන සාහිත්‍යය හැම විටම ප්‍රයෝජනවත් වෙනවා.

No comments:

Post a Comment