Date:06/07/2008
Source:Silumina
ප‍්‍රතිභාපූර්ණ තරුණ නාට්‍යකරුවකු වන රාජිත දිසානායක නිෂ්පාදනය කළ සක්වාදාවල, හංසයින්ටත් මං ආසයි, මට වෙඩි තියන් නැද්ද, වීරයා මැරිලා, සිහින හොරු අරන් වැනි නාට්‍ය රසික පර්ෂද්හි අතිශය සම්භාවනාවට පත්විය.
ඔහු ගේ නවතම නාට්‍ය නිර්මාණය ‘ආපසු හැරෙන්න බෑ...” නම් වෙයි. යළි ලබන 12 වන දා සවස 3.30 ට හා 7.00 ට කොළඹ ලයනල් වෙන්ඩට් කලාගාරයේදී රංගගත වීමට නියමිත මේ අභිනව නාට්‍ය කෘතියේ නිර්මාපක රාජිත හා කැරුණු සංලාපයක් මෙසේයි.
‘සක්වාදාවල’ සිට ‘ආපසු හැරෙන්න බෑ’ නාට්‍යය දක්වා ඔබ කළ සෑම නිර්මාණයක් ම පාදඩකරණය වූ කාලීන පරිභෝජනවාදී සමාජයේ ම පිළිබිඹුවක්. ඔබ එකම තේමාවකට ශෛලියකට රාමුගත වෙලා යැයි කෙනෙකු චෝදනා කළොත්...”
එහි යම් සත්‍යතාවක් තියෙන්නට පුළුවන්. තමන්ගේ කලා නිර්මාණ ඇසුරේ විවිධ තේමාවන්, විවිධ ශෛලීන් අත්හදා බැලීම් කරමින් සිටිය කලාකරුවන් ලෝකයේ ඉන්නවා.
ඒ වගේ ම තමන්ගේ මුළු ජීවිත කාලය පුරා ම කළ නිර්මාණවල එකම තේමාවක විවිධ ස්වරූපයන් හෝ එකම ශෛලීය භාවිතයක් ආත්මය කොටගත් කලාකාරයොත් ඉන්නවා. සක්වාදාවල සිට මා මෙතෙක් ආ ගමන්මඟේ යම් සමරූපී බවක් ඇත්නම් ඒ පිළිබඳ මා සවිඥානකයි.
සමකාලීන සමාජ දේශපාලන ආර්ථික ලෝකයම ඔබට වස්තු විෂයයන් සපයන බව පෙනෙනවා.
1994 වන තෙක් ලංකාවේ යහපත් සමාජයක් ඇති කර ගැනීමේ අපේක්ෂාව තිබුණා. සමාජීයව සිතීමේ පුරුද්දක් තිබුණා. සමූහයක් වෙනුවෙන් පෙනී සිටීම පිළිගත්තා. ඒත් 94 න් පස්සේ ඒ සියල්ල උඩු යටිකුරු වුණා.
අපේක්ෂාභංගත්වයට පත් වූ මිනිසුන් එකී අඩුව වේදනාව විඳ දරා ගත්තේ ස්වකීය පරිභෝජනය අතිශය පුද්ගලවාදී ලෙස උපරිම කර ගැනීමෙන්. මේ තත්ත්වය මගේ සිතේ නිරන්තරයෙන් වද දෙනවා.
මේ වදදීම මඟ හැර යෑම වෙනුවට පිළිගැනීම නිසා මගේ කලාත්මක අභ්‍යාසයේ ප‍්‍රතිඵලයක් හැටියට නාට්‍ය නිර්මාණයක් වෙලා එළියට එනවා. දැනට සිද්ධ වෙන්නේ ඒකයි.
ඔබ පවත්නා සමාජ ක‍්‍රමයේ ජරාජීර්ණ භාවය යළි යළි පසක් කරමින් යථාර්ථය නාට්‍යෝචිතව කරළියට ගෙන ආවත් බොහෝ දෙනා ඔබේ විරෝධය විනෝදයකට පෙරළාගෙන පේර්ක්ෂාගාරයෙන් එළියට එන බව ඇතැම් විචාරකයන් පෙන්වා දෙනවා. ඒ පිළිබඳ ඔබට යමක් කිව හැකි ද?
පේර්ක්ෂකයා රංග ශාලාවට පැමිණෙන්නේ වින්දනාත්මක අත්දැකීමකටයි. අපගේ නාට්‍ය නිර්මාණයට වස්තු කරගන්නා සමාජ දේශපාලනික අර්ථය කුමක් වුවත් කලාකරුවාගේ මැදිහත් වීම ආස්වාදනීය සත්කාරයක් විය යුතු බව මං විශ්වාස කරනවා.
නාට්‍යයේ ප‍්‍රබල සමාජ විරෝධයත්, දේශපාලනයත් ගැබ්වෙලා තිබුණත් පේර්ක්ෂකයා ඊට දක්වන ප‍්‍රතිචාරය හිනාවක් නම්, අත්පුඩියක් නම්, විසිල් එකක් නම් ඒ ප‍්‍රතිචාරය අවඥාවෙන් බැහැර කළ යුතු නෑ.
ඒ පේර්ක්ෂකයාටත් ඒ ප‍්‍රතිචාරයටත් පේර්ක්ෂාගාරය තුළ ඉඩක් තිබිය යුතුයි. මේ භාවිතය නොපිළිගන්නා අය සිටින්නට පුළුවන්. ඒක හුදෙක් ඒ ඒ අයගේ රුචි අරුචිකම් අනුව සිද්ධ වන්නක්.
අද වේදිකාවෙන් කලා ජීවිතය ආරම්භ කරන බොහෝ දෙනා ඉතා පහසුවෙන් වෙනත් මාධ්‍යයන් කරා මාරු වෙනවා. එහෙම වන්නේ නාට්‍ය නිර්මාණය අපහසු නිසා ද? ලාභදායි නොවන නිසා ද?
අප ජීවත්වන සමාජයේ කිසියම් වින්දනාත්මක සමාජ සිතීමකට මැදිහත්වීම සඳහා සාර්ථක නාට්‍ය රචනයක් කර එය නිෂ්පාදනයක් දක්වා ගෙන ගොස් පරිපූර්ණත්වයකට පත් කරන කි‍්‍රයාවලිය ඒ තරම් පහසු නෑ.
ඒ කි‍්‍රයාවලිය දීර්ඝ කාලීන අභ්‍යාසයක්. යම් අධ්‍යයනයක් හා කාලය ශ‍්‍රමය වැඩි වැඩියෙන් යෙදීමෙන් කළ යුතු දෙයක්. ලෝකයේ වෙනත් රටවල මෙන් ම අපේ රටේ වුණත් අදත් යම් කතාබහකට ලක් කරන්නට හැකි නිර්මාණයක් ඇත්නම් ඒ සෑම නිර්මාණයක් පසු පස ම පාහේ අධ්‍යයනය, අභ්‍යාසය, කැපවීම තිබුණු බව පැහැදිලිවම පෙනෙනවා.
නාට්‍ය කලාව බොහෝ දේවල් කරන අතරේ කළ හැකි තවත් එක් දෙයක් නෙවෙයි. මං වුනත් වෙනත් මාධ්‍යයන් කෙරෙහි යොමු නොවී මේ ඇසුරේම කුමක් හෝ දෙයක් කරන්නට උත්සාහ ගන්නේ ඒකයි.
ඒත් පූර්ණකාලීනව නාට්‍ය කලා භාවිතය ඇසුරේම පමණක් රැඳීම ප‍්‍රායෝගිකව කළ හැකි දෙයක්ද?
ඇත්ත. පූර්ණකාලීනව ම නාට්‍ය කලාවේ නිරත විය හැකි ඉඩක් ලංකාවේ නෑ. ලංකාවට එවැනි නාට්‍යකරුවන් අවශ්‍ය ද යන කාරණයත් බරපතළ ප‍්‍රශ්නයක්. අපට නාට්‍ය ඕන නිසාත්, ඒ නාට්‍යය උපයෝගී කරගනිමින් මිනිසුන්ට යමක් කීම සඳහා අපට අවශ්‍යතාවක් ඇති නිසාත් අප දිගටම මේ ක්ෂේත‍්‍රයේ රැඳිල ඉන්නට උත්සාහ දරනවා.
අනෙක් අතට මේක එක්තරා විදිහක අසිරිමත් අත්දැකීමක්. තෝරාගත් එක් නිශ්චිත පිරිසක් සමඟ කාලයක් තිස්සේ දිගින් දිගටම පුහුණුවීම්වල නිරත වෙද්දී එකෙකා දැන හඳුනාගන්නට, අත්දැකීම් බෙදා හදා ගන්නට එකෙකා ගේ ඕනෑ එපාකම්, ඔවුන් ඒවාට දක්වන ප‍්‍රතිචාර අවබෝධ කරගන්නට ලැබීමම ඉමහත් ප‍්‍රතිලාභයක්.
ඒත් මූල්‍ය වශයෙන් සලකා බලන විට නාට්‍යය ඒ තරම් ලාභදායි නෑ. ස්ථාවර ආර්ථික පදනමක් නෑ. එවැනි ආර්ථික පදනමක් ඇති කරගැනීම මේ සමාජයේ පහසු වන්නෙත් නෑ.
නාට්‍ය කලාවට ස්ථාවර ආර්ථික පදනමක් නොවන නිසාත්, ඔබ වෙනත් මාධ්‍යයන් කෙරේ නැඹුරුවක් නොදක්වන නිසාත් ක්ෂේත‍්‍රයේ දිගින් දිගටම රැඳී සිටීම අභියෝගයක් නොවෙයි ද?
ඒ අභියෝගය ඇත්තටම අප හමුවේ තියෙනවා. ඒත් කාලාන්තරයක් තිස්සේ නාට්‍ය කලා ක්ෂේත‍්‍රයේ කටයුතු කිරීම නිසා ඒ ඔස්සේ ගොඩනැඟුණු විශ්වාසයත් පිළිගැනීමත් නිසා යම් කණ්ඩායමක් දිගින් දිගටම අපත් සමඟ සිටිනවා.
වේදිකාවේ තිරයෙන් පිටුපසත් එවැනිම හිතවතුන් පිරිසක් සිටිනවා. මේ සමාජයේ කලා භාවිතයන් සිදු විය යුතු යැයි තරයේ විශ්වාස කරන එවැනි මිනිසුන්ගේ ශක්තිය හා ආශිර්වාදය මට තියෙනවා.
ඒ නිසා ම තවදුරටත් මට දැනෙන මං කියවන දේ නාට්‍ය නිර්මාණයක් බවට පත් කරලා එය පවත්වාගෙන යන්නටත් මට පැවතෙන්නටත් පුළුවන්. ඒත් අප අවට වටපිටාව දැන් දැන් හැඩ ගැසී ඇත්තේ අපගේ කලාභාවිතයන්ට තවදුරටත් අනුග‍්‍රහය දක්වන තැනට නෙවෙයි.
ඒ සියල්ලම කිසියම් විදිහකට හකුළා දමන තත්ත්වයකටයි. ඒත් මේ සියලු තත්ත්වය අබියස අප මේ ගමන යමින් ඉන්නවා.
අපට හැකිතාක් දුර අප මේ ගමන යනවා. බැරිම මොහොතක් උදා වුණොත් අකමැත්තෙන් වුණත් නතර වෙනවා. එදාට අප නවතින තැනින් තවත් කවුරු හරි ගමන් ආරම්භ කරයි. ලෝකෙ හැටි එහෙමයි.
අද දවසේ නිෂ්පාදනය වන නාට්‍ය කෙරෙහි අවධානය යොමු කර බලන විට ඒවා බොහොමයක් අනුවර්තිත හෝ පරිවර්තිත නාට්‍යයන්. ස්වතන්ත‍්‍ර නිර්මාණ අවම ඇයි?
ස්වතන්ත‍්‍ර නාට්‍ය නිර්මාණය කිරීමෙහිලා විශාල අවදානමක් තියෙනවා. 90 දශකයේ ස්වතන්ත‍්‍ර රචනාවන් සමඟ මං නාට්‍යකරණයට එළඹෙද්දී අපේ කලා, සමාජය, ඒ පිළිගැනීම කරන්නට පෙලඹුණේ නෑ.
තමන්ට අහිමි පිළිගැනීමක් තව කෙනකුට ලබාදීමට අපේ කලා සමාජය සූදානම් නෑ. ඒ වගේ ම නාට්‍යයේ හෝ කලාවේ කොළඹ කේන්ද්‍රීය සමාජ වටිනාකම් ටිකක් පමණයි ජනමාධ්‍ය මඟින් සන්නිවේදනය වන්නේ.
එතැනදී ‘නොපිළිගැනීම’ දරාගෙන දීර්ඝකාලයක් තිස්සේ අභ්‍යාස කරමින් ක්ෂේත‍්‍රයේ රඳ්‍ර පැවතීමේ අවදානම බාර ගන්නට කවුරුවත් උනන්දු වෙන්නේ නෑ.
ඒ නිසා ම ලෝකයේ තහවුරු වූ නාට්‍යකරුවකුගේ නාට්‍ය නිර්මාණයක් නව නිෂ්පාදනයක් විදිහට වේදිකාවට ගෙන එන එක ලේසියි. එතැනදී ‘අහවල් නාට්‍යකරුවාගේ අහවල් නාට්‍යය හැදුව කෙනා යන අනන්‍යතාව ලැබෙනවා.
විදේශීය නාට්‍යවලින් අපගේ නාට්‍ය ක්ෂේත‍්‍රයට ලබාගත හැකි අත්දැකීම් රාශියකුත් තිබෙනවා නේද?
ඔව්. එංගලන්තය, ප‍්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් පිළිබඳ සලකා බැලුවත්, ඉන්දියාව වැනි රටක් සලකා බැලුවත් නාට්‍ය කලාව ඇසුරේ ජීවිතය හා සමාජය ගැන ඉතා ගැඹුරින් කතා කරන නාට්‍ය නිර්මාණ බිහිවෙනවා.
අප‍්‍රිකා හා ලතින් ඇමරිකා රටවල් දිහා බැලුවත් නාට්‍ය කලාවේ විවිධ අත්හදා බැලීම්, අභ්‍යාසයන් හා අධ්‍යයනයන් ඉතා සාර්ථකව සිද්ද වෙනවා. ඒ නිසා ම ඒ නාට්‍ය නිර්මාණවලින් යම් යම් දේ උකහා ගන්නටත් ආභාසය ලබන්නටත් අපට පුළුවන්. අප ඒ දේ අනිවාර්යයෙන් කළ යුතුයි.
එහෙම නැතුව නාට්‍ය කලාවේ දියුණුවක් දකින්නට ලැබෙන්නේ නෑ. ඒ අර්ථයෙන් විදේශීය නාට්‍ය නිර්මාණ පරිවර්තන හෝ අනුවර්තන විදිහට අපේ වේදිකාවට ගෙන එන එකත් වැදගත්.
ඒත් විදේශීය නාට්‍ය පිටපත් මත ම යැපෙන මානසිකත්වය බොහෝ දෙනෙකුට තිබෙන නිසා එයින් අපේ සමකාලීන සමාජ අත්දැකීම් කලාත්මක පාවිච්චි කිරීමේ අවස්ථාව මඟ හැරෙනවා.
අපේ නාට්‍යකරුවන් සම්භාව්‍ය විදේශීය නාට්‍ය පිටපත් කෙරෙහි තවමත් විශ්වාසය තබා සිටිනවා.
2006 – 2007 යන අවුරුදුවල මට ඇමරිකාවේ හා ජර්මනියේ සංචාරය කරන්නට අවස්ථාව ලැබුණා. එහිදී නාට්‍ය විශාල සංඛ්‍යාවක් නරඹන්නටත් පේර්ක්ෂකයන් හා කතා බහ කිරීමෙන් විශාල අත්දැකීම් සම්භාරයක් එක්රැස් කරගැනීමටත් හැකි වුණා.
ඒ රටවල ශේක්ස්පියර් ඉබ්සන් ගේ පැරැණි නාට්‍ය නිර්මාණ නවමු ස්වරූපයෙන් නිෂ්පාදනය කරනු දකින්නට ලැබෙනවා සේම ඉරාක යුද්ධය, වර්ණභේදවාදය, සමකාලීන අධි පරිභෝජනවල දී සංස්කෘතිය වැනි එදිනෙදා ජීවිතයත් අපූර්වත්වයෙන් කලාත්මකව ඉදිරිපත් කරන නාට්‍ය නිෂ්පාදනය වෙනවා.
ඒත් අපේ අය තාමත් නිෂ්පාදනය කරන්නේ විදේශයන්හි 60 - 70 දශක වල නිෂ්පාදනය වූ නාට්‍ය පමණයි. ඩේවිඩ් හෙයාර් වැනි නාට්‍ය රචකයන් මේ මොහොතේ බි‍්‍රතාන්‍යයේ සිට නාට්‍ය ලියද්දී ඔහු ගේ නාට්‍යයන් ඇමරිකාවේ වේදිකාගත වෙනවා.
ඒත් අපේ නාට්‍ය පරිවර්තකයන්, නිෂ්පාදකයන් එවැනි සමකාලීන අත්දැකීම් රැගත් නාට්‍යයන්ට අත තියන්නේ නෑ.
60 - 70 දශකවල නාට්‍ය නිර්මාණවලින් අද දවසේ කලා ක්ෂේත‍්‍රයට මෙහෙයක් සිදුවන්නේ නැති බවත් එයින් ඇඟැ වෙනවද?
නෑ. 60 - 70 දශකවල නාට්‍ය අදටත් වලංගුයි. ඒත් අපි ඒ මත පමණක් යැපෙන්න ඕනෑ නෑ. මේ මොහොතේ අපේ ජීවිත හා බැඳුණු ප‍්‍රබල අත්දැකීම් තිබියදී පැරැණි නාට්‍ය සමඟ අතීතයට යෑම වෙනුවට අනුවර්තිත පරිවර්තිත නාට්‍ය වුණත් කාලීන තේමාවන් සමඟ වේදිකාවට ගේනවා නම් එයින් මීට වඩා ක්ෂේත‍්‍රයට ආලෝකයක් ලැබෙයි කියලා මං හිතනවා.
No comments:
Post a Comment