2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Saturday 20 November 2010

‘මකරා’ - විකට රූප මඟින් හඳුන්වා දෙන රාජිතගේ නාට්‍යය - ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න

Author: Dr.Wickramabahu Karunarathna
Date:27/07/2008
Source: Silumina

ස මහර ටෙලිවිෂන් විහිළු බලා ඉන්න කොට සිනහවට වඩා ඇති වෙන්නේ තරහය, කාලය කා දැමීම ගැන. කොහොමටත් විහිළුවෙන් ඉක්මනට පී‍්‍රතියක් ලැබුණා කියල හිතෙන නිසාම එවැනි දේ අඩංගු නාට්‍ය, ටෙලිනාට්‍ය ආදිය බැලීමට සෙනඟ එනව. කලාවට සෙනඟ අවශ්‍ය බව ඉතාම පැහැදිලි දෙයක්. මිනිසුන් අහන්නේ බලන්නේ නැති කලා කෘතිවලින් ලොකු වැඩදායක දෙයක් සමාජයට ලැබෙනව කියල කියන්න බෑ.

ඒ තේරුමෙන් ගත්තහම ඕනෑම ගැඹුරු නාට්‍යයක වුණත් හිනා යන කෑලි තියෙනව නම් එය යමක් ජය ගත්තා කියල කියන්න පුළුවන්. අඩු තරමේ නාට්‍ය වියදම හරි ගෙවා ගන්න තරමට හිත ඇදිල ගිහින් කියල සතුටු වෙන්න හරි පුළුවන්. “ආපහු හැරෙන්න බෑ” අලුත් නාට්‍යය ඒ විදියට ජයක් වැඩි දුර යන්නට පෙරම ලබා ගත්තා. ඒ නිසා එය ජනපි‍්‍රය ජනතාවාදී නාට්‍යයක් කියල වාද කරන්න පුළුවන.

ඒත් මට නම් පෙනෙන්නේ රාජිත දිසානායක යථාර්ථය ඉදිරිපත් කිරීම ඇසුරෙම විහිළුව අඩංගු කරල තියෙනව. විහිළුවෙ ඇත්ත සොයනවාට වඩා යථාර්ථය ම විහිළුවක් හැටියට පෙන්වන්න ඔහුට හැකි වුණා. යථාර්ථයම ගෙන සියුම් අන්දමින් විකටයක් කරන්නට ඔහු ඉතා දක්ෂ ලෙස කටයුතු කරල තියෙනව. ඇත්ත මොකක්ද විකට රූපය කුමක් ද කියල නොපෙනෙන තරමට වැඩේ සියුම්.

නාට්‍යයේ හැම චරිතයකම Spot light එකට ඇවිත් තමන්ගේ චරිතය කෙටියෙන් හඳුන්වල දෙනව. එමඟින් යථාර්ථය නොවෙයි, මේ එය හඳුන්වා දීමක්. එය විකට රූපයක් මිස යථාර්ථයක් නෙවෙයි කියල කොයි එකටත් අපට පැහැදිලි කරල දෙනව. ඒක හොඳයි. නැත්නම් සමහරු එතැන විහිළු නොදකින්න පුළුවන්. හැබැයි මූලික ප‍්‍රශ්නය නූතන ධනේශ්වරයේ යථාර්ථය කුමක්ද යන්නයි.

රාජිත දිසානායක

නූතන ධනේශ්වරය තුළ පෞද්ගලික සමාගමක් හැටියට රජයේ ආයතනයක් කටයුතු කරන්න ඕනෑ කියල අපට බණ කිව්වට ඇත්තටම සිදු වෙන්නේ ඇමැතිවරුන්ගේ ඕනෑ එපාකම් අනුව නටන ළාමක දේශපාලන ආයතන බවට මේවා පත් වීමයි.

එනිසාම ඒ ආයතනවලින් පාලකයාගේ දේශපාලනයට ඇති වන ඇත්ත වාසියකුත් නෑ. මේ දේශපාලකයන් අහන්න කැමැති දේම මාධ්‍ය විසින් ප‍්‍රචාරය කරනව. මේ නිසා තමන්ගේම දැලේ තමන්ම පැටලෙනව මිසක ඇත්ත දන්නන්න බැරි තැනකට පාලකයා පත් වෙනව. ඊයේ තමන් කළ විග‍්‍රහය පස්සෙන්දා මාධ්‍ය මඟින් තමන්ටම අලුත් දෙයක් වගේ කවන්නට උත්සාහ ගන්නව. ඇමැතිතුමත් එය ගිල දමනව.

මොකද? තමා කියන දේ ඇත්තටම කි‍්‍රයාත්මක වෙනව නම් එය මොන තරම් ඒ අයට සතුටක් ද? මේ තමා නූතන තොරතුරු කළමනාකරණය. අද බහුජාතික සමාගම්වලින් හැදුණ ගෝලීය ධනවාදයේ සිහිනය තමා කළමනාකරණය. මෙය ආරම්භ වන්නේ 1944 බ්‍රෙට්න්වුඩ්ස් ගිවිසුමෙන්. ඒ මඟින් ඒ වන තෙක් හැප්පුණ අධිරාජ්‍යවාදී බලවේග ඒකාරාශී වෙලා සුපිරි අධිරාජ්‍යවාදී යුගයකට ඇතුළු වෙනව.

ඒකාධිකාරී ධනවාදයේම උසස්ම අවධියේදී සමාගම් තන්ත‍්‍රය කළමනාකරණය වූ එකාබද්ධ ධනවාදයක් ඇති කරනව. මේ ගෝලීය ධනවාදයේ කළමනාකරණ ආයතන තමා ලෝක බැංකුව, මුල්‍ය අරමුදල හා ලෝක වෙළෙඳ සංවිධානය (WB, IMF, and WTO) මේ මහා බලවේගය කළමනාකරුවන්ගේ ලෝකයක් මවනව. කළමනාකරුවන්ගේ ලෝකය දුවනව කියල ඔවුන් හිතනව. ඒත් ඇත්ත කථාව ප‍්‍රාග්ධනයේ සුපිරි වහලුන් ලෙස ඔවුන් ජංගි ඇඳන් ඉන්න එකයි.

රාජ්‍ය වෙළෙඳ ආයතනයක වුණත් කළමනාකරුවන් ඉන්නේ එකම සිහිනයක. රජයේ නිසා තමා වැඩියෙන් බලවත් කියල හිතනව. අනෙක් අතට නූතන ධනවාදය ඇසුරේ මාධ්‍ය ප‍්‍රබලයි. මාධ්‍ය කරන්නේ යථාර්ථය පිළිබඳ තොරතුරු කළමනාකරණය කිරීමයි. නැතිව ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දීම නොවෙයි. මේ අනුව ජනතාව ගෝලීය ධනවාදය අනුව ගමන් කිරීමට පෙළ ගැස්වීමට ජනමාධ්‍ය කි‍්‍රයා කළ යුතුයි.

මොකද ඉහළ සිටම අපට දක්නට ලැබෙන්නෙ ගෝලීය ධනවාදයේ පදයට හඬන නිකම්ම හැලගෙඹි ස්වභාවයක් පමණයි. ඉතින් ඉහළින් එන හැල ගෙම්බන්ගේ නාදය අනුව පහළ කළමනාකරුවන් සැලසුම් කළ යුතුයි. එහෙම නැත්නම් ඒ අයට වෙන්නේ පෞද්ගලික ජීවිතය විනාශ වෙලා, බෝම්බ භීතිකාවට යට වෙලා, පාතාලයන්ට බය වෙලා, ත‍්‍රස්ත විරෝධී මර්දන හස්තයට අසුවෙලා ජීවිතය එකම අෙඳ¤නාවක් බවට පත් කර ගන්න. නැත්නම් ජීවිතය අවසන් කර ගන්න. මේ ප‍්‍රශ්නෙට මුහුණ දෙන්නේ පෙරළිකාරි තරුණයෙක්.

උගත් තරුණයකු වන අජිත්, පිටරට සිට ලංකාවට එන්නේ ආදරණීය දේශීය සිහිනයක එක්ක. එත් ඔහුට කළමනාකාර සිහිනයෙන් මිදෙන්න පවුලත්, සමාජයක් ඉඩ දෙන්නේ නෑ. ඔහු අකැමැත්තෙන් රාජ්‍ය මාධ්‍ය ආයතනයක කළමනාකරුවන් අතරට පියවරෙන් පියවර ඇතුළු වෙනව. ඔහු නිරන්තරයෙන් මේ රටා ගත කිරීමට විරුද්ධව පෙරළි කරනව. සරසවි කාලේ ඉඳළම ඔහු හිටියේ පෙරළිකරුවන් අතර. ඒ සුන්දර අතීතයෙන් ඉවත් වෙන්න ඔහුට උවමනා වුණේ නෑ.

පෙරළිකාරී ජීවිතයෙන් යමක් සමාජයට දෙන්න ඔහුට උවමනායි. ඒත් ඒ සුන්දර සිහිනය, කළමනාකාර ලෝකය තුළ මොන තරම් අවුලකට ඔහු ගෙනියනවද? රාජිත අපිට කියන්නේ මේ දරුණු රටාව ගැන නරුම ලෙසින් බලා, උපහාසයෙන් සිනහ වෙන්න කියලයි. රටාවත්, පුද්ගලයත් අතර ගැටුමේදී වෙන මොනවා කරන්නද? ඒත් මට ඒකට එකඟ වෙන්න බෑ. ඔව්, අපි උපහාසයෙන් සිනහ වෙමු. ඒකට මාත් හවුල් වුණා. ඒත් මේ රටාව, මේ සතුරා බිඳ දැමිය යුතුයි. “ආපසු හැරෙන්න බෑ”. ඇත්ත. ඒත් රටාව බිඳගෙන ඉදිරියට යා යුතුයි.

ඉහත කී යථාර්තය පොදු තත්වයක් වුණත් , අද ලංකාවේ තත්ත්වයටත් මෙය යසට ගැලපෙනව. ඒ නිසා දැන් සිදු වන දෙයක් හැටියට හිතල. එයට උපහාස කිරීමක් හැටියට පෙන්වල රාජ්‍ය විරෝධී නාට්‍යයක් කියල කෙනකුට හඳුන්වන්න පුළුවන්. ඒත් මේක ගෝලීය ධනවාදය ඇසුරේ ඕනෑම රටක යළි යළිත් ඇති වෙන තත්ත්වයක්. එතකොට ඉංගී‍්‍රසියෙන් මෙය ඉදිරිපත් කළොත් ලෝකය පුරා ගෙනියන්න පුළුවන් කියලයි මං හිතන්නේ.

කොහොම වුණත් අද ජනතාව ඉන්නේ ජාතිවාදි යුදවාදී බියකරු හිඟන පරිසරයකට යටවෙලා. එයට අභියෝග කරන්න විදියක් නැතිව. ඒ අනුව මේ නාට්‍ය තුළින් දැඩි විරුද්ධත්වයක් පෙන්වල හිත තුළ තරහ වාෂ්ප කරගන්නත් කෙනකුට හවුල් වෙන්න පුළුවන්. පාරට, වීදියට බැහැල හිත තුළ තරහ වාෂ්ප කරගන්නත් කෙනකුට හවුල් වෙන්න පු‍්‍රළුවන්. පාරට, බැහැල මර්දනයට වගේම ජාතිවාදි බලයට මුහුණ දෙන්නේ නැතිව ශීත කාමරයක, ජේත්තුවට ඇඳ පැළඳගෙන , සුවඳ ගහගහ, නාට්‍යය බලල විරෝධයකට හවුල් වෙන්න පුළුවන්. හැබැයි නාට්‍ය තියෙන්නේ ඒකට නෙවෙයි. තරහ මරහ වාෂ්ප කරන්නට නෙවෙයි. තරහ උළුප්පල එළියට ඇදල ඇති වන හැඟීම් හරහා හිතලා දැනුම්වත්කමක් ලබාගන්න. දැනුම්වත් වීම වෙනුවට පීඩනය වාෂ්ප කිරීම ගෝලීය තන්ත‍්‍රයට යළි හවුල් වීමක්.

මේ ගැඹුරු යථාර්ථය ඉදිරිපත් කරන එක අමාරුයි. ඒත් මේ නාට්‍යයේ හැම නිළියක්ම නළුවෙක්ම තමන්ගේ වැඩ කොටස නියමෙට ඉටු කරනව. අනෙක් අතට රාජිත දැන් පිරිපුන් අධ්‍යක්‍ෂකවරයෙක්. හරියට තමන්ට ඕන දේ එක්කාසු කරල ඉදිරිපත් කිරීමට ඔහුට හැකි වෙලා තියෙනවා. මට පුදුම හිතුණ බිමල් ජයකොඩි වගේ දැවැන්ත නළුවෙක් පොඩි කොටසක් කරන්න ඉදිරිපත් වීම ගැන. එයා කිව්වේ ලොකු වැඩකට කර ගහන්න දුන් වැඩ කොටස කළා කියල .

ඇත්තටම නිහඬවම පිටිපස්සේ සෙවණැල්ලක් වගේ හිටියට නාට්‍යයට එය අවශ්‍යම චරිතයක්. රටාවට අහුවෙලාද , නැද්ද කියල නොපෙනී ඉඳල යථාර්ථය ගැන යමක් කියන්නයි ඔහුට තිබුණේ. නළුවකු කියන්නේ තමන්ගේ වැඩකොටස් හරියට කරන කෙනෙක් මිස “ ලොකු “ චරිත බලාගෙන දඟලන කෙනකු මැද පංතික ගැහැනියක හැටියට චරිත නිරූපණය කළත් කාන්තාවාදී දැක්ම කතා විලාසයෙන් බැල්මෙන් ඉදිරිපත් කරනවා.

පවුල තුළ කාන්තාවට එන බර ගැන ඇගේ නොසතුටු බැල්මෙන් , ගැස්සිල්ලෙන් පෙන්වන්න ඇයට වඩා සමතියක මං තාම දැකල නෑ. අනෙක් නිළියත් ඉදිරිපත් කළේ අමාරු චරිතයක් . එය සාර්ථක නමුත් ඇගේ සිහින් කට හඬ වෙලාවකට ඇහෙන්නේ නෑ. වේදිකාවේදී හැම කෙනෙක්ම හයියෙන් කතා කරන්න ඉගෙන ගත යුතුයි කියලයි මං නම් හිතන්නේ . ජයසිරි ගැන කියල වැඩක් නැ. එය රඟපෑවේ නෑ, පණ පිහිටුවා මිසක,

හැම කෙනෙකු ගැන රස කථා ලියන්න පුළුවන්. ඒත් හැම කෙනෙකුම තමාගේ වැඩ කොටස් හොඳට කරන බවයි කියන්න වෙන්නේ. නිලමක්කාර සේවයක පහළම නිලධාරියා හැටියට දඟලන වැඩ කොටස නම් ලස්සනට ඉදිරිපත් වුණා. එන එන එකාට පන්දම් ඇල්ලීමේ සාස්තරය දියත් වන හැටි එතැනදී නිරුවත් වෙනව. රාජිත, මේ නාට්‍යයෙන් මකරා අපට විකට රූප මඟින් අඳුන්වල දෙන්නේ මකරාගේ වෛරයට තමන් පාත‍්‍ර වීමේ අන්තරාය ළඟ තියාගෙන.

නාට්‍ය දෙබස් ඉතා සියුම් ලෙස සකස් කර ඇත්තේ දැළිපිහි පාරවල්වලටත් වඩා තියුණූ ලෙසයි. තර්කයටත් එහා ගොසින් හේතුඵලවාදී කියුම්වලටත් ඉඩ සලසලා. “ යුද්ධයට හේතුව ත‍්‍රස්තවාදය නම්, ත‍්‍රස්තවාදයට හේතුව කුමක්ද? අජිත් අහනවා මේ ප‍්‍රශ්නය ඇමරිකාවේ බුෂ්ගෙනුත් අහන ප‍්‍රශ්නයක්. වේදිකාවේදී සෞම්‍ය ලියනගේ යෝධයකු ලෙස නැඟී සිටිනවා. ඔහුගේ හඩින් මතු වන රාජිතගේ සිතුවිලි පෙරළිකාර සමාජ තීරු විනිවිද යන හැටි තව ටික දවසකින් බලාගන්න පුළුවන් වේවි.

No comments:

Post a Comment