2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Tuesday 16 February 2010

සැබෑ ජීවිතයේදී රඟ නොපෑ හැබෑ නළුවා

Author: රවී රත්නවේල්
Source: Sarasaviya
Date: 11/02/2010
හො
ඳ නාට්‍යයකින් පුළුවන් ජීවිතය ඉගෙන ගන්න. විශාල මුදල් කන්දක් ළඟ ඉඳගෙන ලබා ගන්න බැරි මිහිරික් ජීවිතයට දැනෙනවා වේදිකවට නැග්ගම’.

රසික මනසේ රැඳෙන රංගනය තම අනන්‍යතාව කොටගත් හබරකඩගේ ඇලෝසියස් පෙරේරා හෙවත් එච්. ඒ. පෙරේරාට වේදිකාව ගැන තිබුණේ එබඳු හැඟීමකි.

පාසල් වේදිකාවේ දී මඟ හරින්න බැරි තැන වරක් රයිගමයාට පණ පොවා, තවත් පාසල් නාට්‍යයක් දෙකක් නිර්මාණය කර තිබුණත් එච්. ඒ. තුළ නළු සිහිනයක් කිසිදාක නොතිබිණ. ඔහුගේ පළමු පෙම වෙන් වී තිබුණේ සප්ත ස්වරය වෙනුවෙනි.

මෝදර කෝවිල ශිව රාත්‍රිය පහන් කළේ යාපනෙන් එහි එන ‘නාදස්වරම්’ ශිල්පීන්ගේ ‘නාදස්වර’ වාදනයෙනි. උපතින් කතෝලිකයකු වු එච්. ඒ. ට මෝදර හින්දු කෝවිල සැබවින්ම දෙව්ලොවක් වූයේ එයින් නැගෙන ඉමිහිරි සප්ත ස්වර නිසාවෙනි.

කෝවිලේ සංගීතයෙන් මත් වූ ඔහුට, අසල්වැසියෙකුගේ සර්පිනාවක හිමිකරුවකු වෙන්නට ලැබීම සංගීතය ඉගෙනීම කෙරෙහි ඔහු යොමුකර වූ හැරවුම් ලක්ෂය විය. නිල සංගීත අධ්‍යාපනයක් ලබනු වෙනුවට ඔහු කළේ තමන්ම සපයා ගත් සංගීත විෂයෙහි පොතපත ස්වෝත්සාහයෙන්ම ඉගෙනීමය.

ඒ අසංවිධත සංගීත අධ්‍යාපනය ඔහුට අමාරු කාර්යයක් නොවිණි. මන්ද, රිද්මය ඔහුගේ සිරුරට කා වැදී තිබුණු හෙයිනි.

ගමේම සංගීත ලැද තරුණ ගැටව් කිහිප දෙනෙකු එකතුව ඩොලැක්කියක්, සර්පිනාවක් සමඟ අටවා ගත් සංගීත කණ්ඩායමක එච්. ඒ. ද ප්‍රමුඛයකු විය. ගමේ හැම මඟුල් ගෙයකටම වැද ස්වේච්ඡාවෙන්ම සංගීත සාජ්ජ පැවැත්වීම එකල එච්. ඒ. ලාගේ සිරිත විය. මෙය එච්. ඒ. ගේ අතත්, කණත් වඩ වඩාත් සංගීතයට හුරු කරවීමේ තෝතැන්නකත් විය.

මෙසේ දන්නා දේ කරමින් වැඩිදුර සංගීතය ඉගෙනීමට පෙර මං බල බලා සිටි එච්. ඒ. ට ඔහුගේ මිතුරකු සුබාරංචියක් ගෙනාවේය.

‘ලයනල් වෙන්ඩ්ට්’ එකේ රංග ශිල්ප ශාලිකාවේ රඟපෑම් ගැන පංති පැවැත්වෙන බවත්, තමන් ද එහි යන බවත් කී මිතුරා එච්. ඒ. ට ද එහි එන්නැයි කීවේය.

එවිට එච්. ඒ. ‘මට ඕන ඇති රඟපෑමක් නෑ. සිතාර් ගහන්න උගන්නනවා නම් එන්නම්’ ඒ ගමන එච්. ඒ. කීය. මෙය ඔහුගේ ජීවිතය එහෙම පිටින්ම වෙනස් කරන ගමනක් වනු ඇති වග එදා ඔහුවත් නොසිතන්නට ඇත. නියමිත දිනයේ ශිල්ප ශාලිකාවට ගිය එච්. ඒ. මුලින්ම මුහුණ දුන්නේ ප්‍රශ්න කිරීමකටය.

‘නාට්‍යයක් එහෙම බලලා තියෙනවද?’

‘ඔව්’

මොකක්ද?’

ඒ වන විටත් නාට්‍යයක් බලා නොතිබුණ ද නාට්‍යකට අදාළ ටිකට් එකක් දැක තිබුණු මතකය විදිල්ලක් මෙන් සිහියට ආවෙන් එච්. ඒ. එය කියා දැමීය.

‘හුණුවටයේ කතාව’ එච්. ඒ. දුන් ඒ උත්තරයේ ප්‍රතිවිපාකය ද එසැනින්ම අතේ පත්තු විය.

‘මොකක්ද ඒ නාට්‍යයේ තමුන් කැමතිම ජවනිකාව’.

එවර එච්. ඒ. ට කට උත්තර නැති වූයෙන් ඔහු පළමුව කී අතේ් පැළවෙන බොරුව වසන්නට තවත් ගජබින්නයක් ඇද බෑවේය.

‘ඒක බලලා හුඟක් කල් නිසා මතක නෑ’.

තමන්ගේ ප්‍රශ්නවලට ලැබුණු ඒ අසාර්ථක උත්තර පසුපසින් වුව සිටින්නේ ඉතා හොද අනාගතයක් ඇති යෝධ නිර්මාණකරුවෙකුගේ අංකුරයක් වග එච්. ඒ. ගෙන් ප්‍රශ්න කළ ගාමිණී හත්තොටුවේගමට නිසැකයෙන්ම සිතෙන්නට ඇත. ඒ අනුව හත්තොටුවගම නියම කළ රංගන අභ්‍යාසයන්හි අකැමැත්තෙන් යෙදුණු එච්. ඒ. මතු දිනක මහා නාට්‍යකරුවකු, ප්‍රතිභාසම්පන්න රංගවේදියකු මතු නොව රංග කලා ගුරුවරයකු බවට ද පත් කිරීමේ අඩිතාලම ද එයම විය.

එච්. ඒ. ගේ මුල්ම නාට්‍ය ගුරුවරයා මෙරට වීදි නාට්‍යයේ පෙර ගමන්කරුවා වූ නිසාම එච්. ඒ. ද මුලින්ම රංගනයෙන් දායක වූයේ වීදි නාට්‍යයටය. වීදි නාට්‍යය සමගින් දස වසරක් පමණ ගෙවා දැමූ ඔහු ඉන් පසු වේදිකාවට ගොඩ විය.

එතැන් පටන් එදා මෙදාතුර ලාංකේය වේදිකාවේ දිග හැරුණු සුවිශේෂ ඝණයේ නාට්‍ය ගණනාවක් සමඟ එච්. ඒ. පෙරේරා යන නාමය අනිවාර්යම අත්‍යාවශ්‍ය අංගයක් බවට පත් වූයේ යාළුකම් නිසා නොව කුසලතාවය නිසාමය.

‘ස්පාටකස්’, සෙක්කුව‘, ‘ස්ත්‍රී’, ‘විනිශ්චය’, ‘ගැලීලියෝ’, ‘උත්තමාවී’, ‘සුදු හා කළු’, ‘නුඹ විතරක් තළඑලළුයි’, ‘සුබ සැන්දෑවක්’, ‘හිට්ලර්’, ‘වරෙන්තු’, ‘ඇමැති දියණිය’ ඇතුළු තවත් නාට්‍ය නිර්මාණ රැසක් එච්. ඒ. කවුරුද යන වග කියාපාන සාක්ෂි බවට පත් විය.

‘නුඹ විතරක් තළඑලළුයි’ නාට්‍යය එම වසරේ හොඳම සංගීත නිර්මාණයට හිමි යෞවන සම්මානය එච්. ඒ. වෙත දිනාදෙන්නට සමත් විය.

ඒ ආකාරයට ආරම්භ වුණු එච්. ඒ. ගේ සම්මාන පෙරහර ‘වරෙන්තුව’ නාට්‍යයෙන් තව තවත් ඔප වැටිණි. ඒ වසරේ හොඳම අධ්‍යක්ෂණය, හොඳම පරිවර්තනය, හොඳම නළුවා, හොඳම නිෂ්පාදනය සහ හොඳම සංගීත අධ්‍යක්ෂණය යන සම්මාන පහම හිමි වුණේ එච්. ඒ. ටය.

වේදිකාවේ සාරවත් නළුවකු වුණු එච්. ඒ. ට පුංචි තිරයේ දොර ඇරුණේ ‘ජනේලයෙන් ආ අමුත්තා’ නාට්‍යයෙනි. එය කලාවේ එච්. ඒ. ගේ කිට්ටුම ගමන් සගයකු වූ පරාක්‍රම නිරිඇල්ලගේ ටෙලි නළුවකිනි. අද වන විට යන එන මං නොදත්තකුගේ තත්ත්වයට පත්ව ඇති මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ එදා එච්. ඒ. ලාට යසෝරාවය නගන්නට හැකි වූයේ ඔහු තුළ තිබූ අතිශය ප්‍රබල වූත්, සහජය වූත් රංග ප්‍රතිභාව නිසාය. තම රංගන හැකියාව නිසාම අජීවි රූපවාහිනියෙන් මතු වී සජීවී මිනිසුන්ගේ ‘නෑදෑයෙක්’ වෙන්න තරම් ‘නෑදෑයෝ’ හි එච්. ඒ. රසිකයන්ට හෘදයාංගම වූයේය.

‘නෑදෑයෝ’ ටෙලි නළුවෙන් රටේම රසිකයන්ගේ නෑදෑයෙක් වුණ එච්. ඒ. ට ඔහුටම කියා සහකාරියක පවා හොයා ගන්නට විවේකයක් නැතිව ගියේ ඔහුගේ කාලය කලාවටම ගෙවී ගිය නිසාය.

එච්. ඒ. යනු භෞතික සම්පත් පසුපස ලුහු නොබැන්ඳ, තනතුරු තාන්න මාන්න ඉල්ලා අනුන් ඉදිරියේ වැද වැටුණු නිවටයකු නොවීය. එනිසාම කවදත් ඔහුගේ වාහනය වූයේ ඔහුගේම දහඩිය මහන්සියෙන් හරි හම්බ කර ගත් යතුරු පැදිය පමණි. එච්. ඒ. ගේ යතුරු පැදියත්, උපන් දා සිට පදිංචි වී සිටි මෝදර පුංචි ගේ පොඩ්ඩත්, දිස්නයක් නැති ඇඳුම් පැළඳුම් දකින ඇතැම් දුහුනන්ට සිතෙන්නේ එච්. ඒ. දුප්පතෙක් කියාය.

එහෙත් හදවතින් පොහොසත් මේ මිනිසා දවල් මිගෙල් රෑ දනියෙල් වැනි පුහු දුචරිතවාදීන්ට වඩා මිනිසත්කමින් පිරි සැබෑ කලාකරුවෙක් විය. එච්. ඒ. දුප්පත් නේදැයි අසල දුහුනන්ට ඔහු කීවේය. ‘මම දිනාගන්න උත්සාහ කළේ සෞන්දර්යය ජීවිතයයි.

එය මා ඉහළින්ම දිනා ගත්තා, අපේ රටේ මිනිස්සුන්ට කලාව ගැන සැබෑ සංවේදීතාවයක් තියෙනවා නම් මේ රටේ මිනීමැරුම් සිද්ධ වෙන්නේ නෑ. උගතා කියන්නේ ජීවිතයට සංවේදී වුණු කෙනාටයි. කිසිම සංවේදීකමක් නැති, හිස් මිනිසුන්ගෙන් ඇවිදින මළමිනී වගේ මිනිසුන්ගෙන් සමාජයට ඇති සෙතක් නෑ කියාය.

එච්. ඒ. ගේම මේ දැක්ම කෙරෙහි ඔහුගේ සවිඤ්ඤාණික දේශපාලන මතවාදය බලපෑවා විය යුතුය. දේශපාලනය යන්න ඔහු දැක්කේ්,

’මිනිසා විවිධ හේතූ®න්් මත බැඳ තබන, මිනිසාට විරුද්ධ ස්වභාවික හා මිනිස් සමාජය විසින් ඇති කර තිබෙන බැඳීම්වලින් මිනිසාව නිදහස් කරන එකට තමයි දේශපාලනය කියලා කියන්නේ. ඒක හරි අපූරුවට කලාවෙන් කරන්න පුළුවන්. ඒ හින්දා කලාකරුවෙකුට අමුතුවෙන් දේශපාලනය කරන්න ඕනෑය කියලා මම හිතන්නේ නෑ. මිනිසා එදිනෙදා කරන කියන දේ වලින් තමයි එයාගේ දේශපාලනය තීරණය වෙන්නේ’.

එච්. ඒ. ගේ ඒ මතවාදයත් ඔහුගේ දැක්මටම සමපාත වූවා විනා, පක්ෂ දේශපාලනයේ නාමයෙන් තම බඩ තර කරගන්නට හදන ඇතැම් අවස්ථාවදීන්ගේ අවස්ථාවාදයට කිසිසේත් සමපාත වන්නේ් නැත්තා සේය.

මෙරට ප්‍රධාන කලා භාවිතා මාධ්‍යයක් වී තිබූූ වේදිකාව ‘වරෙන්තුව‘, ‘හිට්ලර්’, පුංචි තිරයේ ‘යශෝරාවය’, ‘දූ දරුවෝ’, ‘නෑදෑයෝ’ සිනමාවේ ‘සාගර ජලය’, ‘අයෝමා’, ‘කෙළිමඬල’ යන සුවිශේෂී නිර්මාණ ඇතුළුව නිර්මාණ රැසක මෙකී මාධ්‍ය ත්‍රිත්වයේම නි්මාණශීලී ප්‍රවීණයකු වී සිටි එච්. ඒ. තමන් වැර වෑයමෙන්, කැපවීමෙන් උපයා ගත් දැනුම දුහුනන් වෙත බෙදී දීමෙන් ලැබුවේ අප්‍රමාණ සතුටක්. ඔහු ඒ දැනුම අරගෙන ඔහුට හැකි පමණින් රට වටා ගියේ ඒ නිසයි.

ලාංකේය කලා ක්ෂේත්‍රයේ ස්වකීය අනන්‍යතාව මැනවින් සටහන් කළ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිර්මාණකරුවකු, කලාකරුවකු වී සිටි එච්. ඒ. එදා මේ ගමන ආරම්භ කළේ අහම්බෙනි. ඒ නවකයන්ගේ දක්ෂතා දැක දෙපා වෙව්ලා, දක්ෂයාගේ ගමන ලත්තැනම ලොප් කරන කුහක ප්‍රවීණයකු නොවූ, නවකයකුගේ අනාගතය විනිවිඳීමට තරම් සමත් දැනුමක් හා දැක්මක් තිබූ රටේ අවාසනාවකට අද අප අතර නැති සැබෑ ප්‍රවීණයකු හා සැබෑ ගුරුවරයකු වූ ගාමිණී හත්තොටුවෙගම හමුවීමෙනි.

එච්. ඒ. තරුණායගේ හෙට දවස දකින්නට තරම් හත්තොටුවේගම සමතෙකු වූ බැවිනි. එදා එච්. ඒ. තරුණායගේ හෙට දවස දකින්නට තරම් හත්තොටුවේගම සමතෙකු වූ බැවිනි. එදා එච්. ඒ. තරුණයා තමන්ට අවශ්‍ය සංගීතය මිස රංගනය නොවේ යැයි මේ ප්‍රවීණයාට කියූ කළ හත්තොටුවේගම ‘ඔයා දිහා බලපුවාම කියනන්න පුළුවන් ඔයා කවදා හරි හොඳ නළුවෙක් වෙනවා කියලා. මම එහෙම කියන්නේ රඟපෑම ඔයාගේ ඇඟේ තැවරිලා තියෙන විත්තිය මට පේන හින්දයි.

ඒ නිසා මම නම් කියන්නේ සංගීතය පැත්තකට දාලා රංගනයට බහින්න කියලයි’.

අවසානයේ එච්. ඒ. තරුණායට ඒ ඉල්ලීමට පිටුපා යන්නට බැරි තැන රංගනයට බසින්නට සිදු විය.

එතැන් පටන් ලාංකේය වේදිකවේ, සිනමාවේ, ටෙලි නළුවේ දිගහැරුණු හරවත් චරිත රැසකට ජීවය දුන් ඔහු අවසන ඔහුගේ නිසඟ හැකියාවන් ගේ මතකයන් එච්. ඒ. යන ආදරණිය නාමයත් සදා අපගේ මතකයේ රඳවා තබා පසුගියදා සමාදානයේ සැතපෙන්නට යන්නට ගියේය.

No comments:

Post a Comment