2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Wednesday 14 December 2011

රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන 6 ක්‌ දිනූ නුවන්ගේ මිතුරෝ

Author: Udesha Sajeewa Gamage

Source: Divaina

Date:11/12/11


නාට්‍යයේ නිෂ්පාදක

සොඳුරුට වයස අවුරුදු 13 යි

සම්මාන හයෙන් තුනක්‌ම

තාත්තාට, අම්මාට හා පුතාට

ළමා නාට්‍ය කලාව පිළිබඳව තවමත් අපේ රටේ වැඩි අවධානයක්‌ යොමු වී නැති මොහොතක, එය ප්‍රවර්ධනය කිරීමෙහිලා වැඩි වෙහෙසක්‌ දරන නාට්‍යකරුවන් බොහොමයක්‌ ඇගයීමකට ලක්‌ කළ යුතු යෑයි විශ්වාස කරමු.

ළමා නාට්‍ය යන සංකල්පයෙහි ඇති වැදගත්කම ජනතාව අතරට යා යුත්තේ ඇයි? යන්නට හොඳම පිළිතුර වන්නේ, දරුවන්ගේ හදවත් තුළට හොඳින් කාවැද්දිය හැකි අයුරින් යමක්‌ ඉදිරිපත් කළ හැකි මාධ්‍යයක්‌ ලෙස ළමා නාට්‍ය බොහෝ සෙයින් වැදගත් බවය.

පාලිත ලොකුපෝතාගම මේ බව තදින්ම අදහන්නෙකි.

ගිරිඋල්ලේ පිහිටි ළමා හා යොවුන් නාට්‍ය පර්ශදය මගින් ඉදිරිපත් කරන ලද "නුවන්ගේ මිතුරෝ සත්දෙනා" නාට්‍යය පසුගිය රාජ්‍ය ළමා නාට්‍ය තරගාවලියේදී සම්මාන හයක්‌ දිනා ගැනීමට සමත් විය. මේ දරුවන් වෙනුවෙන් විශාල මෙහෙවරක්‌ ඉටුකරනු ලබන ළමා හා යොවුන් නාට්‍ය පර්ශදය මෙහෙයවනු ලබන්නේ "පාලිත ලොකුපෝතාගමයි." පාලිත වසර එකොළහට ආසන්න කාලයක්‌ සිය පර්ශදය මගින් මේ කාර්යයෙහි නියෑළී සිsටින්නේ ගිරිඋල්ල වික්‍රමශිලා විදුහලේ නාට්‍ය ආචාර්යවරයා ලෙස කටයුතු කරන අතරවාරයේමය.

"නුවන්ගේ මිතුරෝ" නාට්‍ය සඳහා පාලිත සම්මාන හයක්‌ දිනාගැනීමට සමත් වන්නේය. එහි පිටපත රචනා කර ඇත්තේ පාලිත ලොකුපෝතාගම විසින් වන අතර නාට්‍ය නිෂ්පාදනය කර ඇත්තේ පාලිතගේ පුතු වන "සොඳුරු ලොකුපෝතාගමයි". නාට්‍යයේ සංගීතය සපයා ඇත්තේ වික්‍රමශිලා විදුහලේ සංගීතාචාරිනී පාලිතගේ ප්‍රිය බිරිඳ ලංකා කුමාරි කරුණාරත්නයි.

ළමා නාට්‍යයකට සම්මාන හයක්‌ හිමිවන අතරවාරයේ එම සම්මානයන්ගෙන් තුනක්‌ම එකම පවුලේ තිදෙනකුට හිමිවීමත් සුවිශේෂය.

නාට්‍යයේ නිෂ්පාදක "සොඳුරු ලොකුපෝතාගම" තවමත් 8 වසරේ ඉගෙනුම ලබන දරුවෙකි. ඔහු 13 හැවිරිදි වියෙහි පසුවන්නේය. මේ පිළිබඳව දැනෙන හැඟීම කෙබඳුදැයි විමසූ විට සොඳුරුගේ පිළිතුර වූයේ ඉතාම සරල එකකි.

"මම පොඩි කාලේ ඉඳලා මේ නාට්‍යයත් එක්‌ක හිටියා. ඒකට මට ලොකු හයියක්‌ වුණේ මගේ තාත්තා. මම මේ නාට්‍ය නිෂ්පාදනය කරද්දී මට එතරම් ගැටලුවක්‌ මතුවුණේ නෑ. විශේෂයෙන් නාට්‍යයට සහභාගි වූ අනෙක්‌ පිරිසත් මට හොඳ සහායක්‌ ලබා දුන්නා.

"සොඳුරු" ඉතා සොඳුරු ලෙස සිය ජයග්‍රහණයේ සතුට අප සමඟ බෙදා හදා ගත්තේය.

ඉතා කුඩා වියෙහිදීම ළමා නාට්‍යයක්‌ නිෂ්පාදනය කර ඊට සම්මාන හිමිකර ගැනීම විශේෂත්වයක්‌ වන නිසාම ළමා නාට්‍යය පිළිබඳව "සොඳුරු" සිතන්නේ කවරක්‌දැයි අපි විමසුවෙමු.

ළමයින්ට ගැළපෙන ළමයින්ගේ සිත්ගත් කතා තේමාවකින් යම් පූර්වාදර්ශයක්‌ ලබාදිය හැකි නිර්මාණයක්‌ හැටියටයි, මම ළමා නාට්‍ය දකින්නේ.

සොඳුරු පවසන්නේය. ඒ සරල පිළිතුර තුළ කෙතරම් ගැඹුරු අරුතක්‌ ගැබ්ව ඇත්දැයි විමසා බැලිය යුත්තකි.

සොඳුරු සිය දක්‍ෂතාවන් සහජයෙන්ම උරුම කරගත්තක්‌ සේම, මවගේ හා පියාගේ හුරුව නිසාම නිරන්තර අභ්‍යාසයක්‌ ලෙස ප්‍රගුණ කරන්නේය.

"මේ නාට්‍යයේ මට ලබුණු "නුවන්" කියන චරිතය බොහෝම සෙල්ලමට කැමැති, ඉගෙනීමට හා වැඩ කරන්නට අකමැති චරිතයක්‌. මේක ටිකෙන් ටික වෙනස්‌ වෙලා. "නුවන්" ඉගෙන ගන්න, වැඩ කරන්න ආශා කරනවා. මට මගේ පියා, මේ චරිතය ඉස්‌මතු විය යුතු ආකාරය ගැන පැහැදිලි කරලා දුන්නා. හැබැයි ඒක මට අභියෝගයක්‌ වුණා. මීට කලින් මම කරලා තියෙන චරිතවලට වඩා මෙය වෙනස්‌ චරිතයක්‌."

සොඳුරු කියන්නේය. සොඳුරුට සිය අධ්‍යාපන කටයුතුවලදී සේම නාට්‍යකරණයේදීද "බොහෝ දේ" කරන්නට අවශ්‍යව ඇති බව කතාබහේදී කියවිණි. ඊට ඔහු තුළ ඇති නිසඟ කුසලතාව පිළිබඳව සොඳුරුගේ මව කියන්නේ මෙබන්දකි.

"පුතාට පොඩි දවස්‌වල ඉඳලා මේ ආභාශය තිබුණා. නිවසේදී පාසලේදී අනිත් අය අතරින් කැපී පෙනෙන චරිතයක්‌ බවට පුතා පත්ව සිටියා. හැබැයි පුතා කිව්වා වාගේම මේ චරිතය එයාට යම් තරමක අභියෝගයක්‌ වුණා. මොකද නාට්‍යයේ මුල ඉඳලා අවසානය වන තෙක්‌ම එයා වේදිකාවේ රැඳිලා ඉන්න ඕන අවස්‌ථා වැඩියි. එතකොට නාට්‍යයක්‌ නිෂ්පාදන කරන ගමන්, ඔහු චරිතයටත් සාධාරණය ඉෂ්ට කළා කියන එක ඔප්පු වෙනවා. එයාට හොඳම නිෂ්පාදකයාටත්, හොඳම නළුවාටත් හිමි සම්මාන හිමිවීමෙන්ම."

ඇය කියන්නීය. එපමණකුදු නොව, ඒ දක්‍ෂතාව තමාගේ පුතුට පමණක්‌ නොව රටේ බොහෝ දරුවන්ට ද උරුම වියයුත්තක්‌ බව ඇය කියන්නීය.

"අපේ දරුවා විතරක්‌ නොවෙයි, රටේ දක්‍ෂතාවන් තියෙන තවත් බොහෝ දරු දැරියන් ඉන්නවා. නමුත් ඒ අයට බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ හරිහැටි තමන්ගේ දක්‍ෂතාවක්‌ එළිදක්‌වන්න මගක්‌ නැති වීමයි."

ඊට ඌනපූර්ණයක්‌ එකතු කරමින් "පාලිත" පවසන්නේ අපේ රටේ මුල් කාලයේ ඉඳලම ළමයින් වෙනුවෙන් නාට්‍ය කරනවාය කියන තැන හිටියාට එහෙම වටපිටාවක්‌ නියමාකාරයෙන් ගොඩනැගුණු බවක්‌ පේන්න නෑ. ඒකට හරි ප්‍රේක්‍ෂකාගාරයක්‌ ගොඩනැගුණු බවක්‌ පේන්න නෑ. නමුත් ඒ අවශ්‍යතාව දරුවන් තුළ මතුවී තිබෙන බව රාජ්‍ය ළමා නාට්‍ය උළෙල බලන ඕන කෙනකුට තේරෙනවා."

ළමා නාට්‍යවලට අවශ්‍ය "හොඳම" වටපිටාවක්‌ සකස්‌ කරන්නට අවධානය යොමුවිය යුතු අතර කල්පනා කරන්නේ නම් "සොඳුරු" වැනි තවත් බොහෝමයක්‌ දරුවන්ගේ වෑයම සොඳුරු කරන්නක්‌ විය හැකිය.

උදේශ සංජීව ගමගේ


No comments:

Post a Comment