Date:17/11/2009
Source: www.boondi.lk
ඉන්දික පර්ඩිනැන්ඩූ ගේ කොළම්බු, කොළම්බු අමුතු ඒත් හිත් ඇදගන්නා නාට්‍යයක්. උඩින් පල්ලෙන් බැලූවොත් ඒක නල්ල තම්බි වගේ හිනා යන නාට්‍යයක් කියල හිතෙයි. මොකද? ඉල ඇදෙන හිනා යන කෑලිවලින් පිරිලා හන්දා. ඒත් ඒක ඇස්බැන්දුමක් විතරයි. යටින් තියෙන්නේ කෙළඹ නගරය තුළ දිළිඳුකම ගැන විමුසුමක්. ඇත්තටම ආදරයේ දිළිඳුකම කිව්වොත් නිවැරදියි. ආදරයේදී තැලෙන්නේ ගැහැණිය හින්දා ගැහැනියගේ ළතෝනිය කිව්වොත් වඩා නිවැරදියි. ඇත්තටම ඒ ළතෝනිය මට දැනුත් ඇහෙනව, ඇහෙනවා වගේ. හැම තැනම ඉඳිකටුවලින් ඇනෙනවා වගේ. කියන්න බැරි දුකක් දිගටම පවතිනවා. සෞම්‍ය ලියනගේ මුලින්ම කිව්වා, මේක ''අනෙකා'' පිළිබඳ කථාවක් කියලා. මං කැමැති නැහැ ඛ්ජ්බගේ පටලැවිලි කියුම් එක්කල පොරබදන්න. ඒත් මං කොයි එකටත් The Four Fundamental Concepts of Psycho - Analysis පෙරළලා බැලූවා. ලකාන්ගේ ලටපට කියවන හැම වෙලාවකම අලූත් දෙයක් හිතට එනවා. ලකාන් කියන දේට වඩා වැදගත් මට දැනුන දේ. මිනිසාගේ බඩගින්න, ලැගුම්ගින්න ආදී හැම ගින්නකටම වඩා ආදර ගින්න ශක්තිමත්. ඒ පරපුරක් පිළිබඳ බැඳීම එයට අනුගත වෙලා තිඛෙන නිසා. දැන් එහෙම බැඳිල නැති වුණත් ලිංගික මෙහෙයුම තෘෂ්ණාවේ ප්‍රධාන මෙහෙයුම වෙලා. මේ තෘෂ්ණාව ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මමත්වය යටි හිතට ඇතුල් කරනවා. තෘෂ්ණාවේ මෙහෙයුම වෙනම තර්කයක් අනුවයි ක්‍රියා කරන්නේ. උපායශීලීව ජයගැනීම තමයි තීරණාත්මක සාධකය. ඒත් තෘෂ්ණාවේ මෙහෙයුමට අභියෝග කරන අධ්‍යාත්මයක් තියෙනවා. ෆ්‍රොයිඩ්, ලකාන් මොන දේ කිව්වත් මේ අනෙකා නැත්නම් හෘද සාකෂිය, නැත්නම් අධ්‍යාත්මය මිනිසාට එන්නේ, මිනිස් පරපුරේ ආරම්භයේ ඉඳලා පරපුරෙන් පරපුරට. මිනිස් දරුවා උපතේදි ඉතා අසරණයි. ඒ නිසා අම්මා ඇතුලූ අම්මාවරුන්ගේ දැලක් උඩයි ජීවිතය තියෙන්නේ. පියාත් වැදගත් අම්මාවරුන්ට පිළිසරණය වෙනවා නම්. නැත්නම් පියාගෙන් දරුවට ඇති වැඩක් නෑ. මෛත්‍රිය, කරුණාව, මුදිතාව හා උපේකෂාව මිශ්‍ර වුණ මව් සෙනෙහස නැත්නම් මිනිස් උපතක් නෑ. ඒ නිසා තෘෂ්ණාවේ මෙහෙයුම පිටුපස හඹා ගෙන එන අනෙකා වෙන කිසිවක් නෙවෙයි, මව් සෙනෙහසයි. ''මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට'' යන්නට වෙනස්ව ''මෙහෙමද පුතේ කිරි දුන්නේ මා නුඹට'' කියල අම්මාවරුන් හැම විටම ප්‍රශ්න කරනවා.
කොළඹ නගරයේ උජාරු ආටෝපකාරී ධනපති ජොලි කෙරුවාවල් අස්සේ නිර්ධන, පීඩිත ජනයා ගින්නෙන් දැවෙමින් ජීවත් වෙනවා. විහාර මහා දේවි පාර්ක් එකට යන පෙම්වතුන්ට ලගින්න තැනක් නෑ. ඇත්තටම කොළඹ උද්‍යාන වැහැරිලා ගිහින්. මං 1953 කොළඹ ආ දවස්වල විහාර මහා දේවි උද්‍යානය මොන තරම්, විශාලද, ලස්සනද. එදා කැම්බල් පාර්ක් එකත් රූස්ස ගස්වලින් පිරුණ විශාල උද්‍යානයක්. අද වෙන කොට දිළිඳු බව තීන්දු කරමින් උද්‍යාන පිරිහිලා. ගැහැණියට තම සෙනෙහස තුළින් පිරිමියා බැඳ ගන්නට ඉඩක් නෑ. පිරිමියා සෙනෙහසේ දැළෙන් බැඳ ගත්තේ නැත්නම් ගැහැනිය පරාදයි. එක්වීමත් පවුලකුත් නැතිව අනාථ වෙන්නට වෙනවා. නැත්නම් සියදිවි නසා ගන්න වෙනවා. පිරිමියාගේ අවසානය අවසානයක් නැතිකම. ගොළු හදවත අතින් තියාගෙන, රුදුරු ලිංගික ගින්නට පිළිතුරු සෙවීමයි ඔහුට කැප. ඒ වයසක තනිකඩයා අපට නාට්‍ය පුරාම චරිතයක් හැටියට හමුවෙනවා. සෞම්‍ය ලියනගේ මේ තනිකඩයා, නීතියෙන් විවාහ වුණත්, හිස් මිනිස් ජීවිතයක් හැටියට අපිට ඉදිරිපත් කරනවා. සෙනෙහසින් තොර ආදරය මිනිස්කම මරා දමන ක්‍රියාවක් බවට පත්වෙනවා. ලිංගික ක්‍රියාවක් පමණක් නම් එයට අවශ්‍ය ගැහැනු ඇඟක් විතරයි. තරමක් රස්නෙට තිබුණොත් වඩා හොඳයි. Necrophilic ලිංගිකත්වය ඇරුමයක් නොවෙයි. සෙනෙහස මරා දැම්මොත් කාටත් උරුම වෙන්නේ මිනී ලිංගිකත්වයක් පමණයි. තෘෂ්ණාවේ පරම ජයග්‍රහනය එයයි. එයට ඇත්තටම ස්ත්‍රී පුරුෂභාවයක් නෑ. මොකද, කොයි යටි සිතෙත් පවතින්නේ තෘෂ්ණාවත්, සෙනෙහසත් අතර එකම අරගලයයි.
බොරැල්ලේ උමං හන්දිය තුළදී නගරයේ සුපිරි ජයග්‍රහන පතා ආ ගමේ තරුණයා නගරයේ ගැහැනියට දෙන ආදර පොරොන්නදුවල තරම හෙළිදරව් වෙනවා. ඇය නගරයේ නැට්ටිච්චියක් ලෙසට යන එන එකෙක් දැක්කත් පැලේ වසන රන්මලීට වඩා ඇය කැප වුණ වගකීමක් ඇති ගැහැනියක්. ඒත් ඇයගේ වගකීමට පයින් ගහල යන්නට තරම් ගැමි තරුණයාගේ හිස් බව ශක්තිමත්. නගරය හැම විටම හැම කෙනෙකුටම සුපිරි සිහිනයක් ලබා දෙනවා. වෙනකක් තියා බෝම්බයක් හොයා ගත්තත් කල්ලමරේ. මොන දෙයින්ද සල්ලි හොයන්න බැරි. ඒත් කොයි තරම් සිහින කඩා වැටුන තරුණයන් නගරයේ රස්තියාදු වෙනවද? කොළඹින් ගමන් ගන්නා බස් එකකට ගොඩවෙන අය මොන මොන දේවල් බස් ගමන තුළින් බලාපොරොත්තු වෙනවද? අවංකව බස් එකට ගොඩවෙන්නේ ඇත්තටම රැකියාවෙන් හෙම්බත් වෙලා ගෙදර යන නිර්ධනයා විතරයි. අනෙක් අය හැම කෙනෙක්ම බස් ගමනට සාප කරන අය. ඒ අයට ලැජ්ජයි බස් එකට වැටුන එක ගැන. බස් ගමන තුළ ගැහැනියට ලඛෙන්නේ තුට්ටු දෙකේ සැලකිල්ලක්. කිසිම හිරිකිතයක් නැතිව තෘෂ්ණාවේ මෙහෙයුම ජයගෙන සෙනෙහස වලපල්ලටම තල්ලූ කරනවා.
නාට්‍යයෙන් පෙන්වන මේ කියූ නොකියූ සියල්ල ඉතාම විහිළුසහගතයි. මොකද, අපි දන්න දේවල්, ඒ විදියටම මතු වෙනකොට ඉතාම හාස්‍යජනකයි. යටින් ක්‍රියාත්මක වන දේ කුතුහලය විතරයි ඇති කරන්නේ. එත් රංගනයෙන් මේ සරළ රංගන හැසිරිම් උඩට අරන් පෙන්නනකොට මොන තරම් විහිළු සහගතද? හැබැයි හරියට වචන ටික ගලප්පල එළියට එන්න ඕන. ඒ වැඩේ නම් හැම නිළියක්ම නළුවෙක්ම අකුරටම කරනවා. ඒ නිසා මුළු සභාවම හූ කිය කියා හිනහා වුණ වෙලාවලූත් තිබුනා. හැබැයි අන්තිමට හැමෝම ගල් ගැහිල වගේ බලන් හිටිය. ගැහැණියගේ මරණය, ජීවත් වුන ගෑනුන්ගේ විලාපයන් දහසකට වඩා ශක්තිමත්ව නැගී හිටිය. ආදරයේ දරිද්‍රතාවය හරියටම එළි වෙන්නේ අවසානයේදීයි. තීන්දුව පැහැදිලියි. නගරයේ දිළිඳුකම තුළත් මනුස්සකම රැකගන්නට නම් සෙනෙහස මගින් ආදරයට බැහැපන්. නැත්නම් මළ මිනී පස්සේ ඇවිදපන්. එච්චරයි ඉතිරි වන ජීවිතය. ඇත්ත දිළිඳු කම සෙනෙහස නැතිවීම. මෛත්‍රිය, කරුණාව, මුදිතා හා උපේකෂා මගින් තෘෂ්ණාවේ රාග මෙහෙයුම් පරාජය කරන්න බැරි නම් ඒක තමා දිළිඳු කමේ පතුළටම වැටීම, අනෙකා, නැත්නම් අධ්‍යාත්මය නැත්නම් ජගන්මාතාව අපට කථා කරල අහනව ''මොහොමද දුවේ, කිරි දුන්නේ මා නුඹට'' කියලා. මිනිසා බිහි වූ දා පටන් අවුරුදු එක් ලකෂ පනස් දාහක් කාලය තුළ, ඊවාගෙන්, කාලිගෙන් පටන් ගෙන එකම වැදැමහකින් බැඳුන අම්මාවරු අපේ යටිහිත තුළ සැඟවී බලා ඉන්නවා. ඒ බැල්ම විනිවිද යන ඒ බැල්ම The Gaze මට හැගෙන්න බෑ. බුදු අම්මේ මට සමාවෙන්න.
මේක නාට්‍යයක් නෙවෙයි, තමන් ගැන විපරමක්. විපස්සනා දැහැනට මුල පිරීමක්. රංගනය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. විස්මිත ඉදිරිපත් කිරීමක්. යුද්ධයෙන් රට විනාශ කළත් කලාව නැති වෙලා නෑ. ඒ ගැන කොච්චර සංතෝෂද?

No comments:
Post a Comment