2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Thursday 26 August 2010

සමාජ සද්කාර්යයක් වෙනුවෙන් දමයන්ති ෆොන්සේකාගෙන් දෙබිඩ්ඩෝ විශේෂ දර්ශන 2ක්

Author: Ravi Rathnavel
Date:19/08/2010
Source: Sarasaviya

අගෝස්තු 25 වැනි දා මගේ උපන් දිනේ. එදාට මගෙන් යම් සේවයක්, සහනයක් ලැබෙන්න ඕන අයට මට පුළුවන් විදිහට යමක් කරන එක මගේ පුරුද්දක්. පසුගිය කාලවල ශ්‍රවණ ආබාධ තියෙන දරුවන් වෙනුවෙන් සේවය කළා.

මේ උපන් දිනේට ආබාධිත දරුවන් 54 දෙනෙකුට අවශ්‍ය බෙහෙත් අරන් දෙන්න තීරණය කළා. ඒකට ආධාර පිණිස අගෝස්තු 25 වැනි දා සවස 3.30 ට හා 7.00 ට ලයනල් වෙන්ඩ්ට් එකේ ප්‍රසන්න විතානගේ ඒ කියන්නෙ මගේ සැමියා අධ්‍යක්‍ෂණය කරන “දෙබිඩ්ඩෝ” වේදිකා නාට්‍ය වේදිකා ගත කරනවා.

මේ නාට්‍ය වැඩි පිරිසකට රස විඳින්න පුළුවන් හරවත් නාට්‍යයක්. ඒ වගේම මනෝරත්න, ජය ශි‍්‍ර චන්ද්‍රජිත් එක්ක ප්‍රසාද්, ජයනි, සුලෝචනා වගේ අලුත් පරපුරත් එකට එකතුවෙලා ඉන්නවා. මමත් මේ නාට්‍යයට රංගනයෙන් දායක වෙනවා. දෙබිඩ්ඩෝ නාට්‍ය කණ්ඩායමත් මේ සද් කාර්යයට බොහොම කැමැත්තෙන් දායක වෙනවා.

මත්තෙගොඩ කැමිලා පාසලේ ඉන්න දරුවන්ට තමයි මේ ඖෂධ අවශ්‍යතාවය තියෙන්නෙ. ඒ ප්‍රදේශයේ පදිංචිවෙලා ඉන්න කෙනෙක් හැටියට මගෙනුත් යම් සේවයක් මේ පාසලටත්, එකේ ඉන්න දරුවන්ටත් වෙන්න ඕන නිසයි මම මේක තෝර ගත්තෙ.

උපන් දිනය වගේ සුබ දවසක අනවශ්‍ය දේවල් කරමින් මුදල් නාස්ති කරනවට වඩා තමන්ගෙ කිට්ටුවන්නයන් සමඟ බොහොම චාම් විදිහට ඒ දවස සමරන අතරෙ සමාජයටත් අපෙන් වෙන්න ඕන යුතුකම කලාකාරියක හැටියට ඉෂ්ඨ කරන්න ඕනය කියලයි මම හිතන්නෙ.

පසුගිය කාලෙ ශ්‍රවණ ආබාධ සහිත දරුවන් පුනරුත්ථාපනය කිරීමේ කටයුත්තට මම දීර්ඝ කාලයක් සම්බන්ධ වෙලා හිටියා. මේ පුංචි ළමයින්ට නාට්‍ය උගන්නන්න ගිහින් තමයි අධ්‍යක්‍ෂණ පැත්තට යොමුවෙන්න අඩිතාලම වැටුණේ. ඊළඟට මගේ ලොකු අයියගේ දුව ශ්‍රවණ ආබාධයක් තියෙන දරුවෙක් නිසා එයා ඉගෙන ගත්ත පාසලේ ළමයින්ට අවුරුදු 12 ක විතර කාලයක් හඬ පුහුණුව හා කතාව පුහුණු කරලා ඒ අය යොදාගෙන නාට්‍යයකුත් කළා.

මේ අයගෙන් චිත්‍රවලට දක්‍ෂ අයගෙ චිත්‍ර ප්‍රදර්ශන පුංචි පුංචි නාට්‍ය වගේ නිර්මාණාත්මක පැත්ත මතු කරලා ගන්නත් අපට පුළුවන්. ඒකට ගුරුවරුන්ගෙන් විශාල සහයෝගයකුත් ලැබුණා. ආබාධ සහිත දරුවන්ට මේ විදිහට අවස්ථාවන් උදා කරලා දුන්නාම ගෙවල්වල හංගගෙන ඉන්න අයත් තමන්ගෙ ආබාධිත දරුවන්ව සාමාජගත කරන්න පෙළඹෙනවා.

අපි අපේ අයියගෙ දුව (ආකාස කුසුම් චිත්‍රපටයේ රඟපෑ ළමා නිළිය) ගැන ප්‍රසිද්ධියේ කතා කළ නිසා දළුගම ශ්‍රව්‍යාබාධ පාසලට ඒ වගේ ආබාධ සහිත තමන්ගේ දරුවන්වත් යොමු කරන්න දෙමවුපියො පෙළඹුණා. මෙන්න මේ වගේ දේවල් වලින් සමාජය විමසිලිමත් වෙලා පිහිටක් අවශ්‍ය අයට පිහිට වෙන්න ඉදිරිපත් වෙනවා. මේ වගේ වේලාවක අපි අවංකව මේ දේට කැපවෙමින් සමාජය දැනුවත් කරන්නත් මේක අවස්ථාවක් කරගන්න ඕන. ශ්‍රව්‍යාබාධිත දරුවන්ටත් සාමාන්‍ය අය වගේ වැඩ කරන්න හැකියාව තියෙනවා.

ඒ නිසා ඒ අයට දියුණු වෙන්න, හොඳින් සමාජ ගතවෙන්න උදව් කරන එක අපේ යුතුකමක් හා වගකීමක්. ඒ නිසයි ඒ වගේ පිරිසකට පුළුවන් විදිහකට උදව් කරන්න මගේ උපන් දිනේ නිමිත්තෙන් දෙබිඩ්ඩෝ පෙන්නන්න යොදා ගත්තේ. සමාජ සේවයටත්, කලාවටත් කැමැති හැමෝටම මේ සද්කාර්යයට දායක වෙන්න කියලා ආරාධනා කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා.

No comments:

Post a Comment