2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Sunday 23 May 2010

විද්‍යාරත්නගෙන් සම්මත අසම්මත කෝලම් සම්ප්‍රදායට නව ප්‍රවේශයක්‌

Author: ලක්‌මිණී
Source: Divaina
Date: 16/05/2010

ලාංකීය නාට්‍ය ඉතිහාසයේ පළමු යුගය නාඩගම් වූ අතර දෙවැනි යුගය නූර්ති ලෙස හඳුන්වයි. නූර්ති යුගය ගත් කල එහි ආරම්භකයා සී. දොවන් බස්‌තියන්ය.

මෙසේ 19 වැනි ශතවර්ෂයේ අගභාගයේ දී නූර්ති යුගය ආරම්භවීමට පෙර නාඩගම් යුගයේ අවසන් අවදියේ දී එනම් 18 වැනි ශතවර්ෂයේ පැවතියේ කෝලම් නාට්‍ය සම්ප්‍රදායයි. සුරඹා බලි, චිත්‍ර බලි, අනඟ බලි ආදී පහතරට නර්තන සම්ප්‍රදායන් මුසු කරගනිමින් නිර්මාණය වූ මෙම කෝලම් නාට්‍ය සම්ප්‍රදාය හැඬ වුණේ පෘතුගීසි කෝලම, නොංචි කෝලම, ජසයා හා ලෙන්චිනා ආදී කෝලම් චරිත වටාය. මේ අයුරින් ග්‍රාමීය මට්‌ටමින් පැවති මෙම සම්ප්‍රදාය පසුකාලීනව වෙනස්‌ ආරක්‌ ගනිමින් නූර්ති යුගයට පැමිණ එයද ඉදිරියට ගෙන යමින් ටවර්හොල් නාට්‍ය ඇරඹිණි.

එසේ ඇරඹි මෙම ටවර්හෝල් නාට්‍ය සම්ප්‍රදාය තුළ වර්තමානය වන විට බොහෝ නාට්‍ය නිර්මාණකරුවන් සේම රංගන ශිල්පීන් බිහිවන බිහි දොර බවට පත්වී ඇත.

ඒ අය අතරින් විද්‍යාරත්න ප්‍රනාන්දු ශිල්පියාට විශේෂ ස්‌ථානයක්‌ හිමිවන්නේ සිංහල අපේකම රැඳි යටපත් වී ගිය ඒ කෝලම් නාට්‍ය සම්ප්‍රදාය නැවතත් වර්තමාන වේදිකාවට ගෙනඒමට ගත් උත්සාහයේ මංගල දැක්‌ම මේ මස විසි එක්‌වෙනිදා පස්‌වරුවේ දිග හැරෙන නිසාය.

සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයකු වූ කේ. එස්‌ ප්‍රනාන්දු මහතාගේ පුතුනුවන් වන විද්‍යාරත්න ප්‍රනාන්දු පරම්පරාවෙන් ලද ඒ ආභාෂයත් සමග ජයලත් මනෝරත්නයන්ගේ ගුරු තරැව, සඳ ගිර, කනේරුමල්, අන්දරේලා වැනි නාට්‍ය නිර්මාණ සමග එක්‌ව වේදිකාව මත සම්මානයට ද පාත්‍ර වූ නිර්මාණකරුවෙකි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ නර්තන ආචාර්යවරයකු ලෙස සේවය කරන විද්‍යාරත්න ප්‍රනාන්දු ඒ ලැබුණු අත්දැකීම් එක්‌කරගනිමින් කෝලම් සම්ප්‍රදාය ආශ්‍රිතව ගොඩ නැගුණු නාට්‍යයක්‌ ලෙසට "සම්මත අසම්මත" වේදිකාවට ගෙන ඒමට සූදානම්ව සිටී.

වර්තමාන සමාජ රටාව තුළින් අපේ සංස්‌කෘතියට වන හානිය හුවා දක්‌වමින් ඉදිරිපත් කරන "සම්මත අසම්මත" කෝලම් නාට්‍යය සඳහා සාම්ප්‍රදායික කෝලම් රඟමඬලට අමතරව දෙවන පරපුරක්‌ ද නියෝජනය කෙරේ.

සම්ප්‍රදායික බෙර හඬ, නාද රටා ඇතුළුව වර්තමානයට ගාලපෙන පරිදි ගීත කිහිපයක්‌ද "සම්මත අසම්මත" තුළින් ප්‍රේíකයා හමුවට ගෙන එනු ලබනවා.

ජානක ෆොන්සේකාගේ සංගීත නිර්මාණයෙන් හා මහාචාර්ය ලයනල් බෙන්තරගේ අතින් නිර්මාණය වුණු අලුත්ම වෙස්‌ මුහුණු වලින් හැඬ වුණු මෙම කෝලම සඳහා රංගන ශිල්පීන් ලෙසට රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, ගිරිරාඡ් කෞෂල්‍ය, අජිත් ලොකුගේ, ඇතුළු ඉන්දිකා ජයසිංහ, සංජීව දිසානායක උපේíd සාරංගි, සුජානි නිසංකා වැනි ප්‍රවීණ මෙන්ම නවක ශිල්පීන් රැසක්‌ රංගනයෙන් එක්‌වේ.

පහතරට ශාන්ති කර්ම ආශ්‍රිතව හා ඒවාට අදාල බෙරපද, ගායනා ආදිය එකතුකරගනිමින් ලබන 21 වැනිදා සවස 6.30 ට ජෝන්ද සිල්වා රංග ශාලාවේදී දිහ හැරෙන "සම්මත අසම්මත" කෝලම නැරඹීමට දේශීය කලාව රසවිදින සැමට පැමිණෙන ලෙස විද්‍යාරත්න ප්‍රනාන්දු කලාකරුවා සුහද ඇරයුමක්‌ ද මේ සමග කර සිටිනවා.


No comments:

Post a Comment