2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Tuesday, 31 May 2011

අන්තර්ජාතික නාට්‍ය උළෙලක් මෙරට නොපවත්වන්නේ ඇයි?: චාමික හත්ලහවත්ත

Author: Nuwan Nayanajith Kumara
Date:22/05/2011
Source: Silumina



පාසල් සමයේ මා නාට්‍යවලට සම්බන්ධ වුණේ නැහැ. ලේඛන කලාව පැත්තෙන් යම් යම් කාර්යයන්ට සම්බන්ධ වුණා. නාට්‍ය කලාවට ඇල්මක් කුඩා කාලයේ සිටම තිබුණත් පාසලෙන් සමුගත්තාට පසුව සරසවිපායේ ටවර් හෝල් නාට්‍ය හා රංග කලා පාඨමාලාව මා හැදෑරුවා. දහම් පාසලේ (හොන්නන්තර ශ්‍රී ප්‍රඤ්ඤානන්ද දහම් පාසල) වේදිකා නාට්‍ය කළා. ටවර් හෝල් නාට්‍ය පාසලේදී හෙන්රි ජයසේන, ජයලත් මනෝරත්න, ආරියවංශ රණවීර, විජේරත්න පතිරාජ, නිශ්ශංක දිද්දෙණිය ප්‍රමුඛ නාට්‍ය කලාවට සම්බන්ධ ප්‍රමුඛ ආචාර්යවරුන්ගෙන් ලැබුණු ගුරුහරුකම් මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න මට විශාල අඩිතාලමක් වුණා.

ඒ වගේම මේ පාඨමාලාවේ මා සමඟ සිටි මිතුරු කැල සනත් විමලසිරි, ප්‍රසන්නජිත් අබේසූරිය, කුසුම්සිරි ලියනආරච්චි, ඉන්දික ෆර්ඩිනැන්ඩු ආදින්ගෙන් ලැබුණු අනුබලයත් මෙහිදී වැදගත් වුණා. මගේ සමීපතම මිත්‍රයා වුණේ ඉන්දික ෆර්ඩිනැන්ඩු. ඔහු විශ්වවිද්‍යාලෙට යන කාලයේ අපේ ගෙදර නවාතැන්ගෙන හිටියා. අපේ මිත්‍රත්වය හරහාත් නාට්‍ය ක්ෂේත්‍රයට අදාළ සියලු සබඳතා ගොඩනැඟුණා. මුලින්ම මම 1998 “පූජනීය රාත්‍රියක්” නමැති කෙටි නාට්‍යය නිෂ්පාදනය කළා යෞවන සම්මාන උළෙලට. ඊට පෙර මා තරුණ සේවා සභාවේ ජනසන්නිවේදන පාඨමාලාවක් හැදෑරුවා. එහිදිත් කෙටි නාට්‍යයක් කළා. නමුත් ඒවා නාට්‍ය කලාව හදාරමින් සිටි සමයේ මා කළ නිර්මාණ.

“පූජනීය රාත්‍රියක්” යුද්ධය අවසන් වෙලා පැමිණෙන හමුදා සෙබළෙක් වටා ගොඩනැඟුණු නාට්‍යයක්. නාට්‍යයක් නිර්මාණය කිරීමට මූලික පිවිසුම එතැනින් ඇති වුණා. ඊට පස්සේ දිගටම නාට්‍ය ලිව්වා. ළමා නාට්‍ය උළෙලෙවලටත් නාට්‍ය ඉදිරිපත් කළා. නාට්‍ය රචනා කරමින්, රඟපාමින්, නිෂ්පාදනයෙන් ඉන්පසුව අඛණ්ඩවම මා දායක වුණා.”

ඔබ නාට්‍ය හා රංග කලාව විශේෂවේදී උපාධිය හැදෑරූ විද්‍යාර්ථියෙක්. එය ඔබගේ නාට්‍ය දිවියට තෝතැන්නක් වූවාට සැක නැහැ.

”මා උසස් පෙළට නාට්‍ය හා රංග කලාව හදාරා නැහැ. ජනසන්නිවේදනය විෂය හැදෑරීමේ බලාපොරොත්තුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයට පිවිසුණත් පසුව මා ලලිත කලා අංශයේ නාට්‍ය හා රංග කලාව හැදෑරීමට යොමු වුණා. මෙහිදී ලැබූ දැනුම මගේ ඉදිරි ගමනට රුකුලක් වූ බව කිව යුතුයි.

නට්‍ය නිර්මාපකයකු ලෙස ඔබ ප්‍රසිද්ධ වේදිකාවට පිවිසි “හයිනා” නාට්‍යයත් එහි ප්‍රතිඵලයක් නේද?

”ඔව්. 2003 මා “හයිනා” නාට්‍යය නිර්මාණය කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා විශේෂවේදී උපාධියේ අවසන් වසරේ නිෂ්පාදනය ලෙසයි. මෙය ලෙරොයි ජෝන්ස් නමැති ඇමරිකානු නාට්‍යකරුවාගේ ”DUTCHMAN” නාට්‍යය ඇසුරින් තැනුවක්. එස්. කරුණාරත්න මහතා මෙය සිංහලට පරිවර්තනය කළා. මෙය මා රාජ්‍ය නාට්‍ය උළෙලට ඉදිරිපත් කළා. එහිදී අවසාන වටයට තේරිලා හොඳම නළුවා ලෙස ධර්මපි‍්‍රය ඩයස් සම්මානයට පාත්‍ර වුණා. හොඳම නිළියට චමිලා පීරිස් මේ සඳහා නිර්දේශ වුණා.”

ඔබේ “හයිනා”, “හරි අපූරු දවසක්” යන නාට්‍ය අන්තර්ජාතික වශයෙන් ලංකාව නියෝජනය කළ බව අමතක කරන්න බැහැ.

”හයිනා නාට්‍යය 2004 ඉන්දියාවේ භාරත රංග මහෝත්සවය නියෝජනය කළා. කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර හැදෑරූ සමයේ මා ළමා නාට්‍ය රැසක් නිර්මාණය කළා. මම ලියනවා. ඉන්දික ෆර්ඩිනැන්ඩු සංගීතය සපයනවා. නිෂ්පාදනය කාට හෝ භාර කරනවා. විශ්වවිද්‍යාලයෙන් සමුගත්තාට පසුව මට ගල්කිස්සේ ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයට ගුරු පත්වීමක් ලැබුණා. 2008 මා “හරි අපූරු දවසක්” නාට්‍යය නිර්මාණය කළා.

2008 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය ඇතුළු සම්මාන 7 ක් දිනා ගත්තා. මෙය ශ්‍රේෂ්ඨ ජපන් සිනමාකරු අකිර කුරොසවගේ ”The wonderful sunday”නමැති තිර පිටපත ඇසුරු කොට ගෙන ලියැවුණු නාට්‍යයක්. 2009 ඊජිප්තු අන්තර්ජාතික නාට්‍ය උළෙලේ දී මේ නාට්‍යය ලංකාව නියෝජනය කළා. එසේම 2010 වසරේ මෙය කත්මන්ඩු අන්තර්ජාතික නාට්‍ය උළෙලට ලංකාව නියෝජනය කරමින් වේදිකාගත වුණා.”

අනේකවිධ දුෂ්කරතා මධ්‍යයෙහි නාට්‍ය නිර්මාණය කරන තරුණයකු ලෙස වත්මන් නාට්‍ය කලාව ඔබ දකින්නේ කෙසේද?

”1956 මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් “මනමේ” නාට්‍යය බිහි කළාට පසුව 60, 70 දශකවල ස්වර්ණමය යුගය සමඟ තිබූ පසුබිම අද අපට නැහැ. ද්විභාෂික උගත්තු එදා හිටියේ. පෙර අපර දෙදිග භාෂාවලින් පෝෂණය වෙලායි ඒ පරපුර නාට්‍ය කලාවට අවතීර්ණ වුණේ. මහාචාර්ය සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන යන මහත්වරු ලෝකයේ විවිධ නාට්‍ය කෘති පරිවර්තනය කොට නිෂ්පාදනය කළා. නොඑසේනම් ඒවා ඇසුරු කොට ස්වතන්ත්‍ර නාට්‍ය නිෂ්පාදනය කළා. මේ නාට්‍ය නිසා ඒ පරපුරට නාට්‍ය කලාව හදාරන්න විදෙස් රටවලට ශිෂ්‍යත්ව ලැබුණා. ඔවුන් ඒ අනුව විදෙස් ගතවෙලා විවිධ නාට්‍ය නැරඹුවා, ඒවා හැදෑරුවා.

විදෙස් සරසවිවලින් අධ්‍යාපනය ලැබුවා. නැවත ලංකාවට පැමිණ ඒ දැනුම උපයෝගී කරගෙන දැවැන්ත නාට්‍ය නිෂ්පාදනය කළා. ලංකාවේ නාට්‍ය කලාව ඔය විදිහටයි පෝෂණය වුණේ. අපේ පරම්පරාවට අද දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා. මෙරට අධ්‍යාපන ක්‍රමයේ පරිහානිය සමඟ අපට ගැටලු මතු වුණා. විවෘත ආර්ථික ක්‍රමයේ අයහපත් ඵලවලට මුලින්ම හසුවුණේ අපේ පරම්පරාවයි. මේ යුගයේත් මහාචාර්ය සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා වැනි විශිෂ්ට ශක්‍යතා තිබෙන නාට්‍යකරුවන් නැතුවාම නොවෙයි. නමුත් අද යුගයේ තිබෙන පසුබිම අනුව එවැනි කලාකරුවන්ට බිහි වෙන්න ඉඩ ලැබෙන්නේ නැහැ.”

විදේශීය නාට්‍ය උළෙලවලට සහභාගි වෙන්න මෙරට දක්ෂ තරුණ නාට්‍යවේදින්ට ලැබෙන අවස්ථා ඉතා අඩුයි.

”පැහැදිලිවම. විදෙස් රටවලට ගිහින් ඒ නාට්‍ය නිෂ්පාදන නැරඹීමේ අවස්ථාව අපට නැහැ. තවමත් අපි ලංකාව ඇතුළෙ නිෂ්පාදනය කරන්නේ දෙබස් මූලික කොට ගත් නාට්‍යයයි. පිටපත් ඉක්මවා යන උසස් නිෂ්පාදනයක් කිරීමේ ශක්‍යතාව අපට නැහැ. දැවැන්ත, රංගයට මූලිකත්වය දෙන නිෂ්පාදන තාක්ෂණය අපට හදාරන්න ඉඩ ප්‍රස්තා නැහැ. ඒ නිසා මගේ නාට්‍ය රැගෙන විදෙස් නාට්‍ය උළෙලවලට යෑමට මා අසීමිතව උත්සාහ දරනවා. පසුගිය වසරේ මා කත්මන්ඩු නාට්‍ය උළෙලට සහභාගි වූයේත් විශාල අපහසුතා මධ්‍යයෙහියි. අපට මුල්‍යමය පහසුකම් නැහැ. අපට පිස්සු කියලා සමහරු හිතනවා ඇති. ඊජිප්තු සංචාරයට නම් අපට රජයේ සහාය ලැබුණා. කත්මන්ඩු සංචාරයේදී අපට රජයේ ආධාර ලැබුණේ අර්ධ වශයෙන්. ඉතිරි මුදල් අපි අමාරුවෙන් හොයා ගත්තා. කත්මන්ඩු උළෙලට බොහෝ රටවල නාට්‍ය ඉදිරිපත් වුණා.

අපේ නාට්‍ය පෙන්වනවාට වැඩිය ඒ රටවල නාට්‍ය 12 ක් නැරඹීමට අවස්ථාව ලැබීම අපට ඉතා වැදගත්. දෙබස්වලට වඩා රංග කාර්යයට (Theatre) මූලිකත්වය දීම ඒ බොහෝ නාට්‍යවල දැකගන්න ලැබුණා. ලංකාවේ නාට්‍යවල සංවාදයට මුල් තැන දෙන විට විදෙස් නාට්‍ය රංග කාර්යයට මුල් තැන දෙනවා. ඔවුන්ට තිබෙන මුල්‍ය ශක්තිය එහිලා බලපානවා.

එහිදී මා ස්පාඤ්ඤ නාට්‍යයක් (Andre and Dorine) නැරඹුවා. එහි සම්පූර්ණයෙන් නළු නිළියන් වෙස්මුහුණු භාවිත කළා. කිසිම දෙබසක් නැහැ. එනම් සාත්වික අභිනය හෝ වාචික අභිනය මෙහි දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් ආංගික අභිනයෙන් අප තුළ හැඟීම් දනවනවා. භරත මුනිවරයාගේ සතර අභිනය සංකල්පය ඉන් බිඳ දමනවා. ලෝකයේ හැම තැනම නාට්‍ය ක්ෂේත්‍රයේ අය සිටින්නේ ආර්ථික අපහසුතා මධ්‍යයෙහියි. ඒවාහි නාට්‍ය ශාලා දෙස බැලුවාම අපේ නාට්‍ය ශාලා හොඳයි කියලා හිතෙනවා. නමුත් ඔවුන් ඉතා හොඳ අන්තර්ජාතික නාට්‍ය උළෙලක් සංවිධානය කළා.”

මෙරට සංස්කෘතික අමාත්‍යාංශයෙන් හෝ ටවර් හෝල් රඟහල පදනමෙන් අන්තර්ජාතික නාට්‍ය උළෙලක් සංවිධානය කිරීමට උත්සුක නොවීම කනගාටුවක්.

”ලංකාවේ තියෙන නාට්‍ය ශාලා පහසුකම් සමඟ අපට හොඳ අන්තර්ජාතික නාට්‍ය උළෙලක් සංවිධානය කරන්න පුළුවන්. අපේ නාට්‍ය කලාව එමඟින් පෝෂණය කරන්න පුළුවන් වුණත් වගකිවයුත්තන්ගේ අවධානය ඊට යොමු නොවීම කනගාටුවක්. අපි කරන්නේ වාර්ෂිකව නාට්‍ය උළෙලක් පවත්වලා සම්මාන ටික බෙදා දීම පමණයි. විදෙස් නාට්‍ය උළෙලවල ඉහළ තාක්ෂණය යොදා ගත් නාට්‍ය වගේම ඉතා අඩු පහසුකම් යටතේ කෙරුණු ඉතා හොඳ නාට්‍යයත් තිබුණා. මේ හැම නාට්‍යයක්ම පර්යේෂණාත්මක වීම විශේෂයක්. සැමුවෙල් බෙකට්ගේ “Act without words” නමැති නාට්‍යය එහිදී වැදගත්. මෙය ආජෙන්ටිනා, චිලී, ඉන්දියාව යන රටවල් එකතුවෙලා කළ නිෂ්පාදනයක්.

මෙහි සංවාද නැහැ. රංග කාර්යය ප්‍රමුඛයි. “Harold clurman’s life of passion” නමැති ඇමරිකානු නාට්‍යයේ එක නළුවයි රඟපාන්නේ. මුළු නාට්‍යයේම ඔහු තමා ලැබූ අත්දැකීම් ප්‍රේක්ෂකයාට කියනවා. මෙය විශාල පරිමාණයේ නිෂ්පාදනයක් නොවෙයි. නමුත් ඉතා සාර්ථකයි. බොහෝ රටවල මෙවැනි හොඳ නාට්‍ය නිෂ්පාදන තිබුණා. “The trial of wantong” යනු තායිලන්ත නාට්‍යයක්. මෙය ඉතා නිදහස් ශෛලියේ නාට්‍යයක්. වාද්‍ය වෘන්දයක් සිටිනවා. හිටි ගමන් නළු නිළියෝ මේ වාද්‍ය වෘන්දයෙන් ප්‍රශ්න අහනවා.

ප්‍රේක්ෂකාගාරයට කාඩ් දීලා තියෙනවා. සමහර ප්‍රශ්නවලට අපි පිළිතුරු දෙන්න ඕනෑ. සමහර නළුවො ප්‍රේක්ෂකාගාරයෙන් තෝරා ගන්නවා. වෙන රටක කෙනෙක් එවලෙ හඳුනාගෙන වාද්‍ය වෘන්දයට ගන්නවා. “ඔයා මොකටද ආවේ. ගිහින් ඉඳගන්න. මේක අපේ රටේ නාට්‍යයක්” යැයි කියනවා. මේ වගේ හාස්‍යෝත්පාදක සිදුවීම් අතර මැද සිදුවෙනවා. අපි වේදිකාව දැවැන්ත කාර්යයක් කර ගෙන තියෙනවා. එහි හැසිරෙන්නේ ඉතා අපහසුවෙන්. නමුත් ඔවුන් මේ සම්මත විශාල ආත්ම තෘප්තියකින් නිදහසේ බිඳ දමනවා.”

ප්‍රොසීනියම් වේදිකාවට වඩා වට රවුම් වේදිකාව භාවිතයට ඔවුන්ගේ නැඹුරුවක් තියෙනවද?

”මේ නාට්‍ය උළෙලේදී නම් ඔවුන් වඩාත් භාවිත කළේ ප්‍රොසීනියම් වේදිකාවයි. නමුත් බොහෝදෙනා නාට්‍ය නැරඹුවේ බිම ඉඳගෙනයි. ඊජිප්තු උළෙලේදී විවිධ වේදිකා වර්ග භාවිත කර තිබුණා. දැන් ලංකාවේද තිබෙන ’BLACK BOX THEATRE’ නාට්‍ය කිහිපයක්ම මා එහිදී නැරඹුවා. ප්‍රකට නාට්‍යවලට නව අර්ථකථන දෙන නාට්‍යයත් ඒ අතර තිබුණා. ගාර්ෂියා ලෝකාගේ “යෙර්මා” එක් උදාහරණයක්.”

Friday, 15 April 2011

"Bernadage Sipirige" Trailer (Sri Lankan Production 2011)

All the things we are - Jehan’s toy show:

Author: Ruwini Jayawardena
Date:23/03/2011
Source: Daily News

The sight was simply awe-inspiring. The swift-footed dancers clad in colourful costumes performed their act with such skill that you are left gasping in wonder and vying to see more. They twirl, leap and flutter across the stage. You never know where the time had gone for you are transported to a fantasy world of toys coming to life.

A celebration of the human body in its diverse forms, Jehan Aloysius’ Nutcracker is based on Pyotr Ilyich Tchaikovsky’s original tale, The Nutcracker. However he had to manipulate the story to suit the modern context and bring out his own individuality.

Cast

* Christopher / Nutcracker - Thusitha Wimalasooriya (Soldier)
* Golden Fairy - Anabella Brochard
* Toby - Chatura Dayananda (Sunera)
* Harry - Indika Bandara (Sunera)
* Clara - Chaya Manawamma
* Nurse - Upeka Daniel
* Toy Robot - Madushanka Seneviratne (Soldier)
* Toy Viking - Herath Padmasiri (Soldier)
* Toy Soldier - Lahiru Nilanka (Sunera)
* Rat King - Indika Bandara (Sunera)
* Blondie - Wyomi Abeywickrema
* Ben - Chatura Dayananda (Sunera)
* Baby Doll and Rag Doll - Upeka Daniel & Anabella Brochard
* Clowns - Sajad Shabdeen and Dineth Bhagya
* Rats - Wyomi, Sajad, Chatura, Upeka & Dineth

Production team

* Devised and Choreographed by Jehan Aloysius
* Costumes, Set and Lighting Designed by Jehan Aloysius
* Costumes Stitched by Hilma Salahudeen
* Publicity Material Designed by Dino Corera

The cast































Marking 10 years for CentreStage Productions Jehan and co have staged numerous productions embraced by local theatregoers in the past. One such groundbreaking production is their An Inspired Swan Lake, staged in 2009 and 2010, which featured soldiers injured in battle. Taking a step further in that direction Jehan has engaged soldiers from Ranaviru Sevana and hearing-impaired participants from Sunera Foundation workshops in Nutcracker. It aims to spread the message of hope and courage among those who are living with special needs.

“We call this techniques ‘Body Narratives’. It is a novel and refined form of body language where you explore the beauty of the human body and present it in its creative form. Each posture, gesture and lift created by the dancer expands the vocabulary of the physical language. Moreover, like all languages, the expression of it should be clear and coherent to be understood, though, like all languages, it could also be used poetically and lyrically to create an abstract mood or image that transcends mere communication.

We use theatre to teach the disabled people how to overcome physical and mental challenges while using additions such as crutches and wheelchairs as extensions of the physique,” Jehan explained adding that what is special about this production is that the dancers will be performing lifts which they have not tried out in An Inspired Swan Lake.

Wyomi Abeywickrema who portrays the elegant blond Blondie said that most people look at disabled people with pity rather than consider what they have to offer. “Jehan wants them to be themselves and come out of their shell. He is such a perfectionist.

He has the scenes visualized in his head. It is only at the end that he puts the scenes in random order so even we do not know what to expect till the end,” she mused.

Jehan Aloysius

Her counterpart in the tale, Ben doll, is played by Chatura Dayananda of the Sunera Foundation. Madushanka Seneviratne who gives life to a toy robot revealed that he had also worked under Anoja Weerasinghe. Both are part of Jehan’s past productions.

Nutcracker traces an adventure which occurs in a little girl’s birthday night. Clara receives a wooden nutcracker doll as a birthday present from Christopher, the houseboy. During play the nutcracker’s leg was broken off by Clara’s brother. Christopher repairs it but the children discover that he has a prosthetic leg. Then he proceeds to set the rat traps. Suddenly there is a sound and the noise of scurrying feet. Christopher discovers that one of the traps had caught a rat but the rat, being the evil Rat King, casts a spell to shrink Christopher down to the size of a rat.

Meanwhile Clara searches for her friend. The golden fairy shrinks Clara so that she too is the size of a doll. Christopher reappears and the two take a journey, dodging attacks from the Rat King, meeting the glamorous Blondie and Ben and bonding with the other toys before regaining their original size.

Speaking to Daily News ‘Artscope’, Thusitha Wimalasooriya who plays the lead role as Christopher said that he met Jehan after taking part in one of his workshops. The Anuradhapura-born soldier had also played a key role in An Inspired Swan Lake.

Chaya Manawamma who delivers an exceptional performance as the charming Clara had learnt Kandyan dancing from Veesha de Silva. She holds a diploma in scientific learning disabilities and is a past pupil of Musaeus College.

Nutcracker will go on board the Lionel Wendt theatre on April 1, 3 and 4. All the participants are volunteers. The funds will go to One Trust Sri Lanka, the humanitarian arm of Cargills PLC.













































අපේ නාට්‍යකරුවන් බ්‍රෙෂ්ට් ඝාතනය කළ බවයි මගේ හැඟීම - ධර්මජිත් පුනර්ජීව

Author: සු.මි.
Date:17/04/2011
Source: Silumina

ධර්මජිත් පුනර්ජීව නාට්‍ය රචකයකු, නිෂ්පාදකවරයකු මෙන්ම නාට්‍ය ලේඛකයකු ලෙස ද ප්‍රකටය. ’බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් නාට්‍ය සංකල්ප - සමාජ විද්‍යාත්මක ජගත් දෘෂ්ටි’ ඔහුගේ අලුත්ම නාට්‍ය පර්යේෂණ ග්‍රන්ථය වෙයි.

නාට්‍යකරුවකු වශයෙන් බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් අදටත් වැදගත්ය කියලා ඔබ විශ්වාස කරනවද?

බ්‍රෙෂ්ට් නිපදවපු නාට්‍ය විධික්‍රමය ඉදිරියට ගෙන ගිය තවත් නාට්‍යකරුවන් ලෝකයේ ඉන්නවා. ඉතාලි ජාතික දාරියෝ ෆෝ එවන් නාට්‍යකරුවෙක්. ඔහු පාප් වහන්සේ ඉන්න රටේ ඉඳන් පාප් වහන්සේ විවේචනය කරන මට්ටමේ නාට්‍යකරුවෙක්. ඔහු භාවිතා කරන්නේ බ්‍රෙෂ්ට් නිපද වූ නාට්‍ය ක්‍රමවේද. ඒ අනුව අපිට පේනවා, බ්‍රෙෂ්ට් අදටත්, මේ මොහොතේත් වැදගත් නාට්‍යකරුවෙක්ය කියලා.

මොකද්ද බ්‍රෙෂ්ට්ගේ මේ නාට්‍ය ක්‍රමවේදය?

ඉතාම කෙටියෙන් කිවහොත් ’අපෝහක නාට්‍ය’ යැයි කියන්න පුළුවන්. නව විද්‍යාත්මක ලෝකයට වඩාත්ම ගැළපෙන නාට්‍ය ක්‍රමය මෙය බව බ්‍රෙෂ්ට් පෙන්වා දී තිබෙනවා. බ්‍රෙෂ්ට් 1938 දි තමයි මේක අත්හදා බලන්නේ. 1954 දි ඔහු මිය යන්ට පෙර ඔහු තීන්දු කරනවා, තමාගේ නාට්‍ය ක්‍රමවේදය මේකයි කියලා.

මීට කලින් තදාත්ම්‍ය විඝටනය, දුරස්ථිකරණය, පරාරෝපණය වැනි වචන මේ සඳහා භාවිතා වුණා.

ඔව්. ඒ වචනවලින් බ්‍රෙෂ්ට් අදහස් කරපු දේ කියැවෙනවා කියලා මම හිතන්නේ නැහැ.

බ්‍රෙෂ්ට් ගේ මේ නාට්‍යක්‍රමවේදය මුළුමනින්ම දේශපාලනික එකක්?

ඔව්. මේක කෙළින්ම මාක්ස්වාදයත් එක්ක සම්බන්ධයි. අපේ රටේ මාක්ස්වාදය වටහා ගැනීමේත් ලොකු අවුලක් තියෙනවනේ.

සිංහල වේදිකාවට බ්‍රෙෂ්ට් හඳුන්වා දෙනු ලැබුවේ හෙන්රි ජයසේන විසින්. තමා බ්‍රෙෂ්ට් ගේ රංග සිද්ධාන්ත කුරුසියක් කරගත්තෙ නැති බව හෙන්රි පැහැදිලිවම කියලා තියෙනවා.

අපේ නාට්‍යකරුවන් බ්‍රෙෂ්ට් ඝාතනය කළ බවයි මගේ හැඟීම. බ්‍රෙෂ්ට්ට දේශපාලනික වශයෙන් කිසියම් දැක්මක්, දර්ශනයක් තිබ්බා. ඒක තමයි බ්‍රෙෂ්ට් ;ග් වැදගත්ම දේ. ඒත් අපේ නාට්‍යකරුවන් ඒක පැත්තකින් තියලා තමයි ඔහුගේ නාට්‍ය පරිවර්තනය කර රඟ දක්වන්නේ. දේශපාලනයට අත තියන්න, හෙන්රි දක්වපු අකැමැත්ත, බය ඔහුගේ ‘හුණුවටයේ කතාව‘ නාට්‍ය නිෂ්පාදනයෙන් අපිට පෙනෙනවා. බ්‍රෙෂ්ට්ගේ දේශපාලනය තමන්ගේ නිෂ්පාදනයට ඇතුළු කරලා නැති ප්‍රශ්න හදා ගන්න ඔහු සූදානම් වුණේ නැහැ.

හෙන්රි වේදිකාවේ මවපු අසඩක්ගේ චරිතය ගැනත් ඔබේ විවේචන තියෙනවා.

’හුණුවටයේ කතාව‘ නාට්‍යයේ අසඩක් කියන්නේ බ්‍රෙෂ්ට්ම අදහස් කළ පරිදි පාදඩයකු බවට පත්වු කලකිරුණු විප්ලවවාදියෙක්. එහෙත් හෙන්රි මවපු අසඩක් තුළ එහෙම විප්ලවවාදියෙක් නැහැ. මුල් පිටපතේ අසඩක්ගේ මුවට නැංවූ සමහර දෙබස් හෙන්රි තම පරිවර්තනයේදී දීර්ඝ වශයෙන් ඉවත් කරලා තියෙනවා. එයින් ම පෙනෙනවා, ඔහු ඒ චරිතය අවබෝධයකින් තොරව ඉදිරිපත් කළ බව.

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු වගෙ අය බ්‍රෙෂ්ට් විශේෂඥයන්. ඇයි ඔවුන් මේ ගැන කතා නොකර තියෙන්නේ?

න්‍යාය හා භාවිතාව යන දෙකෙන් ම පිරිපුන් බුද්ධිමතුන් අපේ රටේ අඩුයි. ආචාර්ය මයිකල් ප්‍රනාන්දුට හොඳ න්‍යායාත්මක දැනුමක් තිබෙනවා. ඒක මම පිළිගන්නවා.

ඔබ වුණත් මේ වගෙ පොත් ලිව්වට තවමත් බ්‍රෙෂ්ට්ගෙ නාට්‍යයක් නිෂ්පාදනය කරලා මේ ‘අපෝහක’ නාට්‍ය ක්‍රමවේදය මොකක්ද කියලා අපිට හරියට පෙන්වලා දීලා නැහැ.

මම 1984 දි හෙලේනා ලෙහ්තිමකි නිෂ්පාදනය කළ ‘පුන්තිලා’ නාට්‍යයට සම්බන්ධ වුණා. මම දැන් අදහස් කරනවා, බ්‍රෙෂ්ට් ගේ ‘ලූකුලස් ගේ නඩු විභාගය’ කියන නාට්‍යය නිෂ්පාදනය කරන්න. එහි සිංහල පරිවර්තනය ආචාර්ය මයිකල් ප්‍රනාන්දු විසින් කරනු ලැබ තිබෙනවා.

බ්‍රෙෂ්ට් ගේ පෞද්ගලික ජීවිතය අනාවරණය කෙරෙන පොත් කීපයක් පළවී තිබෙනවා. ඒවා නිවැරදි නම් බ්‍රෙෂ්ට් තුළ විශාල පරස්පරතා දකින්න පුළුවන්.

අපි කාගෙත් රහසිගත ජීවිත තියෙනවා. ඒත් කලාකරුවා සමාජය තුළ කැපී පෙනෙන නිසා ඒවා වඩාත් ඉස්මතුව පේනවා. ඔවුන්ගේ පෞද්ගලික ජීවිත හොයන එකෙන් සමහරු වෙනම රසයක් ලබන බව මම දන්නවා. හැබැයි මේක ලංකාවේ විතරයි වෙන්නේ. මොකද ලෝකයේ වෙන රටවල් සංස්කෘතික වශයෙන් දියුණු නිසා. බ්‍රෙෂ්ට් සම්බන්ධයෙන් අපිට වැදගත් වන්නේ ඔහු නාට්‍ය කලාව තුළ මොනවද කරපු දේවල්? ඔහු ඒ ඔස්සේ කොච්චර දුර ගියාද කියන එකයි.

නොබලපු අයට බර්නාඩාගේ සිපිරිගෙය ගැන චාන්දනී හා ප්‍රියන්තගෙන්...

Author: Udesha Sanjeewa Gamage
Source: Divaina


"පසුගිය කාලය පුරාම ටෙලි නාට්‍යවල වැඩ කෙරුණේම නැති තරම්..." ඒ කියන්නේ හොඳ නිර්මාණයක්‌ හමුවුණේ නැති නිසා කියන කාරණේ වඩාත් නිවැරැදියි. ඒ කාලය මම යෙදාගෙන ඉන්නේ මේ වේදිකා නාට්‍යයටයි.

චාන්දනී සෙනෙවිරත්න කාලයකට පසු කතාබහට එක්‌වුණේ එහෙමයි. බොහෝ දේවල් කතා කරන්න තිබුණත් චාන්දනී "වේදිකා නාට්‍යයක්‌" ගැන කියපු නිසා අපිට ඒ ගැන දිගින් දිගටම තොරතුරු හොයන්න වුවමනා වුණා.

අප සිටියේ ලුම්බිණි රඟහලේ වේදිකා පරිශ්‍රය ආසන්නයේ. නාට්‍යයේ අධ්‍යක්‍ෂවරයා "ප්‍රියන්ත සිරිකුමාර" බව අපට හඳුනාගන්න එතරම්ම කාලයක්‌ ගතවුණේ නැහැ.

චාන්දනී නැවතත් කටහඬ අවදි කළා.

"අපි බර්නාඩාගේ සිපිරි ගෙය නාට්‍යයේ රියර්සල් එකක්‌ කරන්න ආවේ. නාට්‍ය මීට පෙර 92 වර්ෂයේ දී වේදිකාගත කළා.

මුල්ම නාට්‍යයට සම්බන්ධ වෙච්ච අය අදත් ඉන්නවද?

ඒ අයගෙන් මමත්, කෞෂල්‍යාත් (කෞෂල්‍ය ප්‍රනාන්දු), චමිලත් (චමිලා පීරිස්‌) ඉන්නවා. ඒ කාලයේ නාට්‍ය කළේ රංජනී ඔබේසේකර. නාට්‍යයේ පිටපතේ තිබෙන සාරවත් බව නිසාමයි ආපහු කරන්න හිතුවේ. ප්‍රියන්ත සිරිකුමාර තමයි ඒකට මුල්වෙලා කටයුතු කළේ.

අපි ඉතාම ආශාවෙන් නාට්‍යයට සම්බන්ධ වුණා. නාට්‍ය පිටපත සංකීර්ණ වුණත් එය ප්‍රේක්‌ෂකයන්ට දැනෙන නාට්‍යයක්‌ වේවි කියන විශ්වාසය අප තුළ තිබෙනවා.

92 වේදිකාගත කළ නාට්‍යයක්‌, නැවත වේදිකාගත කිරීමට මුල් වුණේ එය හේතු කරගෙන විතරද?

මම කිව්වා වගේ එහි විශේෂත්වය තිබෙන්නේම පිටපත තුළමයි. ගැහැණු චරිත 10-12 ක්‌ පමණ ඉන්නවා. පිරිමි චරිතයක්‌ එළියට නාවාට පිරිමි චරිතයක්‌ කේන්ද්‍රීයව තමයි නාට්‍ය දිව යන්නේ. ඇත්තටම ඒක පිරිමි නමක්‌ නැත්නම් සංකල්පයක්‌ වටා දිවෙන පිටපතක්‌. ඒ වගේම ඒ වටා තිබෙන ගැහැණු චරිත පවා සංකීර්ණයි. අනිත් එක මුල්වරට වේදිකාගත කර වසර 18 ක්‌ පමණ ගතවුණු පසුත් නාට්‍යයේ තේමාව තුළ නැවුම් ගතියක්‌ තිබෙන නිසයි. ඒ කාලය තුළ අපේ පරිණත බවත් සමග මේ පිටපත අපි තව තවත් හොයන්න පටන් ගත්තා. මේ කාර්යය තුළම අපි තව තවත් මේ පිටපත අධ්‍යයනය කිරීම තුළ අපිට බොහෝ දේ දැනුණා. ඇත්තටම මම ඒකට පෙළඹුණේ "ප්‍රියන්ත" නිසාමයි. අපි හිතුවට වඩා අපි බලාපොරොත්තු වුණ ප්‍රමාණයටත් වඩා ප්‍රියන්ත පිටපත අධ්‍යයනය කර තිබුණා. "ගාර්ෂියා ලෝතා" එක වචනයක්‌ ගානේ චරිතයේ ඉතිහාසයට සම්බන්ධයි.

අනෙකුත් චරිත ගැනත් සඳහන් කරමුද?

දුලීකා මාරපන, මල්කාන්ති ජයසිංහ, නිල්මිණි බුවනෙක, සුදර්ශි, සමාධි, යමුණා මේ ආදී වශයෙන් වෙනස්‌ චරිත රැසක්‌ වේදිකාවට එනවා. මූලිකම දේ අපි සේරම යාළුවෝ, ඒකත් බොහෝම සුන්දර අත්දැකීමක්‌.

ලංකාවේ වේදිකා නාට්‍යයක්‌ කරනවාය කියන එක ගැන යම් යම් මතවාද තියෙන මොහොතක "බර්නාඩා" නැවත වේදිකාවට ගෙන ඒමේ අවදානමක්‌ දැක්‌කේ නැද්ද?

ඇත්තටම ප්‍රියන්තට නාට්‍යයක්‌ කිරීමේ අවශ්‍යතාව තදින් තිබුණා. එයා එක එක පිටපත් අධ්‍යයනය කරමින් කාලය ගත කරනකොට තමයි මේක කරන්න හිතලා තියෙන්නේ. එතකොට මොන අවදානමක්‌ තිබුණත් නාට්‍යය කරන්න හිතෙනවා. හැබැයි අද වේදිකා නාට්‍යයේ පවතින ක්‍රමයත් එක්‌ක මේක හරියටම කරගෙන යන්න, පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එක තිබුණත් අපිට ඒක කරන්න සිද්ධ වෙනවා. මොකද අපි වේදිකාවට ඇලුම් කරන නිසා.

පුහුණුවීම් අතරතුර එහෙ මෙහෙ දුව යන අතරවාරයේ ප්‍රියන්තත් කතාබහට එක්‌කර ගන්න අපිට පුළුවන් වුණා.

92 වේදිකාගත කළ නාට්‍යයක්‌ නැවත වේදිකාගත කරන්න හිතුවේ ඇයි කියන ප්‍රශ්නයට ප්‍රියන්තගේ උත්තරය වුණේ මේ වගේ එකක්‌.

කලින් නිෂ්පාදනය මම දැක්‌කා... ඒ නිෂ්පාදනයත් ඉතාම හොඳ මට්‌ටමක තිබ්බ නාට්‍යයක්‌. ඒක මට හැඟීමක්‌ ඇති කළා. "ගාර්ෂියා ලෝතා" ගේ නාට්‍ය පිළිබඳව, පිටපත් ගැනත් මට ලොකු හැඟීමක්‌ තියෙනවා. ඒක තමයි මාව නාට්‍ය කරන්න පොළඹවන මූලික හේතුව. අනෙක ඔහුගේ හැම වචනයකටම අර්ථයක්‌ තියෙනවා. නාට්‍යයේ පිටපත් තුළ ඔහු අපූර්වත්වයක්‌ මතු කරන්නේ ඔහු කවියෙක්‌ නිසාදෝ කියලත් මට හිතෙනවා."

කෙසේ හෝ වේදිකා නාට්‍ය වේදිකාගත වුණේ පසුගිය 26-27 වැනිදාය. මේ සටහන තැබෙන මොහොත වන විට නාට්‍ය ප්‍රේක්‌ෂකයාට ඊළඟ දර්ශනයක දී නාට්‍යයේ අපූර්වත්වය විඳීමට හැකියාව ලැබෙනු ඇත.



උදේශ සංජීව ගමගේ
ඡායාරූප - නිමල් දයාරත්


Tuesday, 29 March 2011

‛‛වීදියේ සටන් කරුවා” පිළිබද සටහනක්..

Author: Chamila Priyanka
Date:29/03/2011
Source: Sri Lankan Theatre


තරුණ තරුණියන් පිරිසක් විවිධ ආකාරයේ නාට්‍යමය ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටිති. එක් අයෙක් අත දවුල් බෙරයකි. තවත් අයෙක් අත බොංගෝ බෙරයකි. ඔවුන් බයිලා සිංදුවක් ගයයි. පිරිසක් එම ගීතයට අවසිහියෙන් මෙන් නටති. එක්වරම ගීතයට තාලය සැපයූ බෙර හඬ වෙඩි හඬක් බවට පරිවර්තනය වෙයි. නටමින් සිටි අ බිම ඇද වැටෙති. පසුව පිරිසෙන් කිහිපදෙනෙක් පමණක් අමාරුවෙන් නැගිටිති. අනිත්

අය මිය ගොස්ය. නැවත බෙර හඬ බයිලා ගීතයට තාලය දමයි. ඉතිරි පිරිස නටති. නැවත බෙර හඬ වෙඩි හඬක් බවට පරිවර්තනය වෙයි. සියළු දෙනාම ඇද වැටෙති. සියළු දෙනා අතරින් එක් අයෙක් පමණක් නැගිටියි. අනෙක් අය මිය ගොස්ය. නැවතත් බෙර හඬ බයිලා ගීතයට තාලය දමයි ……………….. ”

මේ ආචාර්ය ගාමිණි හත්තොටුවේගමගේ වීදි නාට්‍ය කණ්ඩායමේ වීදි නාට්‍යයකින් උපුටා ගත් කොටසකි. ලෝක නාට්‍ය දිනය නිමිත්තෙන් ඊයේ (27) කොළඹ සිංහල සංස්කෘතික මධ්‍යස්ථානයේදී (සුදර්ශි ) ආචාර්ය ගාමිණි හත්තොටුවේගමගේ වීදි නාට්‍ය ගී එකතුවක් එළි දැක්වීම හා වීදී නාට්‍ය දැක්මක්වීදියේ සටන් කරුවානමින් සංවිධානය කර තිබිණ. මෙම වීදි නාට්‍ය දැක්මේදී හත්තොටුවේගමගේ ප්‍රසිද්ධ වීදි නාට්‍ය දෙකක් වන මැරවර මෙහෙවරසහ රූ

කඩයෝරඟ දැක් වූ අතර වීදි නාට්‍ය ගීත රාශියක් ශිල්පීන් විසින් ගායනා කළෝය.

ගාමිණි හත්තොටුවේගමගේ මූලික අරමුණ ඉටුකරමි

න් ඔහු සහ ඔහුගේ සගයින්, ආර්ථික- සමාජයීය- සංස්කෘතික ගැටලුවලින් පීඩාවිඳින ජන ජීවිතයේ යථා ස්වභාවය මේ වීදි නාට්‍ය තුළින් ජනතා කරළියට ගෙන එන ලදී. හුදු සෞන්දර්යවාදී මායාව ඉරාදමා ප්‍රේක්ෂකයා යථාර්ථය තුළට ගෙන ඒමට ගාමිණි හත්තෙටුවේගම ඇතුළු වීදි නාට්‍ය කණ්ඩායම මහත් වෙහෙසක් කැපකිරීමක් කරන ලදී. ඒ සඳහා ඔහු ප්‍රධාන ඔහුගේ සගයින් විසින් නිර්මිත වීදි නාට්‍ය රාශි්යකි.

අසාධාරණය අයුක්තිය කම්කරු ඉල්ලීම් දිනාගැනීමේ අරගලවැඩ වර්ජනපොදු සමාජ අරගලඋද්ඝෝෂණසිසු අරගල ඔවුන්ගේ රංග භූමිය විය. එවැනි ජන

අරගල කොතනද ගාමිණි හත්තොටුවේගම හා පිරිස එතනය. පොලිස් සිරකූඩුකඳුළු ගෑස්බැට

න් පොලුබයිසිකල් චේන් මැර ප්‍රහාරහතරවෙන් තට්ටුව

ඔහුට හා පිරිසට බිය ගෙන දීමට සමත් නොවීය.

නාට්‍ය කරුවෙක් ලෙස ගාමිණි හත්

තොටුවේගමගේ භූමිකාව සමාජවාදී කලා සංගමය දකින්නේ එලෙසිනි. ලංකාවේ විදග්ධ නාට්‍ය සම්ප්‍රදාය තුළ කිසිදු අවධානකට පාත්‍ර නොවූ එහෙත් කලාව තුළ සැබෑ කාර්යයක් ඉටුකළ සොඳුරු මිනිසෙක් ලෝක නාට්‍ය දිනයේදී අමතක නොකිරීමට සමාජවාදී කලා සංගමය ගත් උත්සාහයට ස්තූතියි.

මිනිසෙකු වීමට සුදුසෙකු වන්නට
මහ මං කීයක් තරණය කරන්නද
යුධ හඬ සදහට තුරන් කරන්නට
වෙඩි මුර කීයක් පත්තු කරන්නද
පිළිතුරු ඇත්තේ හමන සුළඟෙමයි
හමන සුළඟෙමයි…….. ”

Saturday, 12 March 2011

A Lesson to All Actors

The lengths stars go


to for method acting


The Method' has been encouraging actors to behave bizarrely since the full-immersion style of acting was first devised by Russian theatre director Constantin Stanislavski in the early 30s. It was later refined by legendary acting teacher Lee Strasberg, who included the likes of Robert De Niro, Al Pacino, Dustin Hoffman andDennis Hopper among his students. Recently, rapper-turned-actor Ne-Yo said he found working with Aaron Eckhart on alien flick 'Battle: Los Angeles' frustrating. "I didn't understand the concept of staying in character the whole time," he said. "We almost got in a little tussle just behind me not understanding that he's still in character." He should think himself lucky. Staying in character is the very least he might have expected from other famous 'method actors'...

Forest Whitaker
Whitaker studied eastern religions and meditated frequently for his role in 'Ghost Dog: The Way of the Samurai', and locked himself in an apartment to learn the saxophone in order to play jazz legend Charlie Parker in 'Bird'. But for his role as dictator Idi Amin in 'The Last King of Scotland', he went the extra mile, gaining 50lbs, studying Amin's speeches intently, living with some of Amin's relatives and families of his victims in Uganda, learning to speak fluent Swahili and mastering the accordion. Skills.

Daniel Day-Lewis
Arguably one of the greatest living actors, Daniel Day-Lewis takes his craft rather seriously. He broke two ribs through being constantly doubled-up playing cerebral palsy sufferer Christy Brown in 'My Left Foot'. Rumour has it he remained in character throughout filming, insisting even on being fed by other cast members during meals. He took on a butchery apprenticeship to play Bill the Butcher in 'Gangs of New York' and sharpened knives during breaks in filming. Meanwhile, for his role as grizzled oil man Daniel Plainview in 'There Will Be Blood', he reportedly refused to talk to other cast members off-set, and lived in a tent in a deserted oilfield while filming. It won him the Best Actor Oscar.

Robert De Niro
De Niro's crowning 'method' performance was playing Jake LaMotta in 'Raging Bull', a role for which he gained 60lbs and trained as a boxer. He was reputed to have been in the top 10 middleweights in the world while filming. To play the unhinged Vietnam veteran Travis Bickle in Scorcese's 'Taxi Driver', he did 12-hour shifts as a cab driver for three months, and had his teeth ground down by a dentist to play Max Cady in 'Cape Fear' at a cost of $5000. It cost him $20,000 to repair them again afterwards.

Christian Bale
In recent years, Christian Bale has become one of the most high profile actors to employ method acting, thanks to a rather visible penchant for losing and gaining weight. He became skeletally thin to play both insomniac Trevor Reznik in 'The Machinist', and recently crack-addicted boxing trainer Dicky Eklund in 'The Fighter', for which he won the Oscar for Best Supporting Actor. He even called out a journalist who suggested his yoyo-ing weight was a gimmick. "I'd just like to p*** on that guy's shoes," he said. "It's not easy, it's not fun - it's horrible. I would never pick to do that, but it's a part that I like and he's a welterweight and he's a crackhead." Meanwhile, he bulked up hugely to play maniac broker Patrick Bateman in 'American Psycho' and for his role as Batman, during the press junkets for which he spoke only in an American accent.

Nicolas Cage
Cage ate a real cockroach for his role in 1998 flick 'Vampire's Kiss', despite the fact that his director only asked him to down a raw egg. "Every muscle in my body didn't want to do it, but I did it anyway," he is reported to have said. The shot, however, took three takes, and he ended up having to eat three cockroaches in all. Meanwhile for his part in 'Birdy', he had two teeth surgically removed. He also sat in a box for hours on end to prepare his eyes for darkness in Oliver Stone's 'World Trade Center'.

Min-sik Choi
Min-sik Choi did the unthinkable in Korean thriller 'Old Boy', during a scene which required him to eat a live octopus. Not only did he do so, he nailed four of them as the scene needed multiple takes. The film's director thanked the octopi specifically when the film won the Grand Prix at the Cannes Film Festival in 2004.

Dustin Hoffman
Hoffman studied with Strasberg, so 'the method' was part of his make-up, never more so than during 'Marathon Man'. One oft reported anecdote tells how Hoffman decided to stay up all night before a pivotal scene to help him seem more believably exhausted. When he explained this to his co-star, veteran thespian Laurence Olivier, Olivier is said to have replied in jest: “Why not try acting, dear boy?”