2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Tuesday, 29 March 2011

‛‛වීදියේ සටන් කරුවා” පිළිබද සටහනක්..

Author: Chamila Priyanka
Date:29/03/2011
Source: Sri Lankan Theatre


”තරුණ තරුණියන් පිරිසක් විවිධ ආකාරයේ නාට්‍යමය ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටිති. එක් අයෙක් අත දවුල් බෙරයකි. තවත් අයෙක් අත බොංගෝ බෙරයකි. ඔවුන් බයිලා සිංදුවක් ගයයි. පිරිසක් එම ගීතයට අවසිහියෙන් මෙන් නටති. එක්වරම ගීතයට තාලය සැපයූ බෙර හඬ වෙඩි හඬක් බවට පරිවර්තනය වෙයි. නටමින් සිටි අය බිම ඇද වැටෙති. පසුව පිරිසෙන් කිහිපදෙනෙක් පමණක් අමාරුවෙන් නැගිටිති. අනිත්

අය මිය ගොස්ය. නැවත බෙර හඬ බයිලා ගීතයට තාලය දමයි. ඉතිරි පිරිස නටති. නැවත බෙර හඬ වෙඩි හඬක් බවට පරිවර්තනය වෙයි. සියළු දෙනාම ඇද වැටෙති. සියළු දෙනා අතරින් එක් අයෙක් පමණක් නැගිටියි. අනෙක් අය මිය ගොස්ය. නැවතත් බෙර හඬ බයිලා ගීතයට තාලය දමයි ……………….. ”

මේ ආචාර්ය ගාමිණි හත්තොටුවේගමගේ වීදි නාට්‍ය කණ්ඩායමේ වීදි නාට්‍යයකින් උපුටා ගත් කොටසකි. ලෝක නාට්‍ය දිනය නිමිත්තෙන් ඊයේ (27) කොළඹ සිංහල සංස්කෘතික මධ්‍යස්ථානයේදී (සුදර්ශි ) ආචාර්ය ගාමිණි හත්තොටුවේගමගේ වීදි නාට්‍ය ගී එකතුවක් එළි දැක්වීම හා වීදී නාට්‍ය දැක්මක්“වීදියේ සටන් කරුවා” නමින් සංවිධානය කර තිබිණ. මෙම වීදි නාට්‍ය දැක්මේදී හත්තොටුවේගමගේ ප්‍රසිද්ධ වීදි නාට්‍ය දෙකක් වන “මැරවර මෙහෙවර” සහ “රූ

කඩයෝ” රඟ දැක් වූ අතර වීදි නාට්‍ය ගීත රාශියක් ශිල්පීන් විසින් ගායනා කළෝය.

“ගාමිණි හත්තොටුවේගමගේ මූලික අරමුණ ඉටුකරමි

න් ඔහු සහ ඔහුගේ සගයින්, ආර්ථික- සමාජයීය- සංස්කෘතික ගැටලුවලින් පීඩාවිඳින ජන ජීවිතයේ යථා ස්වභාවය මේ වීදි නාට්‍ය තුළින් ජනතා කරළියට ගෙන එන ලදී. හුදු සෞන්දර්යවාදී මායාව ඉරාදමා ප්‍රේක්ෂකයා යථාර්ථය තුළට ගෙන ඒමට ගාමිණි හත්තෙටුවේගම ඇතුළු වීදි නාට්‍ය කණ්ඩායම මහත් වෙහෙසක් කැපකිරීමක් කරන ලදී. ඒ සඳහා ඔහු ප්‍රධාන ඔහුගේ සගයින් විසින් නිර්මිත වීදි නාට්‍ය රාශි්යකි. ”

“අසාධාරණය – අයුක්තිය – කම්කරු ඉල්ලීම් දිනාගැනීමේ අරගල – වැඩ වර්ජන – පොදු සමාජ අරගල – උද්ඝෝෂණ – සිසු අරගල ඔවුන්ගේ රංග භූමිය විය. එවැනි ජන

අරගල කොතනද ගාමිණි හත්තොටුවේගම හා පිරිස එතනය. පොලිස් සිරකූඩු – කඳුළු ගෑස් – බැට

න් පොලු – බයිසිකල් චේන් – මැර ප්‍රහාර – හතරවෙන් තට්ටුව

ඔහුට හා පිරිසට බිය ගෙන දීමට සමත් නොවීය.

”

නාට්‍ය කරුවෙක් ලෙස ගාමිණි හත්

තොටුවේගමගේ භූමිකාව සමාජවාදී කලා සංගමය දකින්නේ එලෙසිනි. ලංකාවේ විදග්ධ නාට්‍ය සම්ප්‍රදාය තුළ කිසිදු අවධානකට පාත්‍ර නොවූ එහෙත් කලාව තුළ සැබෑ කාර්යයක් ඉටුකළ සොඳුරු මිනිසෙක් ලෝක නාට්‍ය දිනයේදී අමතක නොකිරීමට සමාජවාදී කලා සංගමය ගත් උත්සාහයට ස්තූතියි.

”මිනිසෙකු වීමට සුදුසෙකු වන්නට
මහ මං කීයක් තරණය කරන්නද
යුධ හඬ සදහට තුරන් කරන්නට
වෙඩි මුර කීයක් පත්තු කරන්නද
පිළිතුරු ඇත්තේ හමන සුළඟෙමයි
හමන සුළඟෙමයි…….. ”

No comments:

Post a Comment