2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.
Showing posts with label Rajitha Disanayeka. Show all posts
Showing posts with label Rajitha Disanayeka. Show all posts

Saturday, 20 November 2010

‘මකරා’ - විකට රූප මඟින් හඳුන්වා දෙන රාජිතගේ නාට්‍යය - ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න

Author: Dr.Wickramabahu Karunarathna
Date:27/07/2008
Source: Silumina

ස මහර ටෙලිවිෂන් විහිළු බලා ඉන්න කොට සිනහවට වඩා ඇති වෙන්නේ තරහය, කාලය කා දැමීම ගැන. කොහොමටත් විහිළුවෙන් ඉක්මනට පී‍්‍රතියක් ලැබුණා කියල හිතෙන නිසාම එවැනි දේ අඩංගු නාට්‍ය, ටෙලිනාට්‍ය ආදිය බැලීමට සෙනඟ එනව. කලාවට සෙනඟ අවශ්‍ය බව ඉතාම පැහැදිලි දෙයක්. මිනිසුන් අහන්නේ බලන්නේ නැති කලා කෘතිවලින් ලොකු වැඩදායක දෙයක් සමාජයට ලැබෙනව කියල කියන්න බෑ.

ඒ තේරුමෙන් ගත්තහම ඕනෑම ගැඹුරු නාට්‍යයක වුණත් හිනා යන කෑලි තියෙනව නම් එය යමක් ජය ගත්තා කියල කියන්න පුළුවන්. අඩු තරමේ නාට්‍ය වියදම හරි ගෙවා ගන්න තරමට හිත ඇදිල ගිහින් කියල සතුටු වෙන්න හරි පුළුවන්. “ආපහු හැරෙන්න බෑ” අලුත් නාට්‍යය ඒ විදියට ජයක් වැඩි දුර යන්නට පෙරම ලබා ගත්තා. ඒ නිසා එය ජනපි‍්‍රය ජනතාවාදී නාට්‍යයක් කියල වාද කරන්න පුළුවන.

ඒත් මට නම් පෙනෙන්නේ රාජිත දිසානායක යථාර්ථය ඉදිරිපත් කිරීම ඇසුරෙම විහිළුව අඩංගු කරල තියෙනව. විහිළුවෙ ඇත්ත සොයනවාට වඩා යථාර්ථය ම විහිළුවක් හැටියට පෙන්වන්න ඔහුට හැකි වුණා. යථාර්ථයම ගෙන සියුම් අන්දමින් විකටයක් කරන්නට ඔහු ඉතා දක්ෂ ලෙස කටයුතු කරල තියෙනව. ඇත්ත මොකක්ද විකට රූපය කුමක් ද කියල නොපෙනෙන තරමට වැඩේ සියුම්.

නාට්‍යයේ හැම චරිතයකම Spot light එකට ඇවිත් තමන්ගේ චරිතය කෙටියෙන් හඳුන්වල දෙනව. එමඟින් යථාර්ථය නොවෙයි, මේ එය හඳුන්වා දීමක්. එය විකට රූපයක් මිස යථාර්ථයක් නෙවෙයි කියල කොයි එකටත් අපට පැහැදිලි කරල දෙනව. ඒක හොඳයි. නැත්නම් සමහරු එතැන විහිළු නොදකින්න පුළුවන්. හැබැයි මූලික ප‍්‍රශ්නය නූතන ධනේශ්වරයේ යථාර්ථය කුමක්ද යන්නයි.

රාජිත දිසානායක

නූතන ධනේශ්වරය තුළ පෞද්ගලික සමාගමක් හැටියට රජයේ ආයතනයක් කටයුතු කරන්න ඕනෑ කියල අපට බණ කිව්වට ඇත්තටම සිදු වෙන්නේ ඇමැතිවරුන්ගේ ඕනෑ එපාකම් අනුව නටන ළාමක දේශපාලන ආයතන බවට මේවා පත් වීමයි.

එනිසාම ඒ ආයතනවලින් පාලකයාගේ දේශපාලනයට ඇති වන ඇත්ත වාසියකුත් නෑ. මේ දේශපාලකයන් අහන්න කැමැති දේම මාධ්‍ය විසින් ප‍්‍රචාරය කරනව. මේ නිසා තමන්ගේම දැලේ තමන්ම පැටලෙනව මිසක ඇත්ත දන්නන්න බැරි තැනකට පාලකයා පත් වෙනව. ඊයේ තමන් කළ විග‍්‍රහය පස්සෙන්දා මාධ්‍ය මඟින් තමන්ටම අලුත් දෙයක් වගේ කවන්නට උත්සාහ ගන්නව. ඇමැතිතුමත් එය ගිල දමනව.

මොකද? තමා කියන දේ ඇත්තටම කි‍්‍රයාත්මක වෙනව නම් එය මොන තරම් ඒ අයට සතුටක් ද? මේ තමා නූතන තොරතුරු කළමනාකරණය. අද බහුජාතික සමාගම්වලින් හැදුණ ගෝලීය ධනවාදයේ සිහිනය තමා කළමනාකරණය. මෙය ආරම්භ වන්නේ 1944 බ්‍රෙට්න්වුඩ්ස් ගිවිසුමෙන්. ඒ මඟින් ඒ වන තෙක් හැප්පුණ අධිරාජ්‍යවාදී බලවේග ඒකාරාශී වෙලා සුපිරි අධිරාජ්‍යවාදී යුගයකට ඇතුළු වෙනව.

ඒකාධිකාරී ධනවාදයේම උසස්ම අවධියේදී සමාගම් තන්ත‍්‍රය කළමනාකරණය වූ එකාබද්ධ ධනවාදයක් ඇති කරනව. මේ ගෝලීය ධනවාදයේ කළමනාකරණ ආයතන තමා ලෝක බැංකුව, මුල්‍ය අරමුදල හා ලෝක වෙළෙඳ සංවිධානය (WB, IMF, and WTO) මේ මහා බලවේගය කළමනාකරුවන්ගේ ලෝකයක් මවනව. කළමනාකරුවන්ගේ ලෝකය දුවනව කියල ඔවුන් හිතනව. ඒත් ඇත්ත කථාව ප‍්‍රාග්ධනයේ සුපිරි වහලුන් ලෙස ඔවුන් ජංගි ඇඳන් ඉන්න එකයි.

රාජ්‍ය වෙළෙඳ ආයතනයක වුණත් කළමනාකරුවන් ඉන්නේ එකම සිහිනයක. රජයේ නිසා තමා වැඩියෙන් බලවත් කියල හිතනව. අනෙක් අතට නූතන ධනවාදය ඇසුරේ මාධ්‍ය ප‍්‍රබලයි. මාධ්‍ය කරන්නේ යථාර්ථය පිළිබඳ තොරතුරු කළමනාකරණය කිරීමයි. නැතිව ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දීම නොවෙයි. මේ අනුව ජනතාව ගෝලීය ධනවාදය අනුව ගමන් කිරීමට පෙළ ගැස්වීමට ජනමාධ්‍ය කි‍්‍රයා කළ යුතුයි.

මොකද ඉහළ සිටම අපට දක්නට ලැබෙන්නෙ ගෝලීය ධනවාදයේ පදයට හඬන නිකම්ම හැලගෙඹි ස්වභාවයක් පමණයි. ඉතින් ඉහළින් එන හැල ගෙම්බන්ගේ නාදය අනුව පහළ කළමනාකරුවන් සැලසුම් කළ යුතුයි. එහෙම නැත්නම් ඒ අයට වෙන්නේ පෞද්ගලික ජීවිතය විනාශ වෙලා, බෝම්බ භීතිකාවට යට වෙලා, පාතාලයන්ට බය වෙලා, ත‍්‍රස්ත විරෝධී මර්දන හස්තයට අසුවෙලා ජීවිතය එකම අෙඳ¤නාවක් බවට පත් කර ගන්න. නැත්නම් ජීවිතය අවසන් කර ගන්න. මේ ප‍්‍රශ්නෙට මුහුණ දෙන්නේ පෙරළිකාරි තරුණයෙක්.

උගත් තරුණයකු වන අජිත්, පිටරට සිට ලංකාවට එන්නේ ආදරණීය දේශීය සිහිනයක එක්ක. එත් ඔහුට කළමනාකාර සිහිනයෙන් මිදෙන්න පවුලත්, සමාජයක් ඉඩ දෙන්නේ නෑ. ඔහු අකැමැත්තෙන් රාජ්‍ය මාධ්‍ය ආයතනයක කළමනාකරුවන් අතරට පියවරෙන් පියවර ඇතුළු වෙනව. ඔහු නිරන්තරයෙන් මේ රටා ගත කිරීමට විරුද්ධව පෙරළි කරනව. සරසවි කාලේ ඉඳළම ඔහු හිටියේ පෙරළිකරුවන් අතර. ඒ සුන්දර අතීතයෙන් ඉවත් වෙන්න ඔහුට උවමනා වුණේ නෑ.

පෙරළිකාරී ජීවිතයෙන් යමක් සමාජයට දෙන්න ඔහුට උවමනායි. ඒත් ඒ සුන්දර සිහිනය, කළමනාකාර ලෝකය තුළ මොන තරම් අවුලකට ඔහු ගෙනියනවද? රාජිත අපිට කියන්නේ මේ දරුණු රටාව ගැන නරුම ලෙසින් බලා, උපහාසයෙන් සිනහ වෙන්න කියලයි. රටාවත්, පුද්ගලයත් අතර ගැටුමේදී වෙන මොනවා කරන්නද? ඒත් මට ඒකට එකඟ වෙන්න බෑ. ඔව්, අපි උපහාසයෙන් සිනහ වෙමු. ඒකට මාත් හවුල් වුණා. ඒත් මේ රටාව, මේ සතුරා බිඳ දැමිය යුතුයි. “ආපසු හැරෙන්න බෑ”. ඇත්ත. ඒත් රටාව බිඳගෙන ඉදිරියට යා යුතුයි.

ඉහත කී යථාර්තය පොදු තත්වයක් වුණත් , අද ලංකාවේ තත්ත්වයටත් මෙය යසට ගැලපෙනව. ඒ නිසා දැන් සිදු වන දෙයක් හැටියට හිතල. එයට උපහාස කිරීමක් හැටියට පෙන්වල රාජ්‍ය විරෝධී නාට්‍යයක් කියල කෙනකුට හඳුන්වන්න පුළුවන්. ඒත් මේක ගෝලීය ධනවාදය ඇසුරේ ඕනෑම රටක යළි යළිත් ඇති වෙන තත්ත්වයක්. එතකොට ඉංගී‍්‍රසියෙන් මෙය ඉදිරිපත් කළොත් ලෝකය පුරා ගෙනියන්න පුළුවන් කියලයි මං හිතන්නේ.

කොහොම වුණත් අද ජනතාව ඉන්නේ ජාතිවාදි යුදවාදී බියකරු හිඟන පරිසරයකට යටවෙලා. එයට අභියෝග කරන්න විදියක් නැතිව. ඒ අනුව මේ නාට්‍ය තුළින් දැඩි විරුද්ධත්වයක් පෙන්වල හිත තුළ තරහ වාෂ්ප කරගන්නත් කෙනකුට හවුල් වෙන්න පුළුවන්. පාරට, වීදියට බැහැල හිත තුළ තරහ වාෂ්ප කරගන්නත් කෙනකුට හවුල් වෙන්න පු‍්‍රළුවන්. පාරට, බැහැල මර්දනයට වගේම ජාතිවාදි බලයට මුහුණ දෙන්නේ නැතිව ශීත කාමරයක, ජේත්තුවට ඇඳ පැළඳගෙන , සුවඳ ගහගහ, නාට්‍යය බලල විරෝධයකට හවුල් වෙන්න පුළුවන්. හැබැයි නාට්‍ය තියෙන්නේ ඒකට නෙවෙයි. තරහ මරහ වාෂ්ප කරන්නට නෙවෙයි. තරහ උළුප්පල එළියට ඇදල ඇති වන හැඟීම් හරහා හිතලා දැනුම්වත්කමක් ලබාගන්න. දැනුම්වත් වීම වෙනුවට පීඩනය වාෂ්ප කිරීම ගෝලීය තන්ත‍්‍රයට යළි හවුල් වීමක්.

මේ ගැඹුරු යථාර්ථය ඉදිරිපත් කරන එක අමාරුයි. ඒත් මේ නාට්‍යයේ හැම නිළියක්ම නළුවෙක්ම තමන්ගේ වැඩ කොටස නියමෙට ඉටු කරනව. අනෙක් අතට රාජිත දැන් පිරිපුන් අධ්‍යක්‍ෂකවරයෙක්. හරියට තමන්ට ඕන දේ එක්කාසු කරල ඉදිරිපත් කිරීමට ඔහුට හැකි වෙලා තියෙනවා. මට පුදුම හිතුණ බිමල් ජයකොඩි වගේ දැවැන්ත නළුවෙක් පොඩි කොටසක් කරන්න ඉදිරිපත් වීම ගැන. එයා කිව්වේ ලොකු වැඩකට කර ගහන්න දුන් වැඩ කොටස කළා කියල .

ඇත්තටම නිහඬවම පිටිපස්සේ සෙවණැල්ලක් වගේ හිටියට නාට්‍යයට එය අවශ්‍යම චරිතයක්. රටාවට අහුවෙලාද , නැද්ද කියල නොපෙනී ඉඳල යථාර්ථය ගැන යමක් කියන්නයි ඔහුට තිබුණේ. නළුවකු කියන්නේ තමන්ගේ වැඩකොටස් හරියට කරන කෙනෙක් මිස “ ලොකු “ චරිත බලාගෙන දඟලන කෙනකු මැද පංතික ගැහැනියක හැටියට චරිත නිරූපණය කළත් කාන්තාවාදී දැක්ම කතා විලාසයෙන් බැල්මෙන් ඉදිරිපත් කරනවා.

පවුල තුළ කාන්තාවට එන බර ගැන ඇගේ නොසතුටු බැල්මෙන් , ගැස්සිල්ලෙන් පෙන්වන්න ඇයට වඩා සමතියක මං තාම දැකල නෑ. අනෙක් නිළියත් ඉදිරිපත් කළේ අමාරු චරිතයක් . එය සාර්ථක නමුත් ඇගේ සිහින් කට හඬ වෙලාවකට ඇහෙන්නේ නෑ. වේදිකාවේදී හැම කෙනෙක්ම හයියෙන් කතා කරන්න ඉගෙන ගත යුතුයි කියලයි මං නම් හිතන්නේ . ජයසිරි ගැන කියල වැඩක් නැ. එය රඟපෑවේ නෑ, පණ පිහිටුවා මිසක,

හැම කෙනෙකු ගැන රස කථා ලියන්න පුළුවන්. ඒත් හැම කෙනෙකුම තමාගේ වැඩ කොටස් හොඳට කරන බවයි කියන්න වෙන්නේ. නිලමක්කාර සේවයක පහළම නිලධාරියා හැටියට දඟලන වැඩ කොටස නම් ලස්සනට ඉදිරිපත් වුණා. එන එන එකාට පන්දම් ඇල්ලීමේ සාස්තරය දියත් වන හැටි එතැනදී නිරුවත් වෙනව. රාජිත, මේ නාට්‍යයෙන් මකරා අපට විකට රූප මඟින් අඳුන්වල දෙන්නේ මකරාගේ වෛරයට තමන් පාත‍්‍ර වීමේ අන්තරාය ළඟ තියාගෙන.

නාට්‍ය දෙබස් ඉතා සියුම් ලෙස සකස් කර ඇත්තේ දැළිපිහි පාරවල්වලටත් වඩා තියුණූ ලෙසයි. තර්කයටත් එහා ගොසින් හේතුඵලවාදී කියුම්වලටත් ඉඩ සලසලා. “ යුද්ධයට හේතුව ත‍්‍රස්තවාදය නම්, ත‍්‍රස්තවාදයට හේතුව කුමක්ද? අජිත් අහනවා මේ ප‍්‍රශ්නය ඇමරිකාවේ බුෂ්ගෙනුත් අහන ප‍්‍රශ්නයක්. වේදිකාවේදී සෞම්‍ය ලියනගේ යෝධයකු ලෙස නැඟී සිටිනවා. ඔහුගේ හඩින් මතු වන රාජිතගේ සිතුවිලි පෙරළිකාර සමාජ තීරු විනිවිද යන හැටි තව ටික දවසකින් බලාගන්න පුළුවන් වේවි.

"සිනමා රස වින්දනය වර්ධනය වන්නට නම් විවිධ වර්ගයේ චිත්‍රපට අවශ්‍යයි" - ප්‍රවීණ නාට්‍ය ශිල්පි රාජිත දිසානායක

Author: Manubandu
Date:25/03/2010
Source: Sarasaviya

චිත්‍රපටයක් හෝ චිත්‍රපට කලාවේ අපූර්වත්වය හෝ එහි සිනමාත්මක, කලාත්මක වටිනාකම හඳුනා ගන්නේ චිත්‍රපට කලාවේ හා කර්මාන්තයේ දිගින් දිගටම යෙදී සිටින සිනමා ශිල්පීන් පමණක් නොවේ.

ඊට ඈතින් සිට සිනමාව වින්දනය කරන එහි හැඩතල හා චලනයන් හඳුනා ගන්නා, රස වින්දන ශක්තියක් ඇති රසිකයින් ද සිනමාවේ අපූර්වත්වය හා ප්‍රකාශන මාධ්‍යයක් ලෙස එහි වටිනාකම අවබෝධ කර ගනී. ඇතැම් විට චිත්‍රපටයක නියමාකාර වින්දනය ලබන්නේ හා එය නිදහසේ කියවා ගන්නේ චිත්‍රපට කර්මාන්තය හෝ සංස්කෘතිය තුළ පිහිටන සිනමා ශිල්පීන් නොව, ඊට පිටින් සිටින රසිකයාය.

එවන් සිනමා රසිකයින්ගේ චිත්‍රපට රස වින්දනය සිනමාව පිළිබඳ ආකල්ප සොයා යමින් එහි වෙනස් රටාවන් පාඨක ඔබට ඉදිරිපත් කරන ලිපි මාලාවක් අද සිට ඇරඹෙයි.

අද මේ විශේෂාංගය සමඟ අප මුලින්ම හමු වන්නේ අනූව දශකයේ දී ලාංකික වේදිකාවේ අලුත් වෙනසක්, ප්‍රවණතාවක් සටහන් කළ තරුණ නාට්‍යකරුවකු හා නාට්‍ය රචකයකු ලෙස පැහැදිලිව හැඳින්විය හැකි ‘රාජිත දිසානායක’ය. ‘සක්වාදාවල’ නාට්‍යයෙන් වේදිකාවේ නව ගමනක් ඇරඹූ ඔහු ‘හංසයින්ටත් මං ආසයි’, ‘මට වෙඩි තියන් නැද්ද’, ‘වීරයා මැරිලා’, ‘සිහින හොරු අරන්’ සහ ‘ආපසු හැරෙන්න බෑ’ නම් වේදිකා නාට්‍ය සමඟ රට පුරා නාට්‍ය රසිකයින් සමඟ වර්තමාන සමාජය ගැන සංවාදයක නියැලුණේය.

ඔහු තම බොහෝ නාට්‍යවලදී සිනමාවේ ඇතැම් ලක්ෂණ ද මනාව උපයෝගී කොට ගත් බවක් පැහැදිලිය. රාජිත දිසානායක අද අප ඉදිරියේ විවර කරන්නේ් තම සිනමා රස වින්දනයේ ඇරැඹුම හා ගමන් මඟයි.

රාජිත, තම කුඩාම අවදියේ සිනමාව පිළිබඳ මතකය අවදි කරමින් මුලින්ම කියා සිටියේ ඒ යුගයේ ඔහු කිසි දිනෙක සිනමා ශාලාවකට ගොඩ නොවී, නිවසේම චිත්‍රපට නැරඹූ බවයි. එය සාමාන්‍ය කුඩා ළමයකු ලද අවස්ථාවක් නොව කිසියම් විශේෂත්වයකි.

‘කුඩාම අවදියේ අප කිසි දිනක සිනමා ශාලාවකට ගිය බවක් මගේ මතකයේ නැහැ. ඒ කාලේ අප නිවසේ අපේ තාත්තට මි. මී. 16 ප්‍රොජෙක්ටරයක් තිබුණා. අප එයින් චිත්‍රපට බැලුවා. එහෙත් ඒවා දිගු වෘත්තාන්ත චිත්‍රපට නෙවෙයි. කතෝලික දහම ආශ්‍රිත වර්තාමය චිත්‍රපට. ඒ අතර කව්බෝයි වර්ගයේ චිත්‍රපට බැලූ බවත් මට යන්තමින් මතකයේ තියෙනවා.

මා චිත්‍රපට ශාලාවක මුලින්ම නැරඹූ චිත්‍රපටය ‘හඳයා’ බව හොඳීන් මතකයි. එහි ළමා නළු නිළියන් ගේ් ක්‍රියාකාරකම් හා ගීත නිසා චිත්‍රපටය මට අපූරු අත්දැකීමක්. ඉන් පසුව මගේ මතකයට දැනෙන චිත්‍රපට අත්දැකීම් වූයේ පරාක්‍රම සිල්වාගේ ‘හෙවනැලි ඇද මිනිස්සු’ සහ ‘බිත්ති හතර’ යි. (ඒවා අප පවුලේ අය විසින් විශේෂයෙන් නැරඹුවේ පරාක්‍රම සිල්වා අප පවුලේ ළඟම ඥාතියෙක් වූ නිසායි).

ඒ අතරින් ‘බිත්ති හතර’ චිත්‍රපටය මට විශාල රූප ශබ්ද අත්දැකීමක් ලෙස සමීප වුණා. පසුකාලීනවත් ‘බිත්ති හතර’ චිත්‍රපටය නරඹද්දී එහි තිබූ ශ්‍රව්‍ය දෘශ්‍ය සංයෝජනයට මට ඇල්මක් තිබුණා’.

ඕනෑම දරුවකුට චිත්‍රපට නැරඹීමේ උනන්දුව සහ අවධිය ඇති වන්නේ පවුලේ පරිසරය හෝ පාසල් සමයේ හිත මිතුරන්ගේ සංවාද තුළයි. රාජිතගේ ද චිත්‍රපට ආස්වාදනය පිළිබඳ අලුත් අත්දැකීම් ලැබුවේ මේ සමයේදීයි.

‘සාමාන්‍ය පෙළ හදාරා අවසන් කරන තුරුම පවුලේ පරිසරය තුළ මා බලවත් ලෙස අධ්‍යාපනය වෙතටයි යොමු කර තිබුණේ. පවුලේ සියල්ලෝ නිතර චිත්‍රපට නරඹන ස්වරූපයක් මට ඒ යුගයේ අත්දකින්නට ලැබුණේ නැහැ. උසස් පෙළට ආවාට පසු මම කලා විෂයයන් හදාරන්නටත්, ඒ සමඟ සිනමාව, නාට්‍යය ගැන උනන්දු වන්නටත් මට නිවසින් හොඳ නිදහසක් විවෘත බවක් ලැබුණා. එහෙත් ඊට පෙර හොරෙන් චිත්‍රපටයක් දෙකක් නරඹන පරිසරයක්, අපේ පාසල් මිතුරන් අතර තදින් තිබුණා.

එසේ නැරඹූ චිත්‍රපට අතර ‘ලේඩි චැටර්ලිස් ලවර්’ චිත්‍රපටය මට තදින් මතකයේ රැඳුණු චිත්‍රපටයක්. අප ඒ චිත්‍රපටය නැරඹීමට ගියේ ගැටවරයින් හැටියට, එහි වූ ලිංගික දර්ශන පිළිබඳ ශිෂ්‍යයින් අතර වූ විවිධ ආකල්පත්, ඒ පිළිබඳ කුතුහලයත් නිසායි. එහෙත් චිත්‍රපටය නරඹද්දී මා ඒ තුළ ඊට එහා දෙයක් දුටුවා. චිත්‍රපටයේ සිනමා රූපමය හා මාධ්‍යමය සත්කාරය නිසා එහි චරිත හා සිද්ධීන් පිළිබඳ යම් අවබෝධයක්, වින්දනයක් ලැබුණා කියා මා සිතනවා. එය හුදු ලිංගික දර්ශන නැරඹීමේ වින්දනයට එහා ගිය රසයක්’.

අනූව දශකය මුල වන විට රාජිත විශ්ව විද්‍යාලයට ඇතුළත් වන්නේ් නාට්‍ය කලාව, සාහිත්‍ය හා සිනමාව පිළිබඳ ප්‍රබල උනන්දුවකුත්, එවකට කලාව සාහිත්‍යය පිළිබඳ සමාජයේ තිබු කතිකාව වෙත ඇතිකර ගත් සංවේදී බවකුත් සහිතවය. කොළඹ විශ්ව විද්‍යාලයේ තිබූ කලා සංස්කෘතික ක්‍රියාකාරකම් පිරි පරිසරය ඒ උනන්දුව හා සොයා යාමට රුකුල් දුන්නේය.

‘විශ්ව විද්‍යාලයේ මුල් වසරේදීම මට ලැබුණු වැදගත් අවස්ථාවක් වුණේ ධර්මසේන පතිරාජ චිත්‍රපට උළෙලයි. අහස් ගව්ව සිට ඔහුගේ මුල්කාලීන සියලු චිත්‍රපට එකට නැරඹීම මගින් සිනමා මාධ්‍යයේ බලවත්කම වගේම ඔහුගේ සිනමාවේ ප්‍රකාශනය හා දේශපාලනික නැඹුරුව ගැනත් ආස්වාදනීය අවබෝධයක් ලැබුවා.

ඒ වගේම මා ඒ යුගයේම දුටු ආස්වාදනීය ප්‍රබල චිත්‍රපට අත්දැකීමක් වුණේ් ‘සිසිල ගිනි ගනී’ ට්ත්‍රපටයයි. එහි සිනමාරූපී ප්‍රකාශනයටත්, එහි විශිෂ්ට නිමාවටත් මා වඩාත් ඇලුම් කළා.

අනූව දශකයේ නිතර දක්නට තිබූ විදෙස් චිත්‍රපට උළෙල ඒ වන විට නාට්‍ය කලාවටත් පිවිසි සිටි රාජිතට අලුත් චිත්‍රපට ලෝකයක් හා අත්දැකීම් රැසක් විවර කර දුන් බව ඔහු මතකයට නංවයි.

ඒ දිනවල පැවති ප්‍රංශ, ස්වීඩන්, ඉන්දියානු චිත්‍රපට උළෙල ගණනාවක් අපට සිනමා මාධ්‍යයේ හා ප්‍රකාශනයේ විශාලත්වය හා ශක්තිය කියා දුන්නා.

විභවි සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති චිත්‍රපට එකතුව නිසා සිනමාවේ විවිධ ශෛලීන් හඳුනා ගන්නට ලැබුණා. ඒ වගේම මහින්දපාල මහතාගේ මග පෙන්වීම යටතේ ඉංග්මාර් බර්ග්මාන්, තර්කොව්ස්කි චිත්‍රපට මනාව හඳුනා ගන්නට ලැබීම පුදුම භාග්‍යයක්. ඒ දිනවල මා නැරඹූ විදෙස් චිත්‍රපට අතර ‘සොලානාස්ගේ ‘South’, අන්තෝනියෝනිගේ ‘Beyond the Clouds’, බර්මාන්ගේ ‘Winter Light’, තර්කොවිස්කිගේ’Nostalgia’ වැනි චිත්‍රපට ඉතාම කම්පනීය සිනමා අත්දැකීම්.

සිනමා කෘතීන් අතර පවත්නා විවිධත්වය හා විවිධ චිත්‍රපට ශෛලීන් වර්ග පිළිබඳ රාජිත වඩා විස්තරාත්මකව කතා කළේ වඩාත් උනන්දු සහගතවයි.

‘එදා අප එක් එක් චිත්‍රපට වර්ගවලට පෙම් බැන්ඳා. ඒවායින් අපට අප ජීවත් වන සමාජ වටපිටාව ගැන ප්‍රබල වින්දනීය අවබෝධයක් ලැබෙනවා. මේ පාරිභෝජනවාදී සමාජයේ මිනිස් සම්බන්ධතාවල සිදුවන සියුම් බිඳ වැටීම්, වෙනස්කම් හා ඒ හැසිරීම් හා ප්‍රතිචාර පිළිබඳ චිත්‍රපට වගේම මහජනයා සමූහයක් ලෙස මුහුණ දුන් අරගල, විප්ලවීය ව්‍යාපාර හා විපර්යාස පිළිබඳවත් ලෝකයේ බොහෝ චිත්‍රපට බිහි වී තිබෙනවා. මේ චිත්‍රපට දෙවර්ගයම අපට පුළුල් රස වින්දනයක් හා ප්‍රඥවක් ලබා දෙනවා. ඇතැම් මෙවැනි චිත්‍රපට මිනිස් ජීවිතයේ සංකීර්ණ ස්වභාවය ගැන ඉගැන්වීමේදී ‘බයිබලය’ හෝ ‘ධම්ම පදය’ ඉක්මවා යනවා විය හැකියි.

අපේ සිනමාවේත් මෑතකාලීනව ප්‍රසන්න විතානගේ සහ අශෝක හඳගමගේ චිත්‍රපට මා කලින් කී සංකීර්ණ සිනමා අත්දැකීම්වලට සමීප වන තරම් දැනුමක්, සංවාදයක් හා වින්දන පථයක් විවෘත කළා. එය අපේ සිනමාවේ වර්ධනීය අවස්ථාවක්.

එවැනි ලෝක මට්ටමේ සිනමා සංවාද තලයකට ඒවා අපේ සිනමාව ඔසවා තැබුවා. එහෙත් මේ විදිහේ් සංකීර්ණ ආත්ම ප්‍රකාශනවාදී සිනමාවකට පවතින දේශපාලන සංස්කෘතික හා මතවාදී පරිසරය කෙතරම් ඉඩ දෙනවාද කියන එකයි ගැටලුව. මේ පරිසරයේ එවැනි දේ, එවැනි වින්දන කලාප සීමා කරන්නටයි බල කරන්නේ.

අපේ ප්‍රේක්ෂකාගාරයත් අද ලිහිල් ආකල්පයකයි සිටින්නේ. එදා අසූව දශකයේ අප චිත්‍රපට බලද්දී ඉතා ආදරණීය ප්‍රේක්ෂකාගාරයක් අප දැක්කා. ඔවුන් පෙර සූදානමක් ඇතුව චිත්‍රපට බැලුවේ හෘදය සංවේදී බවකින්.

පෙම්වතියක් දකින්න යන තරම් ආදරණීය හැඟීමකින්. ඒ චිත්‍රපට ඔවුන් තදින් වැළදගෙන මතකයට ඉතිරි කරගත්තා. අද ප්‍රේක්ෂකාගාරය තුළ ඒ ආදරණීය හැඟීම නැහැ. අද ප්‍රේක්ෂකයින් චිත්‍රපටවලට අභියෝග කරනවා (විශේෂයෙන් දේශීය චිත්‍රපටවලට). හැකි නම් අපට විඳින්නට දෙයක් ලබා දීපන් වැනි සමච්චල් සහගත ආකල්පයකින් ඔවුන් මේවා දෙස බලන්නේ. දැන් ප්‍රේක්ෂකාගාරය සිනමා ශාලවෙන් ඈතට යමින් තිබෙනවා.

මේ ප්‍රේක්ෂකාගාරයේ ගැටලුව ජය ගන්නටත්, සිනමාව දියුණු වන්නටත් ලංකාවට විවිධ ඇත්දැකීම්, තේමා සහ ශෛලීන් රැගත් විවිධ වර්ගවල චිත්‍රපට අවශ්‍යයි. එකම තේමාවක් හා ශෛලීන්ගෙන් යුතු චිත්‍රපට අපට ලබා දෙන්නේ නීරස අත්දැකීම්. සිනමා ප්‍රෙක්ෂකයගේ් රස වින්දනය දියුණු තියුණු වනවා කියන්නේ විවිධත්වය ඔස්සේ අප ලබන පුළුල් රස වින්දනය හා අවබෝධයයි. වැදගත්ම දේ ප්‍රේක්ෂකයාට විවිධත්වය හා නිදහස් අර්ථ කථනයක් ලබා ගැනීිමට ඉඩ හැරීමයි.

Monday, 25 October 2010

රාජිත නම් වූ වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයා



Author: විචිත්‍ර වනිගනෙත්ති, ලක්‌මාල් බෝගහවත්ත
Date:05/08/2010
Source: Divaina

1994 දී "සක්‌වාදාවල" ගෙන එමින් වේදිකාව මත සිය අණසක පැතිවූ රාජිත දිසානායක රාජ්‍ය සම්මානලාභී නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකි. තමන්ට අනන්‍ය වූ ආකෘතියක්‌ මත නිර්මාණකරණයෙහි යෙදෙන රාජිත "හසයින්ටත් මං ආසයි" (96), "මට වෙඩි තියන්නැද්ද" (99) නාට්‍ය ඔස්‌සේ ප්‍රේක්‌ෂකයා නව මානයකට ගෙන ගියේය. ඔහුගේ "වීරයා මැරිලා"(2002), "සිහින හොරු අරං" (2005), "ආපහු හැරෙන්න බෑ" (2009) ජාතික නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය ලෙස සම්මානයට පාත්‍ර විය. එම නාට්‍ය ත්‍රිත්වය අද (05 දා) හෙට (06 දා) සහ අනින්දා (07 දා) ලයනල් වෙන්ඩ්ට්‌ රඟහලේ දී වේදිකාගත කෙරෙනු ඇත. ඒ නිමිත්තෙන්, රාජිත පිළිබඳ ඔහුගේ නිර්මාණයන්ට දායක වූ ශිල්පීන් සමූහය සමඟ කළ සුසංවාදයක සටහන මෙසේ පෙළගැසේ.

දයාදේව එදිරිසිංහ

මම වේදිකාවට පිවිසුනේ සුගත්ගේ (සුගතපාල සිල්වා) නාමය හරහා ඉන්පසු ඒ අවදියේ අධ්‍යක්‍ෂවරු ගණනාවක්‌ යටතේ නාට්‍යවල රඟපෑමට සම්බන්ධ වුණා. ඔවුන් අධ්‍යක්‍ෂණ ක්‍රියාවලියේදී අනුගමනය කළ ක්‍රමවේදය රාජිතගේ පරම්පරාවේ අධ්‍යක්‍ෂවරුන්ට වඩා වෙනස්‌. එක්‌ එක්‌ අධ්‍යක්‍ෂවරයා තමන්ට ආවේණික ක්‍රමවේදයකටයි නළුවන් මෙහෙයවීම සිදු කරන්නේ.

රාජිතගේ පරම්පරාවේ අධ්‍යක්‍ෂවරුන් ගණනාවක්‌ සමගත් සම්බන්ධ වී වැඩකිරීමට මට අවස්‌ථාව ලැබුණා. ඒ අතරින් මා ඉතා ප්‍රිය කරන විශිෂ්ටම අධ්‍යක්‍ෂවරයා රාජිත බව කීම අතිශෝක්‌තියක්‌ නොවේ.

ඔහුගේ අධ්‍යක්‍ෂණ ක්‍රියාවලිය ටිකක්‌ වෙනස්‌. පිටපත කියවීම සඳහාම ඔහු විශාල කාලයක්‌ ගන්නවා. ඒ හරහා නළුවාට තමන්ගේ චරිතය පිළිබඳ අදහසක්‌ ලබා ගැනීමට හැකිවෙනවා. ඒ අවබෝධයත් සමග ඔහු චරිතය ගොඩනගා ගැනීමට නළු
වාට අවස්‌ථාව ලබා දෙනවා. එසේ නොමැතිව නළුවා රඟපාන්නට උත්සාහ කරන්නේ නැහැ. මේ නිසා ඔහු සමග වැඩකිරීමට ඉතා අසීරුයි වගේම ඉතා ආශ්වාදජනකයි. බොහෝ අධ්‍යක්‍ෂවරු තුළ මා නොදුටු දෙයක්‌ වන්නේ කණ්‌ඩායමක්‌ ලෙස සාමුහිකව වැඩකිරීමට ඇති උනන්දුව සහ හැකියාව. රාජිත අධ්‍යක්‍ෂවරයෙක්‌ ලෙස රංග ශිල්පීන් සමග පමණක්‌ නොවෙයි අවශේෂ ශිල්පීන් සමගද මනා සබඳතාවක්‌ ගොඩනගා ගනිමින් නාට්‍ය වේදිකාව මත ගොඩනැංවීම සාර්ථක කර ගැනීමට ඉතා ශූරයි.

ශ්‍යාම් ප්‍රනාන්දු

රාජිතගෙ නාට්‍ය කණ්
‌ඩායමට මා සම්බන්ධ වීම සිදුවුණේ මම නාට්‍ය වැඩමුළුවක චරිතයක්‌ නිරූපණය කරනවා දැකීමෙන් ඇතිවූ කතා බහකින්. ඒ පළමු හමුවීමේදීම මට දැණුනු දේ තමයි ඔහු චරිතය හිතේ තියා ගෙන වෙන දේවල් කතා කරල බලන බව. ඒ කියන දේවල්වලට ස්‌වභාවිකව දක්‌වන ප්‍රතිචාරත් සමග ඔහුට අවශ්‍ය චරිතය මා තුළින් මතු කරගත හැකිද යන්න ඔහු තීරණය කරනවා.

ඒ ආකාරයට මූලික තීරණයකට එළඹි පසු පිටපත කියවීමේ පුහුණු අවස්‌ථාවට පෙර විවිධ හමුවීම්වලදී ඔහු තවදුරටත් තහවුරු කර ගන්නවා ඒ චරිතය මට සුදුසුද කියා. පිටපත කියවීමේ අවස්‌ථාව වන විට ඔහුට දැඩි විශ්වාසයක්‌ තිබෙනවා මේ චරිතය අදාළ නළුවා හෝ නිළියට මතුකළ හැකි බව. ඒ නිසාම රාජිත යම් චරිතයකට නිළියක්‌ හෝ නළුවෙක්‌ තෝරාගත් පසු ඔහුට එය නිරූපණය කිරීමට නොහැකිව ප්‍රතික්‍ෂේප වුණේ වරක්‌ හෝ දෙවරක්‌ පමණයි.

හැමවිටම රාජිත අතින් ලියවෙන්නෙ ඔහු අත්දකින ජීවිතය ඔහුගේ වටාපිටාවෙ දකින්න ලැබෙන සමීපතමයන්ගේ ජීවිතය. ඒ නිසාම පිටපත කියවීමේ අවස්‌ථාවේදී බොහෝ විට අතර මැද නවත්වල ඔහුගේ ජීවන අද්දැකීමක්‌ අපට විස්‌තර කරනවා. රාජිත කොහොමටත් නාට්‍යය ගැන කතා කරනවාට වඩා වෙන දේවල් ගොඩක්‌ කතා කරනවා. පිටින් ඇවිත් කෙනෙක්‌ අසා සිටියොත් හිතාවි නිස්‌කාරනේ කාලය කා දමනවා කියා. කොටින්ම මටත් මුලින් එසේ සිතුණු වාර අනන්තයි. එහෙත් රාජිත සමග ටික කාලයක්‌ කටයුතු කරන විට අවබෝධ වෙනවා මේ සියලු කතා කාලය කා දැමීම් නාට්‍යයට අදාළ බව.

මම අසා ඇති පරිදි විදේශීය නාට්‍ය අධ්‍යක්‌ෂවරු හැම චරිතයකටම වගේ Cය්ර්ජඑeර ඊසඉකැ හදනවා. රාජිතත් ඒවගේම ඔහුගේ නාට්‍යයට අදාළ චරිත පිළිබඳ විශාල වපසරියක්‌ ගවේෂණය කරනවා ඇති. චරිතයක්‌ ගොඩනගාගැනීමට අපට සපයන වටපිටාවෙන් ඒ බව පැහැදිලි වෙනවා. ඒ නිසාමයි ඔහුගේ චරිත වේදිකාව මතදී ඉතා පැහැදිලි සමාජ දේශපාලන භූමිකාවක්‌ නිරූපණය කරන්නේ.

රංගන ශිල්පියෙක්‌ ලෙස රාජිතගෙ නාට්‍යවලට සම්බන්ධවීමෙන් මට ලැබෙන විශාලතම ප්‍රතිලාභය තමයි එහිදී අපි අද්දකින චරිත ඔස්‌සේ අපේ ජීවිතයන් යළි කියවා ගැනීමකට හැකිවීම. අපේ මිතුරන් ගැන, පෙම්වතිය ගැන ආයතන ප්‍රධානියා ගැන අවබෝධයක්‌ ඇතිකර ගන්න පෙර ඔහුගේ නාට්‍ය හේතු වෙනවා. රංගන ශිල්පියෙක්‌ ලෙස සැබෑ ජීවිතයේදී ඒ ඒ අවස්‌ථාවන් පසුකර යනවිට වෙනස්‌ මානයන්ගෙන් කියවීමකට ලක්‌කර ගැනීමට රාජිතගෙ වේදිකා අද්දැකීම ඉවහල් වෙනවා. ඒ ඒ අවස්‌ථාවන් වේදිකාවේ ප්‍රතිනිර්මාණය කර ගැනීම පිළිබඳ ද මට සැබෑ ජීවිතයෙන් පිටිවහලක්‌ ලැබෙනවා. මන්ද යත් රාජිත වේදිකාවට ගෙනෙන්නෙ අප අද්විඳින අප වටා ඇති මේ ජීවිතය නිසා.

කපිල පූගලආරච්චි සංගීත අධ්‍යක්‍ෂ

රාජිත දිසානායක නමැති වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයා මට හමුවන්නේ පාසල් සමයේදී. ඒ කාලේ සිටම නාට්‍ය කලාව තුළ වෙනස්‌ දෙයක්‌ කරන්න උත්සාහ කරපු පුද්ගලයෙක්‌ වශයෙනුයි මා රාජිත හඳුනාගත්තේ. ඔහු හුදු නාට්‍ය සංගීතය කියන එක පාවිච්චි කළේ නැහැ. ඔහු චරිත තුළින් මවන්නට උත්සාහ කරන අර්ථාන්විත ලක්‌ෂණත් සමග තවත් එක චරිතයක්‌ ලෙසයි සංගීතය උපයෝගී කරගන්නේ. සාම්ප්‍රදායික ලෙස නාට්‍යයේ පාළු තැන්වලදී පාළුව මකන්න නොවෙයි රාජිත සංගීතය භාවිත කළේ. ඔහුගේ "සක්‌වාදාවල" මා ප්‍රථමයෙන්ම සංගීය සැපයූ නාට්‍යයයි. එතැනදීත් ඔහු සංගීය යොදාගත්තේ චරිතයක්‌ විදිහටයි. එතැනින් පටන්ගෙන මම ඔහුගේ ආපහුq හැරෙන්න බෑ නාට්‍යයට හැර සියලුම නාට්‍යවල සංගීත අධ්‍යíණය කළා. රාජිත සංගීතයේ ඉතා සියුම් තැන් පවා බොහෝම හොඳින් ග්‍රහණයකර ගන්නා අධ්‍යක්‍ෂවරයෙක්‌.

ගිහාන් ප්‍රනාන්දු

නළුවෙක්‌ වුණාම අධ්‍යක්‍ෂණය නොවනවා නම් එය කරුමයක්‌. රාජිත කියන්නේ නළුවෙක්‌ වචනයේ පරිසමාප්තයෙන්ම අධ්‍යක්‍ෂණය කරන අධ්‍යක්‍ෂවරයෙක්‌. නමුත් ඒ අධ්‍යක්‍ෂණය වන අවධියේ සිදුවන සිත්රිදීම් බොහොමයි. එම රිදවීම් නැතිනම් හොඳ චරිතයක්‌ ගොඩනගා ගැනීමට නොහැකි බවයි මම හිතන්නේ. ඒක රාජිතගේ නාට්‍යවල මට කිරීමට හැකි වී තිබෙනවා.

නළුවෙක්‌ හෝ අධ්‍යක්‍ෂවරයෙක්‌ වුණාම වර්තමාන සමාජයේ තිබෙන සමාජ තත්ත්වය පිළිබඳ අවබෝධයක්‌ තිබීම අනිවාර්යයි. රාජිත මේ රටේ සමාජ රිද්මය හඳුනාගත් අධ්‍යක්‍ෂවරයෙක්‌. ඒ නිසා ඔහුගේ නිර්මාණ මේ සමාජය හා සම්බන්ධයි. එනිසා ඒවා මේ සමාජය වැළඳගන්නවා. රාජිතගේ නාට්‍යවලදී අප උත්සාහ කරන්නේ සංවේදී අභ්‍යන්තරයෙන් නිරූපණය වන රංග ශෛලියක්‌ මතු කර ගැනීමටයි. නිරන්තර පුහුණුව නිසා එය ලොකු අපහසුවක්‌ වෙන්නේ නැහැ.

ප්‍රියංකර රත්නායක

නාට්‍යක චරිතයක්‌ ගොඩනගා ගැනීමේදී නළුවා හා අධ්‍යක්‍ෂවරයා අතර අනොන්‍ය අවබෝධය ඉතාම වැදගත්. රාජිත දීර්ඝ කාලයක්‌ තිස්‌සේ එකම කණ්‌ඩායමක්‌ සමග වැඩ කිරීම හේතුවෙන් මේ අනොන්‍ය අවබෝධය ඉතා හොඳින් ගොඩනගා ගෙන තිබෙනවා. අධ්‍යක්‍ෂවරයෙක්‌ ලෙස මා දකින ඔහුගේ විශේෂ ලක්‍ෂණයන් මෙයයි.

ඔහු කිසිදු විටක නළුවා කිසියම් රාමුවක සිර කිරීමට උත්සාහ කරන්නෙ නැහැ. ඒ වෙනුවට පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර ඔහු පිටපත කියවීමට විශාල කාලයක්‌ ගත කරනවා. ඒ වගේම ඒ අතර ශූර රංග ශිල්පීන් සමග විවිධ අවස්‌ථාවලදී පවත්වන සම්භාෂණයන් පවා ඔහු ඉතා සූක්‍ෂම ලෙස ඒ ඒ චරිත පිළිබඳ අවබෝධයක්‌ ඇති කිරීමට යොදාගන්නවා.

රාජිතගෙ නාට්‍යවලට බොහෝ විට පාදක වෙන්නේ සමකාලීනව අප අවට සැරිසරන චරිත. එහිදී ඒ තුළ මගේම චරිතයේ යම් යම් අංශුමාත්‍ර පවා මුණගැහෙනවා. මේ නිසා නළුවකුට ඉතා අභියෝගාත්මක කාර්යයක්‌ වෙනවා. තමාම නොවෙමින් තම ජීවිතයේ සහ තම සමීපතමයන්ගේ ජීවිත වේදිකාව මත නිරූපණය කිරීම. එහිදී ඒ ඒ චරිතයන්ට අනන්‍ය සියුම් චරිත ලක්‍ෂණ අත නොහරිමින් ඒවා නාට්‍යමය ප්‍රකාශයක්‌ ලෙස ඉදිරිපත් කිරීමේදී රාජිත අනුදත් රංගන ක්‍රමවේදයන් ඉතාම සුවශේෂයි. ඔහු ශූර අධ්‍යක්‍ෂවරයෙක්‌ වන්නේ නළුවා තුළින් චරිතය මතුකරගැනීමට ඔහු ලබාදෙන ඉඩකඩ සහ ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසන ආකාරය විසිනුයි.

රාජිත නාට්‍යක්‌a වේදිකාවක්‌ මතට ගෙන ඒම සේම එය පවත්වාගෙන යැම පිළිබඳ ද ඉතාම සවිඥනිකයි. එහිදී ඔහුට සම්මාන ඇගයීම් එතරම් වැදගත් වෙන්නෙ නෑ. හොඳම උදාහරණය "මට වෙඩි තියන්නේ නැද්ද" නාට්‍ය රාජ්‍ය නාට්‍ය උළෙලේ දෙවන වටය නියෝජනය කිරීමට පවා අවස්‌ථාව නොලද නාට්‍යක්‌ වුවත් එදා සිට අද දක්‌වා එහි දර්ශනවාර පවත්වාගෙන යැමට ඔහු ගන්නා මහන්සිය. එහිදී රාජිත තම ප්‍රේක්‍ෂකාගාරය පිළිබඳ දැඩි විශ්වාසයකින් පසු වෙනවා.

ප්‍රසාද් සූරියආරච්චි

රාජිත නිරන්තරයෙන්ම නාට්‍ය පිටපතට මුල්තැන දෙන අධ්‍යක්‍ෂවරයෙක්‌. ඔහු නළුවන්ගෙන් නිරතුරුවම ඉල්ලා සිටින්නේ පිටපත කියවන ලෙසයි. පිටපත නිරතුරුව කියවීමෙන් එහි තිබෙන යටි අරුත පිළිබඳ අර්ථකථනයක්‌ සැපයීමට නළුවාට පහසුවෙනවා. රාජිත පිටපතින් නළුවාගෙන් බලාපොරොත්තු වන දේ පිළිබඳ යම් මගපෙන්වීමක්‌ කරනවා. නළුවාගේත් අධ්‍යක්‍ෂවරයාගේත් නම්‍යශීලී සහයෝගය මතයි ඔහු අධ්‍යක්‍ෂණ කාර්යය සිදුකරන්නේ.

නළුවකු චරිතය රඟපාන්නට පෙර එය විඳින්න, ඉන් තෘප්තිමත් වන්න කියන එක රාජිත තම නළුවන්ට දෙන උපදේශයක්‌. එහෙම නොවුණොත් එය ප්‍රේක්‌ෂකයාට කෘත්‍රිම රංගනයක්‌ වෙනවා. නළුවා චරිතයට අවංක වුවොත් පමණයි සාර්ථක නිරූපණයක්‌ කළ හැක්‌කේ. ඒ නිසයි රාජිත නිරතුරුව කියන්නේ තමන් විඳින්නේ නැත්නම් ඒ චරිතය වෙනත් අයකුට විඳින්න බැරි බව.

රාජිත හැම නාට්‍ය දර්ශනයක්‌ම ප්‍රේක්‌ෂකාගාරයේ සිට නරඹනවා. එලෙස නරඹා ඇති අඩුපාඩු සාකච්ඡා කරනවා.

ධර්මප්‍රිය ඩයස්‌

රාජිතගේ පිටපත කියවූ සැනින් මේ චරිතය මොකක්‌ද කියන කාරණය මට එකවර අවබෝධ වෙන්නේ නෑ. මම ඔහුගෙ නාට්‍ය හතරකට චරිත නිරූපනය කර තිබෙනවා. මේ සෑම පිටපතක්‌ම ලැබුණු සැනින් මට මගේ චරිතය පිළිබඳ ලොකු අවබෝධයක්‌ ලැබුණෙ නෑ. පිටපත කියවීමෙන් පස්‌සේ පුහුණුවීම් ආරම්භ කළ විටත් මට මගේ චරිතය පිළිබඳ ලොකු අවබෝධයක්‌ ඇතිවුණේ නෑ. සුළු තේරුම් යැමකුයි ඇතිවුණේ. හොඳම උදාහරණය රාජිත අවසානයට කළ "ආපසු හැරෙන්න බෑ" නාට්‍යයේ දුර්වලම රංග ශිල්පියා වුණේ මම.

රාජිත අනුගමනය කරන ඔහුට ආවේණික නළුවන් හැසිරවීමේ ක්‍රමවේදයක්‌ තිබෙනවා. ඒ අනුව ටික දිනක්‌ පුහුණුවීම් කරගෙන යන විට ඔහු මගේ චරිතය පිළිබඳ පුංචි පුංචි ඉඟි දෙන්න පටන් ගන්නවා. ඔහු කවදාවත් චරිතයේ ෙටෝ කොපියක්‌ දෙන්නෙ නෑ. ඒ නිසාම නළුවටත් විශාල වැඩ කොටසක්‌ තිබෙනවා. මට මගේ චරිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය මාවත විවර කිරීම පමණයි ඔහු කරන්නෙ. එතැනදී මට අවබෝධ වෙන්න ගන්නවා මේ චරිතය ගොඩනගා ගැනීමට මටත් විශාල වැඩකොටසක්‌ තිබෙන බව. ඔහු එය ඉතා ශූර ලෙස අවබෝධ කර දෙනවා. රාජිත අනුගමනය කරන මේ අධ්‍යක්‍ෂණ ක්‍රියාවලිය නිසා පුහුණුවීම්වලින් පසුවත් මගේ චරිතය පිළිබඳ සිතන්න පෙළඹීමක්‌ ඇතිවෙනවා.

රාජිත තමන්ගෙ නාට්‍යය වේදිකාව මතට ගෙන ඒමෙන් පසු තමන්ගේ කාර්යය අවසානයි කියා සිතන අධ්‍යක්‍ෂවරයෙක්‌ නොවෙයි. ඔහු තමන්ගේ නාට්‍ය පවත්වාගෙන යැම පිළිබඳ විශාල උනන්දුවක්‌ දක්‌වන අධ්‍යක්‍ෂවරයෙක්‌. එහිදී ඔහු සමාජ දේශපාලන පසුබිම පිළිබඳ ඉතා සවිඥනිකයි. නාට්‍ය දර්ශන සංවිධානය කිරීමේ කටයුත්ත සිදු කරන්නේත් ඔහුයි. ඔහු තමන් නියෑළී සිටින කාර්යයට ඉතා අවනත පුද්ගලයෙක්‌. කිසිවිටකත් එහි බර සැහැල්ලු කරන්න කැමති නැහැ.


මලිත් පීරිස්‌ වේදිකා පරිපාලන කළමනාකරු

වේදිකා පරිපාලනය තාක්‌ෂණික ක්‍රියාවලියක්‌. එය තාක්‌ෂණික ක්‍රියාවලියක්‌ වුවත් කලාව හදාරපු නැති අයකුට එය කරන්න බැහැ. ලංකාව වගේ රටක වේදිකා පරිපාලනය පිළිබඳ කතා කිරීමම විහිළුවක්‌. රංගනය පිsළිබඳ හදාරන්නවත් තැනක්‌ නැති රටක වේදිකා පරිපාලනය නමැති විෂය හදාරන්න කිසිම අවස්‌ථාවක්‌ නැහැ. සාමාන්‍ය ජනතාව අතර වේදිකා පරිපාලක කියන්නෙ "සෙට්‌ අදින කොල්ලා". බොහෝ වේදිකා නාට්‍යවලදී වේදිකා පරිපාලනය කියන්නේ සමස්‌ත නාට්‍යයටම කරගහන එක. නැත්නම් නාට්‍යයේ බර වැඩ ටික කරන එක. එතනදී රාජිත කියන අධ්‍යක්‍ෂවරයාගේ තිබෙන වෙනස තමයි නාට්‍ය කණ්‌ඩායමේ සෑම කෙනකුට පැවරුණූ සුවිශේෂී වගකීම් කොටසක්‌ තිබීම. ඒ නිසා ඔහුගේ නාට්‍යවලදී වේදිකා පරිපාලක ශිල්පියාට පැවරුණු සුවිශේෂී වැඩකොටසක්‌ තිබෙනවා. අනිත් නාට්‍යවලට වඩා රාජිතගේ නාට්‍යවල තිබෙන වෙනස වන්නේ මේ බෙදා ගැනීම. නාට්‍ය කලාත්මක කෘතියක්‌ ලෙස භාවිත කරන ගමන්ම රාජිත උත්සාහ කරනවා එය විධිමත් කර්මාන්තයක්‌ බවට පත් කිරීමට. මේ හේතුව නිසා මේ නාට්‍ය කණ්‌ඩායමේ සාමූහික බවක්‌ තිබෙනවා.

ජයනි සේනානායක

චරිතයක්‌ ගොඩනැගීමේදී රාජිත තම නළුවන්ට ලබාදෙන ප්‍රධාන උපදෙස තමයි පුළුවන් තරම් පිටපත කියවන්න කියන එක. ඔහු විශ්වාස කරන දෙයක්‌ තමයි චරිතයක ස්‌වභාවය පිටපත කියවීමෙන් බොහෝදුරට ලබාගත හැකි බව. යම් නාට්‍යයක්‌ දර්ශන වාර සියයක්‌ පැවැත්වූවත් ඒ සියවැනි වතාවෙත් අපි පිටපත කියවනවා. ඒ මගින් චරිතය පිළිබඳ යම් අවබෝධයක්‌ අපට ලබාගත හැකි වෙනවා. ඒ මගින් තමයි ඔහු චරිතයක්‌ ගොඩනගන්න මූලික අඩිතාලම දමන්නේ.

ඒ වගේම ඔහු සිත ඇඳි චරිතය නළුවකුගෙන් ලබාගන්න විවිධ ක්‍රමවේද භාවිත කරනවා. ඔහු නළුවකුගෙන් බලාපොරොත්තු වන චරිතයේ මානය හුඟක්‌ එහා ගිය එකක්‌. කෙසේ හෝ දැඩි පුහුණුවකින් පසුව ඔහු එම අරමුණ ජයගන්නවා. ඒ නිසායි ඔහු බලාපොරොත්තුවන චරිත ප්‍රතිනිර්මාණය කරගත හැකි නළුනිළියන් පිරිසක්‌ පමණක්‌ නිරතුරුවම තෝරාගන්නේ. විශේෂයෙන් අධ්‍යක්‍ෂවරයාගේ දෘෂ්ඨිය හඳුනා නොගතහොත් එම අධ්‍යක්‍ෂවරයාට අවශ්‍ය දේ ලබාදීමට නළුවකුට හැකිවන්නේ නැහැ. රාජිත කියන අධ්‍යක්‍ෂවරයා හොඳින් හඳුනන නළු නිළි පිරිසක්‌ තමයි මේ කාර්යයට තෝරාගන්නේ. තම රචනාව පමණක්‌ම මතුකරන රංගනයකට ඔහු කැමැති නැහැ. ඔහුගේ රචනාව පසුකර නළුවා මතුවීමයි ඔහුගේ බලාපොරොත්තුව.

රාජිත ඉතා කැමැති ශෛලිය තමයි අතිශය සියුම් භාවමය රංගන ශෛලිය. එය ටිකක්‌ අපහසු කාර්යයක්‌. වේදිකාවක අතිශය සියුම් රංගනයන් ඉදිරිපත් කිරීමේදී අප තුළින් එය ගිලිහී යන්න පුළුවන්. ඒක හරියට අතුරේ යනවා වගේ වැඩක්‌. ඒත් අප අනිවාර්යෙයන්ම ඊට අනුගත විය යුතුයි. ඒ වගේම මෙම ස්‌වභාවික රංගන ශෛලිය ප්‍රේක්‌ෂකයන්ට අතිශයින් සමීපයි. මුදල් දීල ටිකට්‌ එකක්‌ අරගෙන ප්‍රේක්‌ෂකාගාරයේ වාඩිවෙන හැම ප්‍රේක්‌ෂකයකුටම හොඳ රංගනයක්‌ ලබාදීම නළුවකුගේ වගකීමක්‌. රාජිත ඒ වගකීම හා අවදානම මැනවින් වටහාගත් අධ්‍යක්‍ෂවරයෙක්‌.


රංග සමරකෝන් රංග ආලෝක පරිපාලක

අද වන විට රංග ආලෝකය විෂය යනු නිළිය, නළුවා හෝ රංග භාණ්‌ඩ ප්‍රේක්‌ෂකයාට පෙන්වීමට සැලැස්‌වීමට එහා ගිය දෙයක්‌. චරිතයක සියුම් අරුත් දැනවීමට, චරිතයක අභ්‍යන්තර මනෝභාවයන් විවරණය කිරීමට භාවිතා කරන දියුණු උපාංගයක්‌ බවට අද වේදිකා රංගාලෝකය පත්වෙලා තිබෙනවා.

බොහෝ වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරු නාට්‍යයේ මූලික පුහුණුවීම් අවස්‌ථාවලදී රංග ආලෝක ශිල්පියා සම්බන්ධ කරගන්නේ නැහැ. ඔහුගේ දායකත්වය රංග ආලෝකය සහිත පුහුණුවීම් ආරම්භවීමත් සමග ලබාගැනීම ප්‍රමාණවත් යෑයි ඔවුන් සිතනවා. එහෙත් නාට්‍යයක පිටපත කියවීමේ අවස්‌ථාවේ සිට ලයිටින් රිහසල් දක්‌වා සියලු පුහුණුවීම් අවස්‌ථාවලදී රංග ආලෝක ශිල්පියා සම්බන්ධ කරගැනීම රාජිතගේ ක්‍රමවේදය. එහිදී මට නාට්‍ය පිළිබඳ එහි සියුම් අර්ථයන් පිළිබඳ අවබෝධයක්‌ මෙන්ම අධ්‍යක්‍ෂකගේ අභිප්‍රාය පිළිබඳ අවබෝධයක්‌ද ලැබෙනවා. එහිදීද රාජිත නාට්‍ය පුහුණුවීම් ආරම්භ කරන්න පෙර සිය ශිල්පීන් හා යෙදෙන සංවාදයන්වලදී පවා නාට්‍යයට අදාළ සහජ කාරණා නොවුනද බොහෝ දේ සාකච්ඡා කරනවා. ඒ තුළින් පවා සිදුවෙන්නෙ නාට්‍ය පිළිබඳ සියුම් අරුත් මතුවීමයි.

ඔහු කිසිවිටෙකත් මෙසේ සිදුවිය යුතුමයි කියන අණ පනත් පැනවීමක්‌ සිදුකරන්නෙ නැහැ.

එහෙත් ඔහුට අවශ්‍ය අදහස මතුකරගැනීමට අලෝකය කෙසේ හැසිරවිය යුතුද යන්න පිළිබඳ ඔහුට හොඳ ඉවක්‌ තිබෙනවා. ඒ ඉව අපට හඳුනා ගන්න ඉඩහරිමින් සාකච්ඡා කරමින් රංග ආලෝකය සකසා ගැනීම සිදු කරනවා. පළමුවෙන් රංග ආලෝකය සහිත පුහුණුවීම් අවසානයේදී නැවත බරසාර සාකච්ඡාවකට යනවා. එහිදී ඔහු එකඟ නැති තැන් සහ වඩා වැඩිදියුණු කළ යුතු තැන් පිළිබඳ ඔහුගේ අදහස්‌ දැක්‌වීම සිදු කරනවා.

මේ අදහස්‌ සමග නැවත ආලෝක සැකැස්‌මක්‌ සමග දෙවන තෙවන ආලෝකය සහිත පුහුණුවීම්වල නියෑළීමෙන් පසුවයි අවසාන ආලෝක සැකැස්‌ම නිර්මාණය කරගැනීම සිදුවෙන්නෙ. ඔහු හතරවන ලයිටින් රිහසල් එක නාට්‍ය දර්ශනවාරයක්‌ හා සමානවම සිදුකරනවා. එහිදී බොහෝ විට රංගනය, අලෝකකරණය, වේදිකා පරිපාලනය පිළිබඳ අවසාන සැකැස්‌ම නිර්මාණය කර ගැනීම සිදුකරනවා. බොහෝ අධ්‍යක්‍ෂවරු රංගාලෝකය නිර්මාණය කර ගැනීමේ ක්‍රියාවලිය එතනින් අවසන් කරනවා. එහෙත් රාජිත දර්ශනවාරයක්‌ පාසා රංග ආලෝකය වැඩිදියුණු කරගැනීමට වෙහෙසෙනවා.

සම්පත් ජයවීර

රාජිතගෙ නාට්‍යය තුළ යටිපෙළ හුයක්‌ ලෙස දිවෙන ගැඹුරු දේශපාලනයක්‌ තිබෙනවා. සෑම චරිතයක්‌ම දේශපාලනිකයි. ඒ ආකාරයේ පිටපතක චරිතයක්‌ ගැඹුරින් හඳුනාගැනීමට ඒ පිටුපස ඇති දේශපාලනය හඳුනා ගැනීම වැදගත්.

චරිතයේ දේශපාලනය හඳුනා ගැනීමට ඔහු ඒ පිළිබඳ සෘජුව කිසිවක්‌ කියන්නෙ නැහැ. එහෙත් පූර්ව පුහුණුවීම් කාලය තුළ ඔහු සමකාලීන සමාජ දේශපාලන කාරණා පිළිබඳ දැඩි අවධානයකින් තමන්ගේ කණ්‌ඩායම සමඟ අදහස්‌ හුවමාරු කර ගන්නවා. මට මුල්කාලෙ මේ ක්‍රියාවලිය පිළිබඳ එතරම් අවබෝධයක්‌ තිබුනේ නැහැ. ඒත් පසුව තේරුම් ගියා මේ කටයුත්ත චරිතය ගොඩනඟා ගැනීමට ඉතා වැදගත් බව.

මා නිරූපණය කරන චරිතය (වීරයා මැරිලා) මීට කලින් වසර ගණනාවක්‌ වෙනත් ශිල්පියකු විසින් නිරූපණය කළ චරිතයක්‌. එහෙත් එහිදී ඔහු මගෙන් ඒ චරිතය ඒ ආකාරයෙන්ම ඉල්ලා සිටියේ නැහැ.

ඔහු මට ඒ චරිතය අවබෝධකරගෙන ගොඩනඟා ගැනීමට අවස්‌ථාව ලබා දුන්නා. q බලහත්කාරයෙන් චරිතයක්‌ ඔබ්බවන්නෙ නැහැ. නළුවාට අභ්‍යන්තරයෙන් සිය චරිතය අවබෝධකරගෙන ගොඩනැඟෙන්න ඉඩ දෙනවා. ඔහුගේ විශේෂත්වයත් එයම වෙන්නඇති.

අනුසුයා සුබසිංහ

රාජිත හැම විටම මැදිහත්වන අධ්‍යක්‌ෂවරයෙක්‌ නොවෙයි. ඔහු චරිතය ගොඩනගාගන්න රංගන ශිල්පියාට හෝ ශිල්පිණියට ලබාදිය හැකි පොහොර මොනවද කියලා හොඳ අවබෝධයක්‌ සහිතවයි කටයුතු කරන්නෙ. ඊට පස්‌සේ චරිතය වැඩෙනවා බලා සිට එය තමන්ට අවශ්‍ය ආකාරයට හැඩගස්‌වා ගැනීමට ඔහු ශූරයි.

වේදිකා නාට්‍යයක චරිතයක්‌ කර අවසන් කළ නොහැකි බවයි මගේ අදහස. පිටපතක තිබෙන්නේ පැතලි ඒකමානීය චරිත නොවෙයි. ඒවා ඉතා සංකීර්ණ බහුමානීය චරිත. එවන් චරිත තුළට අවබෝධයෙන් කි¹ බසිත්ම එහි විවිධ මානයන් පෙනෙන්න ගන්නවා. ඒ වගේමයි නාට්‍යයක දර්ශන වාර විශාල සංඛ්‍යාවක්‌ කරනවිට සමහර අවස්‌ථාවලදී මුල් කාලෙ සොයාගත් සියුම් දේවල් ගිලිහිලා යනවා. රාජිත මේ කාරණා දෙක පිළිබඳ ඉතා සවිඥනිකයි.