2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Monday, 7 November 2011

Drama highlights plight of workers: Low wages leave many employees disillusioned


Catholic Church News Image of Drama highlights plight of workers


Free Trade Zone workers in a recent protest
Disenchanted Free Trade Zone (FTZ) factory workers have staged a play in Colombo to highlight what they say are the poor working and living conditions they endure.

The play, Living Wage and Productivity, depicted their ongoing struggles and illustrated how the business community has neglected them and ignored their contributions to the national economy.

According to the Free Trade Zone and General Services Employees Union (FTZGSEU), there are about 300,000 FTZ workers in Sri Lanka who say they are the country’s biggest export earners, with their labor accounting for US$3.5 billion in revenue in 2010. Most of them only earn about $100 a month with overtime.

The Christian and Buddhist organizers of the play, which was performed earlier this week in Colombo’s Punchi Theater, said they wanted to make factory owners, managers, politicians and government officials aware of their problems.

“Many of us sleep on the floor, in cramped conditions and spend a third of our pay for the privilege yet we are bringing in billions of dollars for the country,” said Chrishanthi Mangalika, who works in a clothing factory.

“Compulsory overtime and almost impossible targets to complete orders causes more problems,” she said after the performance.

According to FTZGSEU leaders, the conditions the workers face are deterring others from seeking jobs.

“There are 30,000 vacancies at FTZ factories and nobody is applying for them because of the low wages and lack of facilities,” FTZGSEU joint secretary Anton Marcus told the audience after the play was over.

This, according to Marcus has prompted clothing factory owners to join the government in spending 95 million rupees ($862,000) on recruitment campaigns over the last two years.

He said solving all these problems is not difficult.

“If owners and managers talk with their workers and increase their basic salary workers will work hard and everyone can benefit,” said Marcus.

But Roshan Fernando, a Catholic clothing factory manager who watched the play, said owners are unable to increase salaries just like that.

“Our customers come to us because we offer goods at a cheap price. If we keep raising salaries our customers will have to pay more and will look elsewhere,” he said.

However, there has been some good news for Sri Lankan manufacturers, which workers hope could also benefit them.

The United States last week placed Sri Lanka on its Generalized System of Preferences program which is designed to promote economic growth in the developing world by allowing duty free entry into the US for around 4,800 products. However, the EU remains unconvinced afeter voicing concern over alleged human rights violations.

Tuesday, 18 October 2011

මාලිනී ෆොන්සේකා

Author: Sunil Mihidukula
Date:13/10/2011
Source: Sarasaviya


සිංහල සිනමාවේ එදා මෙදාතුර බිහි වූ විශිෂ්ටතම චරිතාංග නිළිය කවුරුන්දැයි කිසිවකු මගෙන් විමසුවහොත් මා ඊට දෙන පිළිතුර ‘මාලිනී ෆොන්සේකා’ යන්නයි. මාලිනී සිංහල සිනමාවේ පුරා වෘත්තයක් බිහි කළ අග්‍රගණ්‍ය නිළියක් වන්නීය.

මාලිනී සිනමා රංගනයට ප්‍රවිෂ්ට වන්නේ ‘පුංචි බබා’ චිත්‍රපටයෙනි. ඇය සිනමාවට හඳුන්වා දීමේ ගෞරවය එක් පැත්තකින් පසුගියදා අපෙන් සදහටම සමු ගත් මහා නළු ජෝ අබේවික්‍රමයන්ට ද, අනිත් පැත්තෙන් අධ්‍යක්ෂ තිස්ස ලියනසූරියට ද හිමි විය යුතු යයි මා සිතමි. මාලිනී තම ප්‍රථම චිත්‍රපටයෙන්ම ප්‍රධාන චරිතයක් රඟපෑම ද සුවිශේෂත්වයක් වූයේය.

1947 දී කැලණියේ උපන් වන්නිආරච්චිගේ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මූලික අධ්‍යාපනය ලැබුවේ කැලණිය ගුරුකුලයෙනි. එහිදී නාත්තන්ඩියේ ප්‍රඥාසාර, කොටහේනේ පඤ්ඤාකිත්ති, කාක්කපල්ලියේ අනුරුද්ධ වැනි බෞද්ධ යතිවරුන් යටතේ ඉගෙනුම ලැබීමට තරම් ඇය භාග්‍යවන්තියක වූවාය.

පසු කලෙක කලා ලොවේ කීර්තියක් දැරූ බොහෝ දෙනෙක් එදා මාලිනී සමඟ ගුරුකුලයේ ඉගෙන ගත් අය වූහ. එච්. ඩී. ප්‍රේමරත්න, විමල් කුමාර ද කොස්තා, ඩොනල්ඩ් කරුණාරත්න, කුසුම් පීරිස්, පතිරාජ එල්. එස්. දයානන්ද ඉන් කීප දෙනෙකි.

සිනමාවට එළඹීමට පෙර මාලිනී වේදිකා නාට්‍ය රැසක රඟපා තිබුණාය. එච්. ඩී. වීරසිරිගේ ‘නොරත රත’ (1963) ඇය රඟපෑ මුල්ම නාට්‍යය විය. ඒ නාට්‍යය වේදිකා ගත කළ වසරේදීම මාලිනී ‘කැලණි කල්‍යාණි’ නම් වූ රූප සුන්දරී තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තීය.

මාලිනී අවම වශයෙන් නාට්‍ය 14 ක හෝ 15 ක පමණ රඟපා ඇත. ‘සයුරෙන් ආ ළඳ’ (මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර), ‘ලිය තඹරා’ (ගුණසේන ගලප්පත්ති), ‘මහගෙදර’ (රංජිත් ධර්මකීර්ති), ‘එරබදු මල් පොට්ටු පිපිලා’ (එස්. කරුණාරත්න), ‘නිදිකුම්බා’ (සුමන ආලෝක බණ්ඩාර), ‘බක තපස්’ (සතිස්චන්ද්‍ර එදිරිසිංහ) ඉන් කීපයකි. ඇය වසරේ හොඳම නිළිය ලෙස රාජ්‍ය සම්මාන හිමි කර ගත්තේ ‘අකල් වැස්ස’ නාට්‍යයේ කළ චරිතාංග නිරූපණය වෙනුවෙනි.

‘පුංචි බබා’ චිත්‍රපටයෙන් සිනමා නිළියක වූ පසු මාලිනීට යළිත් වේදිකා නාට්‍යයක රඟපෑමට තරම් විවේක බුද්ධියක් නොතිබිණි. ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා වරක් මාලිනී ගැන සඳහන් කරමින් කියා සිටියේ සිනමාව විසින් මාලිනී ෆොන්සේකා නම් වූ දක්ෂ වේදිකා නාට්‍ය නිළිය උදුරා ගනු ලැබූ බවය.

‘පුංචි බබා’ හි රඟපෑමට පෙර මාලිනීට තිර පරීක්ෂණයකට (SCREEN TEST) පෙනී සිටීමට සිදු විය. කැමරාවට ඇස තැබූ අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය මාලිනීගේ ඡායාකාන්ත බව (PHOTOGENIC) මැනවින් ප්‍රත්‍යක්ෂ කර ගත්තේය. මෙහිදී මට මතක් වන්නේ ලෝක ප්‍රකට නිළි ලිව් උල්මාන් වරක් කියූ දෙයකි. ‘මගේ සිතුම් පැතුම් සියල්ල දන්නා පෙම්වතකුට වඩා හොඳින් කැමරාවට මා හෙළිදරව් කර ගත හැකිය.’ ඒ ආකාරයටම සිනමා කැමරාව විසින් මාලිනීගේ ජීවිතය හෙළිදරව් කරන ලදැයි කිව හැකිය.

මාලිනී වේදිකාවෙන් සිනමාවට පැමිණි නිසාත් මුල් යුගයේ ඇයව අධ්‍යක්ෂණය කළේ තිස්ස ලියනසූරිය, අමරනාත් ජයතිලක, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි සිනමාකරුවන් නිසාත් සෙසු නිළියන්ට මෙන් දකුණු ඉන්දීය රංග සම්ප්‍රදායයට ගොදුරු වීමට ඇයට සිදු වූයේ නැත. එය ඇය ලද භාග්‍යයකි.

ආරම්භයේ සිටම මාලිනී ජනප්‍රිය සිනමාවේත් සම්භාව්‍ය එසේත් නැත්නම් කලාත්මක සිනමාවේත් එක පරිදිම රඟපෑවාය. එම සිනමා ධාරාවන් දෙකේම උපරිම සාර්ථකත්වයක් හිමි කර ගත් නිළියක වේ නම් ඒ මාලිනී පමණි. එය සංකේතවත් කෙරෙන අපූර්ව අවස්ථාවක් වන්නේ 1972 දී ඇය ‘දීපශිඛා’ සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම නිළිය වන අතර විචාරක සම්මාන උළෙලේ හොඳම නිළිය ද වීමය. ඒ ‘නිධානය’ චිත්‍රපටයේ චරිතාංග නිරූපණය වෙනුවෙනි. ‘නිධානය’ මාලිනී සංකීර්ණ චරිතයක් රඟපෑ පළමු අවස්ථාව විය. එහිදී ඇය රඟපාන්නේ බිලි පූජාවකට කැප වූ අහිංසක ගැහැනියකගේ චරිතයකි. එය අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීමෙන් කෙරුණු අව රංගනයකි (UNDER PLAY).

මාලිනී ගැන අධ්‍යක්ෂ ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙසේ කියා තිබිණි.

‘මාලිනී ඕනෑම චරිතයක් නිරූපණය කිරීමට සමත්කම් දක්වන නිළියක් බව මා අමුතුවෙන් නැවත වතාවක් කියන්න අවශ්‍ය නැහැ.

ඇය ‘නිධානය’ චිත්‍රපටයේ අයිරින්ගේ චරිතයට අදාළ ආධ්‍යාත්මික ලක්ෂණ බාහිර වශයෙන් නිරූපණය කර දැක් වූ විලාසය අපූරුයි.’ ( ‘සූර’ චිත්‍රපට මාලාවෙන් හතර දෙනාම සූරයෝ, එදත් සූරයා අදත් සූරයා, සූරයා සූරයාමයි වැනි) ගාමිණී – මාලිනී යුගයක් සිංහල සිනමාවේ ස්ථාපිත වූයේය. ඉනික්බිතිව විජය – මාලිනී යුගයක් ද බිහි වූයේය.

‘තුෂාරා’, ‘සුසී’, ‘වාසනා’, ‘හිතුවොත් හිතුවාමයි’ වැනි ට්ත්‍රපට ඊට නිදසුන්ය. ‘සුසී’ වැනි වාණිජ චිත්‍රපටයක මාලිනී රඟපෑ චරිතය එපරිද්දෙන් දක්ෂ ලෙස රඟපෑ හැකි වෙනත් නිළියක් ගැන මට සිතා ගැනීමටත් අසීරුය. එසේම ඇය ‘සැලී’ චිත්‍රපටයේ ද එකිනෙකට වෙනස් චරිත පහක් රැඟූ අයුරු මතකය. මාලිනීගේ රංග මහිමය ප්‍රබලව මතු කර ගත් සිනමාකරුවා ආචාර්ය ධර්මසේන පතිරාජය.

ඔහුගේ චිත්‍රපට තුනක් හැරුණු කොට අන් චිත්‍රපට සියල්ලේම මාලිනී රඟපෑවාය. ආචාර්ය ජේ. උයන්ගොඩ ඉතා නිවැරදිව කියා ඇති ආකාරයට පතිරාජ විසින් මාලිනී යළි සොයා ගනු ලැබීම ඇගේ නිළි දිවියේ සංධිස්ථානයකි.

පතිරාජගේ අධ්‍යක්ෂණයක් වන ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ මාලිනී රඟපෑවේ කටුවැල්ලේ ගෙදර සුසිලාවතීගේ චරිතයයි. එය ගැමි ආර්ථික පීඩනයෙන් මතු වූ චරිතයකි. පියාගේ මරණය, සහෝදරයා රිය අනතුරකට ලක් වීම හා තමා ලිංගික අතවරයකට ගොදුරු වීම ඇගේ ජීවිතය කෙරෙහි බරපතළ ලෙස බලපායි. සුසිලා කඳුළු අතරින් සිනාසෙන්නට උත්සාහ කරන චරිතයකි. මාලිනී මේ චරිතයේ බාහිර ක්‍රියාකාරකම් පමණක් නොව අභ්‍යන්තර මනෝභාව ද ඉතා ගැඹුරින් නිරූපණය කරන්ට සමත් වූවාය.

‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ මාලිනීගේ රඟපෑම් සඳහා 1975 දී නව වැනි මොස්කව් අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී ඩිප්ලෝමා සහතිකයක් හිමි වූයේය.

එය ශ්‍රී ලාංකේය නළුවකු හෝ නිළියක හෝ ලද ප්‍රථම අන්තර් ජාතික ජයග්‍රහණය ලෙස ඓතිහාසිකව වැදගත්ය.

පතිරාජගේ ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ මාලිනී ධීවර ගැහැනියක ලෙස කළ චරිතාංග නිරූපණය අග්‍රගණ්‍යය. පතිරාජගේම ‘සොල්දාදු උන්නැහේ’ චිත්‍රපටයේ ඇය පරමාධිපත්‍යය කුණුහරුපයක් සේ සලකන ගණිකාවකි. මෙහිදී ඇගේ රංගනය ගැන පතිරාජ වරක් මා සමඟ මෙසේ කියා සිටියේය.

‘මගේ ‘සොල්දාදු උන්නැහේ’ චිත්‍රපටයේ මාලිනී රඟපෑවේ ගණිකාවගේ චරිතයක්. අපි එතෙක් සිනමාවෙන් මාලිනී දැක්කේ සිංහල ගැමි හෝ නාගරික පරමාදර්ශී කාන්තාවකගේ චරිතය. නමුත් ඒ ප්‍රතිරූපය ඇය ‘සොල්දාදු උන්නැහේ’ චිත්‍රපටයෙන් විසංයෝජනය කරනවා. ඒක තමයි දක්ෂතාව කියන්නේ.’

‘සිරිපාල හා රන් මැණිකා’ චිත්‍රපටයේ මාලිනීගේ රංගනය අති උත්කෘෂ්ඨය. එය එදා මෙදාතුර සිංහල සිනමාවේ දක්නට ලැබෙන හොඳම චරිතාංග නිරූපණ ස්වල්පයෙන් එකකි. මාලිනී මේ චරිතය රඟපෑමට පෙර කිසියම් පූර්ණ අධ්‍යයනයක යෙදී ඇත. අනුරාධපුරයට ගොස් රන්මැණිකා මුණ ගැසී ඇගේ කතා විලාසය හා වෙනත් චර්යා ඇය විසින් සියුම්ව අධ්‍යයනය කරන ලදී. කොණ්ඩය බැඳීම, උර හිස් පටි සහිත හැට්ටය ඇඳීම, ඇවිදින විට පන් මල්ල අතට ගැනීම වැනි චර්යා එම හැදෑරීම්වල ප්‍රතිඵලය. මේ හැදෑරීම්වලින් ;පන්නුම් කරන්නේ නිළියක වශයෙන් මාලිනී තුළ තිබෙන අසීමිත වෘත්තීය කැපවීමයි.

1977 හය වැනි ඉන්දීය අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී ‘සිරිපාල හා රන් මැණිකා’ චිත්‍රපටයේ රඟපෑම් සඳහා මාලිනීට විශේෂ ගරු සඳහන්(SPECIAL HONORABLE MENTION) සහතිකයක් හිමි වූයේය. මානුෂික දයාව, සංවේදිතාව නිරූපණය කිරීමේදී මාලිනී දැක් වූ දක්ෂතාව වෙනුවෙන් මේ සහතිකය පිරිනැමුණු බව උළෙලේදී අනාවරණය විය.

ඒ හැරුණු කොට ‘අනුපමා’, ‘පෙම්බර මධු’, ‘ඉන්දුට මල් මිටක්’, ‘දඬු මොනර’, ‘එක්ටැම් ගේ’, ‘සිරි මැදුර’, ‘මධුසමය’ හා ‘ස්ත්‍රී’ වැනි චිත්‍රපටවල ද මාලිනී කළ රඟපෑම් ද අභිරම්‍යවත්ය.

‘අනුපමා’ වැනි චිත්‍රපටයක ඇය රඟපෑවේ මැහැල්ලකගේ චරිතයකි. තරුණ වියේදී මෙසේ මහලු චරිතයක් රඟපෑමෙන් ප්‍රත්‍යක්ෂ වන කාරණය වන්නේ තරුවක් නොව චරිතාංග නිළියක වන්නට ඇය තුළ තිබුූ අප්‍රමාණ කැපවීමයි. මාලිනී ඊට ඉහත ‘හිරු අවරට ගියාදෝ’ වේදිකා නාට්‍යයේ ද මැදි වියේ චරිතයක් රඟපෑ බව මා අසා ඇත.

ඇතැම් විචරකයන් පිළිගන්නා ආකාරයට මාලිනීගේ රංග කලා ජීවිතයේ කූටප්‍රාප්තිය ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ආකාස කුසුම්’ චිත්‍රපටයයි.

මෙම චිත්‍රපටයේ මාලිනී රඟපෑවේද චිත්‍රපට නිළියකගේ භූමිකාවකි. සන්ධ්‍යා රාණි නම් වූ නිළියගේ චරිතයෙන් ඇය සියල්ල දිනුවත් ආධ්‍යාත්මිකව පරාජිත වූ ගැහැනියක් නිරූපණය කළාය.

‘ආකාස කුසුම්’ මාලිනීට අන්තර් ජාතික සම්මාන දෙකක්ම දිනා ගැනීමට හැකි වූ සිනමාපටයකි. 2008 දී ඉන්දියාවේ පැවති 39 වැනි අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී ඇය රජත මයුර සම්මාන දිනූ අතර 2009 දී ඉතාලියේ පැවති හත් වැනි ලෙවාන්තේ අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී හොඳම නිළිය ලෙස ඇය සම්මාන දිනුවාය.

ටෙලි නාට්‍ය නිළියක ලෙස ද, චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරියක ලෙස ද මාලිනී කුසලතා ප්‍රකට කර ඇත. මාලිනී සිංහල සිනමාවේ හැඳින්වෙන්නේ ‘නිළි රැජන’ ලෙසය. සෑම ගැහැනියකටම රැජනක් විය නොහැකිවාක් පරිදිම සෑම නිළියකටම නිළි රැජනක් විය නොහැකිය. ඒ අතින් මාලිනී අනභිබවනීයය.

Sunday, 11 September 2011

හදවත් යා කරන නාට්‍ය දැක්‌ම

Author: Malaka Nandana
Date:11/09/2011
Source: Divaina

රංගන ශිල්පියෙක්‌, කලා අධ්‍යක්‍ෂවරයෙක්‌ ලෙස ඔබ අප හඳුනන මංගල ප්‍රනාන්දු අලුත් වැඩකට අත ගහලා· අලුත් වැඩක්‌ කිව්වට මේක එක්‌තරා විදිහක යුතුකමක්‌ ඉටු කිරීමක්‌ ලෙස හැඳින්වූවාට වරදක්‌ නැහැ. වසර 30 ක යුද්ධයේ කටුක අත්දැකීම් විඳි ඈත එපිට ගම්මානවල ද්‍රවිඩ දරු දැරියන් එකතු කරලා ඔවුන්ගේ දස්‌කම් දක්‌වන්න, ඔවුන්ගේ සැඟවුණු කුසලතා "එළිදක්‌වන්න අවස්‌ථාවක්‌ උදාකරලා" දෙන්න වැඩපිළිවෙළක්‌ ආරම්භ කරලා. "යාත්‍රා පදනම" හරහා තමයි ඔහු මේ කර්තව්‍යයට උර දීලා තියෙන්නේ. ඒ වගේම වර්ල්ඩ් විෂන් ආයතනයත් ඔවුන් සමඟ එකතු වෙනවා. අපි මේ ඉඩ වෙන් කරන්නේ ඔවුන්ගේ මේ ව්‍යායාමයට අපේ සහයෝගය දක්‌වන්නයි.

අපි මුලින්ම ඔබේ ආරම්භයට ගියොත්·

මම පාසල් යන කාලෙ ඉඳන් ම කලාවට හුඟක්‌ ලැදියි. ඒ කාලේ ඉඳන්ම මම පල්ලියේ වේදිකා නාට්‍යවලට සම්බන්ධවෙල වැඩ කළා. දවසක්‌ පල්ලියේ නාට්‍යයක්‌ බලන්න ආපු රංජිත් දළුවත්ත මහත්තයා හරහා තමයි මට අවස්‌ථාව ලැබුණේ. "පෙරළිය" වේදිකා නාට්‍යයේ. ඊට පස්‌සේ විකෘති, ගමරාළ, නාමලි, තු=රඟා, යාළුයි අපි යාළුයි වගේ වේදිකා නාට්‍ය විශාල ප්‍රමාණයක රඟපෑවා. ඔය විදිහට ක්‍ෂේත්‍රයේ ඉන්නකොට තමයි මට නිහාල් ප්‍රනාන්දු මහත්තයත් එක්‌ක වැඩ කරන්න අවස්‌ථාව ලැබුණෙ. "තවත් එක්‌ ගැහැනියක්‌" ටෙලිනාට්‍යයෙන් මම කලා අධ්‍යක්‍ෂවරයෙක්‌ විදියට මගේ ගමන ආරම්භ කළා. ඊට පස්‌සෙ "සුසිල" ආයතනයට සම්බන්ධ වෙලා වසර 12 එහි කලා අධ්‍යක්‍ෂවරයෙක්‌ විදිහට වැඩ කළා. මේ වෙනකොට මම කලා අධ්‍යක්‍ෂවරයෙක්‌ විදිහට වෙළෙඳ දැන්වීම් 1000 විතර වැඩ කරලා තියෙනවා. ඒ වගේම රංගන ශිල්පියෙක්‌ විදිහටත් මම නොයෙක්‌ අවස්‌ථාවල මගේ හැකියාව පෙන්නල තියෙනවා.

කොහොමද මේ වැඩපිළිවෙළට අඩිතාලම වැටුණේ?

ඇත්තටම මම ටෙලිනාට්‍ය=, වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධවෙලා වැඩ කළාට මගේ ආරම්භය වේදිකාව. මට අවස්‌ථාවක්‌ ලැබුණා දමයන්ති ෆොන්සේකා සහ අනෝජා වීරසිංහ මහත්මීන් එක්‌ක එකතුවෙලා රට වටේම යන වේදිකා නාට්‍යයක වැඩ කරන්න. ඒ නාට්‍ය පෙන්නුවේ ඈත එපිට දුෂ්කර ගම්මානවල. ඉතිං සමර ගම්මානවල ඉන්නෙ දරුවො වේදිකා. නාට්‍යයක්‌ තියා රූපවාහිනියක්‌වත් දැකලා නැහැ. මම සෝමලතා සුබසිංහ මහත්මියත් එක්‌ක වැඩ කරන කාලේ ඉඳන්ම තිබුණා ළමා නාට්‍ය කිරීමේ ආශාව. මුදල් වියදම් කරල නාට්‍යයක්‌ බලන්න බැරි පාසල් දරුවන්ට පෙන්නන්න නාට්‍යයක්‌ නිර්මාණය කිරීමේ ප්‍රබල ආශාවක්‌ මට තිබුණා. මම කාලයක්‌ සුබෝධියේ නාට්‍ය අංශය භාරව ඉන්න කාලෙ "මපට්‌" ගැන අධ්‍යයනයක්‌ කරල තිබුණා. "රූඩි කොරස්‌ට්‌" තමයි ලංකාවට මපට්‌ ගෙනාවෙ. ඉතිං ඒ අත්දැකීමුත් එක්‌ක මම මපට්‌ සහ රංගන ශිල්පීන් යොදාගෙන නාට්‍යයක්‌ නිර්මාණය කළ "රංකුකුලා" කියලා. ඒක පෙන්නලා අවුරුදු ගානකට පස්‌සෙ මට අදහසක්‌ ආවා නැවත ඒ නාට්‍ය පෙන්නන්න. මේ නාට්‍ය හරහා මපට්‌ කලාව දියුණු කරන්න සහ යුද්ධයෙන් පීඩිත වෙච්ච දරුවන්ට එකමුතුකමේ අගය පෙන්නන්න. ඉතිං මම මේ නාට්‍ය නැවත නිර්මාණය කරන්න නිෂ්පාදක මහතෙක්‌ හොයන අතරතුරේදී තමයි මට "වර්ල්ඩ් විෂන්" ආයතනය හමු වුණේ. එහිදී මට ලලේන්ද්‍ර රණසිංහ මහතා මුණගැසුණා. ඔහු මගෙන් ඉල්ලීමක්‌ කළා. මේ නාට්‍යයට "සාමය" සම්බන්ධ ගීතයක්‌ නිර්මාණය කරන්න කියලා· ඊට පස්‌සෙ මම සෞන්දර්යය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ එකතු කරල නැවත මේ නාට්‍යය නිර්මාණය කළා. මුලින්ම අපි නාට්‍යය පෙන්නුවෙ යුද්ධය උග්‍රව යන කාලෙ හොරොව්පතානෙ. අපි එතැනදී නාට්‍ය පෙන්නලා විතරක්‌ නතර වුණේ නැහැ. ඒ දරු දැරියන් එක්‌ක බොහොම සුහදශීලීව කටයුතු කළා.ඔවුන්ට සාමයේ අගය ගැන කියලා දුන්නා. මපට්‌ හදන හැටි කියලා දුන්නා. ඒක ගොඩක්‌ සාර්ථක වුණා.

මේ නාට්‍ය දෙමළ බසින් නිර්මාණය වුණා නේද?

මෙතැනදී පොඩි ගැටලුවක්‌ මතු වුණා.· මට දෙමළ භාෂාව බැහැ. නමුත් මම පසුබට වුණේ නැහැ. මම තේරුම් ගත්තා අපි මොන භාෂාව කතා කරත් අපේ හැඟීම් එක සමාන බව. ඉතින් ඒ විදිහට මම කොහොම හරි දෙමළ භාෂාවෙන් මේ නාට්‍ය නිර්මාණය කළා. විශේෂයෙන් කියන්න ඕන මේ නාට්‍යයට සම්බන්ධ වෙච්ච දෙමළ ජාතික දරුවන් කලාවට සම්බන්ධ අය නෙවෙයි. නමුත් මම කොහොම හරි ඔවුන්ගේ ඇඟ ඇතුළෙ තිබුණු හැකියාවන් එළියට ගත්තා. ඒ නාට්‍ය පෙන්නන්න ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් කර්නල් තෙන්නකෝන් මහතා මට විශාල ලෙස උදව් කළා. යුද්ධය ඉවර වෙච්ච ගමන්ම මඩකලපුවට නාට්‍යයක්‌ අරගෙන මුලින්ම ගියේ මම. ඒ වගේම මුලතිව් මාන්කුලම් මුලින්ම නාට්‍යයක්‌ අරගෙන ගියේ මම· ඉතින් ඔය විදියට ගමින් ගමට ගිහිල්ලා ළමුන්ට නාට්‍ය පෙන්නන ගමන්. ඒ දරුවන් අතරින් හැකියාවල් තියෙන දරුවන් 150 තෝරාගෙන අපි ඔවුන් වෙනුවෙන් වැඩමුළු පැවැත්වූවා. එහෙම පවත්වපු වැඩමුළු ඇත්තටම අතිසාර්ථකයි. ඒ වැඩමුළුවලට ආපු ළමයි අතරින් අවසානයේ ළමුන් 50 තෝරාගෙන, ඔවුන් නිර්මාණය කරපු වීදි නාට්‍ය දැක්‌මක්‌ තමයි සැප්තැම්බර් මාසෙ 3-8 දක්‌වා පැවැත්වෙන්නෙ. මේකෙ නම "සාම මාවතේ අපි" වීදි නාට්‍ය දැක්‌ම· අපිට ඕන කලාව හරහා හදවත් එකතු කරමින්· ඒ ගොල්ලන්ට මේක හරිම සුවිශේෂි අත්දැකීමක්‌· දෙමළ බැරි කෙනෙක්‌, සිංහල කෙනෙක්‌ ඇවිත් අපිට නාට්‍ය උගන්නවා කියන එක· ඒ වගේම ඒගොල්ලන්ගෙ දේවල් සහ අපේ දේවල් මිශ්‍ර කරලා තමයි අපි මේ වැඩමුළු පැවැත්තුවේ· ඉතිං අපි ලොකු සාර්ථකත්වයක්‌ ලබාගත්තා. ඒ වැඩමුළු තුළින්· ඒ ළමයි විසින්ම නිර්මාණය කරපු නාට්‍ය තමයි අපි පෙන්නන්නෙ· මඩකලපුවේ පාසලදී තමයි අපි මේ නාට්‍ය දැක්‌ම පවත්වන්නෙ·


අපි මංගල ප්‍රනාන්දුට මොහොතකට සමුදීලා "වර්ල්ඩ් විෂන්" ආයතනයේ ලලීන්ද්‍ර එක්‌ක පොඩ්ඩක්‌ කතා කළා·

කොහොමද ඔබට මේ නාට්‍ය දැක්‌ම දැනෙන්නේ?



අපිට සාමය ගොඩනගන්න ක්‍රමවේද රාශියක්‌ තියෙනවා. ඒක එක එක ප්‍රදේශවලින් ප්‍රදේශවලට වෙනස්‌. මෙතැනදී අපි ජාතීන් දෙකටම පොදු ක්‍රමවේදයකට තමයි ඔවුන් අතර සාමය ගොඩනගන්න ඕන· ජාතීන් දෙකම කැමැති දේවල් හරහා තමයි අපිට මේක කරන්න වෙන්නෙ· ඒ නිසා අපි ක්‍රමවේද දෙකක්‌ අනුගමනය කරනවා. එකක්‌ තමයි සංගීතය, ගීතය, ඊළඟ එක තමයි වේදිකා නාට්‍ය කලාව· මේ මාධ්‍ය දෙක හරහා අපි සාමය ගැන කතා කරනවා. ජාති ආගම් බේදයකින් තොරව හැමෝම මේ මාධ්‍ය දෙකටම කැමැතියි. අපි නිකම්ම නිකං නාට්‍යයක්‌ කරපු පලියටම සාමය ගොඩනැගෙන්නේ නෑ. · ඒ නිසා අපි මේ ජාතීන් දෙක අතර අෙන්‍යාන්‍ය සහයෝගය ඇතිවෙන පරිදි නිර්මාණවලට සම්බන්ධ කළා· අපි මේකට ඇතුල් වෙනකොට නැගෙනහිර පැත්තෙ ළමයි වේදිකා නාට්‍ය දැකලාවත් නෑ· රඟපාන්න දන්නේ නැහැ. අවුරුදු ගානක්‌ තිස්‌සෙ හදවත්වල කැකෑරෙන දේවල් නිදහස්‌ කරගන්න තමයි අපි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නෙ· සුන්දර විදිහට හිතන පිරිසක්‌ බිහි කිරීම තමයි අපේ පරමාර්ථය. පෞද්ගලික තරහ මරහා පසුපස නොයන පිරිසක්‌ අපි බිහිකරන්න තමයි අපි මේ මහන්සි වෙන්නේ. මංගල ප්‍රනාන්දුගෙ රංකුකුලා නාට්‍ය හරහා තමයි අපි මේ ක්‍රියාදාමයට මූලික අඩිතාලම දැම්මේ· ඒ නාට්‍යය එක පාසලක පෙන්නලා අනිත් පාසලට අපි යනකොට කලින් පාසලේ ළමයි අනිත් පාසලටත් එනවා· ඒ තරම් ඔවුන් ඒ ක්‍රියාවලියත් එක්‌ක හිටියා.




Friday, 22 July 2011

Floating Spaces: Theatre and censorship in Sri Lanka( Courtesy : Groundviews.org)

Jake Oorloff from Young Asia Television on Vimeo.

ප්‍රියංකර රත්නායකගේ "ඇන්ටිගනී" මොඩර්න් වැඩි ද? - දිස්නි තාරකා [13 ශ්‍රේණිය (කලා)| බප/ කැළ/ ජයකොඩි මහා විදුහල. ගණේමුල්ල.]

Author: Disni Tharaka
Date:08/06/2011
Source: www.boondi.lk


මීට සියවස් ගණනාවකට පෙර ග්‍රිසියේ විසූ “සොෆොක්ලීස්” නමි ග්‍රීක නාට්‍යකරුවාගේ තීබ නාට්‍ය ත්‍රිකයෙන් ඊඩිපස් හා ඇන්ටිගනී යන නාට්‍ය දෙක ප්‍රියංකර රත්නායක විසින් ශ්‍රී ලාංකේය වේදිකාවට ප්‍රදානය කරන ලදී. තීබයේ සිදුවූ මහා ඛේදවාචකයක් මෙකී නාට්‍ය දෙකට පාදක වී ඇත. ඊඩිපස් නාට්‍යයේ ඈදුතුවක් වන ඇන්ටිගනී ඊට බොහෝ සෙයින්ම වෙනස්ව වේදිකාවට ගෙන ඒමට ප්‍රියංකර සමත් වී ඇති බව නාට්‍ය නැරඹූ ප්‍රේක්ෂකයන්ට මනාව පිළිබිඹු වෙයි.

ඊඩිපස් නාට්‍යය ග්‍රීක නාට්‍යට වඩාත් සමීප වන පරිදී ඉදිරිපත් කරන අධ්‍යක්ෂකවරයා ඇන්
ටිගනී ඉදිරිපත් කරන්නේ ඊට හාත්පසින්ම වෙනස්වූ ආකාරයට ය. ඊඩිපස් නාට්‍යයේ මෙන්ම ඇන්ටිගනී නාට්‍යයේ ද මුල් නාට්‍යට වඩා වෙනස්කමි තිබෙනු ඉතා පැහැදිලිවම පෙනේ. මෙකී වෙනස්කමි කිරීමට අධ්‍යක්ෂකවරයා පෙළඹී ඇත්තේ ග්‍රීක සමිප්‍රදායෙන් ඔබිබට ගොස් අපේ සමිප්‍රදායට වඩාත් ළංවන ලෙස නාට්‍ය කතා පුවත් ඉදිරිපත් කිරීමට විය යුතුය. මෙකී නාට්‍ය දෙකෙහිම ඇතැම් පිරිමි චරිත-
ස්ත්‍රී චරිත ලෙස ඉදිරිපත් කිරීම දැකිය හැකි විය. ඊඩිප
ස් නාට්‍යයේ, කුඩා ඊඩිපස් මරන්නට යන විට ඊට ඉඩ නොදී ඊඩිපස්ව කොරින්තයේ රජු හට හදාගැනීමට භාර කරන පුද්ගලයාගේ චරිතය මුල් නාට්‍යයේ පිරිමි චරිතයක් වුවද ප්‍රියංකරගේ ඊඩිපස් තුළ එය ස්ත්‍රී චරිතයකි. මෙම වෙකස් කිරීම තුළ යම් නවමු බවක් දක්නට ලැබුණ ද ඇතැමි අවස්ථාවලදී එයින් ප්‍රේක්ෂකයාට හාස්‍යයක් උපදවන බව දක්නට ලැබුණි. ඊඩිපස් වැනි ට්‍රැජඩියක (ඛේදජනකයක) එසේ අනවශ්‍ය ලෙස හාස්‍යජ මතු වීම එකි නාට්‍යයෙන් තීව්‍ර වන කතා පුවතට බාධාවක් නොවන්නේ ද යන්න සිතිය යුතුය. එහෙත් ඊඩිපස් තුළම එසේ වෙනස්කර ඇති අනෙක් චරිතය වන පූජ
කවරියගේ චරිතය තුළ එවැනි නොගැලපීමක් දක්නට නොලැබෙයි. එසේ වෙනසක් නොපෙනෙන ලෙස පූජකවරියගේ චරිතය ඉදිරිපත් කරන ශිල්පිනියගේ රංග පෞරුෂය මතු වෙයි.

ඊඩිපස්හි මෙන්ම ඇන්ටිගනීහි ද එසේ පිරිමි චරිත ස්ත්‍රී චරිත ලෙස යොදාගෙන ඇති ආකාරය සාර්ථකයැයි මට හැඟේ. ඇන්ටිගනීය තුළ එසේ වෙනස් වන්නේ ටෙරේසියාස් චරිතය යි. ටෙ
රේසියාස් හෙවත් පේනකියන්නා මුල් නාට්‍යයේ පිරිමි චරිතයකි. එහෙත් ඇන්ටිගනීය තුළ එය ස්ත්‍රී චරිතයක් වේ. අපේ රටෙහි පවතින පසුබිම තුළ එය වඩාත් ගැලපේ. මන්ද ලාංකේය සමාජය තුළ ද වැඩි වශයෙන් මෙවැනි ස්ත්‍රී චරිත දක්නට ලැබීම නිසා එකී චරිතය ප්‍රේක්ෂකයාට වඩාත් සමීපව දැනෙනු ඇතැයි සිතිය හැක. ඊඩිපස් නාට්‍ය නරඹන අපට ග්‍රීක නාට්‍යයක ලක්ෂණ බොහෝ විට පිළිබිඹු වේ. එහි චරිත ”පසුතලය” මෙන්ම කෝරසය හෙවත් ගායන වෘන්දය ද ග්‍රීක නාට්‍යයක ලක්ෂණ ප්‍රේක්ෂක ඇස් ඉදිරියේ විද්‍යාමාන කරයි. රංග වින්‍යාසයන් ද අපූරුවට සංයෝග කර තිබෙයි. එසේම සංගීතය ද ගායනය ද අපූරුවට මුසුකො
ට ඇත. ඉහළ ස්වරයට ගැයෙන ගායනා නිසා නාට්‍යයේ ඛේදනීය බව ද තීව්‍ර වේ.

ඊඩිපස් චරිතය රඟන නළුවෙකු ඊඩිපස් තුළ ඇති ආවේගය, සංවේදී බව, දැඩි නීතිගරුක බව යනාදී චරිත ලක්ෂණ ප්‍රේක්ෂකයා ඉදිරියේ මවමින් ඊඩිපස්ගේ චරිත ස්වභාවය ප්‍රේක්ෂකයාට නාට්‍ය වේදිකාගත වන පැය කීපය තුළදී දැනවිය යුතුය. නාට්‍ය ගලා යන පැය කීපය තු
ළ ඊඩිපස්ගේ ජීවන අන්දරය ප්‍රේක්ෂක හදවත් තුළ මැවීමට ඊඩිපස් චරිතයට පණ පෙවූ තුමිදු දොඩමිතැන්න සමත් වී තිබෙනු දක්නට ලැබුණි. ඉතා තාත්වික රංගනයක නියැලෙන ඔහු මනාව චරිතයට සමාරෝපය වි ඇති බව පෙනීය යි.













ඊඩිපස් චරිතය එසේ වන විට ඔකෙස්ට්‍රාගේ චරිතය ඇතැමි අඩු ලුහුඬුකමි නිසා තරමක් දුරට පසුබෑමකට ලක්ව ඇති බව පෙනී යයි. එහෙත් ටෙරේසියාස් හා පූජකවරිය ද ප්‍රබල රංගන දායකත්වයක් සැපයීම නිසා ඇතැමි චරිත වලින් ඉස්මතුවන අඩුපාඩුකම් වැසී යයි. පූජකවරියගේ චරිතය ගායන වෘන්දය ශක්තිමත් කරන චරිතයකි. එම චරිතය ඉදිරිපත් කරන ශිල්පිනියගේ හඬ පෞරුෂය ඉතා ප්‍රශංසනීය වේ. ඊඩිපස් ටෙරේසියාස් හා පූජකවරිය යන චරිත නාට්‍යය කෙරෙහි ප්‍රබලව බලපා ඇති බවත් සමස්ත නාට්‍යයේ සාර්ථකත්වය කෙරෙහි එකී චරිත බලපා ඇති බවත් කිව යුතුමය. නළු
වාගේ චරිතයේ සාර්ථකත්වය ප්‍රේක්ෂක හදවත් කැලඹීම ය; ප්‍රේක්ෂක සිත් පෑරීම ය. ඊඩිපස් චරිතය තුළින් ප්‍රේක්ෂකයාට දැඩි සංවේගයක් ගෙන එයි. ඊඩිපස් ඇස් අන්ධ කරගෙන තීබයෙන් පිටවන නාට්‍යයේ අවසාන කොටසට ළඟාවන විට ප්‍රේක්ෂක හදවත් දැඩි කමිපනයකට පත් කිරීමට ඊඩිපස් චරිතය සමත් වී තිබීම ද සමස්ථ නාට්‍යයේම සාර්ථකත්වයට හේතුවක් නොවන්නේ ද?

ඊඩිපස් එසේ වන විට ඇන්ටිගනී නවතාවයකින් ඉදිරිපත් කිරීමට ප්‍රියංකර රත්නායක පෙළඹී ඇති ආකාරය විමසා බලමු. ඇන්ටිගනීය ගැන කතා කරන විට රංග වින්‍යාසය ගැන කතා කළ යුතුමය. ඇන්ටිගනීය රංග වින්‍යාසය ඉතා ප්‍ර බලව යොදාගෙන ඇත. එය නාට්‍යය විඳීමට යම් බාධාවක් ලෙස දැනේ. මන්ද රංග වින්‍යාසය, නාට්‍යයේ චරිතවල ස්වභාවයට සහ චරිත නිරූපනයට වඩා ඉස්මතු වෙන බැවිනි. නාට්‍යට අනවශ්‍ය තරම් අතිශයෝක්තියකින් රංග වින්‍යාසය යොදා ගැනීම මුලු නාට්‍යයේම චරිත වලට බාධාවකි. එයින් එකී චරිත වල ස්වභාවය යටපත් වීමක් වෙතැයි හැඟේ.
ඊඩිපස් මෙන්ම ඇන්ටිගනීයේ ද සංගීතය මනාව මුසු කර තිබෙනු දක්නට ලැබෙයි. මෙහි චරිත පිළිබදව විමසීමේ දී ඇන්ටිගනී, යුධබටයා හා ක්‍රෙයෝන් යන චරිත අති සාර්ථක රංගනයන්හි නියැලෙනු දක්නට ලැබේ. ඇන්ටිගනී චරිතය රගපෑ ශිල්පිනියගේ හඬ පෞරුෂය ඇගේ රංගනයට මනා පිටුවහලක්, ආලෝකයක් වූ බව කිව යුතුමය.

එමෙන්ම ක්‍රෙයෝන්ගේ චරිතය ඉදිරිපත් කරන ගිහාන් ප්‍රනාන්දු සාර්ථකව සිය චරිතය ඉදිරිපත් කළ ද ඇතැමිවට චරිතයේ සීමාව ඉක්මවා ගියාදෝ යන හැගීමක් ඇතිවේ. ඔහු ක්‍රේයෝන් චරිතය තුලින් මතුවිය යතු උපහාසය මනාව මතු කිරීමට සමත් විය. එසේ උපහාසය මතු කිරීමට ඔහු දරන උත්සාහයේ දි එකී උපහාසය හුදු හාස්‍යයක් බවට පත් වු අවස්ථා ද නොදැක්කා නොවේ. ඔහුගේ දෙබස් උචිචාරණය, කට හඬ පාලනය මෙන්ම භාව ප්‍රකාශනය ද අති විශිෂ්ටය. යුධ බටයාගේ චරිතය ද හාස්‍යයෙන් යුතුව ඉදිරිපත් වුවත් ඒ හාස්‍ය තුළ උපහාසය සැගව ඇතිබව පෙනේ. යුධ බටයා රජුගේ අණට බියවෙයි. එහෙත් ඔහු ද රජුගේ වැරදි පිළිගනී. එහෙත් රජු වැරදි බව කීමට බිය වනනේ රාජ ආඥාව උපහාසයට ලක් කරමිනි. මෙම චරිතය නිරූපනය කරන තුමිදු ඊට බොහෝ සෙයින්ම සාධාර
ණය ඉෂ්ට කරන බව කිව යුතුමය.

හීමන් යනු ඇන්ටිගනීගේ පෙමිවතාය. ක්‍රෙයෝන්ගේ පුත්‍රයා ය. මෙහිදි හීමන්ගේ රංගනය දුර්වලය. නාට්‍යය පුරාම හීමන්ගේ චරිතය දිවයතත් රංගනයේ දී හීමන්ගේ චරිතය පසුබසින බව නාට්‍යය නරඹන විට පෙනී යයි. මෙය හීමන්ට රඟ පෑ ශිල්පියාගේ අසාර්ථකත්වය ද එසේත් නැතිනම් අධ්‍යක්ෂකවරයා හීමන්ට මතුවන්නට ඉඩක් නුදුන්නේ ද යන්න පිළිබඳව ඇතිවන්නෙ ගැටලුවකි. ඇන්ටිගනීගේ පසුතලය සඳහා යොදා තිබූ ගුවර්නිකා චිත්‍රය ඉතා සාර්ථක යොදාගැනීමකි. ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධයේ සංකේතයක් වන මෙම චිත්‍රය හරහා ඇන්ටිගනීයට ආලෝකයක් එක් වී ඇත. යුද්ධයේ නෂ්ඨාවශේෂ රැගත් මෙම චිත්‍රය මගින් ඇන්ටිගනීගේ පසුතල මාරු කිරීම ද ඉතාමත් දර්ශනීය රංග වින්‍යාසයන් මගින් ඉදිරිපත් කිරීම සිත්ගන්නා සුළුය.

ඇන්ටිගනි සඳහා යොදාගෙන ඇති රංග වස්ත්‍රාභරණ පිළිබදව ඇතිවන්නේ ගැටළුවකි. ඇන්ටිගනී, ඉස්මෙනි වැනි ස්ත්‍රී චරිත දිග ගවුමි වලින් සැරසී සිටී. එය රාජකීය ස්ත්‍රීන්ට සුදුසු යැයි නිර්ණය කල හැක. එහෙත් ක්‍රෙයොන්ගේ හා හීමන්ගේ ඇඳුම් ඊට හාත්පසින්ම වෙනස්ය. ක්‍රෙයෝන් කුර්තාවක්, දිග කලිසමක් ඇඳ සළුවක් උර ලා ගෙන සිටී. සළුව රජවරුන්ට ගැලපෙයි. එහෙත් කුර්තාවක් වැනි ඇඳුමක් ග්‍රීක රජෙකු වන ක්‍රේයෝන් චරිතයට ගැලපෙන්නේ ද? එය ඉන්දියානු සංස්කෘතිය පිළිඹිබු කිරීමක් නොවේ ද? එමෙන්ම හීමන් ඇද සිටිනේ වර්තමාන තරුනයන් අදින කලිසමක් හා කමිසයක් ය. ඔහුද සළුවක් පැලඳ සිටී. ප්‍රියංකර මෙවැනි නිර්මාණයක් තුළින් ඇන්ටිගනී නවීකරණය කරන්නට උත්සාහ කළා නමි යුධ භටයන්ගේ හා රාජ සභාවේ සෙස්සන්ගේ ඇඳුම් පැළඳුමි ග්‍රීක සමිප්‍රදායට ළංව නිර්මාණය වන්නේ මන්ද? වෙනස්කමි කිරීමට ගොස් පටලවාගෙන ඇතැයි බැලූ බැල්මට අපට හැඟෙන්නේ ඒ නිසාය.



එහෙත් ඒ අවුල පෙනෙන්නේ ඇන්ටිගනීයේ පමණි. ඊඩිපස්හි මෙවැන්නක් දක්නට නොලැබෙයි. ඊඩිපස්හි සමිප්‍රදායික ග්‍රීක ඇඳුම් පැලඳුමි යොදාගෙන ඇත. කලු හා සුදු වර්ණ භාවිතය මගින් සියලුම චරිත සදහා ඇඳුම් නිර්මාණය කර තිබීම සිත් පිනවන දසුනක් වේදිකාව මත මවයි. පසුතලය ද කලු සුදු වර්ණයෙන් නිමවා ඇත. ඊඩිපස් රජ මාලිගය පසුතලය ලෙස ගෙන ඇති අතර හිස කෙස් සැකසුමෙ හි සිට පාවහන් දක්වාම සාම්ප්‍රදානුකූලව ඇඳුම් පැලඳුම් නිර්මාණය කර තිබෙනු දක්නට ලැබෙයි. දසුනින්, කතාවෙන් ග්‍රීක නාට්‍ය ලක්ෂණ පිලිඹිඹු කර තිබුණ ද ඊඩිපස් නාට්‍ය අප හදවත් තුළට සමීප කර වීමට ප්‍රියංකර සමත් වී ඇත. ඊඩිපස් තුලින් අධ්‍යක්ෂකවරයා දැක්වූ සමත්කම ඇන්ටිගනීය වෙතට යන විට ඈත් වීම ප්‍රශ්නයකි. ඇන්ටිගනී මොඩර්න් වූවා වැඩිය. මට හැඟෙන ආකාරයට ඊඩිපස්ට වඩා ඇන්ටිගනී පසු බැසීමට හේතුව එයයි. එහෙත් ඇන්ටිගනීත් ඊඩිපස් ලෙසටම නිර්මාණය වූවා නමි නාට්‍ය දෙකෙහි වෙනසක් දක්නට නොලැබීමට ද ඉඩ තිබිණ. එම නිසා මේ නාට්‍ය දෙක එකිනෙකට වෙනස් වීම හොඳ ය.

ග්‍රීක නාට්‍යයක් ලංකාවේ වේදිකාව මතට ගෙන ඒම ඉතා අසීරු කාර්යයකි. එවැනි අභියෝගයක් ප්‍රියංකර බොහෝ දුරට ජය ගෙන තිබේ. ඒ අභියෝගය තුළ ඇන්ටිගනීට සාපේක‍ෂව ඊඩිපස් ඉදිරියෙන් සිටින බව මගේ අදහසයි. මන්ද ඇන්ටිගනීයෙන් එලියට එන්නේ ප්‍රියංකරගේ ප්‍රබල රංග වින්‍යාසය යි. ඔහුගේ රංග වින්‍යාසය අති විශිෂ්ට බව සැබැවි. එහෙත් ඇන්ටිගනීයට එය බර වැඩි ය.