Monday, 13 December 2021
Monday, 25 June 2012
Sri Lankan Tamil Cinema
Interview with Ashoka Handagama
Interview with Darmasena Pathiraja
Interview with Boopathi Naleen
Tuesday, 12 June 2012
බකමූණා ගැන සුද්දෙක්ගෙන් විචාරය
Source: Lanka Art Diary
සුද්දාට පළමුවරට බකමූණා හමු වී අවුරුදු විස්සකට වැඩිය. 1991 වර්ෂයේ මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේ පැවැති නාට්‍ය වැඩමුළුවකදීය. එවකට සුද්දා කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකු වූ අතර බකමූණා ඊළඟ වසරේ කොළඹ විශ්ව විද්‍යාලයට එන්නට නියමිත ව සිටියේය. ඒ නිසා ඊළඟ වසරේ දී එනම් 1992 දී සුද්දාට බකමූණා නැවත හමුවිය. එතැන් සිට එකම විශ්ව විද්‍යාලයේ සිටි නිසා බකමූණා හා සුද්දා නැවත නැවත හමුවීම ද සිදුවිය. විශ්ව විද්‍යාලයෙන් පිට වූ පසුව ද වරින් වර බකමූණා හා සුද්දා අතර විවිධ සංවාද ඇතිවිය. බකමූණා හා සුද්දා එකම නාට්‍ය වේදිකාවට සම්බන්ධ වුව ද මතවාදීමය වශයෙන් නම් සිටියේ දෙපැත්තකය. සුද්දා ට බකමූණා අවසන් වතාවට හමුවූයේ පසුගිය සැප්තැම්බර් තුන්වෙනිදාය. ඒ ලයනල් වෙන්ටඞ් රඟහලේ දී බකමූණා වීදි බැස්ස අවස්ථාවයි.
රාජිතගේ නාට්‍ය තුළ මා දකින විශේෂ ලක්ෂණයක් වන්නේ නාට්‍ය තුළම තවත් නාට්‍යයක් තිබීමයි. ඇතැම් විචාරකයන් මෙය හ…ඳුන්වන්නේ යටිපෙළ වශයෙනි. එහෙත් රාජිත දිසානායකගේ නාට්‍ය සම්බන්ධයෙන් ගත් කළ නාට්‍යයක් තුළ ම තවත් නාට්‍යයක් තිබීම ලෙස මෙය හැ…ඳින්වීම වඩාත් නිවැරදි යයි සිතමි. එයට හේතුව උඩින් යන පෙළට යටින් කියවෙන අර්ථයක් පේ‍්‍රක්ෂකයා විසින් අවබෝධ කරගැනීමටත් වඩා රාජිතගේ නාට්‍ය නරඹන විට ම ඒ තුළ තවත් නාට්‍යයක් දකින්නට ලැබීම නිසාය. එනම් එකවර නාට්‍ය දෙකක් රාජිතගේ නාට්‍ය තුළ දැකිය හැකිය. මා සිතන අන්දමට රාජිතගේ නාට්‍ය පේ‍්‍රක්ෂකයා ආකර්ෂණය කළේ ද රාජිතගේ නාට්‍ය පේ‍්‍රක්ෂකයාට අලූත් අත්දැකීමක් වූයේ ද මේ කරුණ නිසාය. පසුව අවබෝධ වන නොව පළමු අර්ථය සමග දෙවන අර්ථය ද වේදිකාව මත රඳවා ගැනීමට රාජිත දක්වන හැකියාව විශ්මය සහගත ය. මෙය සමහරවිට රාජිත නළුවන් හැසිරවීම සම්බන්ධයෙන් දක්වන සුවිශේෂ දක්ෂතාවයේ ද ප‍්‍රතිඵලයක් විය හැකිය. එනම් දෙවන අර්ථය ද මතුවන තරම් සීමාවක නළුවා රඳවාගැනීමට රාජිත දක්වන විශ්මයජනක ශක්තිය ලෙස එය සැලකීමට හැකිය. එනම් බොහෝවිට නළුවාගේ සීමාන්තික රඟපෑම මගින් විනාශ වන්නේ එම චරිතයට හා නාට්‍යයට හිමි දෙවන අරථයයි. එහෙත් නළුවාගේ රංගනයේ සීමාවන් ඉතා ම හොඳට ඔහුට සලකුණු කරදීම මගින් රාජිත සැමවිටම දෙවන අරථය සඳහා ද ඉඩකඩ වේදිකාව තුළ රඳවා ගනියි. නොඑසේ නම් රංගනය සංගීතය හා වෙනත් වේදිකා භාවිතයන් අඩු හෝ වැඩි නොවන ප‍්‍රශස්ත මට්ටමක පවත්වාගැනීම නිසා දෙවන හෝ බහුවිධ අරුත් සඳහා වේදිකාව හා පේ‍්‍රක්ෂකාගාරය තුළ ඉඩකඩ ඉතිරිවීම සිදුවේ. මෙය කියන තරම් පහසු කාර්යයක් නොවේ. නොඑසේ නම් රාජිත දිසානායක වැනි ශූර නාට්‍යකරුවෙකුට පමණක් කළ හැකි දෙයකි. රාජිතගේ නාට්‍ය සිංහල නාට්‍ය වේදිකාවට අලූත් නැවුම් හා ආකර්ෂණීය අත්දැකීමක් වූයේ මේ නිසාය. මේ රංග ක‍්‍රමය හ…ඳුන්වාදීමට ඔහුට මුල් කාලයේ දී සෞම්‍ය ලියනගේ, ගිහාන් ප‍්‍රනාන්, දයාදේව එදිරිසිංහ, ධ්රමපි‍්‍රය ඩයස්, පි‍්‍රයංකර රත්නායක ආදී බුද්ධිමත් හා සංවේදී නළුවන් වෙතින් ලැබුණේ මහ`ගු පිටුවහලකි.
සැබවින්ම අපේ වැටහීම නම් මේ පොළො…ඟුන්ගේ කතාව වෙනුවට මේ ප‍්‍රධාන තේමාව එනම් බකමූණාගේ තේමාව ඔස්සේ නාට්‍යය තවදුරටත් විකාශනය කිරීමට රාජිතට මෙයට වඩා ඉඩක් තිබුණු බවයි. එය සැබවින්ම කතා කළ යුතු දැවැන්ත මාතෘකාවකි. මෙහි දේශපාලන ප‍්‍රශ්නයක් මෙන්ම මානුෂික ප‍්‍රශ්නයක් ද ඇත. එනම් සෑම වීරයෙකුගේ ම යම් දුර්වලතාවක් පැවතීමයි. මේ ලක්ෂණය ෂේකස්පියර් ආදී …ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවන්ගේ ද බොහෝ නාට්‍යවලට වස්තු විෂය වී ඇත. ඒ අනුව මේ ප‍්‍රධාන තේමාව ඔස්සේ නාට්‍යය විකාශනය කිරීමට තිබූ ඉඩ රාජිතට අහිමි වී ඇත්තේ එක් අතකට ඔහු විසින් මේ සටන පොළො…ඟුන් මැඞීමට ලඝු කිරීම නිසා වීරයාගේ වටිනාකම ද ඔහු අතින් ලඝුවීම නිසාය. වීරයන්ට සැලකීමට වඩා පේ‍්‍රක්ෂකාගාරයන්හි සිටින නිවටයන් රාජිතට වීරයන් වීම නිසාය. සාමාන්‍ය පේ‍්‍රක්ෂකාගාරය බොහෝ විට සරල විග‍්‍රහයට අත්පුඩි ගසන බව ඇත්තකි. එහෙත් රාජිත පේ‍්‍රක්ෂකාගාර ඒ තත්වයෙන් ඔබ්බට ගෙනයාමට සැමවිටම උත්සාහ ගත්තේය. ඒ අනුව ?ට පෙනෙන දවල්ට නොපෙනෙන බකමූණා පිළිබ`ද නාට්‍යමය සංකල්පයෙන් රාජිත උපරිම ප‍්‍රයෝජන ලබානොගත් බවක් පෙනී යයි.
මර්දනය ඇතිවෙද්දී නිර්මාණකරුවා තුළ උපක්‍රම ගොඩනැඟෙනවා නාට්‍යවේදී පියල් කාරියවසම්
Photo: Sujatha Jayarathna
Source: Sunday Divaina
නාට්‍යවේදී පියල් කාරියවසම්ගේ නවතම නාට්‍ය නිර්මාණය "රහස් උදවිය" ලබන 12 වැනිදා සහ 13 වැනිදා සවස 7.00 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකාගත වෙයි. රාජ්‍ය සම්මානලාභී නළු නිළියන් වන කෞශල්‍යා ප්‍රනාන්දු, චමිලා පීරිස්, අනසුයා සුබසිංහ සහ ගිහාන් ප්‍රනාන්දු රංගන දායකත්වය සපයන මෙහි සංගීතය නදීක ගුරුගේ විසිනි. වේදිකා පසුතල නිර්මාණයෙන් රුවන් බණ්‌ඩාර රණසිංහ, ආලෝකකරණයෙන් බන්දුල හේවගේ, වෙස් ගැන්වීමෙන් ප්‍රියන්ත සිරිකුමාර, වේදිකා පරිපාලනයෙන් සංජය හෙට්‌ටිආරච්චි රංග වස්‌ත්‍ර නිර්මාණයෙන් සහ නිෂ්පාදන කළමනාකරණයෙන් ගයා නාගහවත්ත ඇතුළු පිරිසක් එක්‌වෙති. සම අනුග්‍රහය සුනේත්‍රා බණ්‌ඩාරනායක පදනම විසිනි. වේදිකාව මෙන්ම ලේඛනය ද සිය ප්‍රකාශන මාධ්‍ය කොටගත් පියල් "ආචාරී සීයා දුටු දිදුලන අන්ධකාරය" කෙටිකතා සංග්‍රහය (රාජ්‍ය සම්මාන) සහ "වීදුරු කුඩු කැවුණු කලෙක" නමින්a නවකතාවක් ද රචනා කළේය. "කොන්තරාත්තුව" (1994) "මට එරෙහිව මම" (2000 - රාජ්‍ය සම්මාන) "මාස්‌ටර් බිල්ඩර්" (2006) පියල්ගේ වේදිකා ප්‍රකාශනයි. මේ සංවාදය "රහස් උදවිය" නාට්‍ය ප්‍රථම වේදිකාගත කිරීම නිමිත්තෙනි.
අපි රහස් උදවිය" තේමාත්මකව විග්‍රහ කරගමු
මේ නාට්‍යයේ අවස්‌ථා තුනක් තියෙනවා. නූතන, මධ්‍යම පාංතික සහ නාගරික ජීවිත හතරක් පසුබිම් කරගෙනයි මෙහි චරිත විකාශය වෙන්නේ. තේමාත්මකව ගත්තොත් මං හිතනවා තිස් අවුරුදු යුද්දෙකට පස්‌සේ මේ මොහොතේ ලංකාවේ තියෙන්නේ ග්ලෝරියස් ඇබ්සර්ඩිටි (glorious absurdity) එකක්. එහෙමත් නැත්නම් ආශ්චර්යාත්මක විකාරරූපී භාවයක්. දේශපාලනික සහ සමාජීය යන හැම පැත්තකින්ම මේ තත්ත්වය දකින්න පුළුවන්. නපුර නැති කරන්න කියලා මිනිස්‌සු තවත් නපුරටම යන තත්ත්වයකුයි අද පවතින්නේ. මේක යම් ආකාරයකට මතු කළ හැකි ආඛ්‍යානයකුයි මම ගොඩනඟන්න උත්සාහ ගන්නේ. කතන්දරයකට වඩා නාට්‍යයේදී අවස්‌ථා තුනක් රූපණය වෙනවා. නාට්‍යමය අවස්‌ථා එකකට වැඩි ගණනාවක් දකින්න පුළුවන්. එක වස්‌තු විෂයක් වටා ගොඩනැගෙන නාට්‍යයක් නොවෙයි මේක. ලංකාවේ මේ මොහොතෙ අපි ජීවත් වෙන්නේ කොයි වගේ ප්‍රතිවිරෝධතාවන් එක්‌කද, මේවා අතර තියෙන සහසම්බන්ධය මොකක්‌ද.... ඔය වගේ කාරණා ටිකක් ගැන කතා කරන්නයි මම උත්සාහ කරන්නේ.
චරිත ගැන කතා කළොත් මෙහි චරිත පාවිච්චි කරන්නේ සංකේත හැටියට. උදාහරණයක් හැටියට එකම ගැහැණියගේ යුග දෙකක් නිරූපණය කෙරෙනවා. අතීතය සහ අනාගතය හැටියට එයින් කියෑවෙන්නේ අපේ දෙමව්පියෝ ගත්ත ඓතිහාසික තීරණ නිසා අපි අද පීඩා විඳිනවා. ඒ වගේම අපි අද ගන්න නරක තීරණ නිසා අනාගත ලෝකයට නපුරක් එක්‌ක වාසය කරන්න සිද්ධ වෙන්න පුළුවන්. මේ මිනිස් ජීවිතයට මේ මොහොතේ දේශපාලනයෙන් මිදෙන්න බැහැ. ගී්‍රක නාට්‍යකරුවා ඉරණම කියන එක තේරුම් ගත්තේ යම් බලවේගයක් විසින් පාලනය කරන තත්ත්වයක් හැටියට. නමුත් අපි දන්නවා අපේ ඉරණම පාලනය කරන්නේ අප විසින්ම තීරණය කොට උත්කර්ෂයට නංවන සංකල්පවලින්. අප විසින්ම ස්‌ථානගත කරන ආයතන සහ සමාජ පද්ධති විසින් තමයි මේ ඉරණම තීරණය කරන්නේ. ඒ දේශපාලන පක්‍ෂවෙන්න පුළුවන්. ව්‍යවස්‌ථාදායක, විධායක හෝ අධිකරණය වෙන්න පුළුවන්, පවුල වෙන්න පුළුවන්, ආගමික නිකාය ආශ්‍රිත ආයතන වෙන්න පුළුවන්. මේ සියල්ල විසින් අපේ ඉරණම අද තීරණය කරනවා. මේ කාරණා සංවාදයකට ලක් කිරීමකුත් රහස් උදවිය ඔස්‌සේ සිදු කෙරෙනවා.
පියල් වසර හයකට පසුවයි වේදිකා නාට්‍යයකට ප්‍රවේශ වෙන්නේ. මීට ඉහතදී කෙටි කතා සංග්‍රහයකින් සහ නවකතාවකින් ඔබේ ප්‍රකාශනය සමාජගත කළා. මේ පවතින සමාජ, දේශපාලනික ගතිකයන් යළි නාට්‍යයකින් පළ කළ යුතුයි කියන තීරණයකට එළැඹුණේ ඇයි?
නවකතා සහ කෙටිකතා වගේ සාහිත්‍යාංගයකින් සමාජයට කළ හැකි බලපෑම ඓතිහාසිකවම වෙනස්‌වෙලා තියෙනවා. උදාහරණයකට අපේ ලංකාව වගේ සමාජයක් ඇතුළේ අපි පොත් දාහයි මුද්‍රණය කරන්නේ. ඒකත් විකිණෙන්න සෑහෙන කාලයක් යනවා. සංස්‌කෘතිකමය වශයෙන් නවකතාව අපේ ජීවිතේ කොටසක් බවට පත්වෙලා නෑ. කෙටිකතාවත් එහෙමයි. නමුත් ලෝකයේ එහෙම නෑ. ඉන්දියාව වගේ රටක වුවත් අන්‍ය භාෂාවලින් තරුණ පිරිස ලියන, එනම් මලයාලම්, උර්දු, කොංකනි, ඩොග්රි වගේ භාෂාවලින් ලියන නවකතා කෙටිකතා පවා ඉතා ඉක්‌මනින් ඉංගී්‍රසි භාෂාවට පරිවර්තනය වෙලා ජාත්‍යන්තරයට යනවා. නමුත් නවකතාවක් නොකියවන එක අඩුවක් විදිහට දකින තරුණ පිරිසක් අපේ රටේ නෑ. තවත් පැත්තකින් ලෝකයම විෂුවල් මීඩියා කියන එකට ඇදී යමින් පවතිනවා. අපි උසස් පෙළ පංතිවලට එනකොට රුසියානු පරිවර්තන සම්පූර්ණයෙන්ම කියවලා අවසන්. ඒත් අද ඒක වෙනස්‌වෙලා. හුඟක් අය උත්සාහ කරන්නේ "ෂෝට් µsල්ම්ස්" කරන්න. අසූ ගණන්වලින් පස්‌සේ විෂුවල් මීඩියා එකෙන් උපන් දරුවා ඉන්නේa. නමුත් කොහොම වුණත් මේ පාඨක ප්‍රේක්‌ෂක සමාජයට කිසියම් ආකාරයකින් අපි සමීප විය යුතුයි. ඊට මාධ්‍යයක් විදිහට තමයි මම නාට්‍ය තෝරා ගන්නේ. නවකතාවකට වඩා ඉතා ඉක්‌මනින් ප්‍රතිචාර ලබන්න නාට්‍යයකින් පුළුවන්. සිනමාවෙන් ඊටත් වැඩියි. සාහිත්‍යයේ දී නාට්‍ය කියන මාධ්‍ය අමතක කරන්න බැහැ. ලෝකයේ පැරණිම සාහිත්‍ය බවට පත් වන්නේත් නාට්‍ය. නාට්‍යවල තවත් විශේෂත්වයක් තමයි ප්‍රේක්‌ෂකයා සහ නිෂ්පාදකයා කියන දෙදෙනාම එකට හැදෙන්නේ. හරියට පොතක් සංස්‌කරණය කරනවා වගේ දර්ශන වාරයක් වාරයක් පාසා ප්‍රේක්‌ෂකයා වගේම නිෂ්පාදකයාත් ප්‍රතිපෝෂණය වෙනවා, අලුත් වෙනවා.
මේ නාට්‍යයේ පාත්‍රවර්ගයා ලෙස තෝරා ගැනෙන්නේ චරිත හතරක්, ඉනුත් කාන්තා චරිත තුනක් හා එක් පුරුෂ චරිතයක් ලෙසයි ඉදිරිපත් කෙරෙන්නේ. මේ තෝරා ගැනීම ඔබේ ප්‍රකාශනය වනිත කරන්න කොයි තරම් උදව්වක් වෙනවාද?
ඕනෑම නිර්මාණකරුවෙක් උත්සාහ කරනවා. තමන්ගේ ප්‍රකාශනය හැකිතාක් සියුම්ව සහ සරලව සමාජගත කරන්න සහ ගොඩනඟන්න. මේ නාට්‍යයේ කේන්ද්‍රය වෙන්නේ ගැහැනිය. මොකද මා දුටුවා පසුගිය අවුරුදු තිස් ගණන තිස්‌සේම ගැහැනු භූමිකාව සමාජ ප්‍රගතශීලී ස්‌ථාවරයකට ඇවිත් තිබෙනවා. උදාහරණයකට ස්‌වාධීනත්වයට කාන්තාව හුඟක් නැඹුරු වෙලා තියෙනවා. සටන්කාමීත්වයට නැඹුරු වෙලා තියෙනවා. ඒ නිසාම තමයි මිනීමැරුම් හුඟක් වැඩිවෙලා තියෙන්නේ. පිරිමි ආත්මයට මේක දරා ගැනීමේ අපහසුවක් තියෙනවා. මට අවශ්‍ය දේශපාලනික හා සංස්‌කෘතික කාරණා ටික මෙන්න මේ චරිතවලින් කියනවා. මේවා චරිතවලටත් වඩා කිසියම් සංකේත පද්ධතීන් ලෙස හඳුන්වන්න පුළුවන්. තව පැත්තකින් වේදිකා සාහිත්‍යයේ පාවිච්චි කරන ලොකුම වචනයක් තමයි අයිරනි (Irony) නැත්නම් උත්ප්‍රාසය. මේ "ඩ්‍රැමටික් අයිරනි" (dramatic
irony) එක වේදිකාවේදී ඉතා වැදගත්.
මගේ ප්‍රකාශනය උද්දීපනය කිරීම සඳහා මම ජනශ්‍රැතිය පාවිච්චි කරනවා. ගායනා, සිද්ධි, අවස්‌ථා පාවිච්චි කරනවා. ඒ කරන්නේ ඒ ගායනා උත්කර්ෂයට නංවන්න නොවේ. ඒවා ඇතුළේ තියෙන වනිතාර්ථ මතුකරගන්න. උදාහරණයක් විදිහට අපි දන්නවා. දොර නාරින් අමල් බිසෝ.... කිව්වාම ඒ ගෙදර දොර නොවේ කියලා. එයින් ඔබ්බට ගිය සංකේතාර්ථ දනවන මානව විද්‍යාත්මක සාධක තියෙන කාරණා ගණනාවක් අපේ කතා කලාවේ වගේම ඕනැම රටක දකින්න තියෙනවා. අද කතාකාරයෝ කරන්නේ එබඳු දේ අරගෙන ඒවා ඇතුළේ තියෙන උත්aප්‍රාසය මතු කරන්න උත්සාහ කරන එක. මමත් ඒ දේ කරනවා සමහර නාද ගායනා සහ සංගීතය ආශ්‍රය කරගෙන.
මේ නාට්‍යයේදී ඇතැම් කාරණා ඉදිරිපත් කිරීම සඳහා උපක්‍රමයක් ලෙස ඔබ ඉන්ද්‍රජාලික තත්වයන් භාවිතයට ගන්නවා කියා කියනවා. එබඳු උපක්‍රමයන්ට යැමට ඔබට සිද්ධ වෙන්නේ සෘජුව කියාපෑමේ නිදහස යම් ආකාරයකට සීමා වී ඇති නිසා. අද මේ තත්ත්වය අනාගතයේ අපට කෙබඳුÊප්‍රතිඵලයක් උදා කරයි කියලාද ඔබ කල්පනා කරන්නේ...?
මර්දනය හෝ බාධා ඇතිවන්න, ඇතිවන්නයි විවිධ වර්ණවත් උපක්‍රම නිර්මාණකරුවා තුළ ගොඩනැගෙන්නේ. ඒ අභියෝග එන තරමට නිර්මාණ කරුවා සූක්‌ෂම වෙනවා. මම කැමැති නැහැ. 'කලාකරුවා' කියන වචනෙට සමාජය ඇතුළෙ ඉන්නේ ක්‍රියාධරයන්. ඒ ක්‍රියාකාරීත්වයන් ඉදිරියේදී විවිධාකාරයෙන් වෙනස් වේවි. සමාජය ගරා වැටෙනකොට ඝාතනය උත්කර්ෂයට නැංවෙන සමාජයක් ඇතුළෙ ජීවිතය තවතවත් දිදුලන එකයි වෙන්නේ. එසේ දිදුලන බව පෙන්වන්න නිර්මාණකරුවෝ තවත් විවිධාකාර උපක්‍රමයන් සොයා ගනීවි. උදාහරණයක් විදිහට අති මර්දනයක් තිබෙන ඉරානය වගේ රටක බලන්න සිනමාව කොයි තරම් ඉදිරියට ගිහින් තියෙනවාද කියලා. ඉරාන සිනමාකරුවෝ කතන්දර කියන්නෙ නෑ. ඔවුන්ගේ චිත්‍රපට හරියට හයිකු කවි වගේ. දර්ශන තුන හතරක් පෙන්වලා මතු කරන උත්ප්‍රාසය ඉතා ප්‍රබලයි. එබඳුÊතියුණු දැක්‌මක් අපේ නාට්‍යකරුවෝ ඇති කර නොගත්තොත් තමන්ගේ කාර්ය සාර්ථකව ඉටු කරන්න බැරි වෙනවා. මේ ක්‍රියාදාමයේදී අපි මර්දනයට ලක් වෙන්න පුළුවන්. එය මගහැර යන උපක්‍රම අප සොයාගත යුතුයි.
උදාහරණයක් විදිහට මේ දිනවල මම කියවනවා මාරියෝ වර්ගාස්‌ගේ "ඩෙත් ඉන් අන්දීස්" කියන නවකතාව ඊට අනුව අන්දීස් කඳුවැටිය හරහා ආණ්‌ඩුව අධිවේගී මාර්ගයක් කපාගෙන යනවා. ඇත්තටම කරන්නේ මාර්ගය කපන ගමන් සැන්ඩිවිස්‌කා ගරිල්ලා ව්‍යාපාරය ගැන තොරතුරු හොයන එකයි ඒක මර්දනය කරන එකයි. මේ කතාව කියන්න වර්ගාස් පාවිච්චි කරන්නේ බ්ලැක් කොමඩි (ඊක්‌ජන ඤපැdහ) එකයි. නවකතාව කියවද්දී පේනවා අපි ගතකරන මොහොත කොයි තරම් හාස්‍යජනකයිද කියලා. අපිට හිනා යන්නේ අපේ තියෙන දුර්වලතාවලට. මා හිතනවා ඉදිරි ලෝකය කියවන්න මේ උත්ප්‍රාසාත්මක ක්‍රමය වඩාත් හොඳයි කියා.
ඔබ කොයිතරම් උත්සාහයක් දරනවාද ඔබේ ප්‍රකාශනය සෞන්දර්යාත්මක අන්තයකින් ඉදිරිපත් කරන්නට?
හැම නාට්‍යකරුවකුම තමන් කියන්න හදනදේ කීම සඳහා සෞන්දර්ය වේදයක් සොයාගන්න ඕනේ. අප මෙතෙක් භාවිත කළ සාම්ප්‍රදායික සෞන්දර්ය මාධ්‍යයන්ගෙන් ඒ සඳහා සහාය ලැබිය නොහැකි නම් වෙනත් සෞන්දර්ය විෂයන් භාවිතයට ගන්න සිදු වෙනවා. විශේෂයෙන් නාට්‍ය කියන්නේ සෞන්දර්ය විෂයන් ගණනාවක් එක්‌තැන් කරන තැනක්. ඒ සෞන්දර්යවේදය හොයා ගන්න නම් මූලිකව කළ යුතු කාර්යයක් තමයි අපි මේ කරන්නේ වේදිකාව තුළ නුතන ශාන්තිකර්මයක් කරන එකයි කියා ප්‍රේක්‌ෂකයාට අරුත්ගැන්වීම. එහිදී ලෝකයේ අනිත් රටවල මේ සෞන්දර්ය භාවිතයන් සිද්ධ වෙන්නේ කොහොමද ඒවා අපේ රටට ගැලපෙන ආකාරයට ගොඩනඟන්න ඕනෑ කොහොමද කියන එක සොයා ගත යුතුයි. උදාහරණයක් විදිහට ළමයින්ගේ ලෝකය ඇතුළේ සම්ප්‍රදායික "ලොජික්" එකක් නැහැ. අපි කරන්නේ ඔවුන් ලොජික් එකකට හරවන එකයි. නමුත් එයින් ඔබ්බට ගිය පරිකල්පනීය ලෝකය ඇතුළේ ඔවුන් වෙනත් සත්තාවන් ගණනාවක් අවබෝධ කර ගන්නවා. මේ තියෙන නපුර තේරුම් ගන්න නම් සෞන්දර්යවේදියාට පුළුවන් වෙන්න ඕනේ එබඳු මටසිලිටි තත්ත්වයකට පත්වෙන්න.
කලාකරුවෙක්, එසේත් නැතිනම් ඔබ අදහස් කරන ආකාරයේ ක්‍රියාධරයෙක්‌ට සමාජයේ සිදුවන දේ සම්බන්ධයෙන් සහෘදයා අවදි කිරීමේ වගකීමක් තිබෙනවා. ඒ වගකීම නිසි අයුරින් ඉටුවීම සමාජය වෙනස් කිරීමට ප්‍රබල දායකත්වයක් දෙනවායෑයි කීවොත් නිවැරදිද?
කලා ක්‍රියාධරයන්ට සමාජයට යම් බලපෑමක් කළ හැක්‌කේ ඉතා සුළු මට්‌ටමින් ලෝක මට්‌ටමින් ගත්තත් එහෙමයි. අනෙක් වාස්‌තවික තත්ත්වයන් ලෝකය තුළ නිර්මාණය වෙන්න ඕනෑ. කලා කෘතිවලින් සහ කලාවේ නියෑලීම තුළ ජන සමාජයට යම් උත්තේජනයක් ඇති නොකරනවාය කියා කියන්න බැහැ. දියුණු යුග තුනක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා. ගී්‍රක, ඉලෙසබෙතානු සහ රුසියානු කියන මේ යුගවල විශාල වෙනස්‌කම්වලට මිනිස් සමාජය පාත්‍ර වෙනවා. උදාහරණයක් විදිහට ඩිකන්ස්‌ගේ නවකතා නිසා එංගලන්ත පාර්ලිමේන්තුවේ ප්‍රතිසංස්‌කරණ ඇති වෙනවා. අපෙත් එබඳු චරිත, සිද්ධි තිබෙනවා. අද දේශපාලන විග්‍රහයේදී ඕනෑම රාජ්‍ය තන්ත්‍රයක පැවැත්මේ මූලික සාධකයක් ජනමාධ්‍ය විසින් ඉෂ්ට කරනු ලබනවා. මේ නිසා නිර්මාණාත්මක ක්‍රියාධරයන්ට කළ හැකි දේ ඇත්තේ එක්‌තරා ප්‍රතිශතයක් පමණයි. සමාජීය වෙනස්‌කම් වෙන්න නම් විශාල දේශපාලන බලවේග වශයෙන් සමාජ අවශතාවන් ඇතුව ගොඩනැගෙන්න ඕනෑ.
RAHAS UDAVIYA (රහස් උදවිය)
Friday, 8 June 2012
Who owns Nelum Pokuna : The Performing Theatre of Sri Lankan Politiccos
During the time of president Premamadasa, there were many projects to boost the art circles of different levels in Sri Lanka, though in latter part of his rule he became not more than another beast in Sri Lanka. But during the time of Mahinda, everything seems up and down, even with regard to the so called Nelum Pokuna,still seems to lie in mud rather than spreading the pure scent for which it was built.
I myself being in the stage drama circle in Sri Lanka for some time know that dramatists here live a meagre life having a plain tea and vaday for meals and practising wherever they find. There is no any professional outlook and they seem to enjoy this poor state of economic fashion to portray themselves as true human beings. But the reality is that till they move into the tv drama or movie industry which sustains their status as rich and professional actors and actresses, these individuals find it hard to survive as artists in Sri Lanka. In short if said that stage drama artists are the poorest of all the artists in Sri Lanka, it is not a surprise.
But for Mahinda or any other politicians engage in political administration do not have a clue, of the stage drama industry, and the so called artists like Jackson Anthony, who has a long presence in Sri Lankan theatre does not communicate the true state of the art industry in Sri Lanka to the administration. Instead he seems to lick the dirt fallen from Mahinda's table. Personally I admired Jackson for his performance at ''Weda Hamine'' teledrama when I was a teenager but oh God, time has made them mere rascals who does not do any thing for our cuntry except trying to find the linkage between Mahinda and Dutugamunu.
What prompted me to write this article, is that the price given for the allocation of theatre Nelum Pokuna in Sri Lanka.It is thousand times expensive for an ordinary artists and even for a famous artist the price tag is not affordable at all.What a insensitive act.Still the web site carries the stage dramas shown in April. What a shame, it seems like bulls rule rather than humans in Sri Lanka. To whome can I compain dear president , this is your theatre with your name given.
It seems you were in a hurry to name it with your name rather than having a overview or knowlege about for what this building is built. Please at least, when you , politicians visit China, please visit some of the theatres to see and fee. Ask about the price, cos everything has a price. Otherwise I will make sure to bring this complain to the Chinese who are everywhere these days and easy for me to do so. ( Cos Nelum Polkuna is a gift from Chinese)
Look at this, do believe our dramatists could afford this amount.
(http://www.lotuspond.lk/bookings.php) ''Venue Booking Renting the venue will be Rs. 750,000.00 per show. This will cover a show lasting a maximum of 4 hours. Any additional hours will be charged at Rs. 150,000.00 per hour. If the venue is reserved for a second showing on the same day, the cost will be Rs. 600,000.00 for the second show. Any additional hours as part of a second showing will also be charged at Rs. 150,000.00 per hour.
Rehearsals and setup
The venue can be reserved prior to the performance for rehearsals and setup. For the initial 04 hours Rs. 400,000.00(Rs. 100,000.00 per hour) will be charged. If the venue is required for more than 04 hours Rs. 75,000.00 will be charged for each additional hour of usage."
Monday, 20 February 2012
දොළහක් අනිවාර්යෙන් නැරබිය යුතු විශිෂ්ට නිෂ්පාදනයක්

නාට්ටිය පටන් ගත්තා, මට පරිවර්තන නාට්ටි දිරවන්නෙම නෑ, හිම කබා ඇඳගෙන තොප්පි දාගෙන සිංහලෙන් කතා කර කර ලංකාවෙ වේදිකාවෙ ඒ චරිත කරද්දි මට එන්නෙ අප්පිරියාවක්. ඒ නාට්ටි වල දෙබස් කියන්නෙත් දැදිගම රුද්‍රිගූ ගේ පරිවර්තන පොත්වල භාෂාවෙන්. ඒත් “දොළහක්” එහෙම තිබුණෙ නෑ, පරිවර්තනයෙන් හරිම සියුම් අනුවර්තනයක් දක්වා අතුල පතිරණ නාට්‍ය අරගෙන ගිහින් තිබුණ. ඒ වෙනස හරිම සියුම් වෙනසක්, හාඩ්කෝර් වෙනසක් නෙමෙයි. මුලදි නාට්ටියේ රංගනය එහේ මෙහේ යනවා මං දැක්කා, ඩබ්. ජයසිරි වෙන කොහේදෝ තැනකින් දෙබස් පටන් ගත්තෙ

Wednesday, 14 December 2011
රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන 6 ක් දිනූ නුවන්ගේ මිතුරෝ
Author: Udesha Sajeewa Gamage
Source: Divaina
Date:11/12/11
නාට්‍යයේ නිෂ්පාදක
සොඳුරුට වයස අවුරුදු 13 යි
සම්මාන හයෙන් තුනක්‌ම
තාත්තාට, අම්මාට හා පුතාට
ළමා නාට්‍ය කලාව පිළිබඳව තවමත් අපේ රටේ වැඩි අවධානයක් යොමු වී නැති මොහොතක, එය ප්‍රවර්ධනය කිරීමෙහිලා වැඩි වෙහෙසක් දරන නාට්‍යකරුවන් බොහොමයක් ඇගයීමකට ලක් කළ යුතු යෑයි විශ්වාස කරමු.
ළමා නාට්‍ය යන සංකල්පයෙහි ඇති වැදගත්කම ජනතාව අතරට යා යුත්තේ ඇයි? යන්නට හොඳම පිළිතුර වන්නේ, දරුවන්ගේ හදවත් තුළට හොඳින් කාවැද්දිය හැකි අයුරින් යමක් ඉදිරිපත් කළ හැකි මාධ්‍යයක් ලෙස ළමා නාට්‍ය බොහෝ සෙයින් වැදගත් බවය.
පාලිත ලොකුපෝතාගම මේ බව තදින්ම අදහන්නෙකි.
ගිරිඋල්ලේ පිහිටි ළමා හා යොවුන් නාට්‍ය පර්ශදය මගින් ඉදිරිපත් කරන ලද "නුවන්ගේ මිතුරෝ සත්දෙනා" නාට්‍යය පසුගිය රාජ්‍ය ළමා නාට්‍ය තරගාවලියේදී සම්මාන හයක් දිනා ගැනීමට සමත් විය. මේ දරුවන් වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකරනු ලබන ළමා හා යොවුන් නාට්‍ය පර්ශදය මෙහෙයවනු ලබන්නේ "පාලිත ලොකුපෝතාගමයි." පාලිත වසර එකොළහට ආසන්න කාලයක් සිය පර්ශදය මගින් මේ කාර්යයෙහි නියෑළී සිsටින්නේ ගිරිඋල්ල වික්‍රමශිලා විදුහලේ නාට්‍ය ආචාර්යවරයා ලෙස කටයුතු කරන අතරවාරයේමය.
"නුවන්ගේ මිතුරෝ" නාට්‍ය සඳහා පාලිත සම්මාන හයක් දිනාගැනීමට සමත් වන්නේය. එහි පිටපත රචනා කර ඇත්තේ පාලිත ලොකුපෝතාගම විසින් වන අතර නාට්‍ය නිෂ්පාදනය කර ඇත්තේ පාලිතගේ පුතු වන "සොඳුරු ලොකුපෝතාගමයි". නාට්‍යයේ සංගීතය සපයා ඇත්තේ වික්‍රමශිලා විදුහලේ සංගීතාචාරිනී පාලිතගේ ප්‍රිය බිරිඳ ලංකා කුමාරි කරුණාරත්නයි.
ළමා නාට්‍යයකට සම්මාන හයක් හිමිවන අතරවාරයේ එම සම්මානයන්ගෙන් තුනක්‌ම එකම පවුලේ තිදෙනකුට හිමිවීමත් සුවිශේෂය.
නාට්‍යයේ නිෂ්පාදක "සොඳුරු ලොකුපෝතාගම" තවමත් 8 වසරේ ඉගෙනුම ලබන දරුවෙකි. ඔහු 13 හැවිරිදි වියෙහි පසුවන්නේය. මේ පිළිබඳව දැනෙන හැඟීම කෙබඳුදැයි විමසූ විට සොඳුරුගේ පිළිතුර වූයේ ඉතාම සරල එකකි.
"මම පොඩි කාලේ ඉඳලා මේ නාට්‍යයත් එක්‌ක හිටියා. ඒකට මට ලොකු හයියක් වුණේ මගේ තාත්තා. මම මේ නාට්‍ය නිෂ්පාදනය කරද්දී මට එතරම් ගැටලුවක් මතුවුණේ නෑ. විශේෂයෙන් නාට්‍යයට සහභාගි වූ අනෙක් පිරිසත් මට හොඳ සහායක් ලබා දුන්නා.
"සොඳුරු" ඉතා සොඳුරු ලෙස සිය ජයග්‍රහණයේ සතුට අප සමඟ බෙදා හදා ගත්තේය.
ඉතා කුඩා වියෙහිදීම ළමා නාට්‍යයක් නිෂ්පාදනය කර ඊට සම්මාන හිමිකර ගැනීම විශේෂත්වයක් වන නිසාම ළමා නාට්‍යය පිළිබඳව "සොඳුරු" සිතන්නේ කවරක්‌දැයි අපි විමසුවෙමු.
ළමයින්ට ගැළපෙන ළමයින්ගේ සිත්ගත් කතා තේමාවකින් යම් පූර්වාදර්ශයක් ලබාදිය හැකි නිර්මාණයක් හැටියටයි, මම ළමා නාට්‍ය දකින්නේ.
සොඳුරු පවසන්නේය. ඒ සරල පිළිතුර තුළ කෙතරම් ගැඹුරු අරුතක් ගැබ්ව ඇත්දැයි විමසා බැලිය යුත්තකි.
සොඳුරු සිය දක්‍ෂතාවන් සහජයෙන්ම උරුම කරගත්තක් සේම, මවගේ හා පියාගේ හුරුව නිසාම නිරන්තර අභ්‍යාසයක් ලෙස ප්‍රගුණ කරන්නේය.
"මේ නාට්‍යයේ මට ලබුණු "නුවන්" කියන චරිතය බොහෝම සෙල්ලමට කැමැති, ඉගෙනීමට හා වැඩ කරන්නට අකමැති චරිතයක්. මේක ටිකෙන් ටික වෙනස් වෙලා. "නුවන්" ඉගෙන ගන්න, වැඩ කරන්න ආශා කරනවා. මට මගේ පියා, මේ චරිතය ඉස්‌මතු විය යුතු ආකාරය ගැන පැහැදිලි කරලා දුන්නා. හැබැයි ඒක මට අභියෝගයක් වුණා. මීට කලින් මම කරලා තියෙන චරිතවලට වඩා මෙය වෙනස් චරිතයක්."
සොඳුරු කියන්නේය. සොඳුරුට සිය අධ්‍යාපන කටයුතුවලදී සේම නාට්‍යකරණයේදීද "බොහෝ දේ" කරන්නට අවශ්‍යව ඇති බව කතාබහේදී කියවිණි. ඊට ඔහු තුළ ඇති නිසඟ කුසලතාව පිළිබඳව සොඳුරුගේ මව කියන්නේ මෙබන්දකි.
"පුතාට පොඩි දවස්‌වල ඉඳලා මේ ආභාශය තිබුණා. නිවසේදී පාසලේදී අනිත් අය අතරින් කැපී පෙනෙන චරිතයක් බවට පුතා පත්ව සිටියා. හැබැයි පුතා කිව්වා වාගේම මේ චරිතය එයාට යම් තරමක අභියෝගයක් වුණා. මොකද නාට්‍යයේ මුල ඉඳලා අවසානය වන තෙක්‌ම එයා වේදිකාවේ රැඳිලා ඉන්න ඕන අවස්‌ථා වැඩියි. එතකොට නාට්‍යයක් නිෂ්පාදන කරන ගමන්, ඔහු චරිතයටත් සාධාරණය ඉෂ්ට කළා කියන එක ඔප්පු වෙනවා. එයාට හොඳම නිෂ්පාදකයාටත්, හොඳම නළුවාටත් හිමි සම්මාන හිමිවීමෙන්ම."
ඇය කියන්නීය. එපමණකුදු නොව, ඒ දක්‍ෂතාව තමාගේ පුතුට පමණක් නොව රටේ බොහෝ දරුවන්ට ද උරුම වියයුත්තක් බව ඇය කියන්නීය.
"අපේ දරුවා විතරක් නොවෙයි, රටේ දක්‍ෂතාවන් තියෙන තවත් බොහෝ දරු දැරියන් ඉන්නවා. නමුත් ඒ අයට බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ හරිහැටි තමන්ගේ දක්‍ෂතාවක් එළිදක්‌වන්න මගක් නැති වීමයි."
ඊට ඌනපූර්ණයක් එකතු කරමින් "පාලිත" පවසන්නේ අපේ රටේ මුල් කාලයේ ඉඳලම ළමයින් වෙනුවෙන් නාට්‍ය කරනවාය කියන තැන හිටියාට එහෙම වටපිටාවක් නියමාකාරයෙන් ගොඩනැගුණු බවක් පේන්න නෑ. ඒකට හරි ප්‍රේක්‍ෂකාගාරයක් ගොඩනැගුණු බවක් පේන්න නෑ. නමුත් ඒ අවශ්‍යතාව දරුවන් තුළ මතුවී තිබෙන බව රාජ්‍ය ළමා නාට්‍ය උළෙල බලන ඕන කෙනකුට තේරෙනවා."
ළමා නාට්‍යවලට අවශ්‍ය "හොඳම" වටපිටාවක් සකස් කරන්නට අවධානය යොමුවිය යුතු අතර කල්පනා කරන්නේ නම් "සොඳුරු" වැනි තවත් බොහෝමයක් දරුවන්ගේ වෑයම සොඳුරු කරන්නක් විය හැකිය.
උදේශ සංජීව ගමගේ
A layman’s view of Sarachchandra’s "SinhabahuNatakaya"
Thursday, 1 December 2011
Monday, 7 November 2011
එදා දෙටු වැද්දා මමයි - ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි ලයනල් ප්රනාන්දු
Date:03/11/2011
Source: Sarasaviya
දේශීය ආදායම් පාලක නිලධාරියකු ලෙස තම රාජකාරි දිවියට පිවිසි ඔහු ලංකා නැව් සංස්ථාව, ජාතික රක්ෂණ සංස්ථාව, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ඇතුළු ආයතන රැසක මුල් පුටු හොබවා තිබේ. යාපනය දිසාපතිවරයා මෙන්ම උතුරු - නැගෙනහිර ආණ්ඩුකාරයා ද වූ ඔහු පණස් වසකට අධික කාලයක් මුළුල්ලේ සිය ශූර පරිපාලන ඥාණය මෙහෙයවමින් රටට, දැයට ඉටු කළ සේවාව සුවිසල්ය. මැලේසියාව, නෙදර්ලන්තය, ප්‍රංශය වැනි රටවල ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසින්ද රාජතාන්ත්‍රික සේවයේ නිරත වූ ඔහු වර්තමානයේ විවේකීව සිය සැඳෑ සමය ගත කරයි. නමුදු ඔහු ප්‍රතිභාසම්පන්න නළුවකු බව දන්නේ ටික දෙනෙකි. අතීතයට දිව යන ඒ මතකය නතර වන්නේ 1956 තරම් ඈතකය. ඒ මෙරට වේදිකා නාට්‍යය වංශයේ මහා සම්ප්‍රදාය සනිටුහන් කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යය පසුබිම් කර ගනිමිනි. ‘මනමේ’ ප්‍රථම වැදි දෙටු භූමිකාව රඟපෑවේ අප පෙර කියූ ලයනල් ප්‍රනාන්දුමය. ඒ අතීත මතකය ඔහු මෙලෙස වර්තමානයට කැඳවා එන්නේ මහත් වූ සොම්නසකිනි. 1956 වසරේ තමයි මම පේරාදෙණිය සරසවියට ඇතුළු වුණේ. අපි ඒ කාලේ පදිංචි වෙලා හිටියේ මහනුවර අම්පිටිය කියන කුඩා ග්‍රාමයේ. එහි රෝමානු කතෝලික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබලා එතනින් සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට ගිහින් තමයි මම විශ්ව විද්‍යාලයට ආවේ. මගේ පාසල් සගයන් තුන් දෙනෙකු සමඟ වසර තුනක කලා පාඨමාලාවක් හදාරන්නයි මම සරසවියට බැඳුණේ. පාසල් වියේ පටන් කලාවට ඔබේ ඇල්මක් තිබුණා? ඔව්. පාසල් දෙකේදීම සංගීත හා නාට්‍යය කටයුතු වලට මම සහභාගි වෙලා තිබුණා. සිනමාවටත් බොහොම ලැදියාවක් තිබුණා. හින්දි චිත්‍රපට, කව්බෝයි චිත්‍රපට තමයි ඒ කාලේ මම වැඩියෙන් නැරඹුවේ. විශ්ව විද්‍යාලයේදීත් ඒ පුරුද්ද එහෙමම තිබුණා. ඉතින් මම උපාධියට හැදෑරුවේ සිංහල, ඉතිහාසය සහ අර්ථ ශාස්ත්‍රය කියන විෂයයන්.
වඩාත් සමීපයෙන් සරච්චන්ද්‍රයන් ඇසුර ඔබට ලැබෙන්නේ මම හිතන්නේ මේ අවධියේදී? සරච්චන්ද්‍රයන් සිංහල සාහිත්‍ය අපට ඉගැන්නුවේ නාට්‍ය කලාවටත් මුල් තැනක් දීලා. මම දැනගෙන හිටියා එතුමා මේ නාට්‍යය කලාව ගැන ලොකුª උනන්දුවක් තිබුණ කෙනෙක් වග. ඒ කාලේ විශ්ව විද්‍යාලයේ බොහෝ නාට්‍යය කෙරුණේ ඉංග්‍රීසි අනුවර්තන. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යවරයා වූ ලුඩවයික් රුසියානු නැතිනම් යුරෝපීීය නාට්‍ය විශේෂයෙන්ම ගෝලියන්, චෙකොෆ් වැනි අයගේ නාට්‍යය කරන්නට යෙදුණා. මේ බොහොමයක් ප්‍රහසන නාට්‍යයයන්. ඒ අනුසාරයෙන් තමයි ඔය ‘කපුවා කපෝති’, ‘වෙද හටන’ වැනි නාට්‍යය නිර්මාණය වුණේ. සරච්චන්ද්‍ර, ඒ. පී. ගුණරත්න වැන්නවුන් පවා මෙසේ ඉංග්‍රීසි නාට්‍යය සිංහලට පරිවර්තනය කළා. ජුබාල් කියන විදෙස් නාට්‍යවේදියා තමයි ‘වෙද හටන’ කළේ. ඒක ඒ කාලේ ඉතාමත් ජනප්‍රිය වුණා. එතකොට කොහොමද ‘මනමේ’ වැනි ස්වතන්ත්‍ර වේදිකා නාට්‍යයක් නිර්මාණය වෙන්න පසුබිම සැකසෙන්නේ? මහාචාර්ය සරච්චන්ද්‍රයන් සිංහල නාට්‍යය කලාවේ ආරම්භය, එහි ප්‍රභවය පිළිබඳ මූලික දැනුම තිබෙන පත පොත පරිශීලනය කරලා ඒ කාලේ විවිධ පුවත්පත්වලට ලිපි ලිව්වා. ඔය අතරවාරේ තමයි චාර්ලිස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ සරච්චන්ද්‍රයන්ට මුණ ගැසෙන්නේ. එතුමා බලපිටියේ. පියදාස සිරිසේන, චාල්ස් ඩයස් වැනි අයගේ නාට්‍යවලට දකුණු පුරවරයෙන් සම්බන්ධ වෙලා කටයුතු කළේ චාර්ලිස් සිල්වා ගුරුන්නාන්සේ. සරච්චන්ද්‍රයන් තේරුම් ගත්තා එතුමාගේ වටිනාකම. මේ දෙන්නාගේ හමුවීම අපටත් දැනගන්න ලැබුණා. 56 අග භාගයේ අපේ නාට්‍ය සංගමයේ භාණ්ඩාගාරික ධූරය මට පැවරුණා. ඉතින් මේ සංගමයේ සාමාජිකයෝ සවසට එකතු වෙනවා. සම්මන්ත්‍රණ, වැඩමුළු වගේ දේවල් පවත්වනවා. අධ්‍යාපන කටයුතු අතරේ ඒ වැඩත් කෙරීගෙන ගියා. සරච්චන්ද්‍රයන් තවත් සමීපයෙන් ඇසුරු කරන්න මට ලැබුණේ ඒ අවදියේදී. සරච්චන්ද්‍රයන්ගේ නිල නිවසට (ඒකට කිව්වේ ‘සංඝමිත්තා හිල්’ කියලා) චාර්ලිස් ගුරුන්නාන්සේ ගෙන්න ගෙන දැන් නොයෙක් සාකච්ඡා පැවැත්වෙනවා. ‘මනමේ’ කියන්නේ පැරැණි නාඩගමක්. එය ඔවුන් දෙදෙනා එකතු වී නැවත සකස් කරන බව අපට ආරංචි වුණා. මේ අලුත් ‘මනමේ’ නාට්‍යයට නළු, නිළියන් තෝරා ගන්න ඔඩිෂන් එකක් තියන්න සරච්චන්ද්‍රයන් තීරණය කළා. ඊට පස්සේ . . .? අපේ නාට්‍යය සංගමය මගින් මේ ගැන දැනුවත් කරලා විශ්ව විද්‍යාල දැන්වීම් පුවරුවේ නෝටිස් ඇලෙව්වා සරච්චන්ද්‍රයන් මෙවැනි කටයුත්තක් කරන්නට යනවයි කියලා. මේ පරීක්ෂණය පැවැත්වුණේ ජුනියර් කොමන් රූම් එකේ. ඒක කුඩා ශාලාවක්. තිහකට, හතළිහකට වඩා රැස් වෙන්න බැහැ. ඒ තමයි ‘මනමේ’ ආරම්භයේදී අපට තිබුණ ශාරීරික හා භෞතික සීමාවන්. ඔබත් ඒ පරීක්ෂණයට එදා ආවා? නැහැ, ඉතින් මම කොහොමත් නාට්‍යය සංගමයේ භාණ්ඩාගාරිකනේ. පසුව මම එහි සභාපති ධූරයත් දැරුවා. කොහොම හරි එදා මේ ඔඩිෂන් එකට සෑහෙන පිරිසක් ආවා. කොළඹ වගේම ඈත පිටිසර පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආවා. මේ පිරිස ඇවිත් ඉතින් නොයෙක් විදිහේ ගීත ගයලා යනවා. වැඩිපුර ගැයුවේ චිත්‍රපට ගීත. මේ කාලේ හරියට අමරදේව බිහි වෙලත් නැහැනේ. ඒ වෙද්දි ඔහු ඇල්බට් පෙරේරා. පස්සේ සරච්චන්ද්‍රයන් තමයි අමරදේව නම තැබුවේ. ඉතිං අර කටහඬ පරීක්ෂණයෙන් එදා මනමේ කුමරියට තෝරා ගත්තේ ට්‍රිලීෂියා අබේකෝන්. ඇය එවකට උපාධි අපේක්ෂිකාවක්. මනමේ කුමාරයා වුණේ බෙන් සිරිමාන්න. එයා මොරටුවේ ඉස්කෝලෙක උගන්වමින් ඉඳලා එඩියුකේෂන් ඩිප්ලෝමාවක් හදාරන්නයි ඇවිත් හිටියේ. මේ දෙන්නම අවුරුද්දකින් මට සීනියර්.යම් විදිහකින් මනමේ කුමරිය හැටියට ට්‍රිලීෂියාට සහභාගි වෙන්න නොහැකි වුණොත් ආදේශක නිළියක් විදිහට එදා හේමමාලි ගුණසේකරත් තෝරා ගත්තා. ඇයත් උපාධි අපේක්ෂිකාවක්. ඇය පසුව මහාචාර්ය සිරි ගුණසිංහයන් සමඟ විවාහ වුණා. ‘මනමේ’ ප්‍රථම වැදි දෙටු චරිතය ඔබට ලැබීමත් එක්තර දෛවෝපගත සිදුවීමක්? සියලුම චරිත සඳහා නළු, නිළියන් තෝරා ගත්තාට පස්සේ අන්තිිමට ඉතිරි වුණේ වැදි රජු සහ වැදි දෙටු චරිත දෙක. වැදි රජු බොහොම උස, මහත, වෛරී සහගත පුද්ගලයෙක් විය යුතුයි. මොකද එයා බිහි වෙන්නේ කැලෙන්නේ. මෙයාව හොයා ගන්න සරච්චන්ද්‍රයන් හුඟක් උත්සාහ කළා. නුවර පෙරහර ඉවර වෙලා හැම වසරකම බෝගම්බර තියෙන කානිවල් එකේදී සරච්චන්ද්‍රයන්ට, එඩ්මන් විජේසිංහ මුණ ගැසුණා. එඩ්මන්ඩ් පාසලේ නාට්‍යය කරලා තියෙනවා. ඒ වගේම හොඳට ගී ගයන්න පුළුවන්. වොයිස් එකත් ගැඹුරුයි. මේ නිසා වැදි රජුට ඔහුව ;තීරා ගත්තා. වැදි දෙටුත් ගී ගයන්න, නටන්න පුළුවන් කෙනෙකු වෙන්න ඕනෑ. ‘ලයනල්ට පුළුවන්නේ ඕක කරන්න’ කියලා සරච්චන්ද්‍රයන් යෝජනා කළා. ‘ඔබතුමා කියනවා නම් මම ඉතින් නටන්නම්’ කියලා මමත් කිව්වා. ඔඩිෂන් එකේදී මම ගායනා කළේ පැරැණි ගීත දෙකක්. ඒ ගීත මොනවද කියලා මට මතක නැහැ. කොහොම වුණත් මගේ ගායනය පිළිබඳ සරච්චන්ද්‍රයන් පැහැදුණා කියා හිතෙනවා. ඔහොම තමයි වැදි දෙටු චරිතයට අඩිතාලම වැටුණේ. පුහුණුවීම් කටයුතුවලදී සරච්චන්ද්‍රයන් දැඩි විනයක් පවත්වා ගෙන ගිය බවක් මා අසා තිබෙනවා? ඇත්ත වශයෙන්ම එතුමා විනයට අධිපති කෙනෙක් කිව්වොත් නිවැරදියි. සරච්චන්ද්‍රයන් එතරම් උස මහත පුද්ගලයෙක් නෙවෙයිනේ. නමුත් එතුමාට අපේ හිතේ තිබුණේ විශාල ගෞරවයක්. 1956 නොවැම්බර් 03 වැනිදා කොළඹ ලයනල් වෙන්ට්ඩ් රඟහලේදී තමයි ‘මනමේ’ මංගල දර්ශනය පැවැත්වුණේ. අදට හරියටම අවුරුදු පනස් පහයි. පුහුණුවීම් කටයුතුª සිදු වුණේ බොහොම ක්‍රමානුකූලව. ජූනි මාසයේදී තමයි ආරම්භ කළේ. නාට්‍යය පෙන්වන දිනය වෙනකල් අපි දින පහම සවස් වරුවේ පුහුණුුවීම් කටයුතුවල යෙදුණා. චාර්ලිස් සිල්වා ගුරුන්නාන්සේ බිම වාඩි වෙලා මද්දලය ගහනවා. මේකෙ සිංදුත් තියෙනවනේ. අන්න ඒ සිංදුවලට අමරදේව ගෙන්වා ගන්නවා. සරච්චන්ද්‍රයන් නිතර කොළඹ යනවානේ. ඒ එනකොට ඔහුගේ වාහනයෙන්ම අමරදේවයනුත් රැගෙන එනවා. ඡ් ව් 497 ෆොක්ස්වැගන් කාරෙකක් සරච්චන්ද්‍රයන්ට තිබුණේ. එතුමා අතින් පෙට්‍රල් ගහගෙන ඇවිත් කන්න, බොන්න දීලා, ඉඳුම් හිටුම් දීලා චාර්ලිස් ද සිල්වා ගුරුන්නාන්සේට සහ අමරදේව මහත්මයට ඒ සියලු සත්කාර කළා. විශ්ව විද්‍යාල අරමුදලින් සත පහක්වත් නොගෙන තමන්ගේ පෞද්ගලික මුදලින් තමයි සරච්චන්ද්‍රයන් ඒවා කළේ. ‘මනමේ’ ජනප්‍රියත්වයට එහි ඇතුළත් ගීත මනා පිටිවහලක් වුණා? අද ආපසු හැරී බැලීමේදී ඒ ගීත කෙතරම් බුද්ධි ගෝචරද, කර්ණ රසායන ද කියා සිතෙනවා. හැඟීම්බර වුණත් එහි අන්තයට නොයා, බෞද්ධ සංකල්පයන්ට පටහැනි නොවූ එක්තරා විදිහක සමාජ කතිකාවතකට අඩිතාලම ‘මනමේ’ නාට්‍යයෙන් වැටුණා කියලා මට හිතෙනවා. ඒක අපිට ඒ කාලෙත් දැනුණා. අපි සාහිත්‍ය විෂය කළ නිසාද මන්දා ‘මනමේ’ නාට්‍යයටත්, ඊට පසුව කළ ‘සිංහබාහු’ නාට්‍යයටත් අපේ සිත් බෙහෙවින් ඇදී ගියා.
‘මනමේ ආරම්භයේදී එතරම් ජනතා ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ නේද? මගේ මතකය නිවැරැදි නම් මංගල දර්ශනයට හෝ ඉන් පසු දර්ශනයට ප්‍රේක්ෂකයෝ දාහත් දෙනයි ඇවිත් හිටියේ. මුලින් මේක මිනිසුන්ගේ සිත්වලට කා වැදුණේ නැහැ. කොළඹ හතේ ගෙවල්වල නෝනා, මහත්වරු තමන්ගේ ආයම්මලා නැතිනම් ගෙදර සේවකයෝ තමයි මුල් යුගයේ ‘මනමේ’ බලන්න එව්වේ. නමුත් පසු කාලයේ ‘මනමේ’ සෑම තරාතිරමකම ප්‍රේක්ෂකයන් නැරඹූ, ආදරය කළ වේදිකා නාට්‍යයක් බවට පත් වුණා. මංගල දර්ශනයේ පටන් දර්ශන වාර සියයක් පමණ වැදි දෙටුගේ චරිතය රඟපෑවේ මම. ඒ අතීතය අදත් මට රසවත් හා අභිමානවත් මතකයක්. අසංක දේවමිත්ර පෙරේර එදා සිංහබාහු මමයිජ්යෙෂ්ඨ පරිපාලන නිලධාරි චාලි ජයවර්ධන‘සිංහබාහු’ අපේ වේදිකා නාට්‍ය කලාවේ සුවිශේෂි සංධිස්ථානයකි. සිංහබාහු වේදිකා ගත කර වසර පනහක් සපිරුනි. මෙම ඓතිහාසික නාට්‍යයේ සිංහබාහු චරිතය මුලින් රැගූ චාලි ජයවර්ධනව අපි සොයා ගියේ ‘සිංහබාහු’ අතීතය නැවත අවදි කර ගැනීමටයි. සිංහබාහු මුලින්ම වේදිකා ගත කළේ 1961 අගෝස්තු 31 පේරාදෙණිය විශ්ව විද්‍යාල එළිමහන් රඟමඬලෙදි.
1960 වර්ෂයේදී චාලි පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වන්නේ වැඩිදුර අධ්‍යාපනයටය. චාලි විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ කාලයේ තම සොහොයුරු ඩොමී අතිශය ජනප්‍රිය නළුවෙකි. ‘ඩොමීගේ මල්ලි එනවා’ විශ්ව විද්‍යාලය පුරා පැතිර ගියේය. නවක වදයට චාලිට ලැබුණ දඬුවම ගීත ගායනයයි. චාලි සතු ගී ගැයීමේ හැකියාවත්, රංගන හැකියාවත් නිසාම ජාතික නාට්‍ය උළෙල සඳහා ඉදිරිපත් වුණු නාට්‍යයක රඟපාන්නට ලැබුණි. ඒ බන්දුල ජයවර්ධනගේ ඝෝෂක වස්තුව වේදිකා නාට්‍යයේය. චාලි එහි රැඟුවේ කුඹලාගේ චරිතයයි. ඒ දවස්වල සිංහබාහු නාට්‍යය ලියමින් සිටි සරච්චන්ද්‍රයන් ‘ඝෝෂක වස්තුව’ නරඹන්නට පැමිණියේය. ඒ බලන්නට ඇවිත් චාලිට ආරාධනා කළේ ‘සිංහබාහු’ හි ‘සිංහයා’ ලෙස රඟන්නටය. 1961 පෙබරවාරි මාසයේ දිනෙක චාලි පුහුණුවීම් සඳහා ගියේය. නළු නිළියන් තෝරා ගැනීමේ පරීක්ෂණයට මහා පිරිසක් සිටියද, චාලි පරීක්ෂණයට ඇතුළත් නොවුණේ ඔහුගේ රංගන හැකියාව ගැන සරච්චන්ද්‍රයන් තුළ තිබූ පැහැදීම නිසාවෙනි. ටික කලක් පුහුණුවීම් කරගෙන ගියේය. චාලි ‘සිංහයා’ ලෙස රඟද්දී, මාක් ඇන්ටනී කෝරස් එකේ සිට ‘සිංහබාහු’ ට දායක විය. ‘දවසක් පුහුණුවීම් කරද්දී සරච්චන්ද්‍රයන් මාක්ට ඉස්සරහට එන්න කිව්වා. එදා තමයි මාක්ව ‘සිංහයා’ ට තෝර ගත්තෙ. මම සිංහබාහු වුණේ ඒ විදිහට.
පුරා මාස 6 ක පුහුණුවීම් කරමින් 1961 අගෝස්තු පස්වරු 8 ට ‘සිංහබාහු’ රඟ දැක්විණි. මඳ වෙලාවක් යද්දී මහා වැස්සක් ඇද හැළුණි. ‘එදා වැස්ස හොඳටම. ‘සිංහබාහු’ නරඹන්න සෙනඟ 2000 ක් විතර උන්නා. ඒත් කවුරුවත් එදා මඟදි නැගිටලා ගියේ නැහැ. එයාලා හරිම ආසාවෙන් කුඩ ඉහළගෙන බලං හිටියා. ඒත් රැඟුමට නම් ප්‍රශ්න ඇති වුණා. එක සැරයක් සිංහයව ලිස්සලත් වැටුණා’ අතීතය සිහිපත් වී චාලිගේ මුව’ග ඇඳුණු සිනහවේ ඒ අතීතයෙහි රසබර බව මනාව ගැබ්ව තිබුණි. ‘එදායින් පස්සෙ විශ්ව විද්‍යාලයෙ තියෙන හැම සුහද හමුවකම මට සිංහබාහු නාට්‍යයේ ගීත ගයන්න ඉල්ලීම් ලැබුණා. ඒ හැම ඉල්ලීමක්ම මම ඉටු කළා.
’68 න් පස්සෙ මම නාට්‍යයෙන් අයින් වුණා. මොකද මම පරිපාලන සේවා විභාගයෙන් පාස් වෙලා අම්පාර දිස්ත්‍රික් ඉඩම් නිලධාරි හැටියට පත්වීමක් ලැබුවා. වගකීම් සහිත සේවාවකදී නිවාඩු ගැනීමේ අපහසුතා තිබුණ නිසා මම තීරණය කළා රාජකාරියට බාධා නොවෙන විදිහට කටයුතු කරන්න. ඊට පස්සෙ ඒ චරිතය වෙනුවෙන් නිශ්ශංක දිද්්දෙනියව පුහුණු කළා. ඊට අවුරුදු 10 කට පස්සෙ මම නැවත ‘සිංහබාහු’ නාට්‍යයට සම්බන්ධ වුණා. ඒ යුව රජගේ චරිතය වෙනුවෙන්. 1979 ඉඳලා 1992 වෙනකල් මම රඟපෑවා. චාලි රැඟුවේ වේදිකා නාට්‍ය හතරක පමණි. දික්තල කාලගෝල හි දික්පිටියා ලෙසත්, ශ්‍රීී වික්‍රම නාට්‍යයේ ඇහැලේපොල අදිකාරම් ලෙසත්, චෝර පබ්බත නාට්‍යයේ චෝරනාග ලෙසත් ඔහු රැඟුවේය. ‘වෘත්තීය නළුවෙක් නොවුණ එක ගැන අද යම් සතුටක් මට තියෙනවා. පොඩි කාලෙ මට ඕන වුණේ රඟපාන්න. ඒ අයියා රඟපෑව ‘සුජාතා’ චිත්‍රපටයෙ පොඩි ළමයගෙ චරිතය දැකලා. එතකොට මට අවුර ැදු 11 ක් විතර ඇති. අයියා ඒ දවස්වල ඉන්දියාවෙ හිටියෙ. මම ලියුමක් දැම්මා රඟපාන්න ඕන කියලා. අයියා කියලා එව්වා රඟපෑමට උගත්කමක් ඕන, එතකොටයි පිළිගැනීමක් තියෙන්නෙ. ඒ නිසා ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වෙන්න කියලා. මම 1956 දී පළවෙනි පංති සාමාර්ථයක් එක්ක ජ්‍යෙෂ්ඨය සමත් වෙලා ආයෙ ලියුමක් දැම්මා රඟපාන්න ඕන කියලා. එතකොට අයියා ලියලා එව්වා උපාධියක් තියෙන්න ඕන රඟපාන්න, දිලිප් කුමාර් පවා උපාධිධාරියෙක් කියලා. අයියා මාව කෙළින්ම නොකියා අධ්‍යාපනයට යොමු කළා. ඒ මගේ අනාගතය වෙනුවෙන්. විශ්ව විද්‍යාලයෙදි ඉන්දියානු ඉතිහාසය හදාරපු මට, ලංකාවෙ නැති සමහර පොත් ඉන්දියාවෙ ඉඳලා තැපෑලෙන් එව්වා. නළුවෙක් තුළ තිබුණ ආර්ථික අස්ථාවර බව අයියා අත්දැකීමෙන්ම දැනගෙන හිටියා. ඒ නිසයි ඔහු මාව ඉගෙනුමට යොමු කළේ. ඔහු තම සහෝදරයා ගැන කතා කළේ ගෞරවයෙනි. චාලි වර්තමානයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ඉඩම් භුක්තිය පිළිබඳ ජාතික උපදේශක ලෙස කටයුතු කරයි. අවසානයේ යළිත් චාලි සරච්චන්ද්‍රයන් පිළිබඳව හඬ අවදි කළේය. වර්තමාන නාට්‍ය අතර සරච්චන්ද්‍ර කෙනෙක් පහළ වෙන්නෙ නැහැ. ඔහුම නැවත ඒ නමින් නූපන්නොත් පෙරදිග ශේක්ස්පියර්, ජපානයේ කුරසෝවා හා සංස්කෘත නාට්‍ය ලියූ කාලිදාසයන්ට පමණයි ඔහු සම කළ හැක්කේ. ඡායා - ප්‍රසාද් සමරතුංග බුද්ධිනී ජයවර්ධන | ||
පීඩිත පන්තියේ තරුණයා සිනමාවෙන් මැවූ නළුවා - අමරසිරි කලංසූරිය
අමරසිරි කලංසූරිය
අපේ රටේ කට පුරා හොඳ යැයි කිව හැකි සිනමාකරුවකු බිහි වීම තල මලක් පිපීම වැනි දුර්ලභ සිද්ධියක් යැයි ‘රැයත් දවාලත්’ චිත්‍රපටය වෙනුවෙන් මුද්‍රිත සමරු කළඹට ලිපියක් සපයමින් කියූ ප්‍රවීණ සිනමාවේදී තිස්ස අබේසේකර ’රැයත් දවාලත්’ තුළින් එබඳු තල මලක් පීදී එනු පෙනෙතැයි කියා සිටියේය. හොඳ යැයි කිව හැකි සිනමාකරුවකු පමණක් නොව හොඳ යැයි කිව හැකි නළුවෙක් ද මේ චිත්‍රපටයෙන් බිහි වූයේය. ඔහු අමරසිරි කලංසූරිය යි. ඔහු පමණක් නොව පසු කලෙක රූපවාහිනි ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පිනියක වූ අනෝමා වත්තලදෙණිය (පෙරේරා) දොරට වැඩියේ ද ‘රැයත් දවාලත්’ තුළිනි. 1940 දී මහනුවර උපන් කලංසූරිය මුලික අධ්‍යාපනය ලැබුවේ ධර්මරාජ විදුහලෙනි. පාසල් අවදියේදී ඔහු මලල ක්‍රීඩාවට හා බොක්සිං ක්‍රීඩාවට විශේෂ සාමාර්ථයක් දැක්වූයේය. ජීවත්වීම උදෙසා විවිධ වෘත්තීන්හී යෙදුණු කලං සෙසු නළුවන්ට සාපේක්ෂව ගත්විට තරුණයකු වශයෙන් අනේක විධ දුක් ගැහැට විඳි අයෙකි. ඒ සකල විධ අත්දැකීම් පසු කලෙක ඔහු සිනමා රංගනයේදී මහෝපකාරී වූවාට නිසැකය. පාසල් මිත්‍රයකුª වූ ආචාර්ය ධර්මසේන පතිරාජ මාර්ගයෙන් කලං ඊගාවට ‘හන්තානේ කතාව’ චිත්‍රපටයට සම්බන්ධ වූයේය. කලංට විජය කුමාරතුංග මුණ ගැසුණේ ‘හන්තානේ කතාවේ’දීය. එය දීර්ඝකාලීන සිනමා හා දේශපාලන මිතු දමක ආරම්භය වූයේය. ‘හන්තානේ කතාවේ’ රඟපාන අතරවාරයේ කලංට තවත් චිත්‍රපට දෙකක රඟපාන්ට අවස්ථාව ලැබුණේය. ඒ ‘අක්කර පහ’ හා ‘නිම් වළල්ල’ය. ඔහු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටයක රඟපෑ පළමු හා එකම අවස්ථාව ‘අක්කර පහ’ වූයේය. කලංසූරිය ප්‍රථම වරට ප්‍රධාන චරිතයක් රඟපෑවේ ආචාර්ය ධර්මසේන පතිරාජගේ ‘අහස් ගව්ව’ චිත්‍රපටයේය. ඔහු එහි රැකියා විරහිත නන්නත්තාර තරුණයන් දෙදෙනාගෙන් එකකු වූ විජේගේ චරිතය නිරූපණය කළේය. (අනික් චරිතය – ගුණේ ලෙස රඟපෑවේ විමල් කුමාර ද කොස්තාය).
රැලි කොණ්ඩය සහිත නළුවාගේ සම්මත ප්‍රතිරූපය කලං ‘අහස් ගව්ව’ හරහා එක රැයින් වෙනස් කළේය. කොණ්ඩය නොපීරූ, එය අවුල් කර ගත් නළුවෙකි අප මේ සිනමා පටයෙන් දුටුවේ. සිංහල සිනමාවේ තාරකා ප්‍රතිරූපයට කලං දැවැන්ත පහරක් එල්ල කළ ආකාරය පෙනී යයි. පසු කලෙක ලින්ටන් සේමගේ, ජැක්සන් ඇන්තනි, මහේන්ද්‍ර පෙරේරා, සෞම්‍ය ලියනගේ වැනි නළුවන් බිහිවීමට මූලික පදනම දැමුවේ එක් පැත්තකින් ජෝ අබේවික්‍රම වූ අතර අනිත් පැත්තෙන් කලංසූරි යැයි කීම නිවැරදිය. ‘අහස් ගව්වෙ’න් කලං මූර්තිමත් කළේ මෙරට පීඩිත පන්තියේ තරුණයාගේ යථාවිධ ප්‍රතිරූපයයි. ඔහු පසු කලෙක රඟපෑවේද එබඳුම ආකාරයේ චරිතය. ‘අපේක්ෂා’ චිත්‍රපටයේ ඉන්ධන පිරවුම් හලේ කම්කරුවා, ‘ඩොරින්ගේ සයනය’ චිත්‍රපටයේ නගර සභා කුණු ට්‍රැක්ටරයේ කම්කරුවා වැනි චරිත ඊට නිදසුන්ය. සමාජයේ පහළම අඩියේ රැකියා කිරීමෙන් ලද අත්දැකීම් මේ චරිත ප්‍රතිනිර්මාණය කිරිමේදී කලංට ප්‍රයෝජනවත් වූවා නොඅනුමානය.
‘රංගනයේ සුගම බව, රම්‍යතාව හා අව්‍යාජත්වයත්, රඟපෑමෙහිලා ප්‍රකට කර ඇති යෞවන ලාලිත්‍යය හා සියුම් හැගුම්බර ජීව ශක්තියත් හේතු කොට ගෙන මේ වසරේ හොඳම රඟපෑම (නළු) සඳහා වන විචාරක සම්මානය ‘අහස් ගව්ව’ චිත්‍රපටයේ අමරසිරි කලංසූරියට පිරිනැමේ.’ ‘අපේක්ෂා’ කලං පෙම්වතාගේ චරිතය රඟපෑ සුවිශේෂ චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයේ එක් තැනක පෙම්වතා පෙම්වතීව (මාලිනී ෆොන්සේකා) සිප වැළඳ ගන්නා ජවනිකාවක් එයි. එම දර්ශනය රඟපෑම කලං සුහදව ප්‍රතික්ෂේප කළේය. ‘මට පුළුවන්ද මාලිනීව ඉඹගන්න. මට හරි ලැජ්ජයි මාලිනීව බදා ගන්න. ඒත් මාලිනී කිව්වා ඇස් දෙක වහගෙන බදාගන්න කියලා. ඒත් ඒකත් මට කරන්න අමාරුයි.’ කලං ඒ සම්බන්ධයෙන් කියා ඇත. පසුව එම දර්ශනයේදී කලං වෙනුවෙන් පෙනී සිටියේ චිත්‍රපටයේ කැමරා ශිල්පි ඩොනල්ඩ් කරුණාරත්නය. අදාළ දර්ශනය සහායක කැමරා ශිල්පියකු ලවා රූපගත කෙරිණි.
‘මට පුළුවන්ද අරුත් එක්ක ගහගන්න’ කලං ඊට ප්‍රතිචාර දක්වමින් කියා ඇත. ‘අපේක්ෂා’ චිත්‍රපටයේ රඟපෑම සඳහා කලං ඉල්ලා සිටියේ රුපියල් තුන් දහස් පන්සීයක මුදලකි. එහෙත් පසුව ඔහුට දැනගන්ට ලැබුණේ එහි නිෂ්පාදකවරුන් රුපියල් 25 දාහක මුදලක් ගෙවා හෝ කලං ප්‍රධාන චරිතයට ගැනීමට සූදානම්ව සිටි බවකි. ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ ද කලංගේ සාර්ථක රංගනයක් දැක්ක හැකිය. ඔහු එහි විජය කුමාරතුංග හා විමල් කුමාර ද කොස්තා සමඟ නිරුවතින් රඟපෑම සුවිශේෂත්වයක් වූයේය. ‘අනුපමා’, ‘පරිත්‍යාගය’, ‘සිංහබාහු’, ‘වජිරා’ ‘යස ඉසුරු’, ‘පූජා’ කලං රඟපෑ සෙසු චිත්‍රපට අතර වෙයි. ‘පොඩි විජේ’ චිත්‍රපටයේ ද කලංගේ චරිතාංග නිරූපණය ප්‍රේක්ෂක – විචාරක ඇගැයීමට ලක් වූයේය. කලං පසු කලෙක ටෙලි නාට්‍ය රංගනයටද එක් වූයේය. මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය නළුවා ඔහු යැයි සිතමි. ඒ ප්‍රථම ප්‍රාසංගික ටෙලි වෘත්තාන්තය වූ ‘දිමුතු මුතු’ හී ප්‍රධාන චරිතය රැඟුවේ ඔහු බැවිනි.
කලංසූරිය ‘පූජා’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නළුවා සඳහා වන සරසවිය හා ජනාධිපති සම්මානයන්ද, ‘යසඉසුරු’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නළුවා සඳහා වන ‘සරසවිය’ සම්මානය ද හිමිකර ගත්තේය. එසේම 1974 දීපශිඛා සම්මාන උළෙලේදී නව පරපුරේ නළු නිළියන්ගේ චරිතාංග නිරූපණයේ දක්ෂතා ඇගැයීම් වෙනුවෙන් ද ඔහු සම්මානයක් දිනා ගෙන ඇත. 1993 දී කොළඹදීත් ඊට දස වසරකට පසු රුහුණු විශ්ව විද්‍යාලයේ් කලං වෙනුවෙන් ප්‍රණාම චිත්‍රපට උත්සව සංවිධානය කෙරිණි. රුහුණු සරසවියේ පැවති ප්‍රාණාම චිත්‍රපට උළෙලේ ආරාධිත දේශනය කළේ සාහිත්‍යධරයකු හා කලා විචාරකයකු වන එරික් ඉලයප්ආරච්චිය. ඔහු එහිදී මෙසේ කියා සිටියේය. ‘අමරසිරි කලංසූරිය අයථාව (UNREAL) නමැති යථාර්ථය ස්පර්ශ කරමින් තරුණයාගේ සංඥාව සිනමා තුළ නිරූපණය කිරීම වෙනුවෙන් දංගෙඩියට හිස නැමූ නළුවෙකි. ඔහුගේ ආරම්භය ද අවසානය ද වැදගත්ය.’ සුනිල් මිහිඳුකුල |
දඟයා සහ පුංචි අන්දරේ සමඟ යසෝදරා හා කුසුම්සිරි
යශෝධරා සරච්චන්ද්‍ර සහ කුසුම්සිරි ලියනාරච්චිගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන ‘දඟයා සහ පුංචි අන්දරේ’ මෙම මස 05 හා 06 යන දිනයන්හි ලයනල් වෙන්ඩ්ට්හිදී වේදිකා ගතවේ. මේ ලිපිය සැකසෙන්නේ ඒ වෙනුවෙනි.
‘දඟයා හා පුංචි අන්දරේ කියන්නේ මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේදිත් රංග ගතවන නාට්‍ය නිර්මාණ දෙකක්. මේ නිර්මාණ වේදිකාවට රැගෙන එන්න මූලික වුණේ මමත් යශෝධරාත් ඔස්ට්‍රේලියාවේ වගේම නවසීලන්තයේදී ළමයින් වෙනුවෙන් කළ වැඩමුළු කිහිපයක ප්‍රතිඵලයක්. එහේදි ළමයින් වෙනුවෙන් කළ ඔවුන්ට අත්දැකීමක් ලැබුණු මේ කාර්යය ලංකාවේ වෙසෙන ළමයින්ටත් දයාද කළ යුතුයි කියලා අප දෙදෙනා තීරණය කළා. එහි ප්‍රතිඵලයක් විදියටයි මේ ළමා නාට්‍ය ද්විත්වය ලංකාවට පැමිණෙන්නේ. එහේදි මේ චරිත රඟපෑවේ ළමයි. නමුත් ලංකාවේදී අපට මේ නිර්මාණය කරන්න වෙන්නේ වැඩිහිටියන් විසින් ළමුන් උදෙසා කරන නාට්‍ය මාධ්‍යක් ලෙසයි. මේ නිර්මාණය සඳහා රංගනයෙන් පළපුරුදු රංගන ශිල්පීන් වුණු සුනිල් තිලකරත්න, ජයනාත් බණ්ඩාර වගේ වැඩිහිටියන් වගේම විස්සක් විසි පහක් තරම් වයසේ සිටින තරුණ ළමයි විසි දෙනෙක් පමණ මෙහි රඟපානවා. මේ නාට්‍ය ද්විත්වය ළමා නාට්‍ය ගණයට ද අයත් වෙන්නේ? ‘ළමා නාට්‍යවල ප්‍රභේද කිහිපයක්ම දකින්න පුළුවන්. ළමයින් උදෙසා ළමයින් විසින්ම කරන නාට්‍ය, වැඩිහිටියන් හා ළමයින් කියන දෙපිරිසගේම එකතුවෙන් කෙරෙන නාට්‍ය හා වැඩිහිටියන් විසින් ළමයින් උදෙසා කරන නාට්‍ය ලෙසයි. බොහෝ දෙනෙක් වරද්ද ගන්නා තැනක් තමයි මේ. ළමා නාට්‍යයක් කියද්දී කෝ මේකේ ළමයි කියලා හොයනවා. නමුත් බටහිර රටවල වඩාත් ප්‍රචලිත ක්‍රමය විදියට අප දකින්නේ වැඩිහිටියන් විසින් ළමයින්ට කරන නාට්‍යයි. යශෝධරා ද සිය කතාබහට හවුල් වෙයි. ‘ප්‍රේක්ෂාගාරය ළමයින්ට විතරක් සීමා වෙන්නේ නැහැ. මොකද ලංකාව වගේ රටක ඔවුන් සමඟ වැඩිහිටියන් ද පැමිණෙනවා. එතකොට මේ ළමා නාට්‍ය බලන්නේ දෙපිරිසක්. දෙපිරිසටම සරිලන ආකාරයෙන් රස විඳිය හැකි ආකාරයෙන් මේ නාට්‍ය නිර්මාණය වීමත් විශේෂත්වයක්.’
‘දඟයා නිර්මාණය වෙන්න ප්‍රධාන හේතුව වුණේ අපේ පුංචි පුතායි. ඔහු වයස අවුරුදු තුනක් වගේ කාලයේ මම පුංචි අවවාදයක් දුන්නට පස්සේ එයා මගෙන් අපූරු කතාවක් අහනවා. ‘ඇයි මම තාත්තා කියන දේ අහන්න ඕන’ කියන ප්‍රශ්නය ගැන මා හිතනවා. මෙන්න මේ ප්‍රශ්නය තමයි දඟයා නිර්මාණය කරන්න අවශ්‍ය වස්තුªබීජය සැපයුවේ. ඇයි ඔවුන් මව්පියන් කියන දේ අහන්න ඕන කියන කාරණයට ළමයින්ගේ අවධානය යොමු කරන්නට ඔවුන්ගේ මනස විවර කරන්නට දඟයා හරහා අපි උත්සාහයක යෙදෙනවා. ඒ අදහස සෞන්දර්යාත්මකව ඉදිරිපත් කිරීමට අපි සිතුවා. ‘පුංචි අන්දරේ’ නාට්‍යයේදී සිදු වෙන්නේ අන්දරේගේ ළමා කාලයේ හා වැඩිහිටි කාලයේ සිදුවුණු කතන්දර කිහිපයක් නාට්‍යානුරූපීව ඉදිරිපත් කිරීමයි. ඒ වගේම මේ නාට්‍යවලදී අපි නිතරම උත්සාහ ගත්තේ සරච්චන්ද්‍රයන්, දයානන්ද ගුණවර්ධන, ජයලත් මනෝරත්නයන් වැනි නාට්‍යකරුවන් බිහි කළ අපේකම රැගෙන ආ ශෛලියකින් යුක්ත හැඩහුරුවකින් මේ නාට්‍ය ඉදිරිපත් කරන්නයි.’ ළමයින්ගේ සිත් ඇද ගන්නා සුළු අයුරින් නිමවුණු දඟයා හා පුංචි අන්දරේ හි සංගීතය පිළිබඳත් අපි කතා කළ යුතුයි. එහි සංගීත නිර්මාණය කර ඇත්තේ යශෝධරා සරච්චන්ද්‍රයි. ‘ළමා නාට්‍යවලට සංගීතය නිර්මාණය කළේ හරිම සරල ආකාරයෙන්. ලාංකේය අනන්‍යතාවය රැෙඳන අයුරින් අපේකම රැකෙන අයුරින් සංගීතය නිර්මාණය කරන්න මා උත්සාහ ගත්තා. මේ සඳහා යොදා ගත්තේ යක් බෙර වගේම මද්දලයත්. නර්තනය, ගායනය වැනි දේ ඔස්සේ මේ නාට්‍ය තවත් සුන්දර වෙනවා. විශේෂයෙන්ම ළමා නාට්‍ය කියලා කිව්වොත් බොහොම දෙනෙක් හිතන්නේ ළමයින්ට පාඩම් උගන්වන්න තනන නාට්‍යන් විදියටයි. එහෙම දෙයක් කරනවාට වඩා මේ නාට්‍යය ඔස්සේ ප්‍රේක්ෂකාගාරයේදී ළමයින්ට සෞන්දර්යාත්මක අත්දැකීමක් ලබා දෙන්නා අපි උත්සාහ කළා. මේ නාට්‍ය සඳහා රංගනයෙන් සුනිල් තිලකරත්න, ජයනාත් බණ්ඩාර වගේම ප්‍රදීප්, ප්‍රමිල, කැලුම්, මධුරංග, නදීෂා, රුචිර, හිමාෂි, නදීකා, විශ්ව, රන්දිකා, සචිත්‍රි, දේවින්ද, අකලංක, දුලංජන්, සවිත්‍ර, ලක්ෂ්මි, චමින්ද, මනීෂ, දිනූෂි, දර්ශන, රංගනයෙන් සහාය වෙනවා. විශ්ව තිලකරත්නගේ අංග රචනයෙන් සහ වසන්ත කුමාරගේ රංගාලෝකයෙන් වගේම හිමාෂි සහ දර්ශනගේ වේදිකා පරිපාලනයෙන් මේ නාට්‍ය එදාට සුන්දර වේවි. සංගීතය මෙහෙයවීමෙන් ශාන්ත පීරිස් උදවු වෙනකොට නිෂ්පාදන අනුග්‍රහය දරන්නේ නිර්මලා මගිනාරච්චියි. මේ සියලු සංවිධාන කටයුතු කරන්නේ ජූඩ් ශ්‍රීමාල්. මේ හැමෝගෙම එකතුවෙන් එදාට එළි දකින ළමා නාට්‍ය බලන්න ඔබත් එන්න. තිලානි ශානිකා විතානාච්චි සේයාරූ - මාලන් කරුණාරත්න |

